Al-Mukhtasar · Tafsir · in Sinhala
الماعون
Al-Ma'un
The Small kindnesses · Meccan · 7 ayahs
107:1Page 602
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ ١
Have you seen the one who denies the Recompense?
විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
ඔහු අනාථයා දැඩි අවශ්යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.
107:3Page 602
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ٣
And does not encourage the feeding of the poor.
දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.
එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන්ට විනාශය හා දඬුවම ඇත.
එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් හා ක්රියාවන් මුනිච්චාවට කළ අයවලුන් වේ.තවද ඔවුන් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් ක්රියවන් සිදු නොකරන්නේය.
උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences