Al-Mukhtasar · Tafsir · in Sinhala
الذاريات
Adh-Dhariyat
The Winnowing Winds · Meccan · 60 ayahs
දූවිලි නංවාලමින් හමන සුළඟ මත අල්ලාහ් දිවුරා සිටියි.
මහා වැසි ජලය උසුලා යන වළාකුළු මත ද දිවුරයි.
සැහැල්ලුවෙන් හා පහසුවෙන් සාගරයේ යාත්රා කරන නැව් මත ද දිවුරයි.
ගැත්තන්ගේ කටයුතු බෙදා හරින මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළ දෑ බෙදා හරින මලක්වරුන් මත ද දිවුරයි.
සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්රතිඥා දී ඇති විනිශ්චය හා ප්රතිඵල සත්යයකි. එහි කිසිදු සැකයක් නැත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ගැත්තන්ගෙන් විනිශ්චය කිරීම සිදු වන්නක්මය. එහි සැකයක් නැත.
මාර්ග සහිත ව මවා ඇති අලංකාර අහස් මත අල්ලාහ් දිවුරා සිටියි.
අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා එකිනෙකට ප්රතිවුරුද්ධ හා පටහැනි ප්රකාශ අතර සිටින්නෙහුය. විටෙක නුඹලා, අල් කුර්ආනය හූනියමක් බවත්, විටෙක එය කවියක් බවත් පවසන්නෙහුය. එමෙන්ම, විටෙක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හූනියම් කරුවකු බවත් විටෙක කවියෙකු බවත් පවසන්නෙහුය.
51:9Page 521
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ ٩
Deluded away from it [i.e., the Qur’ān] is he who is deluded.
අල්ලාහ්ගේ දැනුමෙහි කවරෙකු වෙනතකට යොමු කරනු ලැබිය යුතු යැයි ඇතුළත් වන්නේ ද එවැන්නන් අල් කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කිරීමෙන් හරවනු ලබනු ඇත. එය සැබැවින්ම ඔහු විශ්වාස නොකරන බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි. එහෙයින් යහමග වෙත ඔහු ඔහුට ආශිර්වාද නො කරයි.
අල් කුර්ආනය හා ඔවුන්ගේ නබිවරයාණන් ගැන ඔවුන් නොපැවසිය යුතු දෑ පවසා සිටින මෙම බොරුකාරයින්ට ශාපය වේවා.!
51:11Page 521
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ ١١
Who are within a flood [of confusion] and heedless.
ඔවුහු මතු ලොව නිවහන පිළිබඳ අනවධානයෙන් පෙළෙන ඒ ගැන තැකීමක් නැති අඥනයේ පසුවන්නන් වෙති.
"ප්රතිඵල පිරිනමන විනිශ්චය දිනය කවදා දැ?"යි ඔවුහු විමසති. ඒ ගැන අවබෝධයක් ඔවුනට නැත.
51:13Page 521
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ ١٣
[It is] the Day they will be tormented over the Fire
ඔවුන්ගේ පැනයට අල්ලාහ් පිළිතුරු දෙමින්, "එදින ඔවුන් නිරා ගින්නෙහි වේදනාකාරී දඬුවමට ලක් වෙති" යැයි පැවසීය.
51:14Page 521
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ ١٤
[And will be told], "Taste your torment. This is that for which you were impatient."
"නුඹලා නුඹලාගේ දඬුවම විඳිනු. මේ ගැන නුඹලා අවවාද කරනු ලැබූ අවස්ථාවෙහි එය සරදමට ගනිමින් එය ඉක්මන් කරනු යැයි නුඹලා විමසා සිටි දඬුවම මෙය වේ" යැයි ඔවුනට පැවසනු ලැබේ.
51:15Page 521
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ ١٥
Indeed, the righteous will be among gardens and springs,
සැබැවින්ම අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බියෙන් කටයුතු කළ බැතිමතුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු උයන්වතු හා ගලායන උල්පත් අතර සිටිති.
51:16Page 521
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ ١٦
Accepting what their Lord has given them. Indeed, they were before that doers of good.
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ ගෞරවණීය ප්රතිඵල ලබමින් පසුවෙති. මෙම ගෞරවණීය ප්රතිඵල ලැබීමට පෙර ඔවුන් මෙලොවෙහි දැහැමියන් ලෙස කටයුතු කරන්නන් වූහ.
51:17Page 521
كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ ١٧
They used to sleep but little of the night,1
ඔවුහු රාත්රියේ නැමදුම් කරති. ස්වල්ප වේලාවක් මිස නිදා නොගනිති.
51:18Page 521
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ ١٨
And in the hours before dawn they would ask forgiveness,
අලුයම් කාලයේ ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුහු අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති.
51:19Page 521
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ١٩
And from their properties was [given] the right of the [needy] petitioner and the deprived.
මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නන් වෙනුවෙන් ද කිසියම් හේතුවක් මත ආහාර සම්පත් තහනම් කරනු ලැබූවන් අතරින් ඔවුන්ගෙන් ඉල්ලා නොසිටින දනන් හටද -ස්වෙච්ඡාවෙන්ම ඉටු කරන- වගකීම් ඔවුන්ගේ ධනයෙහි ඇත.
51:20Page 521
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ ٢٠
And on the earth are signs for the certain [in faith]
සැබැවින්ම අල්ලාහ් මැවුම්කරු බවත්, හැඩතල ගන්වන්නා බවත් තරයේ විශ්වාස කරන්නන්හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක මහපොළොවේ ද, ඒ මත අල්ලාහ් තබා ඇති කඳු, සාගර, ගංගා, ගහකොළ, පැලෑටි හා සතුන් යන මැවීම්හි ද ඇත.
අහෝ ජනයිනි! නුඹ තුළ ද අල්ලාහ්ගේ බලය හා ශක්තිය පෙන්වා දෙන සාධක ඇත. නුඹලා පාඩම් ලබනු පිණිස අධීක්ෂණයෙන් යුතු ව ඒ දෙස බැලිය යුතු නොවේ ද?
51:22Page 521
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ ٢٢
And in the heaven is your provision and whatever you are promised.
නුඹලාගේ ආධ්යාත්මික හා ලෞකික පෝෂණයන් අහස් හි ඇත. එමෙන්ම ප්රතිඥා දෙනු ලබන හොද හෝ නරක දේ ද ඇත.
51:23Page 521
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ ٢٣
Then by the Lord of the heaven and earth, indeed, it is truth - just as [sure as] it is that you are speaking.
අහස් හා මහපොළොවේ පරමාධිපති මත දිවුරමින්, සැබැවින්ම යළි අවදි කරනු ලැබීම සත්යයකි. නුඹලා කතා කරන විට නුඹලාගේ කතාවෙහි කිසිදු සැකයක් නොමැති සේ ඒ ගැන ද කිසිදු සැකයක් නැත.
51:24Page 521
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ ٢٤
Has there reached you the story of the honored guests of Abraham?1 -
අහෝ ධර්ම දූතය! ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ආගන්තුකයින්ගේ පුවත නුඹ වෙත පැමිණියේ ද? ඔවුහු ඔහු විසින් සත්කාර කරන ලද මලක්වරු වූහ.
51:25Page 521
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ ٢٥
When they entered upon him and said, "[We greet you with] peace." He answered, "[And upon you] peace; [you are] a people unknown."
ඔවුහු එතුමා වෙත පිවිසි අවස්ථාවේ එතුමාට, 'ඔබට සලාම් -ශාන්තිය- අත් වේවා' යැයි පැවසූහ. ඉබ්රාහීම් තුමාද ඔවුනට පිළිතුරු වශයෙන්, 'සලාම්' යැයි පැවසීය. එතුමා ‘මොවුන් නාදුනන පිරිසක්’ යැයි තමාටම කියා ගත්තේය.
51:26Page 521
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ ٢٦
Then he went to his family and came with a fat [roasted] calf.
එසැණින් සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි සිතා ඔහුගේ පවුල වෙත හෙමින් සීරුවෙන් ගොස් බදිනලද සම්පූර්ණ වසු පැටවෙකු ගෙැනවිත් ඔවුනට පිළිගැන්වීය.
51:27Page 521
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ ٢٧
And placed it near them; he said, "Will you not eat?"
බදින ලද එම වසු පැටවාව ඔහු ඔවුන් වෙත ළං කළේය. ඉතා මෘදු හඩින් ඔවුනට කතා කොට, ‘නුඹලාට පිළිගන්වනු ලැබූ ආහාරය නුඹලා අනුභව නොකරන්නෙහුදැ?’යි විමසා සිටියේය.
51:28Page 521
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ ٢٨
And he felt from them apprehension.1 They said, "Fear not," and gave him good tidings of a learned boy.
ඔවුන් අනුභව නොකළ කල්හි, ඔහු තුළ ඔවුන් ගැන බියක් හට ගැණින. එවිට ඒ ගැන ඔවුන් වටහා ගත් පසු සන්සුන්ව, ‘නුඹ බිය නොවනු. සැබැවින්ම අපි අල්ලාහ් වෙතින් වූ දූත පිරිසක් වෙමු’ යැයි පැවසූහ. දැනුම් සම්භාරයකින් යුත් දරුවකු ඔහුට බිහි වන්නට යන, ඔහුව සතුටු කරවන ශුභාරංචිය දැනුම් දුන්හ. එසේ ශුභාරංචිය දන්වනු ලැබූ දරුවා ඉස්හාක් අලයිහිස් සලාම් තුමා විය.
51:29Page 521
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ ٢٩
And his wife approached with a cry [of alarm] and struck her face and said, "[I am] a barren old woman!"
ඔහුගේ බිරිය එම ශුභාරංචියට සවන් දුන් කල්හි, සතුටින් කෑ ගසමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ගසා ගනිමින් පුදුමයෙන් යුතු ව, ‘ඇය මුළුමණින්ම වඳ කාන්තාවක්ව සිටිය දී මහල්ලෙකු දරුවකු දාව කළ හැකි දැ?'යි විමසා සිටියාය.
51:30Page 521
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ٣٠
They said, "Thus has said your Lord; indeed, He is the Wise, the Knowing."
මලක්වරුන් ඇයට, ‘කවර දෙයක් අපි ඔබ තුමියට දනුම් දුන්නේ ද, එය ඔබ තුමියගේ පරමාධිපති පැවසූ දෑය. ඔහු පැවසූ යමක් වී නම් එයට නැවත හැරීමක් නැත. සැබැවින්ම ඔහු මැවීමෙහි හා සකස් කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ මැවීම ගැන හා ඒවාට සුදුසු දෑ ගැන ද ඔහු මහා ඥානීය.’ යැයි පැවසූහ.
51:31Page 522
۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٣١
[Abraham] said, "Then what is your business [here], O messengers?"
ඔබගේ විෂය කුමක් ද? ඔබලා බලාපොරොත්තු වන දෑ කුමක්දැ?යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්ගෙන් විමසා සිටියහ.
51:32Page 522
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ٣٢
They said, "Indeed, we have been sent to a people of criminals1
මලක්වරු ඔහුට පිළිතුරු දෙමින්, "සැබැවින්ම අල්ලාහ් අප අශීලාචාර පාපකම් සිදුකරන අපරාධකාරී පිරිසක් වෙත එවා ඇත්තෙමු" යැයි පැවසූහ.
ඝණ මැටියෙන් වූ ගල් වර්ෂාවක් ඔවුන් වෙත අප එවනු පිණිස.
51:34Page 522
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ ٣٤
Marked in the presence of your Lord for the transgressors."
අහෝ ඉබ්රාහීම්! ඒවා නුඹේ පරමාධිපති වෙතින් සලකුණු තබන ලද දෑ වේ. ඒවා දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් කඩ කළවුනට එවනු ලැබේ.
51:35Page 522
فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ ٣٥
So We brought out whoever was in them [i.e., the cities] of the believers.
ලූත්ගේ ජනයාගේ ගම්මානයේ විසූ අපරාධකරුවන්ට අත්වන දඬුවම දේව විශ්වාසීන්ට අත් නොවනු පිණිස අපි ඔවුන් එයින් බැහැර කළෙමු.
51:36Page 522
فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ ٣٦
And We found not within them other than a [single] house of Muslims.1
ඔවුන්ගේ ගම්මානයේ ලූත් (අලයිහිස් සලාම්) තුමාගේ නිවැසියන් හැර වෙනත් මුස්ලිම්වරුන්ගේ නිවසක් අපි නොදුටුවෙමු.
51:37Page 522
وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٣٧
And We left therein a sign for those who fear the painful punishment.
ඔවුනට අත් වූ වේදනීය දඬුවටම බිය වන්නන් එමගින් පාඩම් ලබන්නටත් ඔවුන් සිදු කළ එම ක්රියාවන් සිදු නොකර එයින් මිදීමටත් ඔවුන් වෙත අත් වූ එම දඬුවම පෙන්වා දෙන පරිදි දඬුවමේ නටඹුන් ලූත්ගේ ජනයාගේ ගම්මානයේ අපි අතහැර තැබුවෙමු.
51:38Page 522
وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ ٣٨
And in Moses [was a sign], when We sent him to Pharaoh with clear authority.1
පැහැදිලි සාධක සමග ෆිර්අවුන් වෙත අප මූසාව එවූ අවස්ථාවේ, ඔහු තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සාධකයක් විය.
51:39Page 522
فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ ٣٩
But he turned away with his supporters and said, "A magician or a madman."
ෆිර්අවුන් සහ ඔහුගේ සේනාව තම බලයෙන් ආක්රමණශීලීව සත්යයට පිටු පෑහ. ඔහූ මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ‘ඔහු මිනිසුනට මායාවන් පෙන්වන මායාකරුවකි. එසේ නැතහොත් කිසිදු වැටහීමකින් තොරව දොඩවන උම්මත්තකයෙකි’ යැයි පැවසූහ.
51:40Page 522
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ ٤٠
So We took him and his soldiers and cast them into the sea, and he was blameworthy.
එබැවින් ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දෙනා අපි ග්රහණය කළෙමු. සාගරය තුළට හෙළුවෙමු. එවිට ඔවුහු එහි ගිලී විනාශ වූවෝය. සැබැවින්ම තමන් දෙවියන් බව ෆිර්අවුන් තර්ක කර සිටි ඔහුගේ බොරු වාදය ගැන ඔහු ඔහුටම දොස්නගන්නෙකු බවට පත් විය.
51:41Page 522
وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ ٤١
And in ʿAad [was a sign], when We sent against them the barren wind.1
එහි වැසි බර නො උසුලන, ගස් පරාගණය නොකරන, කිසිදු සමෘද්ධියක් නොමැති දැඩි සුළඟක් හූද්ගේ ජනයා වන ආද් සමූහයා වෙත අප එවූ අවස්ථාවේ ද වේදනීය දඬුවම පිළිබඳ බිය වන්නන්හට සංඥාවක් විය.
51:42Page 522
مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ ٤٢
It left nothing of what it came upon but that it made it like disintegrated ruins.
ඒ වෙත පැමිණි එම ව්යසනය කිසිදු ආත්මයක්, වස්තුවක් හෝ වෙනත් කිසිවක් හෝ එය සුණු විසුණු කර දමමින් මිස අතහැරියේ නැත. අෂික්ශිත, දිරාපත් වූ, නටබුන් ලෙස අපි ඒවා අතහැර දැමුවෙමු.
51:43Page 522
وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ ٤٣
And in Thamūd, when it was said to them, "Enjoy yourselves for a time."
සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා වන සමූද් ජනයාට ‘නුඹලාගේ ආයු කාලය අවසන් වීමට මත්තෙන් නුඹලාගේ ජීවිතය නුඹලා භුක්ති විඳිනු’ යැයි පවසනු ලැබූ අවස්ථාවේ ඔවුන් තුළ ද වේදනීය දඬුවමට බියවන්නන්හට සංඥාවක් විය.
51:44Page 522
فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ ٤٤
But they were insolent toward the command of their Lord, so the thunderbolt seized them while they were looking on.
ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට පිටුපා ඔවුහු උඩඟු වූහ. දේව විශ්වාසය හා දේව අවනභාවය හෙළා දැක අහංකාරකම් පෑහ. දඬුවමේ අකුණුසැර ඔවුන් ග්රහණය කළේය. දඬුවම පහළ වීමට දින තුනකට පෙර ඒ ගැන ප්රතිඥා දුන් අවස්ථාවේ ඔවුහු එය පහළ වන බව බලාපොරොත්තුවෙන් සිටියෝය.
51:45Page 522
فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ ٤٥
And they were unable to arise, nor could they defend themselves.
ඔවුනට පහළ වූ දඬවම ඔවුන්ගෙන් වළක්වා ගන්නට නොහැකි විය. එයින් වැළකෙන්නට ඔවුනට බලයක් ද නොවීය.
51:46Page 522
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٤٦
And [We destroyed] the people of Noah before; indeed, they were a people defiantly disobedient.
සඳහන් කරනු ලැබූ මොවුනට පෙර, නූහ්ගේ ජනයා ජලයේ ගිල්වා අපි ඔවුන් විනාශ කළෙමු. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ. එහෙයින් ඔවුනට එහි දඬුවම නියම විය.
51:47Page 522
وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ ٤٧
And the heaven We constructed with strength,1 and indeed, We are [its] expander.
අහස් වනාහි, අපි ඒවා නිර්මාණය කළෙමු. එහි ගොඩනැගිල්ල අපි බලවත් ලෙස ස්ථීර කළෙමු. සැබැවින්ම අපි ඒවායෙහි කෙළවරල් ව්යාප්ත කරමින් සිටින්නෙමු.
51:48Page 522
وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ ٤٨
And the earth We have spread out, and excellent is the preparer.
මහපොළොව වනාහි, එහි වාසය කරන්නන් හට ඇතිරිල්ලක් සේ අපි එය දිගහැර තැබුවෙමු. ඔවුන් වෙනුවෙන් අප එය දිගු හරින අවස්ථාවේ දිගු හැරිය අප යහපත් වීමු.
51:49Page 522
وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٤٩
And of all things We created two mates [i.e., counterparts]; perhaps you will remember.
පිරිමි හා කාන්තා, අහස් හා පොළොව, ගොඩබිම හා සාගරය යනා දී ලෙසින් සෑම වස්තුවකින්ම අපි යුගලයන් මවා ඇත්තෙමු. එය සෑම දෙයකින්ම යුගලයක් මවා ඇති අල්ලාහ්ගේ ඒකීයත්වය නුඹලා මෙනෙහි කරනු පිණිස හා ඔහුගේ බලමහිමය මෙනෙහි කරනු පිණිසය.
51:50Page 522
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ٥٠
So flee to Allāh.1 Indeed, I am to you from Him a clear warner.
එහෙයින් නුඹලා අල්ලාහ්ගේ දඬුවමින් පලා ගොස් ඔහුගේ තිළිණ ලබන්නටත්, ඔහුට අවනත වන්නටත්, ඔහුට පාපකම් සිදු නොකරන්නටත් ඉක්මන් වනු. අහෝ ජනයිනි! සැබැවින්ම මම ඔහුගේ දඬුවම පිළිබඳ පැහැදිලිව අනතුරු අඟවන පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
51:51Page 522
وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ٥١
And do not make [as equal] with Allāh another deity. Indeed, I am to you from Him a clear warner.
අල්ලාහ් හැර, නැමදුමට ලක්වන වෙනත් දෑ, ඔහු සමග නැමදීම සඳහා නොතබනු. සැබැවින්ම මම ඒ ගැන පැහැදිලි අනතුරු අඟවන අවවාද කරන්නෙකු වෙමි.
51:52Page 523
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ ٥٢
Similarly, there came not to those before them any messenger except that they said, "A magician or a madman."
මක්කාවාසීන් කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එසේ ඔවුන් බොරු කර සිටියා සේම පෙර විසූ සමූහයන්ද බොරු කර සිටියෝය. අල්ලාහ් වෙතින් දූතයෙකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු, "ඔහු හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තයෙකි" යැයි ඔහුට පවසා සිටියා මිස නැත.
51:53Page 523
أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ ٥٣
Did they suggest it to them?1 Rather, they [themselves] are a transgressing people.
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් පෙරටුගාමීන් හා ඔවුන් අතර සිටින පසුගාමීන් එම දූතවරුන් බොරු කර සිටින මෙන් උපදෙස් දෙන්නෝ ද? නැත! ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ඔවුන් සියලු දෙනා එකම පිරිසකි.
51:54Page 523
فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ ٥٤
So leave them, [O Muḥammad], for you are not to be blamed.
අහෝ දූතය! මෙම බොරුකාරයින් නුඹ හෙළා දකිනු. ඒ හේතුවෙන් නුඹ දොස් නගනු ලබන්නෙක් නොවන්නෙහිය. ඔවුන් වෙත කවර කරුණක් ඔබ දන්වා සිටිය යුත්තේ ද සැබැවින්ම එය ඔබ ඔවුන් වෙත දන්වා ඇත.
51:55Page 523
وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ ٥٥
And remind, for indeed, the reminder benefits the believers.
නුඹ ඔවුන් හෙළා දැකීම, ඔවුනට උපදෙස් දීමෙන් හා ඔවුනට මෙනෙහි කිරීමෙන් නුඹව නොවැළැක්විය යුතුය. එහෙයින් නුඹ ඔවුනට උපදෙස් දෙනු. ඔවුනට මෙනෙහි කරනු. සැබැවින්ම එසේ උපදෙස් දීම අල්ලාහ්ව විශ්වාස කරන්නන් හට ප්රයෝජනවත් වන්නේය.
51:56Page 523
وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ ٥٦
And I did not create the jinn and mankind except to worship Me.
ජින් වර්ගයා හා මානව වර්ගයා මා පමණක් නැමදීම සඳහා මිස මම ඔවුන් නොමැව්වෙමි. එමෙන්ම ඔවුන් මට හවුල්කරුවන් පත් කිරීම සඳහා ද මම ඔවුන් නොමැව්වෙමි.
51:57Page 523
مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ ٥٧
I do not want from them any provision, nor do I want them to feed Me.
ඔවුන් අතරින් කිසිදු පෝෂණයක් මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් මට ආහාර පිළිගැන්විය යුතු යැයි මම බලාපොරොත්තු නොවෙමි.
51:58Page 523
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ ٥٨
Indeed, it is Allāh who is the [continual] Provider,1 the firm possessor of strength.
සැබැවින්ම තම ගැත්තන්හට පෝෂණය ලබා දෙන්නා අල්ලාහ්ය. සියලු දෙනා ඔහුගේ පෝෂණයේ අවශ්යතාවෙන් පෙළෙන්නන් වෙති. ඔහු වනාහි, කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැකි ස්ථාවර බලය හා ශක්තිය ඇත්තාය. ශුන්ධවන්තයාණන් වන ඔහුගේ බලයට මිනිස් හා ජින්නුන් සියලු දෙනා යටහත්ය.
51:59Page 523
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ ٥٩
And indeed, for those who have wronged is a portion [of punishment] like the portion of their companions [i.e., predecessors], so let them not impatiently urge Me.
අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධකර ගත්තෝය. ඔවුනට පෙර විසූ ඔවුන්ගේ සහෝදරයින්ට අත් වූ දඬුවමේ කොටසක් හා සමාන කොටසක් ඇත. එයට නියමිත කාලයක් ඇත. එම කාලයට පෙර එය ඉක්මන් කරන්නැයි ඔවුන් මගෙන් නොපැතිය යුතුය.
51:60Page 523
فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ ٦٠
And woe to those who have disbelieved from their Day which they are promised.
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරුකළවුනට දඬුවම පහළ වන බවට ප්රතිඥා දුන් විනාශය හා අලාභය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සතු වන්නේය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences