Al-MukhtasarAl‑Fatihah · 1:1–7

Al-Mukhtasar · Tafsir · in Sinhala

الفاتحة

Al-Fatihah

The Opener · Meccan · 7 ayahs

1:1Page 1

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ١

In the name of Allāh,1 the Entirely Merciful, the Especially Merciful.2

අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2. ‘රහ්මාන්’ එනම්: මහත් දයා ගුණයෙන් යුක්තය. ඔහුගේ පැවැත්ම දයාවකි. 3. ‘රහීම්’ කරුණාදායක ය. ඔහුගේ මැවීම් අතුරින් තමන් අභිමත කරන අයට තම කරුණාගුණයෙන් කරුණාව දක්වයි. ‘අල් මුඃමිනූන්’ -දේව විශ්වාසවන්තයෝ- එසේ ඔහුගේ අභිමතයට පාත්ර වූ ඔහුගේ ගැත්තන් අතුරින් වෙති.

1:2Page 1

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٢

[All] praise is [due] to Allāh, Lord1 of the worlds -

ඔහුට පමණක් සතු, වෙන කිසිවකුට හිමි නැති, පූර්ණ හා කීර්තිමත් ගුණාංග අතරින් පැසසුමට ලක් සියලුම ආකාරයේ ප්රශංසා ඔහු සතුය. එය සියලු දෑහි පරමාධිපති, මැවුම්කරු හා සියල්ල සැලසුම් කරන්නා ඔහු වන බැවිනි. ‘අල් ආලමූන්’ යනු ‘ආලම්’ යන පදයේ බහු වචනයයි. එනම් අල්ලාහ් හැර සෙසු සියල්ල ඉන් අදහස් කෙරේ.

1:3Page 1

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣

The Entirely Merciful, the Especially Merciful,

මෙය පෙර ආයතයේ අල්ලාහ්ව ප්රශංසා කිරීමෙන් පසු ව ඔහු වෙත කෙරෙන පැසසුමයි.

1:4Page 1

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ ٤

Sovereign of the Day of Recompense.1

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කිසිවෙක් කිසිවකුට අයිති නැති, සියලු දෑට හිමිකම් කියන එකම අධිපති අල්ලාහ් වන බව පවසා ඔහු කීර්තියට පත් කිරීම. ‘යව්මුද් දීන්’ යනු ප්රතිඵල ලබා දෙන විනිශ්චය දිනයයි.

1:5Page 1

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ ٥

It is You we worship and You we ask for help.

විවිධ වර්ගයේ නැමදුම් හා අවනතභාවයන් ඔබට පමණක් පුද කරමින් අපි ඔබ සුවිශේෂී කරමු. ඔබ සමග වෙන කිසිවකු ආදේශ නොකරමු. අපගේ සියලු කටයුතු සඳහා අපි ඔබගෙන් පමණක් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබෙන් තොර ව කිසිදු උදව් කරුවකු නොමැත.

1:6Page 1

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ٦

Guide us to the straight path -

අප වෙත ඍජු මග පෙන්වා දෙනු මැනව! එහි අප ගමන් කරවනු මැනව! ඒ මත අප ස්ථාවර කරනු මැනව! අපහට යහමඟ වැඩි කර දෙනු මැනව! ‘අස්සිරාත් අල් මුස්තකීම්’ යනු කිසිදු ඇඳයක් නොමැති පැහැදිලි මාර්ගයයි. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට පිරිනැමූ ඉස්ලාමයයි.

1:7Page 1

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ ٧

The path of those upon whom You have bestowed favor, not of those who have earned [Your] anger or of those who are astray.

‘නබිවරුන්’- ශාස්ත්රවරුන්- ‘සිද්දීකීන්වරුන්’ -සත්යවාදීන්-, ‘ෂුහදාවරුන්’ -දිවි පිදූවන්- ‘සාලිහීන්වරුන් - දැහැමියන්- හා ඔබට ඉතා සමීපව අලංකාර ලෙස කටයුතු කළවුන් මෙන් ඔබගේ ගැත්තන් අතුරින් ඔබ මඟපෙන්වා ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. යුදෙව්වන් මෙන් සත්යය දැන දැනත් එය අනුගමනය නොකර කෝපයට භාජනය වූ මාර්ගය නොව. එමෙන්ම කිතුනුවන් මෙන් සත්ය හා යහමඟ සොයන්නට අතපසු වීම හේතුවෙන් යහමඟ නොලබාම සත්යයෙන් මුළා වී ගිය අයගේ මාර්ගයද නොව.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском