Al-Mukhtasar · Tafsir · in Sinhala
الشرح
Ash-Sharh
The Relief · Meccan · 8 ayahs
සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය.
ඉකුත් ව ගිය නුඹේ පාපයන් සඳහා අපි නුඹට සමාව දුනිමු. නුඹ සිටි අඥාන යුගයේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
එය ඔබේ කොන්ද කැඩෙන තරමට ඔබට දුෂ්කරතා ගෙන දෙන්නක් විය.
අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය.
94:5Page 596
فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ٥
For indeed, with hardship [will be] ease [i.e., relief].
දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව,පහසුව හා සහනය ඇත.
දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව, පහසුව හා සහනය ඇත. එය නුඹ වටහා ගත්තේ නම් නුඹේ ජනයාගේ පීඩාවන් නුඹව කම්පනයට පත් නො කරනු ඇත. අල්ලාහ් වෙත කෙරෙන ඇරයුමෙන් නුඹව නො වළක්වනු ඇත.
94:7Page 596
فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ ٧
So when you have finished [your duties], then stand up [for worship].
ඔබේ කටයුතුවලින් ඔබ නිදහස් වී, ඒවා අවසන් කළ වහාම ඔබේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි ඔබව නිරත කරනු.
ඔබේ කැමැත්ත හා ඔබේ අභිලාෂය අල්ලාහ් වෙතට පමණක්ම යොමු කරනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences