Al-Mukhtasar · Tafsir · in Sinhala
النجم
An-Najm
The Star · Meccan · 62 ayahs
ශුද්ධවන්තයාණන් තාරකා වැටී යන විට ඒ මත දිවුරමින්.
53:2Page 526
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ٢
Your companion [i.e., Muḥammad] has not strayed, nor has he erred,
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යහමගින් හැරී නොගියහ. ඔහු නොමග ගිය අයකු ද නොවීය. නමුත් ඔහු යහමග පෙන්වා දෙන්නෙකු විය.
මෙම අල් කුර්ආනය ගැන තම ආශාවන්ට අනුව ඔහු කතා නොකරයි.
මෙම අල් කුර්ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා හරහා ඔහු වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩයක් මිස වෙනකක් නොවීය.
53:5Page 526
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ٥
Taught to him by one intense in strength [i.e., Gabriel] -
ඉතා බලවත් මලක්වරයා ඔහුට ඉගැන්වීය. එම මලක්වරයා ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා වූහ.
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අලංකාර හැඩයෙන් යුක්ත වූහ. අල්ලාහ් කවර හැඩයකින් එතුමාව මවා ඇත්තේ ද ඒ හැඩයෙන්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ පෙනී සිටියේය.
ජිබ්රීල් තුමා ඉහළ අහසේ ක්ෂතිජයෙහි විය.
පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සමීප විය. ඔහුට වඩාත් ළං විය.
53:9Page 526
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ٩
And was at a distance of two bow lengths or nearer.
ඔහුගේ ළං වීම දුනු දෙකක් අතර ප්රමාණයකින් හෝ ඊටත් වඩා සමීපයෙන් විය.
53:10Page 526
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ ١٠
And he revealed to His Servant1 what he revealed [i.e., conveyed].
එවිට අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කළ යුතු දේව පණිවිඩ ජිබ්රීල් තුමා විසින් පහළ කළේය.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිත, ඔහු දෑසින් දුටු දෑ බොරු කළේ නැත.
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! එතුමාණන්ව අරෝහණය කළ රාත්රියේ අල්ලාහ් එතුමාට පෙන්වා දුන් දෑ පිළිබඳ නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ආරෝහණය කළ රාත්රියෙහි එතුමාණෝ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව නැවත වාරයක් ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දුටුහ.
සිද්රතුල් මුන්තහා හෙවත් සත්වැනි අහසේ ඉතා විශාල ගසක් අබියසය.
එම ගස අසළ ජන්නතුල් මඃවා හෙවත් ස්වර්ග උයන විය.
53:16Page 526
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦
When there covered the Lote Tree that which covered [it].1
සිද්රා නම් ගස අල්ලාහ්ගේ කටයුතු ආවරණය කරන විට එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනීය.
53:17Page 526
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧
The sight [of the Prophet (ﷺ)] did not swerve, nor did it transgress [its limit].
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බැල්ම දකුණට හෝ වමට හෝ නැඹුරු වූයේ නැත. සීමාවෙන් එහා ඒ බැල්ම ඉක්මවා ගියේ නැත.
53:18Page 526
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ١٨
He certainly saw of the greatest signs of his Lord.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් කැටුව ගිය මිඃරාජ් රාත්රියේ අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන අතිමහත් සාධක එතුමාණෝ දුටුහ. ස්වර්ගය දුටුහ. නිරය හා වෙනත් දෑ ද දුටුහ.
අහෝ දෙවියන්ට අදේශ තබන්නනි! අල්ලාහ් හැර නුඹලා නමදින ලාත් හා උස්සා නම් පිළිම නුඹලා දුටුවෙහු ද?
නුඹලාගේ පිළිම අතරින් තුන්වැන්නා මනාත්ය. නුඹලාට සෙතක් සැලසීමට හෝ උවදුරක් කිරීමට හෝ ඔවුනට හැකියාවක් ඇත්දැ?යි නුඹලා මට දන්වා සිටිනු.
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලාටත් නුඹලා පිළිකුල් කරන ගැහැණු දරුවන් ශුද්ධවන්තයාණන්ටත් ආරෝපණය කරන්නෙහු ද?
නුඹලාගේ ආශාවන්ට අනු ව නුඹලා එසේ බෙදන එම බෙඳීම ඉතා අසාධාරණය.
53:23Page 526
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣
They are not but [mere] names you have named them - you and your forefathers - for which Allāh has sent down no authority. They follow not except assumption and what [their] souls desire, and there has already come to them from their Lord guidance.
මෙම පිළිම අර්ථයක් නැති හිස් නාමයන් මිස නැත. දේවත්වයේ ගුණාංගවල ඒවාට කිසිදු කොටසක් නැත. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබුවේ නුඹලා විසින්මය. ඒවා සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ විශ්වාසය තුළ අනුමාන හා ඔවුන්ගේ සිත් තුළ ෂෙයිතාන් අලංකාරවත් කළ දැයින් ඔවුන් ආශා කරන දෑ මිස වෙනකක් පිළිපදින්නේ නැත. ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවෙන් ඔවුන් වෙත යහමග පැමිණියේය. නමුත් ඔවුන් එමගින් යහමග ලැබුවේ නැත.
එසේ නැතහොත් අල්ලාහ් වෙත මෙම පිළිම මැඳිහත් වී කතා කිරීමෙන් මිනිසා ආශා කරන දෑ මිනිසාට ලැබේ ද?
53:25Page 526
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥
Rather, to Allāh belongs the Hereafter and the first [life].
නැත, ඔහු ආශා කරන දෑ ඔහුට නැත. මෙලොව හා මතුලොව අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහිම ඔහු අභිමත කරන දෑ පිරිනමන අතර ඔහු අභිමත කරන දෑ වළක්වන්නේය.
53:26Page 526
۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦
And how many angels there are in the heavens whose intercession will not avail at all except [only] after Allāh has permitted [it] to whom He wills and approves.
අහස්හි කොපමණක් මලක්වරුන් සිටිත් ද? ඔවුන් කිසිවෙකු වෙනුවෙන් මැදිහත් වීමට සිතුවේ නම් ඔවුන් අතරින් අල්ලාහ් අභිමත කරන මැදිහත්වනු ලබන අය ගැන ඔහු තෘප්තිමත් වන අය වෙනුවෙන් එසේ මැදිහත් වීමට අවසර දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත් වීම ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ්ට ආදේශ තැබූවන් වෙනුවෙන් මැදිහත් වීමට අල්ලාහ් අවසර දෙන්නේ නැත. අල්ලාහ් හැර වෙනත් දෑ නමදිමින් සිටින්නන්ගේ මැදිහත් වීම ද ඔහු පිළිගන්නේ නැත.
53:27Page 527
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧
Indeed, those who do not believe in the Hereafter name the angels female names,
සැබැවින්ම මතුලොවෙහි නැවත නැගිටුවනු ලැබීම ගැන විශ්වාස නොකරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි විශ්වාසයෙන් යුතුව ගැහැණු නාමයන්ගෙන් මලක්වරුන්ට නම් තබති. ඔවුන් පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය අති උසස්ය.
53:28Page 527
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا ٢٨
And they have thereof no knowledge. They follow not except assumption, and indeed, assumption avails not against the truth at all.
ඒවාට ගැහැණු නාමයන් නම් කිරීමෙන් ඒ වෙත විශ්වාසය කරන කිසිදු දැනුමක් ඔවුනට නොවීය. එහිදී ඔවුන් අනුමානය හා උපකල්පනය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. සැබැවින්ම අනුමානය යනු එහි නියම ස්ථානයේ පිහිටන තෙක් සත්යයට කිසිදු අවශ්යතාවක් නැත.
53:29Page 527
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٢٩
So turn away from whoever turns his back on Our message and desires not except the worldly life.
එහෙයින්, අහෝ දූතය! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් පසුබසින්නන්ව නුඹ නොසලකා හරිනු. එමගින් (ඔහු)හැඩ ගැසුනේ නැත. මෙලොව ජීවිතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ ද නැත. ඔහු ඔහුගේ මතු ජීවිතය වෙනුවෙන් ක්රියා කරන්නේ ද නැත. හේතුව සැබැවින්ම ඔහු ඒ ගැන විශ්වාස නොකරන බැවිණි.
53:30Page 527
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠
That is their sum of knowledge. Indeed, your Lord is most knowing of who strays from His way, and He is most knowing of who is guided.
මෙම දේව ආදේශකයින් පවසන දෑ මෙයයි. -එනම් මලක්වරුන්ට ගැහැණු නම් තබමින් පවසන නාමයන්- එය ඔවුන් ලබා ඇති ඔවුන්ගේ දැනුමේ තරමයි. එය ඔවුන් අඥානයින් බැවිණි. ස්ථාවරත්වය වෙත ඔවුන් ළඟා වූයේ නැත. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති, සත්ය මාර්ගයෙන් කැපී යන්නේ කවුරුන් දැයි මැනවින් දන්නාය. එමෙන්ම එම මාර්ගය වෙත මග ලබන්නා කවුරුන් දැයි ද මැනවින් දන්නාය. ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
53:31Page 527
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١
And to Allāh belongs whatever is in the heavens and whatever is in the earth - that He may recompense those who do evil with [the penalty of] what they have done and recompense those who do good with the best [reward] -
පාලනය කිරීමෙන්, මැවීමෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ඇති දෑද ඔහුට පමණක් සතුය. මෙලොව තම ක්රියාවන් පාපකම් බවට පත් කර ගත්තන්හට ඔවුනට සුදුසු දඬුවමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. එමෙන්ම තම ක්රියාවන් යහකම් බවට පත් කරගත් දේව විශ්වාසීන් හට ඔහු ස්වර්ගය පිරිනමනු ඇත.
53:32Page 527
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢
Those who avoid the major sins and immoralities, only [committing] slight ones. Indeed, your Lord is vast in forgiveness. He was most knowing of you when He produced you from the earth and when you were fetuses in the wombs of your mothers. So do not claim yourselves to be pure; He is most knowing of who fears Him.
මහා පාපකම් හා අශීලාචාර පාපක්රියාවලින් දුරස් වී, සුළු පාපකම් පමණක් සිදු කළවුන් වනාහි. ඔවුනට ඒ සඳහා සමාව ලැබෙනුයේ මහා පාපකම් අතහැර දැමීමෙන් හා අධික ලෙස අවනත වීමෙනි. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති අතික්ෂමාශීලීය. තම ගැත්තා ඒ ගැන පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නේ නම් ඔහුට සමාව දෙනු ඇත. නුඹලාගේ පියාණන් ආදම්ව පසින් මැවූ අවස්ථාවේ ද, නුඹලාගේ මව් කුස තුළ නුඹලාව උසුලන්නට සළස්වා මැවීමකින් පසු තවත් මැවීමක් ලෙස මවනු ලබන අවස්ථාවේ ද, නුඹලාගේ කටයුතු හා නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ ශුද්ධවන්තයාණන් මැනවින් දැන සිටින්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහෙයින්, නුඹලාගේ ආත්මයේ භක්තිමක් භාවය ගැන පැසසුමට ලක් කරමින් නුඹලා නුඹලාව ඇගයීමට ලක් නොකරනු. සැබැවින්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් වූවන් කවුරුන්දැ?යි ශුද්ධවන්තයාණන් මැනවින් දන්නාය.
ඉස්ලාමය වෙත සමීප වීමෙන් පසුව, එය පිටුපාන්නන්ගේ නපුරු තත්ත්වය නුඹ දුටුවෙහි ද?
ඔහු ධනයෙන් සුළු ප්රමාණයක් පිරිනමා, පසු ව ඔහුගේ ලෝබී චරිතය හේතුවෙන් එයින් වැළකුණේය. ඒ සමගම ඔහු ඔහුවම පිරිසිදු කර ගනී.
53:35Page 527
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ ٣٥
Does he have knowledge of the unseen, so he sees?1
ඔහු සතු ව ගුප්ත ඥානය තිබී; ඔහු එය දැක; ඒ ගැන කතා කරන්නේද?
53:36Page 527
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ ٣٦
Or has he not been informed of what was in the scriptures of Moses
එසේ නැතිනම්, ඔහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ ද? එසේත් නැතිනම් අල්ලාහ් මත බොරු ගොතන්නා හට මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළ ආරම්භක ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේද?
තම පරමාධිපති විසින් පවරන ලද සියලු වගකීම් ඉටු කළ, එය පූර්ණවත් කළ ඉබ්රාහීම්ගේ ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේ ද?
53:38Page 527
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ ٣٨
That no bearer of burdens will bear the burden of another
සැබැවින්ම කරුණ නම්, මිනිසා තවත් කෙනෙකුගේ පව්බර උසුලන්නේ නැත.
53:39Page 527
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ٣٩
And that there is not for man except that [good] for which he strives
ඔහු සිදු කළ ඔහුගේ ක්රියාවෙහි කුසල් මිස වෙනත් කිසිවක් මිනිසාට හිමි නැත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ඔහුගේ ක්රියාව දෑසින්ම ඔහු දැක ගනු ඇත.
53:41Page 527
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ ٤١
Then he will be recompensed for it with the fullest recompense -
පසුව ඔහුගේ ක්රියාවෙහි ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව පිරිනමනු ලැබේ.
අහෝ දූතය! ගැත්තන් නැවත හැරීයාම හා ඔවුන්ගේ මරණයෙන් පසු නැවත යොමුවීම ඇත්තේ නුඹේ පරමාධිපති වෙතමය.
සැබැවින්ම ඔහු අභිමත කරන අය ප්රීතියට පත් කර සිනහවන්නට සලස්වයි. ඔහු අභිමත කරන අය දුකට පත්කර හඩා වැළපෙන්නට සලස්වයි.
සැබැවින්ම ඔහු මෙලොවෙහි ජීවත් වන්නන් මරණයට පත් කරයි. මරණයට පත්වූවන් යළි නැගිටුවා ඔවුනට ජීවය ලබා දෙයි.
53:45Page 528
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ٤٥
And that He creates the two mates - the male and female -
සැබැවින්ම ඔහු පිරිමියා හා කාන්තාව යන වර්ග දෙකක් මැව්වේය.
ශුක්රාණුව ගර්භාෂය තුළ තබනු ලබන විට, එමගිනි (නුඹලාව නිර්මාණය කරන්නේය).
53:47Page 528
وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ ٤٧
And that [incumbent] upon Him is the other [i.e., next] creation.
ඔවුන් දෙපළ මිය ගිය පසු, නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුන් දෙපළගේ නිර්මාණය නැවත සිදු කිරීම ඔහු සතු වගකීමකි.
සැබැවින්ම ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ධනය උරුම කර දී පොහොසත් කරවන්නේය. මිනිසුන්ගෙන් ඔවුන් නොගන්නා තරමට ඔහු ඔවුනට ප්රමාණවත් ධනය පිරිනමන්නේය.
සැබැවින්ම ඔහු ‘අෂ්-ෂිඃරා නම් තාරකාවෙහි ද පරමාධිපතිය. එය අල්ලාහ් හැරදමා දේවත්වයට ආදේශ තබන ඇතැමුන් විසින් නමදිමින් සිටි වස්තුවකි.
53:50Page 528
وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ ٥٠
And that He destroyed the first [people of] ʿAad
පෙර විසූ ආද් සමූහයා ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරත වූ කල්හි සැබැවින්ම ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් හූද්ගේ ජන සමූහයා වෙති.
සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද ඔහු විනාශ කළේය. ඔවුන්ගෙන් කිසිවකු ඔහු ඉතිරි කළේ නැත.
53:52Page 528
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢
And the people of Noah before. Indeed, it was they who were [even] more unjust and oppressing.
ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත.
තවද ලූත්ගේ ජනයා විසූ ගම්මනාය ඔහු අහස දෙසට ඔසවා පසුව පෙරළා පොළාව වෙත හෙළීය.
අහස දෙසට ඔසවනු ලැබ පොළව මතට හෙළීමෙන් පසුව එම ගම්මානය ආවරණය වන පරිදි ගල් වර්ෂාවක් ඇති කළේය. එය ආවරණය කළේය.
53:55Page 528
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥
Then which of the favors of your Lord do you doubt?
එහෙයින්, අහෝ මිනිස! නුඹේ පරමාධිපතිගේ බලය පෙන්වා දෙන ඔහුගේ කවර සාධකයක් ගැන නුඹ වාද කරන්නෙහි ද? එමගින් නුඹ උපදෙස් ලැබිය යුතු නොවේ ද?
53:56Page 528
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ٥٦
This [Prophet (ﷺ)] is a warner from [i.e., like] the former warners.
නුඹලා වෙත එවනු ලැබූ මෙම දූත පණිවිඩය පෙර තිබූ දූත පණිවිඩ වර්ගයෙන් එකකි.
සමීපයෙන් පවතින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වී ඇත.
53:58Page 528
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥٨
Of it, [from those] besides Allāh, there is no remover.
එය වළක්වාලන්නට කිසිවකු නැත. එය නිරාවරණය කොට බලන්නට අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නැත.
එහෙයින් නුඹලා වෙත පාරායනය කරනු ලබන මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද?
නුඹලා එය හාස්යයට ගෙන සිනාසෙන්නෙහුය. එහි ඇති උපදෙස්වලට නුඹලා සවන් දී හඬන්නේ නැත.
නුඹලා ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ. ඒ ගැන ගණන් ගත්තේ නැත.
එහෙයින් නුඹලා අල්ලාහ්ට පමණක් සුජූද් කර; ඔහුට පමණක් අවංක ව ගැතිකම් කරනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences