Al-Mukhtasar · Tafsir · in Sinhala
الحشر
Al-Hashr
The Exile · Medinan · 24 ayahs
59:1Page 545
سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١
Whatever is in the heavens and whatever is on the earth exalts Allāh,1 and He is the Exalted in Might, the Wise.
අහස්හි හා මහපොළොවේ ඇති සියලුම මැවීම් ඔහුට අදාළ සියලුම ගුණාංගවලින් අල්ලාහ්ව පිරිසිදු කරයි. අල්ලාහ්ට ගරුබුහුමන් දක්වයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ ආගම්ගත කිරීමෙහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
59:2Page 545
هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٢
It is He who expelled the ones who disbelieved among the People of the Scripture1 from their homes at the first gathering.2 You did not think they would leave, and they thought that their fortresses would protect them from Allāh; but [the decree of] Allāh came upon them from where they had not expected, and He cast terror into their hearts [so] they destroyed their houses by their [own] hands and the hands of the believers. So take warning, O people of vision.
අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත.
59:3Page 545
وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ٣
And if not that Allāh had decreed for them evacuation, He would have punished them in [this] world, and for them in the Hereafter is the punishment of the Fire.
ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වීම සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට නියම නොකළේ නම්, ඔවුන් ද ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත වීමෙන් ඔහු ඔවුනට දඬුවම් කරන්නට තිබුණි. ඔවුන් ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්නේ දඬුවම මතුලොවෙහි ඔවුනට ඇත. එහි ඔවුන් සදාකල් වෙසෙන්නෝ වෙති.
59:4Page 546
ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٤
That is because they opposed Allāh and His Messenger. And whoever opposes Allāh - then indeed, Allāh is severe in penalty.
ඔවුනට අත් විය යුතු දෑ අත් විය. එය ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අල්ලාහ්ට ඔවුන් සතුරු වූ බැවිණි. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් සතුරු වූ බැවිණි. කවරෙකු අල්ලාහ්ට සතුරු වූයේ ද, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැනගත යුතුය. ඔහුගේ දැඬි දඬුවම ඔහු අත්කර ගනු ඇත.
59:5Page 546
مَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ ٥
Whatever you have cut down of [their] palm trees or left standing on their trunks - it was by permission of Allāh and so He would disgrace the defiantly disobedient.
දේව විශ්වාසී ජනයිනි! බනූ නළීර් යුද්ධයේදී අල්ලාහ්ගේ සතුරන් කෝපයට පත් කිරීම සඳහා නුඹලා කවර ඉඳි ගසක් කපා දැමුව ද, නුඹලා ප්රයෝජන ලබනු පිණිස එහි කවර ඉදි ගසක් තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ නියෝගයකි. නුඹලා සිතුවාක් මෙන් එය මහපොළොවේ කලහාකරීත්වයක් නොවීය. එමෙන්ම ගිවිසුම් කඩ කළ, එය ඉටු කිරීමේ වංචනික මාර්ග තෝරාගත් යුදෙව්වන් අතර සිටි අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් එමගින් අල්ලාහ් නින්දාවට පත් කරනු පිණිසය.
59:6Page 546
وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٖ وَلَا رِكَابٖ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٦
And what Allāh restored [of property] to His Messenger from them - you did not spur for it [in an expedition] any horses or camels,1 but Allāh gives His messengers power over whom He wills, and Allāh is over all things competent.
බනූ නළීර් ගෝත්රයේ සම්පත් අතරින් ඔහුගේ දූතයාණන් වෙත අල්ලාහ් පෙරළා ලබා දුන් දෑ වනාහි, ඒවා සොයා අශ්වයකු මත හෝ ඔටුවකු මත හෝ නුඹලා වේගයෙන් ගියේ නැත. එමෙන්ම එහි දී අපහසුතාවක් නුඹලාට අත් වූයේ ද නැත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන ඔහුගේ ධර්ම දූතයකුට ආධිපත්යය දරන්නට සලස්වන්නේය. බනූ නළීර් ගෝත්රය මත ආධිපත්යය දරන්නට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පත් කළේය. කිසිදු යුද්ධයකින් තොර ව ඔවුන්ගේ දේශය අත්පත් කර ගත්හ. අල්ලාහ් සියලු දෑ කිරීමෙහි බලවතාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක.
59:7Page 546
مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡ أَهۡلِ ٱلۡقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ كَيۡ لَا يَكُونَ دُولَةَۢ بَيۡنَ ٱلۡأَغۡنِيَآءِ مِنكُمۡۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٧
And what Allāh restored to His Messenger from the people of the towns - it is for Allāh and for the Messenger and for [his] near relatives1 and orphans and the needy and the [stranded] traveler2 - so that it will not be a perpetual distribution among the rich from among you. And whatever the Messenger has given you - take; and what he has forbidden you - refrain from. And fear Allāh; indeed, Allāh is severe in penalty.
කිසිදු යුද්ධයකින් තොරව අල්ලාහ් තම ධර්ම දූතයාණන් වෙත ආශිර්වාද කළ එම ගම්වාසීන්ගේ සම්පත් අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට එය නියම කරයි. එමෙන්ම එහි අයිතිය දූතයාණන්ට හා සදකා නොහොත් දානමාන ගැනීමෙන් වළක්වනු ලැබූ එතුමාණන්ගේ සමීප ඥාතීන් වූ බනූ හාෂිම්, බනූ මුත්තලිබ්වරුන්ට, එයට ප්රතිකර්මයක් ලෙස ඔවුනට ද හිමිය. තවද ආනථයින්ට, දිළිඳුන්ට හා ජීවන වියදම් අහිමි වූ අතරමං වූවන්ට ද ඇත. එය එම ධනය දිළිඳුන් හැර දමා, පොහොසතුන් අතර පමණක් ගැවසීම සීමා නොකරනු පිණිසය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුවෙන්, දූතයාණන් නුඹලා වෙත කවර දෙයක් පිරිනැමුවේ ද එය ගනු. කවර දෙයක් තහනම් කළේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. සැබැවින්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා බලවත්ය. එහෙයින් ඔහුගේ දඬුවමින් ප්රවේසම් වනු.
59:8Page 546
لِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ٨
For the poor emigrants who were expelled from their homes and their properties, seeking bounty from Allāh and [His] approval and supporting [the cause of] Allāh and His Messenger, [there is also a share]. Those are the truthful.
මෙම වස්තුවෙන් කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ -නික්ම ගිය- අය අතර ද බෙදා හරිනු ලැබේ. ඔවුන් වනාහි, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට බල කරනු ලැබුවෝය. ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ජීවන සම්පත් හා මතුලොවෙහි තෘප්තිය ද ආශිර්වාද කරනු ඇතැයි අපේක්ෂා කළෝය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවෙමින් අල්ලාහ් වෙනුවෙන් උදව් කළ අතර, ඔහුගේ දූතයාණන්ට ද උදව් කළෝය. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූ මොවූහුමය දේව විශ්වාසයේ සැබෑ ලෙසින්ම ස්ථාවරත්වය ලැබූවන් වන්නෝ.
59:9Page 546
وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةٗ مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٞۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٩
And [also for] those who were settled in the Home [i.e.,al-Madīnah] and [adopted] the faith before them.1 They love those who emigrated to them and find not any want in their breasts of what they [i.e., the emigrants] were given but give [them] preference over themselves, even though they are in privation. And whoever is protected from the stinginess of his soul - it is those who will be the successful.
අන්සාර්වරුන් වනාහි, මදීනාවට ගොඩ වැදුණු මුහාජිර්වරුන්ට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම ඔවුහු තෝරා ගත්තෝය. මක්කාවෙන් නික්ම ඔවුන් වෙත ආ මුහාජිර්වරුන්ට ආදරය කළෝය. යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් ඔවුනට ලබා නොදී අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මුහාජිර්වරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත් තුළ කිසිදු ක්රෝධයක් හෝ ඊර්ෂ්යාවක් හෝ නොවීය. ඔවුන් දිළිඳුන් හා අවශ්යතාවෙන් පෙළෙන්නන් යැයි හඳුන්වනු ලැබුව ද ඔවුන් සතු ලෞකික පංගුවෙන් එම මුහාජිර්වරුන්හට ද පිළිගැන්වූහ. ධනය කෙරෙහි වූ ආත්ම ආශාවෙන් අල්ලාහ් කවරෙකු ආරක්ෂා කරන්නේ ද ඔහුගේ මාර්ගයේ ඔහු එය වියදම් කරනු ඇත. තමන්ට අවශ්ය දේ ලබා ගෙන තමන් බියවන දැයින් ආරක්ෂාව ලැබූ ජයග්රහකයෝ ඔවුහුමය.
59:10Page 547
وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ ١٠
And [there is a share for] those who come after them, saying, "Our Lord, forgive us and our brothers who preceded us in faith and put not in our hearts [any] resentment toward those who have believed. Our Lord, indeed You are Kind and Merciful."
ඔවුනට පසු පැමිණි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් දැහැමි අයුරින් ඔවුන් පිළිපැද්දවුන් වනාහි, ‘අපගේ පරමාධිපතියාණනි! අපහටත් අපට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළ අපගේ පෙරටුගාමීන් හටත් සමාව දෙනු මැනව! අපගේ හදවත් තුළ දෙව් විශ්වාසී කිසිවෙකු සම්බන්ධයෙන් අමනාපයක් හෝ ක්රෝධයක් ඇති නොකරනු මැනව. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ ඔබේ ගැත්තන්හට මහා දයාලුය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.’ යැයි ප්රාර්ථනා කරති.
59:11Page 547
۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١١
Have you not considered those who practice hypocrisy, saying to their brothers [i.e., associates] who have disbelieved among the People of the Scripture, "If you are expelled, we will surely leave with you, and we will not obey, in regard to you, anyone - ever; and if you are fought, we will surely aid you." But Allāh testifies that they are liars.
අහෝ දූතය! දේව ප්රතික්ෂේපය සඟවා, දේව විශ්වාසය මතුපිටින් පෙන්වන කුහකයින් දෙස නුඹ නොබැලුවෙහි ද? විකෘති කරන ලද තව්රාතය පිළිපැද්දා වූ යුදෙව්වන් අතර සිටි දේව ප්රතික්ෂේපයේ සහෝදරයින්හට ඔවුහු, ‘නුඹලා නුඹලාගේ නිවෙස් තුළම රැඳී සිටිනු. කිසිවිටෙක අපි නුඹලාව පහත් නොකරන්නෙමු. නුඹලා ව යටත් නොකරන්නෙමු. මුස්ලිම්වරු නුඹලා ව එයින් පිටුවහල් කළේ නම්, නුඹලා සමග එක් ව අපද පිටත් වෙමු. නුඹලා සමග පිටත්වීම අප වළක්වන්නට සිතන කිසිවෙකුට අපි අවනත නොවෙමු. ඔවුන් නුඹලා සමග සටන් කළේ නම් ඔවුනට විරුද්ධව අපි නුඹලාට උදව් කරමු.' යැයි පවසා සිටියෝය. යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග තමන් ද බැහැරව එන බවටත්, ඔවුන් සටන් කරනු ලැබුවේ නම් ඔවුන් සමග එක්ව සටන් කරන බවටත් එම කුහකයින් කරන වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරනු ඇත.
59:12Page 547
لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ١٢
If they are expelled, they will not leave with them, and if they are fought, they will not aid them. And [even] if they should aid them, they will surely turn their backs; then [thereafter] they will not be aided.
මුස්ලිම්වරු විසින් යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග මොවුන් පිටත් ව යන්නේ නැත. ඔවුන් සමග යුද වැදුණේ නම් ඔවුනට උදව් උපකාර කරන්නේද නැත. එසේ මුස්ලිම්වරුන්ට එරෙහි ව මොවූහු ඔවුනට උදව් උපකාර කළේ නම් ඔවුන්ගෙන් පළා යනු ඇත. ඉන් පසු එම කුහකයින් උදව් කරනු නොලබති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කරන අතර ඔවුන් පහත් කරනු ඇත.
59:13Page 547
لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ١٣
You [believers] are more fearful within their breasts than Allāh. That is because they are a people who do not understand.
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! කුහකයින් හා යුදෙව්වන්ගේ සිත් තුළ බිය ගැන්වීමෙන් නුඹලාට හා අල්ලාහ්ට වඩා අධිකය. එසේ පවසන්නට හේතුව නුඹලා ගැන බිය ඔවුන් තුළ අධික ව පිහිටි බැවින් හා අල්ලාහ් පිළිබඳ බිය දුර්වල ව පිහිටි බැවිණි. ඊට හේතුව ද සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා, තේරුම් නොගන්නා පිරිසක් වූ බැවිණි. ඔවුන් නිසි ලෙස වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම බිය හා භීතිය ඇති කර ගන්නට වඩාත් සුදුස්සා අල්ලාහ් යැයි ඔවුන් වටහා ගනු ඇත. ඔවුන් මත නුඹලා ආධිපත්යය දරන්නට සැලැස්වූයේ ඔහුය.
59:14Page 547
لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ١٤
They will not fight you all except within fortified cities or from behind walls. Their violence [i.e., enmity] among themselves is severe. You think they are together, but their hearts are diverse. That is because they are a people who do not reason.
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! තාප්ප වලින් වටවුණු ගම්මානයක් තුළ සිට හෝ ප්රාකාරයක් පසුපස සිට හෝ මිස යුදෙව්වන් එක්වී නුඹලා සමග සටන් නොවදිති. ඔවුන්ගේ දුර්වලකම හේතුවෙන් නුඹලාට මුහුණ දීමට ඔවුනට නුපුළුවන. ඔවුන් අතර පවතින සතුරුකම හේතුවෙන් ඔවුන් තුළ වූ ව්යසනය බලවත්ය. සැබැවින්ම ඔවුන් එකම පාඨයක සිටින බවත්, ඔවුන්ගේ බලඇණිය එකම බවත් නුඹ සිතනු ඇත. නමුත් ඔවුන්ගේ හදවත් විරුද්ධ මත දරන බෙදුම්වාදීන් වෙති. එම මතභේද හා ප්රතිවිරෝධය ඔවුන් නිසි ලෙස අවබෝධකර නොගත් හේතුවෙනි. ඔවුන් අවබෝධ කර ගනිමින් සිටියෙහු නම් සත්යය වටහා ගෙන එහි මතභේද ඇති නොකොට එය පිළිපදින්නට තිබුණි.
59:15Page 547
كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبٗاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ١٥
[Theirs is] like the example of those shortly before them: they tasted the bad consequence of their affair, and they will have a painful punishment.
ප්රතික්ෂේපභාවයේ සිටින මෙම යුදෙව්වන් හා ඔවුනට අත් වූ දඬුවමට උපමාව ඔවුනට පෙර සමීප කාලයේ මක්කාවේ විසූ දේව ආදේශකයින්ට සමානය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් නපුරු දඬුවම ඔවුන් භුක්ති වින්දෝය. බද්ර් දිනයේ ඔවුන් අතරින් ඝාතනය විය යුතු අය ඝාතනය විය. සිරගත කරනු ලැබිය යුතු අය සිරගත කරනු ලැබීය. මතුලොවෙහි ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
59:16Page 547
كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ١٦
[The hypocrites are] like the example of Satan when he says to man, "Disbelieve." But when he disbelieves, he says, "Indeed, I am disassociated from you. Indeed, I fear Allāh, Lord of the worlds."
කුහකයින් සවන් දීමේදී ඔවුනට උපමාව දෙවියන් ප්රතික්ෂේප කිරීම මිනිසුන්ට අලංකාරවත් කර පෙන්වන ෂෙයිතාන්ගේ උපමාව හා සමානය. ඔහුට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කර පෙන්වීම හේතුවෙන් ඔවුන් ප්රතික්ෂේප කරන සෑම අවස්ථාවකම ඔහු, ‘සැබැවින්ම නුඹ ප්රතික්ෂේප කළ දැයින් මම නුඹෙන් නිදොස් වෙමි. සැබැවින්ම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ්ට බිය වෙමි’ යැයි පවසයි.
59:17Page 548
فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ ١٧
So the outcome for both of them is that they will be in the Fire, abiding eternally therein. And that is the recompense of the wrongdoers.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් හා ඔහුට අවනත වූ අයගේ අවසානය වනාහි, සැබැවින්ම (පිළිපදිනු ලබන ෂෙයිතාන් හා පිළිපදින මිනිසා) යන දෙදෙනා නිරා ගින්නේ සදා වෙසෙන්නන් වෙති. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වන එම ප්රතිඵලය අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යමින් තමන්ටම අපරාධ කර ගත් අය සතු ප්රතිවිපාකයයි.
59:18Page 548
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ لِغَدٖۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١٨
O you who have believed, fear Allāh. And let every soul look to what it has put forth for tomorrow - and fear Allāh. Indeed, Allāh is Aware of what you do.
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ඉටු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් කෙරෙහි බිය හැඟීමෙන් කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් තමන් පෙර කළ දැහැමි ක්රියාවන් පිළිබඳ සෑම ආත්මයක්ම කල්පනා කර බලත්වා! තවද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු සැබැවින්ම අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
59:19Page 548
وَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ١٩
And be not like those who forgot Allāh, so He made them forget themselves. Those are the defiantly disobedient.
අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකීම යන කරුණ අතහැර දමා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නුඹලා ද නොවනු. අල්ලාහ් ඔවුන්ව අමතක කර දැමුවේය. අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවමින් මිදෙන ක්රියාවන් ඔවුහු ඉටු නොකළෝය. අල්ලාහ්ගේ නියෝග නොපිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් නොවැළකිමින් අල්ලාහ්ව අමතක කළවුන් වනාහි, ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් වන්නෝ.
59:20Page 548
لَا يَسۡتَوِيٓ أَصۡحَٰبُ ٱلنَّارِ وَأَصۡحَٰبُ ٱلۡجَنَّةِۚ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ هُمُ ٱلۡفَآئِزُونَ ٢٠
Not equal are the companions of the Fire and the companions of Paradise. The companions of Paradise - they are the attainers [of success].
ස්වර්ග වාසීන් හා අපාය වාසීන් එක සමාන නොවෙති. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් වෙනස්ව පිහිටුනු සේම ඔවුන්ගේ ප්රතිඵලවලද ඔවුන් වෙනස්කම් ඇත්තන් වෙති. ස්වර්ගවාසීන් වනාහි ඔවුන් පතන දෑ ලබමින් හා ඔවුන් බිය වූ දැයින් මිදී ජයග්රහාකයන් වන්නේ ඔවුහුමය.
59:21Page 548
لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٢١
If We had sent down this Qur’ān upon a mountain, you would have seen it humbled and splitting from fear of Allāh. And these examples We present to the people that perhaps they will give thought.
අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය.
59:22–23Page 548
هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ٢٢
He is Allāh, other than whom there is no deity, Knower of the unseen and the witnessed.1 He is the Entirely Merciful, the Especially Merciful.
هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ٢٣
He is Allāh, other than whom there is no deity, the Sovereign,1 the Pure,2 the Perfection,3 the Grantor of Security,4 the Overseer,5 the Exalted in Might,6 the Compeller,7 the Superior.8 Exalted is Allāh above whatever they associate with Him.
සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය.
59:24Page 548
هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٤
He is Allāh, the Creator,1 the Producer,2 the Fashioner;3 to Him belong the best names.4 Whatever is in the heavens and earth is exalting Him. And He is the Exalted in Might, the Wise.5
අල්ලාහ් වන ඔහු සියලු දේ මැවූ මැවුම්කරුවාණන්ය. සියලු දෑ උත්පාදනය කරන්නාය. ඔහුගේ සියලු මැවීම් ඔහු අභිමත කරන පරිදි මූර්තිමත් කරන්නාය. සුවිශුද්ධ ඔහුට උසස් ගුණාංග සපිරුණු අලංකාර නාමයන් ඇත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියලු අඩුපාඩුවලින් ඔහු ව පිවිතුරු කරයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences