Al-Mukhtasar · Tafsir · in Sinhala
القدر
Al-Qadr
The Power · Meccan · 5 ayahs
97:1Page 598
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ ١
Indeed, We sent it [i.e., the Qur’ān] down during the Night of Decree.
රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.
97:2Page 598
وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ ٢
And what can make you know what is the Night of Decree?
අහෝ නබිවරය, එම රාත්රියේ ඇති යහපත හා අභිවෘද්ධිය කවරක්දැයි ඔබ දන්නෙහිද?
97:3Page 598
لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ ٣
The Night of Decree is better than a thousand months.
එම රාත්රිය, මහිමයෙන් පිරිණු බලගතු රාත්රියකි. එහි විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමදුම්වල නිරත වන්නන්හට මාස දහසකට වඩා උතුම් වූ රාත්රියක් බවට එය පත්වනු ඇත.
97:4Page 598
تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ ٤
The angels and the Spirit [i.e., Gabriel] descend therein by permission of their Lord for every matter.1
මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත.
මෙම මුලු රාත්රියම එහි ආරම්භයේ සිට අලුයම උදාවේ අවසානය තෙක්ම සමෘද්ධියෙන් පිරී පවතින්නකි.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences