Al-Mukhtasar · Tafsir · in Sinhala
الحجر
Al-Hijr
The Rocky Tract · Meccan · 99 ayahs
15:1Page 262
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ ١
Alif, Lām, Rā.1 These are the verses of the Book and a clear Qur’ān [i.e., recitation].
(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. සැබැවින්ම මෙය අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබු බවත් ඒවා දේව ඒකීයත්වය හා ආගමික නීති පිළිවෙත් පැහැදිලි කරන අල් කුර්ආනයේ උසස් පාඨ වේ.
15:2Page 262
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ ٢
Perhaps those who disbelieve will wish1 that they had been Muslims.
දෙවියන් ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, ඔවුනට මෙම කරුණු පැහැදිලි වන අවස්ථාවේ හා ඔවුන් මෙලොවෙහි දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි දෑ නිෂ්ඵල බව ඔවුනට හෙළි වන අවස්ථාවේ ඔවුන් (දේව විශාවස කළ)මුස්ලිම්වරුන් වශයෙන් සිටියා නම් මැනව යැයි ආශා කරති.
15:3Page 262
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٣
Let them eat and enjoy themselves and be diverted by [false] hope, for they are going to know.
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට ගොවිපල සතුන් අනුභව කරන්නාක් මෙන් භුක්ති විඳින්නට ඉඩ දෙනු. තාවකාලික මෙලොව ආශාවන් ඔවුහු භුක්ති විදිති. ඔවුන්ගේ දිගු බලාපොරොත්තු දේව විශ්වාසයෙන් හා දැහැමි ක්රියාවන්ගෙන් ඔවුන් වෙනතකට යොමු කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අල්ලාහ් වෙත පැමිණෙන විට ඔවුන් සිටියේ අලාභයක බව ඔවුන් මතු දැනගනු ඇත.
15:4Page 262
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ ٤
And We did not destroy any city but that for it was a known decree.
අපරාධකාරී ගම්මාන අතරින් යම් ගම්මානයක් වෙත අප විනාශය පහළ කරන විට, අල්ලාහ්ගේ දැනුමෙහි ඒ සඳහා නියමිත කාලයක් තිබුණා මිස නැත. ඊට පෙර හෝ ප්රමාද වෙමින් හෝ සිදු වූයේ නැත.
15:5Page 262
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٥
No nation will precede its term, nor will they remain thereafter.
සමූහයන් අතරින් යම් සමූහයක් වෙත ඒ සඳහා නියම කළ කාලයට පෙර එහි විනාශය පැමිණෙන්නේ නැත. නියමිත කාලය පැමිණි විට එය ප්රමාද කරනු ලබන්නේ ද නැත. අල්ලාහ් අපරාධකරුවන්ට ලබා දුන් කාල අවකාශය තුළ ඔවුන් වෙනස් විය යුතු නොවේ ද!
15:6Page 262
وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ ٦
And they say, "O you upon whom the message has been sent down, indeed you are mad.1
මක්කාවාසීන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ දූතයාණන්හට (සල්ලල්ලාලාහු අලයිහි වසල්ලම්) "තමන් වාද කරන පරිදි මෙනෙහි කිරීම පහළ වී ඇති අයවලුනි! සැබැවින්ම නුඹ, මේ කරන වාදයේ උන්මත්තකයෙකි. උන්මත්තකයින් ක්රියා කරන අයුරින් නුඹ ද ක්රියා කරන්නෙහිය." යැයි පැවසුවෝය.
15:7Page 262
لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٧
Why do you not bring us the angels, if you should be among the truthful?"
නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම්, සැබැවින් නුඹ එවනු ලැබූ නබිවරයෙකු යැයි ද සැබැවින්ම දඬුවම අපට පහළවන්නක් යැයි ද නුඹ වෙනුවෙන් සාක්ෂි දරන මලක්වරුන් අප වෙත නුඹ ගෙන ආ යුතු නොවේද?
15:8Page 262
مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ ٨
We do not send down the angels except with truth;1 and they [i.e., the disbelievers] would not then be reprieved.
මලක්වරුන් පැමිණිය යුතු යැයි ඔවුන් එතුමාගෙන් කළ යෝජනාවට පිළිතුරු වශයෙන්, "දඬුවම් කිරීමෙන් නුඹලාගේ විනාශය පැමිණෙන විට ප්රඥාව නියම කරන දෑට අනුකූල වුවහොත් මිස අපි දේව දූතයන් පහළ නොකරන්නෙමු. -ඔවුන් විශ්වාස නොකරමින් සිටිය දී ඔවුන් වෙත අපි මලක්වරුන් අපි එව්වේ නම්- ඔවුන් අවකාශය ලබන්නන් ලෙස නොසිටිති. දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත." යැයි අල්ලාහ් පවසයි.
15:9Page 262
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٩
Indeed, it is We who sent down the message [i.e., the Qur’ān], and indeed, We will be its guardian.
සැබැවින්ම අපි මෙම කුර්ආනය මිනිසුනට මෙනෙහි කිරීමක් වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදවතට පහළ කළ අය වෙමු. එමෙන්ම අල් කුර්ආනයට අමතර යමක් එකතු වීමෙන් හෝ ඉන් යමක් අඩුවීමෙන් හෝ එය වෙනස් කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අපමය.
15:10Page 262
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ ١٠
And We had certainly sent [messengers] before you, [O Muḥammad], among the sects of the former peoples.
අහෝ දූතය! නුඹට පෙර ද දෙවියන් ප්රතික්ෂේප කරන සමූහයන් අතරට අපි දහම් දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. නුඹේ සමූහයා නුඹ ව බොරු කිරීමෙහි එම දූතවරුන් අතරින් ඔබ නව කෙනෙකු නොවන්නෙහිය.
15:11Page 262
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ١١
And no messenger would come to them except that they ridiculed him.
දෙවියන් ප්රතික්ෂේප කළ පෙර සමූහයා අතරට දහම් දූතයෙකු පැමිණි විට ඔවුහු ඔහු බොරු කොට ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.
15:12Page 262
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ١٢
Thus do We insert it [i.e., denial] into the hearts of the criminals.
එම සමූහයන්ගේ සිත් තුළට බොරු කිරීම අපි ඇතුළත් කළාක් මෙන්ම, මක්කාවෙහි විසූ දේව ආදේශකයින්ගේ සිත් තුළ ද ඔවුන්ගේ පිටුපෑම හා මුරණ්ඩුකම හේතුවෙන් අපි එය ඇතුළත් කළෙමු.
15:13Page 262
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ ١٣
They will not believe in it, while there has already occurred the precedent of the former peoples.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය ඔවුහු විශ්වාස නොකරති. මීට පෙර පැමිණි දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කරමින් සිටි ජනයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත ඉකුත් ව ගොස් ඇත. ඔබ ව බොරු කරන්නන් මෙමගින් පාඩම් ලබත්වා!
15:14Page 262
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ ١٤
And [even] if We opened to them a gate from the heaven and they continued therein to ascend,
මෙම බොරුකරන්නන්හට පැහැදිලි සාධක තුළින් සත්යය වටහා දෙනු ලබන තෙක්ම ඔවුහු මුරණ්ඩුකමින් පසුවෙති. ඒ සඳහා අපි ඔවුනට අහසින් දොරටුවක් විවෘත කර දුන්න ද ඔවුහු එහි නැග යන්නට බලති.
15:15Page 262
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ ١٥
They would say, "Our eyes have only been dazzled. Rather, we are a people affected by magic."
ඔවුන් සත්ය පවසන කල්හි ඔවුහු මෙසේ පවසා සිටියහ. "එම දැක්මෙන් අපගේ දැක්ම සැබැවින්ම බන්ධනය කරනු ලැබ ඇත. එය හූනියමක බලපෑමක් ලෙස අපි දකින්නෙමු. එහෙයින් අපි හූනියමට ලක්වූවෝ වෙමු."
15:16Page 263
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ ١٦
And We have placed within the heaven great stars and have beautified it for the observers.
ගොඩබිමේ හෝ සාගරයේ හෝ රාත්රී අන්ධකාරයේ මිනිසුන් ගමන් කරන විට එමගින් මග සොයා ගනු පිණිස අහසේ අති විශාල තාරකාවන් අපි ඇති කළෙමු. එමෙන්ම ඒ දෙස බලන දකින දනන් හට අල්ලාහ්ගේ බලබමහිමය ගැන සාක්ෂි හා සාධක ඒවා මගින් ගනු පිණිස අපි ඒවා අලංකාරවත් කළෙමු.
15:17Page 263
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ ١٧
And We have protected it from every devil expelled [from the mercy of Allāh]
අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි අහස ආරක්ෂා කළෙමු.
15:18Page 263
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ ١٨
Except one who steals a hearing and is pursued by a clear burning flame.
උසස් ප්රාධානීන් වෙනුවෙන් රහසිගතව සවන් දෙන්නා හැර. ඔහු වෙත ඇවිළෙන උල්කාවක් කඩා වැටී ඔහු ව පුළුස්සා දමනු ඇත.
15:19Page 263
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ ١٩
And the earth - We have spread it and cast therein firmly set mountains and caused to grow therein [something] of every well-balanced thing.
ජනයා මහපොළොව මත වාසය කරනු පිණිස අපි එය දිග හැරියෙමු. මිනිසුන් චලනය නොවන තරමට ඒ මත අපි ස්ථාවර කඳු ඇති කළෙමු. ප්රඥා ව නියම කරන දෑ අනු ව නිර්ණය කරන ලද විවිධ වර්ගයේ පැළෑටි අපි එහි හට ගැන්වූයෙමු.
15:20Page 263
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ ٢٠
And We have made for you therein means of living and [for] those for whom you are not providers.1
නුඹලා මෙලොව ජීවිතය ගත කරන තාක්කල් නුඹලා වෙනුවෙන් ආහාර පාන වැනි නුඹලාගේ ජීවන සම්පත් අපි එම පොළොව මත ඇති කළෙමු. එමෙන්ම නුඹලා පෝෂණය නොකළා වූ නුඹලා හැර සෙසු මිනිසුන් හා සතුන්ට ද ඔවුන්ගේ ජීවන සම්පත් අපි ඇති කළෙමු.
15:21Page 263
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ ٢١
And there is not a thing but that with Us are its depositories, and We do not send it down except according to a known [i.e., specified] measure.
මිනිසුන් හෝ සතුන් ප්රයෝජනය ලබන යම් දෙයක් වී නම් එය ඇති කිරීමට හා එමගින් ජනයින්ට සෙත සලසන්නට බලය ඇත්තෝ අපමය. අප හැර වෙනත් කිසිවෙකු නැත. ඒවායින් අප ඇති කරන්නට යන දෑ අපගේ ප්රඥාව හා අපගේ අභිමතය නියම කරන නිශ්චිත ප්රමාණයකින් මිස අපි ඒවා ඇති නොකරන්නෙමු.
15:22Page 263
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ ٢٢
And We have sent the fertilizing winds1 and sent down water from the sky and given you drink from it. And you are not its retainers.
වළාකුළු උසුලාගෙන යන සුළඟ අපි එව්වෙමු. එය උසුලාගෙන එන වළාකුළු මගින් වර්ෂාව පහළ කළෙමු. වර්ෂා මගින් අපි නුඹලාට ජලය සැපයූවෙමු. අහෝ ජනයිනි! උල්පත් ලෙස හෝ ළිං ලෙස හෝ පවතින්නට තරම් මහපොළොවේ එම ජලය රඳවා ගෙන සිටින ගබඩාකරුවන් නුඹලා නොවන්නෙහුය. එහි ගබඩා කර තබන්නේ අල්ලාහ්මය.
15:23Page 263
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ ٢٣
And indeed, it is We who give life and cause death, and We are the Inheritor.1
ශුන්ය තත්වයේ සිට ඔවුන් මැවීමෙන් හා මිය ගිය පසු යළි ඔවුන් අවදි කිරීමෙන් මිය ගිය ඇත්තන්හට යළි ජීවය ලබා දෙන්නේ අපමය. ඔවුන් නියමිත ආයු කාලය සම්පූර්ණ කළ විට ජීවීන් මරණයට පත් කරන්නෙමු. මහපොළොව හා ඒ මත සිටින්නන්ට උරුමය ලබා දෙන සදා උරුමක්කරුවෝ අපම ය.
15:24Page 263
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ ٢٤
And We have already known the preceding [generations] among you, and We have already known the later [ones to come].
නුඹලා අතරින් පෙර බිහි වන අය හා මරණයට පත් වන අය ගැන සැබැවින්ම අපි දනිමු. ඒ දෙකෙහිම ප්රමාද වන්නන් ගැන ද අපි දනිමු. ඒ කිසිවක් අපට සැඟවෙන්නේ නැත.
15:25Page 263
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ٢٥
And indeed, your Lord will gather them; indeed, He is Wise and Knowing.
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සියලු දෙනා එක්රැස් කරනුයේ සැබැවින්ම නුඹගේ පරමාධිපතිය. එය දැහැමි ලෙස කටයුතු කළ දැහැමියන්ට ප්රතිඵල දීමට හා නපුරු ලෙස කටයුතු කළ නපුරන්ට විපාක දීම පිණිසය. සැබැවින්ම ඔහු යමක් සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. මහා ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
15:26Page 263
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٢٦
And We did certainly create man out of clay from an altered black mud.
තට්ටු කරනු ලබන විට හඬ නිකුත් වන වේළුණු මැටියෙන් සැබැවින්ම අපි ආදම් ව මැව්වෙමු. ඔහු මවනු ලැබූ එම මැටි දිගු කලක පැවැත්ම හේතුවෙන් ගන්ධය වෙනස් වූ කළු පැහැයෙන් විය.
15:27Page 263
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ ٢٧
And the jinn We created before from scorching fire.
ආදම් (අලයිහිස් සලාම්) තුමා මැවීමට පෙර ජින් වර්ගයාගේ පියා දැඩි උෂ්ණත්වයකින් යුත් ගින්නෙන් අපි මැව්වෙමු.
15:28Page 263
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٢٨
And [mention, O Muḥammad], when your Lord said to the angels, "I will create a human being out of clay from an altered black mud.
අහෝ දූතය! "තට්ටු කරන විට හඬක් අසෙන, වෙනස් වූ ගන්ධයක් සහිත වේළුණු මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නට යමි" යැයි නුඹේ පරමාධිපති අහස්වාසී මලක්වරුන් හා ඉබ්ලීස්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරන බලනු. - එවිට ඉබ්ලීස් ද ඔවුන් සමග විය.
15:29Page 263
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٢٩
And when I have proportioned him and breathed into him of My [created] soul,1 then fall down to him in prostration."
ඔහුගේ හැඩරුව සමානුපාතිකව නිසිලෙස සකසා ඔහුගේ මැවීම මා සම්පූර්ණ කළ විට මාගේ නියෝගය පිළිපැද හා ඔහුට සුබ පතමින් ඔහුට සිරස නමනු.
15:30Page 263
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ٣٠
So the angels prostrated - all of them entirely,
එවිට මලක්වරුන් එය පිළිපැද්දාහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට නියෝග කළ පරිදි ඔවුන් සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය.
15:31Page 263
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣١
Except Iblees;1 he refused to be with those who prostrated.
නමුත් මලක්වරුන් සමගම සිටි ඉබ්ලීස් හැර. ඔහු ඔවුන් අතර කෙනෙකු නොවීය. මලක්වරුන් සමග ආදම් (අලයිහිස් සලාම්) තුමාට සිරස නමා ආචාර කිරීමෙන් වැළකුණේය.
15:32Page 264
قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣٢
[Allāh] said, "O Iblees, what is [the matter] with you that you are not with those who prostrate?"
ඉබ්ලීස් ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් වැළකී සිටීමෙන් පසු අල්ලාහ් ඔහුට, "මාගේ නියෝගය පිළිපදිමින් සිරස නමා ආචාර කළ මලක්වරුන් සමග නුඹ සුජූද් කිරීමෙන් නුඹව නවතා වළක්වාලීයේ කුමක්දැ?" යි විමසීය.
15:33Page 264
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ٣٣
He said, "Never would I prostrate to a human whom You created out of clay from an altered black mud."
ඉබ්ලීස් අහංකාරයෙන් යුතු ව, "වෙනස්කම් සහිත කළු මැටියෙන් වූ වේළුණු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සිරස නමා ආචාර කිරීමට මට යුතු නැතැ" යි පැවසීය.
15:34Page 264
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ٣٤
[Allāh] said, "Then depart from it,1 for indeed, you are expelled.
"නුඹ ස්වර්ගයෙන් බැහැර යනු. සැබැවින්ම නුඹ නෙරපා හරිනු ලැබූවෙකි" යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය.
15:35Page 264
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٣٥
And indeed, upon you is the curse until the Day of Recompense."
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ මත ශාපය ඇත. එමෙන්ම මාගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නෙහිය.
15:36Page 264
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٣٦
He said, "My Lord, then reprieve me until the Day they are resurrected."
"මාගේ පරමාධිපතියාණනි! මට අවකාශය දෙනු. මැවීම් යළි අවදි කරවන දින තෙක් ඔබ මා මරණයට පත් නොකරනු" යැයි ඉබ්ලීස් පැවසීය.
15:37Page 264
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٣٧
[Allāh] said, "So indeed, you are of those reprieved
"එසේය. සැබැවින්ම නුඹ ආයු කාලය ප්රමාද කරනු ලැබ ජීවත්වීමේ අවකාශය හිමිවූවන් අතර වන්නෙහිය." යැයි අල්ලාහ් ඔහුට පැවසීය.
පළමු පිඹීම සිදු කරන අවස්ථාවේ මැවීම් සියල්ල එහි මිය යන වේලාව දක්වා ප්රමාද කරනු ලැබේ.
15:39Page 264
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٣٩
[Iblees] said, "My Lord, because You have put me in error, I will surely make [disobedience] attractive to them [i.e., mankind] on earth, and I will mislead them all
"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යන්නට ඉඩ හැරිය හේතුවෙන් මහපොළොවේ සිදු කරන පාපකම් ඔවුනට අලංකාර කර පෙන්වන්නෙමි. ඔවුන් සියලු දෙනා ඍජු මාර්ගයෙන් නොමග යවන්නෙමි" යැයි ඉබ්ලීස් පැවසීය.
නමුත් නුඹේ ගැත්තන් අතරින් නුඹ ව නැමදීම සඳහා නුඹ තෝරා ගත් අය හැර.
15:41Page 264
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ ٤١
[Allāh] said, "This is a path [of return] to Me [that is] straight.
"මෙය මා වෙත ළඟා කරවන මධ්යස්ථ මාර්ගය වේ" යැයි අල්ලාහ් පැවසීය.
15:42Page 264
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ ٤٢
Indeed, My servants - no authority will you have over them, except those who follow you of the deviators.
"සැබැවින්ම මාගේ ගැත්තන් වනාහි, ඔවුන් ගැන නුඹට කිසිදු බලයක් නැත. නොමග ගියවුන් අතරින් නුඹ ව පිළිපඳින්නන් මිස ඔවුන් පොළොඹවන්නට නුඹට කිසිදු ආධිපත්යයක් නැත."
15:43Page 264
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ ٤٣
And indeed, Hell is the promised place for them all.
නියත වශයෙන්ම අපාය ෂෙයිතාන් වෙත හා ඔහු අනුගමනය කළවුන් අතර මුළාවට පත් වූ සියල්ලන් වෙත ප්රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
15:44Page 264
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ ٤٤
It has seven gates; for every gate is of them [i.e., Satan's followers] a portion designated."
අපායට දොරටු සතක් ඇත. ඔවුහු ඒවායින් ඇතුළු වෙති. එම දොරටු අතරින් සෑම දොරටුවකම ඉබ්ලීස් ව අනුගමනය කළවුන් අතරින් නියමිත ප්රමාණයක් පමණක් එයින් ඇතුළු වෙති.
15:45Page 264
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ ٤٥
Indeed, the righteous will be within gardens and springs,
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි. ඔවුහු ස්වර්ග උයන් හා උල්පත් අතර සිටිති.
15:46Page 264
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ ٤٦
[Having been told], "Enter it in peace, safe [and secure]."
ඔවුහු එහි පිවිසෙන අවස්ථාවේ, "නුඹලා උවදුරුවලින් සුරක්ෂිත ව හා සියලු බියවලින් අභයදායී ව එහි පිවිසෙනු" යැයි ඔවුනට කියනු ලැබේ.
15:47Page 264
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ٤٧
And We will remove whatever is in their breasts of resentment,1 [so they will be] brothers, on thrones facing each other.
ඔවුන්ගේ සිත් තුළ පැවති ක්රෝධය හා සතුරුකම් අපි ඉවත් කළෙමු. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් නැරඹිය හැකි පරිදි යහන් මත වාඩි වෙමින් එකිනෙකා සෙනෙහසින් කටයුතු කරන සහෝදරයින් ලෙස සිටිති.
15:48Page 264
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ ٤٨
No fatigue will touch them therein, nor from it will they [ever] be removed.
ඔවුනට එහි කිසිදු වෙහෙසක් ඇති වන්නේ නැත. ඔවුන් එයින් බැහැරවන්නේද නැත. එහි ඔවුහු සදාකල් වෙසෙති.
15:49Page 264
۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٤٩
[O Muḥammad], inform My servants that it is I who am the Forgiving, the Merciful,
අහෝ දූතය! සැබැවින්ම මාගේ ගැත්තන් අතරින් පාපක්ෂමා ව අයැද මා වෙත යොමුවන්නන්හට මා අතික්ෂමාශීලී බවත් ඔවුන් කෙරෙහි මහා කරුණික බවත් ඔවුනට නුඹ දන්වා සිටිනු.
15:50Page 264
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ ٥٠
And that it is My punishment which is the painful punishment.
සැබැවින්ම වේදනීය දඬුවම මාගේ දඬුවම බවත් ඔවුනට දන්වා සිටිනු. එහෙයින් ඔවුන් පාපක්ෂමාවෙහි නිරත වී මාගේ සමාව හිමි කර ගනිත්වා. මාගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කර ගනිත්වා!
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්හට ලැබෙන්නට යන දරුවන් පිළිබඳ හා ලූත්ගේ ජනයාට අත්වන විනාශය ගැන තොරතුරු රැගෙන එතුමා වෙත පැමිණි එතුමාගේ ආගන්තුකයින් පිළිබඳ තොරතුරු නුඹ ඔවුනට දන්වා සිටිනු.
15:52Page 265
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ ٥٢
When they entered upon him and said, "Peace." [Abraham] said, "Indeed, we are fearful [i.e., apprehensive] of you."
ඔවුන් ඔහු වෙත ඇතුළු වූ විට, ඔවුහු ඔහුට "ශාන්තිය අත්වේවා" යැයි පැවසූහ. එවිට ඔහු ඔවුනට වඩාත් යහපත් ලෙස සුබ පතමින් ප්රතිචාර දැක්වීය. ඔවුන් අනුභව කරනු පිණිස බැදපු වසුපැටවෙකු ඔවුනට පිළිගැන්වීය. සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි එතුමා සිතුවේය. ඔවුන් එයින් අනුභව නොකළ කල්හි, ඔහු: "සැබැවින්ම අපි නුඹලා ගැන බියට පත්ව සිටින්නෙමු" යැයි ඔහු පැවසීය.
15:53Page 265
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ ٥٣
[The angels] said, "Fear not. Indeed, we give you good tidings of a learned boy."
මලාඉකාවරුන්ගෙන් සමන්විත මෙම දූත පිරිස, "නුඹ බිය නොවනු. සැබැවින්ම නුඹව සතුටු කරවන කරුණක් පිළිබඳ තොරතුරු අපි නුඹට දන්වා සිටිමු. සැබැවින්ම ඔබට බුද්ධිමත් පිරිමි දරුවෙකු ලැබෙනු ඇත" යැයි පැවසුවෝය.
15:54Page 265
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ٥٤
He said, "Have you given me good tidings although old age has come upon me? Then of what [wonder] do you inform?"
තමන්ට දරුවෙකු ලැබෙන්නට යන බව ඔවුන් විසින් දන්වා සිටි ශුභාරංචි ගැන පුදුමයට පත් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට, "මා වයස්ගතව සිටිය දී මාගේ බිරිය මැහැල්ලියක්ව සිටියදී නුඹලා මා වෙත දරුවෙකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙහු ද? නුඹලා අපට මෙලෙස ශුභාරංචි දන්වා සිටිනුයේ කවර අයුරින් ද?
15:55Page 265
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ ٥٥
They said, "We have given you good tidings in truth, so do not be of the despairing."
මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ඉබ්රාහීම් තුමාට, "කිසිදු සැකයක් නැති සත්යය කරුණක් පිළිබඳ අපි නුඹට ශුභාරංචි දන්වා ඇත්තෙමු. අප කවර ශුභාරංචියක් දන්වා සිටියේ ඒ ගැන බලාපොරොත්තු සුන්කර නොගනු" යැයි පැවසූහ.
15:56Page 265
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ٥٦
He said, "And who despairs of the mercy of his Lord except for those astray?"
"අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් හැරී ගියවුන් මිස තම පරමාධිපතිගේ ආශිර්වාදය ගැන බලාපොරොත්තු සුන් කරගන්නේ කවුරුන් දැ?"යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා විමසීය.
15:57Page 265
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٥٧
[Abraham] said, "Then what is your business [here], O messengers?"
"උත්තරීතර අල්ලාහ් වෙතින් එවනු ලැබූවනි! නුඹලා පැමිණීමට හේතුව කුමක්ද?" යැයි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) විමසීය.
15:58Page 265
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ٥٨
They said, "Indeed, we have been sent to a people of criminals,
"සැබැවින් අල්ලාහ් අප එවා ඇත්තේ බරපතල ලෙස කලහකාරී ව කටයුතු කරන ඉතා දරුණු ලෙස නපුරු ක්රියාවන්හි නිතරවන ලූත්ගේ ජනයා විනාශ කිරීමටය" යැයි මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස පැවසුවෝය.
15:59Page 265
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ ٥٩
Except the family of Lot; indeed, we will save them all
ලූත්ගේ පවුල හෝ ඔහුව අනුගමනය කළ දේව විශ්වාසීන් හැර. එහෙයින් එම විනාශය ඔවුන්ව ආවරණය නොකරයි. සැබැවින්ම අපි ඔවුන් සියලු දෙනා එයින් මුදවා ගන්නන් වෙමු.
15:60Page 265
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ ٦٠
Except his wife." We [i.e., Allāh] decreed that she is of those who remain behind.1
"නමුත් ඔහුගේ බිරිය හැර. ඇය විනාශය ආවරණය වීමට නියමිත ඉතිරි අයවලුන් අතර එකියෙකි" යැයි අපි තීන්දු කළෙමු.
15:61Page 265
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ ٦١
And when the messengers came to the family of Lot,
එවනු ලැබූ දූත පිරිස පුරුෂ ස්වරූපයෙන් ලූත්ගේ පවුල වෙත පැමිණි කල්හි,
ලූත් තුමා ඔවුනට සලාම් පවසා, "නාඳුනන පිරිසක්" යැයි පැවසීය.
15:63Page 265
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ ٦٣
They said, "But we have come to you with that about which they were disputing,
මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ලූත් දෙස බලා "ඔබ බිය නොවන්න. අහෝ ලූත්! සැබැවින්ම අපි පැමිණ ඇත්තේ ඔබේ ජනයා කවර විනාශයක දඬුවම පිළිබඳ සැකයෙන් පසුවූයේ ද එය රැගෙනය." යැයි පැවසූහ.
15:64Page 265
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ٦٤
And we have come to you with truth, and indeed, we are truthful.
"කිසිදු හාස්යයක් නැති සත්යය නුඹ වෙත අපි ගෙනැවිත් ඇත්තෙමු. නුඹ වෙත අපි දන්වා සිටි දෑහි සැබැවින්ම අපි සත්යවාදීන් වෙමු."
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences