Al-Mukhtasar · Tafsir · in Sinhala
Yunus 10:73–109
10:73Page 217
فَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣
And they denied him, so We saved him and those with him in the ship and made them successors, and We drowned those who denied Our signs. Then see how was the end of those who were warned.
ඔහුගේ ජනයා ඔහු ව බොරු කළෝය. ඔහු සත්ය බව විශ්වාස නොකළෝය. එහෙයින් ඔහු හා ඔහු සමග නැවෙහි සිටි විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. ඔවුනට පෙර සිටියවුන් සඳහා වූ අනුප්රාප්තිකයන් බවට අපි ඔවුන් පත් කළෙමු. එමෙන්ම ඔහු ගෙන ආ සාක්ෂි හා සාධක බොරුකළවුන් මහා ජල ගැල්මකින් විනාශ කළෙමු. අහෝ දූතය! නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන් ඔවුනට අවවාද කොට පසුව විශ්වාස නොකළ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු.
10:74Page 217
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِۦ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبۡلُۚ كَذَٰلِكَ نَطۡبَعُ عَلَىٰ قُلُوبِ ٱلۡمُعۡتَدِينَ ٧٤
Then We sent after him messengers to their peoples, and they came to them with clear proofs. But they were not to believe in that which they had denied before.1 Thus We seal over the hearts of the transgressors.
අනතුරුව, ටික කලකට පසුව නූහ්ගෙන් පසු ඔවුන්ගේ ජනයා වෙත දූතවරු එව්වෙමු. ඔවුන්ගේ සමූහයන් වෙත පැහැදිලි සාක්ෂි හා සාධක සමග එම දූතවරු පැමිණියෝය. දහම් දූතවරුන් බොරු කිරීම පෙර සිටම ඔවුන්ගේ නොපසුබට උත්සාහය නිසා විශ්වාස කිරීමට සිතක් ඔවුනට පහළ නොවීය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. පෙර සිටි දහම් දූතවරුන් අනුගමනය කළවුන්ගේ සිත් මත අපි මුද්රා තැබුවාක් මෙන් කවර කාලයක හෝ වේවා ස්ථානයක හෝ වේවා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාව ඉක්මවා යන දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් මත ද මුද්රා තබන්නෙමු.
10:75Page 217
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ بِـَٔايَٰتِنَا فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ ٧٥
Then We sent after them Moses and Aaron to Pharaoh and his establishment with Our signs, but they behaved arrogantly and were a criminal people.
අනතුරව, ටික කලකට පසුව මෙම දූතවරුන්ට පසුව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ව මිසරයේ රජු වූ ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර වූ ප්රභූවරුන් වෙත එව්වෙමු. ඔවුන් දෙදෙනාගේ සත්යතාව පෙන්වා දෙන සංඥා ද ඔවුන් දෙදෙනා සමග එව්වෙමු. නමුත් ඔවුන් ගෙන ආ දෑ විශ්වාස කිරීමට ඔවුහු උඩඟු වූහ. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන්ව ඔවුන් බොරු කළ බැවින් අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
10:76Page 217
فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُوٓاْ إِنَّ هَٰذَا لَسِحۡرٞ مُّبِينٞ ٧٦
So when there came to them the truth from Us, they said, "Indeed, this is obvious magic."
මූසා හා හාරූන් (අලය්හිමස් සලාම්) කවර දෙයක් ගෙන ආවේ ද එම දහම ෆිර්අවුන් වෙත හා ඔහුගේ ජනයා අතර සිටි ප්රභූවරුන් වෙත පැමිණි කල්හි මූසා (අලය්හිස් සලාම්) තුමා විසින් ගෙන ආ දෑ තහවුරු කරන සංඥාවන් ගැන “සැබැවින්ම මෙය පැහැදිලි මායාවකි. සත්යයක් නොවන්නේය” යැයි ඔවුහු පැවසූහ.
10:77Page 217
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلۡحَقِّ لَمَّا جَآءَكُمۡۖ أَسِحۡرٌ هَٰذَا وَلَا يُفۡلِحُ ٱلسَّٰحِرُونَ ٧٧
Moses said, "Do you say [thus] about the truth when it has come to you? Is this magic? But magicians will not succeed."
මූසා තුමා ඔවුන් හෙළා දකිමින් “සත්ය නුඹලා වෙත පැමිණි විට එය හූනියමක් යැයි නුඹලා පවසන්නෙහි ද? එසේ නොව, එය හූනියමක් නොව, හූනියම් කරුවා කිසිවිටෙක ජය නොලබන බව සැබැවින්ම මම දනිමි. ඒ සමග ආශ්රයක් මා හට කෙසේනම් වන්නේද?” යැයි පැවසූහ.
10:78Page 217
قَالُوٓاْ أَجِئۡتَنَا لِتَلۡفِتَنَا عَمَّا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلۡكِبۡرِيَآءُ فِي ٱلۡأَرۡضِ وَمَا نَحۡنُ لَكُمَا بِمُؤۡمِنِينَ ٧٨
They said, "Have you come to us to turn us away from that upon which we found our fathers and so that you two may have grandeur in the land? And we are not believers in you."
ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට පිළිතුරු දෙමින්, “අපගේ මුතුන් මිත්තන් කවර දහමක සිටිනු අප දැක තිබේ ද එයින් අප වෙනතකට යොමු කිරීමටත්, නුඹට හා නුඹේ සහෝදරයාට රාජ්ය බලය හිමිවීමටත් ඔබ අපට මෙම හූනියම ගෙන ආවෙහි ද? අහෝ මූසා හා හාරූන්! සැබැවින්ම නුඹලා දෙදෙනා අප වෙත එවනු ලැබූ දූතවරු දෙදෙනෙක් බව අපි කිසිවිටෙක පිළිනොගන්නෙමු.” යැයි පැවසූහ.
10:79Page 218
وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ ٧٩
And Pharaoh said, "Bring to me every learned magician."
ෆිර්අවුන් තම සේනාව දෙස බලා "ඉන්ද්රජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති,ඒ ගැන දැඩි විශ්වාසයෙන් පසුවන හූනියම්කරුවන් සෑම කෙනෙකුම මා වෙත ගෙන එන්නැ" යි පැවසීය.
10:80Page 218
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ٨٠
So when the magicians came, Moses said to them, "Throw down whatever you will throw."
ඔවුන් ෆිර්අවුන් වෙත හූනියම් කරුවන් කැටුව ආ කල්හි ඔවුන් අබිබවා තමන්ට ජය නියත බව දැඩි විශ්වාසයකින් යුතුව “අහෝ හූනියම් කරුවනි! නුඹලා විසි කරනු. නුඹලා එය විසි කරන්නන් නොවන්නෙහුය.” යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසීය.
10:81Page 218
فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ ٨١
And when they had thrown, Moses said, "What you have brought is [only] magic. Indeed, Allāh will expose its worthlessness. Indeed, Allāh does not amend the work of corrupters.
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය.
10:82Page 218
وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ ٨٢
And Allāh will establish the truth by His words, even if the criminals dislike it."
අල්ලාහ් සත්යය ස්ථීර කරනු ඇත. ෆිර්අවුන් පැළැන්තියේ දෙවියන් ප්රතික්ෂේප කළ වැරදිකරුවන් පිළිකුල් කළද ඒ සඳහා වූ සාක්ෂි හා සාධක ඔහුගේ බලවත් වදන් තුළින් හා ඔහුගේ ආගමික නීති වදන් තුළින් අල්ලාහ් ලබා දෙනු ඇත.
10:83Page 218
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ ٨٣
But no one believed Moses, except [some] offspring [i.e., youths] among his people, for fear of Pharaoh and his establishment that they would persecute them. And indeed, Pharaoh was haughty within the land, and indeed, he was of the transgressors.
ජනයා පිටුපෑමට අධිෂ්ඨාන කර ගත්හ. මූසා අලය්හිස් සලාම් තුමා පැහැදිලි සාක්ෂි හා භෞතික සාධක ගෙන ආව ද ඉස්රාඊල් දරුවන්ගෙන් තරුණ පිරිසක් හැර වෙනත් අය මූසා තුමා සත්යය බව පිළිගත්තේ නැත. ඔවුන් පවා, තම කරුණ හෙළී වූයේ නම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් තමන්ට දඬුවම් ලබා දෙමින් දේව විශ්වාසයෙන් තමන් වෙනතකට යොමු කරනු ඇතැයි යන බියෙන් පසුවූහ. සැබැවින්ම ෆිර්අවුන් අහංකාර මෙන්ම මිසරය හා එහි වැසියන් පාලනය කළ දැඩි පාලකයකු විය. දෙවියන් ප්රතික්ෂේප කිරීමෙහි ද මිනිසුන් ඝාතනය කිරීමෙහි ද ඉස්රාඊල් දරුවන්ට දඬුවම් දීමෙහි ද සීමාව ඉක්මවා කටයුතු කළ අය අතරින් කෙනෙකි.
10:84Page 218
وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ ٨٤
And Moses said, "O my people, if you have believed in Allāh, then rely upon Him, if you should be Muslims [i.e., submitting to Him]."
“අහෝ මාගේ ජනයිනි! සැබෑ විශ්වාසයෙන් යුතු ව නුඹලා අල්ලාහ් ව විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, නුඹලා ඔහුට අවනත වන්නන් ලෙස සිටියෙහු නම් ඔහු මත පමණක් නුඹලා රැඳෙනු. අල්ලාහ් වෙත සියල්ල භාරකිරීම නුඹලාව නපුරෙන් වළක්වනු ඇත. නුඹලාට යහපත ගෙන දෙනු ඇත” යැයි මූසා තම සමූහයාට පැවසීය.
10:85Page 218
فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٨٥
So they said, "Upon Allāh do we rely. Our Lord, make us not [objects of] trial for the wrongdoing people
එවිට මූසාගේ ජනයා මූසාට පිළිතුරු දෙමින්, "අපි අල්ලාහ් කෙරෙහි පමණක් සියල්ල පවරමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකරුවන් අප පාලනය කර අපගේ දහම සම්බන්ධයෙන් අපට දඬුවම් දීමෙන් ඝාතනය කිරීමෙන් හා පරීක්ෂාවට ලක් කිරීමෙන් අපහට අර්බුධ ඇති කිරීමට ඔබ ඉඩ නොතබනු මැනව.
10:86Page 218
وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٨٦
And save us by Your mercy from the disbelieving people."
අපගේ පරමාධිපතියාණනි, ඔබගේ කරුණාවෙන් ඔබ ව ප්රතික්ෂේප කරන ෆිර්අවුන්ගේ ජනයාගේ ග්රහණයෙන් ඔබ අප නිදහස් කරනු මැනව. දඬුවම් දෙමින් හා ඝාතනය කරමින් සැබැවින්ම ඔවුන් අප වහල් භාවට පත් කරන්නට බලති.
10:87Page 218
وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ٨٧
And We inspired to Moses and his brother, "Settle your people in Egypt in houses and make your houses [facing the] qiblah1 and establish prayer and give good tidings to the believers."
සැබැවින්ම මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට ඔවුන් දෙදෙනා දෙවියන් විසින් තෝරා ගෙන ඇති බව ද ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඔවුන් දෙදෙනාගේ සමූහයා වෙනුවෙන් නිවසක් ඉදි කර දෙන මෙන් ද බය්තුල් මක්දිස් දිශාවට මුහුණ ලා ඔවුන්ගේ නිවස ඔවුන් තනා ගන්නා මෙන් ද සලාතය සඳහා පූර්ණ ලෙස සහභාගී වන මෙන් ද අපි ඔවුන් දෙදෙනාට දේව පණිවිඩ එව්වෙමු. අහෝ මූසා! දේවත්වය විශ්වාස කරන්නන්හට ඔහුගේ උපකාරය හා ඔවුන් ස්ථාවරත්වයට පත් කිරීම, එමෙන්ම ඔවුන්ගේ සතුරන් විනාශ කර දමා මහපොළොවේ නියෝජනය ඔවුනට ලබා දීම යනාදී ඔවුන් සතුටු වන කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඔවුනට දන්වා සිටිනු.
10:88Page 218
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٨٨
And Moses said, "Our Lord, indeed You have given Pharaoh and his establishment splendor and wealth in the worldly life, our Lord, that they may lead [men] astray from Your way. Our Lord, obliterate their wealth and harden their hearts so that they will not believe until they see the painful punishment."
මූසා (අලය්හිස් සලාම්)තුමා මෙසේ පැවසූහ: “අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ඔබ ෆිර්අවුන්ටත් ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන්ටත් මෙලොව අලංකාරයත් එහි ඇති සුන්දරභාවයත් පිරිනමා ඇත්තෙහිය. එමෙන්ම මෙලොව ජීවිතයේ ධන සම්පත ද ඔබ ඔවුනට පිරිනමා ඇත්තෙහිය. නමුත් ඔබ ඔවුනට පිරිනැමූ දෑ වෙනුවෙන් ඔවුහු ඔබට කෘතඥ වූයේ නැත. ඔබේ මාර්ගයෙන් නොමග යැවීම සඳහා ඔවුන් ඒවා යොදා ගත්තෝය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ ධනය අතුගා දමා විනාශ කරනු මැනව. ඔවුන්ගේ හදවත් තද කරනු මැනව. හේතුව ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවෙහි ඔවුන් වේදනීය දඬුවම දැකීමෙන් මිස ඔවුන් විශ්වාස නොකරන බැවිණි.
10:89Page 219
قَالَ قَدۡ أُجِيبَت دَّعۡوَتُكُمَا فَٱسۡتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ٨٩
[Allāh] said, "Your supplication has been answered."1 So remain on a right course and follow not the way of those who do not know."
අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ මූසා හා හාරූන්! ෆිර්අවුන්ට හා ඔහුගේ සමූහයා අතර සිටි ප්රභූවරුන්ට එරෙහිව නුඹලා දෙදෙනා කළ ප්රාර්ථනාවට මම පිළිතුරු දුනිමි. එහෙයින් නුඹලා දෙදෙනාගේ දහම මත නුඹලා දෙදෙනා ස්ථාවර ව සිටිනු. සත්ය මග නොදන්නා අඥානයින්ගේ මාර්ගය අනුගමනය කිරීමට නුඹලා දෙදෙනා ඉන් හැරී නොයනු.
10:90Page 219
۞ وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ وَجُنُودُهُۥ بَغۡيٗا وَعَدۡوًاۖ حَتَّىٰٓ إِذَآ أَدۡرَكَهُ ٱلۡغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِيٓ ءَامَنَتۡ بِهِۦ بَنُوٓاْ إِسۡرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩٠
And We took the Children of Israel across the sea, and Pharaoh and his soldiers pursued them in tyranny and enmity until, when drowning overtook him, he said, "I believe that there is no deity except that in whom the Children of Israel believe, and I am of the Muslims."
මුහුද දෙබෑ වූවායින් පසු ඉස්රාඊල් දරුවන් සුරක්ෂිත ව එගොඩ යන තෙක් මුහුද තරණය කිරීමට අපි පහසු කළෙමු. අපරාධකාරීන් සීමා ඉක්මවමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තෙක්ම ඔවුන් ලුහුබැද ගියෝය. එවිට ඔවුන් එහි ගිළුණෝය. ජයග්රහණය සම්බන්ධයෙන් ආයාසයට පත් ඔහු, "සැබැවින්ම ඉස්රාඊල් දරුවන් කවර දෙවියකු විශ්වාස කළේ ද ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු නැත. මම ද අවනත වෙමින් අල්ලාහ්ට යටහත් වන්නන් අතරට පත්වෙමි." යැයි පැවසීය.
10:91Page 219
ءَآلۡـَٰٔنَ وَقَدۡ عَصَيۡتَ قَبۡلُ وَكُنتَ مِنَ ٱلۡمُفۡسِدِينَ ٩١
Now? And you had disobeyed [Him] before and were of the corrupters?
ජීවිතයේ බලාපොරොත්තු සුන්වූවායින් පසුව ද නුඹ දෙවියන් විශ්වාස කරනුයේ? අහෝ ෆිර්අවුන්! දඬුවම පහළ වීමට පෙර අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් සැබැවින්ම නුඹ ඔහුට පිටුපෑවෙහිය. තමන්ටම අපරාධකර ගත් හේතුවෙන් හා වෙනත් අයට ද අපරාධ කළ හේතුවෙන් නුඹ කලහකාරීන් අතරට පත්වූයෙහිය.
10:92Page 219
فَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ ٩٢
So today We will save you in body1 that you may be to those who succeed you a sign. And indeed, many among the people, of Our signs, are heedless.
අහෝ ෆිර්අවුන්! අද දින අපි නුඹ ව ගොඩ ගන්නෙමු. මහපොළොවේ උස් ස්ථානයක නුඹ ව තැන්පත් කරන්නෙමු. එය නුඹෙන් පසු ව පැමිණෙන්නන් හට නුඹ පාඩමක් වනු පිණිසය. සැබැවින්ම බහුතරයක් ජනයා අපගේ සාධක හා අපගේ බලය පිළිබඳ සාක්ෂි නොසලකා හරින්නන් වෙති. ඒ සම්බන්ධයෙන් කල්පනා කර නොබලති.
10:93Page 219
وَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٩٣
And We had certainly settled the Children of Israel in an agreeable settlement and provided them with good things. And they did not differ until [after] knowledge had come to them. Indeed, your Lord will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.
සමෘද්ධිමත් සිරියා දේශයේ පිළිගත් වාසස්ථානයක් හා ප්රශංසනීය සංග්රහයක් ඉස්රාඊල් දරුවන්හට සැබැවින්ම අපි පහළ කළෙමු. දැහැමි මෙන්ම අනුමත දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ තව්රාත් ග්රන්ථයේ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ ඔවුන් කියවන විස්තරය තහවුරු කරන්නක් ලෙසින් ඔවුන් වෙත අල් කුර්ආනය පැමිණෙන තෙක්ම ඔවුන්ගේ දහමෙහි ඔවුන් භේද වූයේ නැත. එය ඔවුන් ප්රතික්ෂේප කළ කල්හි ඔවුන්ගේ දේශ සීමාවන් ආක්රමණය කරනු ලැබීය. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර කරුණක මතභේද ඇති කර ගත්තේ ද, ඒ සම්බන්ධයෙන් තීන්දු දී සුදුසු ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත.
10:94Page 219
فَإِن كُنتَ فِي شَكّٖ مِّمَّآ أَنزَلۡنَآ إِلَيۡكَ فَسۡـَٔلِ ٱلَّذِينَ يَقۡرَءُونَ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكَۚ لَقَدۡ جَآءَكَ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ٩٤
So if you are in doubt, [O Muḥammad], about that which We have revealed to you, then ask those who have been reading the Scripture before you. The truth has certainly come to you from your Lord, so never be among the doubters.
අහෝ දූතය! නුඹ වෙත අප පහළ කළ අල් කුර්ආනයේ කිසියම් සැකයක හෝ කුතුහලයක හෝ නුඹ පසුවන්නෙහි නම් තව්රාතය කියවන යුදෙව්වන් අතර හා ඉන්ජීලය කියවන කිතුනුවන් අතර සිටින දේව විශ්වාසීන්ගෙන් විමසා බලනු. සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සැබෑවක් බවට ඔවුන්ගේ පුස්තකයෙහි විස්තර කර තිබීම ඔවුන් දැක ඇති බැවින් ඔවුහු නුඹට ඒ ගැන තොරතුරු දන්වා සිටිනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති වෙතින් කිසිදු සැකයක් නැති සත්යය නුඹ වෙත පැමිණ ඇත. එහෙයින් නුඹ සැක කරන්නන් අතරට පත් නොවනු.
10:95Page 219
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلۡخَٰسِرِينَ ٩٥
And never be of those who deny the signs of Allāh and [thus] be among the losers.1
අල්ලාහ්ගේ සාක්ෂි හා ඔහුගේ සාධක බොරු කරන්නන් අතරට නුඹ පත් නොවනු. එමගින් නුඹ තම ප්රතික්ෂේපය හේතුකොට ගෙන විනාශයේ සාධක ගෙන ඒමෙන් තමන්ට පාඩු අත්කරගත් අය අතරට පත් වන්නෙහිය. මේ සියලු අවවාද සැකයේ හා බොරු කිරීමෙහි භයානක කම විස්තර කිරීමකි. එසේ නොවන්නට, මේ කිසිවක් හෝ හට ගැනීමෙන් නබි තුමාණන් ආරක්ෂා කරනු ලැබ ඇත්තේය.
10:96Page 219
إِنَّ ٱلَّذِينَ حَقَّتۡ عَلَيۡهِمۡ كَلِمَتُ رَبِّكَ لَا يُؤۡمِنُونَ ٩٦
Indeed, those upon whom the word [i.e., decree] of your Lord has come into effect will not believe,
නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත.
10:97Page 219
وَلَوۡ جَآءَتۡهُمۡ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٩٧
Even if every sign should come to them, until they see the painful punishment.
ආගමික හෝ ලෞකික සියලු සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණිය ද වේදනීය දඬුවම ඔවුන් දකින තෙක්, ඔවුන් එලෙසෙම පසුවෙති. දේව විශ්වාසය ඔවුනට ඵලක් නොවන අවස්ථාවේ ඔවුන් විශ්වාස කරති.
10:98Page 220
فَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ٩٨
Then has there not been a [single] city that believed so its faith benefited it except the people of Jonah? When they believed, We removed from them the punishment of disgrace in worldly life and gave them enjoyment [i.e., provision] for a time.
අපගේ දහම් දූතයින් එවනු ලැබු ගම්මාන අතරින් යූනුස්ගේ ගම්වාසීන් හැර දඬුවම දෑසින් දකින්නට පෙර ඔහු ගැන හා ඔහුගේ පැමිණීම ගැන විශ්වාසය ඵලක් කර ගත් කිසිදු ගම්මානයක් නොවීය. යූනුස්ගේ ජනයා සැබෑ ලෙස විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ දී පහත් හා අපහාසාත්මක දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළෙමු. ඔවුන්ගේ නියමිත කාලය අවසන් වන තෙක්ම අපි ඔවුනට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු.
10:99Page 220
وَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ ٩٩
And had your Lord willed, those on earth would have believed - all of them entirely. Then, [O Muḥammad], would you compel the people in order that they become believers?
අහෝ දුතය! මිහිතලයේ වෙසෙන සියල්ලන් විශ්වාස කළ යුතු යැයි නුඹේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් සියලු දෙනා විශ්වාස කරන්නට තිබුණි. නමුත් යම් කිසි ප්රඥාවක් මත ඒ සඳහා ඔහු අභිමත වූයේ නැත. එහෙයින් ඔහු අභිමත කරන්නන් ඔහුගේ යුක්ති ධර්මය අනුව නොමඟ යන්නට ඉඩ හරින්නේය. ජනයාට බලකරමින් ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන් බවට පත් කිරීමට නුඹට හැකියාවක් නැත. ඔවුනට දේව විශ්වාසය ආශිර්වාද කිරීමේ වගකීම අල්ලාහ් සතු කාර්යයකි.
10:100Page 220
وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ ١٠٠
And it is not for a soul [i.e., anyone] to believe except by permission of Allāh, and He will place defilement1 upon those who will not use reason.
අල්ලහ්ගේ අවසරයෙන් මිස කිසිදු ආත්මයක් තමන් විසින්ම විශ්වාසය ඇති කරලීමට කිසිදු ආත්මයකට අවශ්ය නොවීය. ඔහුගේ අභිමතයෙන් තොර ව විශ්වාසය පිහිටන්නේ නැත. ඔවුන් ගැන පසුතැවිලි වන්නට ඔබ කරදර විය යුතු ද නැත. අල්ලාහ්ගේ සාධක ඔහුගේ නියෝග හා ඔහුගේ තහනම හඳුනා නොගත් අය හට අවමානය හා දඬුවම ඔහු ඇති කරනු ඇත.
10:101Page 220
قُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ ١٠١
Say, "Observe what is in the heavens and the earth." But of no avail will be signs or warners to a people who do not believe.
අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය."
10:102Page 220
فَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ١٠٢
So do they wait except for like [what occurred in] the days of those who passed on before them? Say, "Then wait; indeed, I am with you among those who wait."
පෙර විසූ බොරුකාර සමූහයන්ට අල්ලාහ් ඇති කළ සිදුවීම් මෙන් මිස වෙනත් කිසිවක් මෙම බොරුකාරයෝ බලාපොරොත්තු වන්නෝද? අහෝ දූතය! ඔවුනට නුඹ පවසනු. “නුඹලා අල්ලාහ්ගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් වෙමි.”
10:103Page 220
ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ ١٠٣
Then We will save Our messengers and those who have believed. Thus, it is an obligation upon Us that We save the believers.1
පසුව අපි ඔවුනට දඬුවම පහළ කර අපගේ දූතවරුන් හා ඔවුන් සමග විශ්වාස කළවුන් මුදවා ගන්නෙමු. ඔවුනට අත් වූ ඉරණම මොවුනට අත් වූයේ නැත. ඔවුන් සමග සිටි දූතවරුන් හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තා සේම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමාණන් සමග සිටින දේව විශ්වාසීන් අපි මුදවා ගන්නෙමු.
10:104Page 220
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠٤
Say, [O Muḥammad], "O people, if you are in doubt as to my religion - then I do not worship those which you worship besides Allāh; but I worship Allāh, who causes your death. And I have been commanded to be of the believers
“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු.
10:105Page 220
وَأَنۡ أَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗا وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٠٥
And [commanded], 'Direct your face [i.e., self] toward the religion, inclining to truth, and never be of those who associate others with Allāh;
“එලෙසම, අන් සියලු දහම් පිළිවෙත්වලින් ඈත් ව, සත්ය දහම මත ඍජු ව සිටින මෙන් ද ඒ වෙත පමණක් පිහිටන මෙන් ද ඔහු මට නියෝග කර ඇත. එමෙන්ම ඔහුට මා ආදේශ තැබීමෙන් ඔහු මා වළක්වා ඇත.”
10:106Page 220
وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّٰلِمِينَ ١٠٦
And do not invoke1 besides Allāh that which neither benefits you nor harms you, for if you did, then indeed you would be of the wrongdoers.'"2
අහෝ දූතය! අල්ලාහ් හැර නුඹට යම් සෙතක් කිරීමට හෝ නුඹට යම් නපුරක් කිරීමට හෝ කිසිදු ආධිපත්යයක් නොමැති පිළිම හා ගල්රූ වලට ඇරයුම් නොකරනු. නුඹ ඒවාට නමදින්නෙහි නම්, එවිට සැබැවින්ම නුඹ අල්ලාහ් සතු වගකීම හා ඔවුන් සතු වගකීම ඉක්මවා කටයුතු කළ අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය.
10:107Page 221
وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ١٠٧
And if Allāh should touch you with adversity, there is no remover of it except Him; and if He intends for you good, then there is no repeller of His bounty. He causes it to reach whom He wills of His servants. And He is the Forgiving, the Merciful.
අහෝ දූතය! අල්ලාහ් ඔබට යම් විපතක් ඇති කර, පසුව එය නුඹෙන් ඉවත් කිරීමට නුඹ පැතුවේ නම් සුවිශුද්ධ ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නැත. ඔබට යම් සෙතක් ඔහු අභිමත කළේ නම්, ඔහුගේ භාග්යය වළක්වන කිසිවෙකු ද නැත. ඔහු අභිමත කරන ගැත්තන් හට ඔහුගේ භාග්ය ඇති කරයි. එය ප්රතික්ෂේප කරන කිසිවකු නැත. ඔහුගේ ගැත්තන් අතරින් පසුතැවිලි වී පාපක්ෂමාව අයැදි සිටින්නන් හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
10:108Page 221
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ ١٠٨
Say, "O mankind, the truth has come to you from your Lord, so whoever is guided is only guided for [the benefit of] his soul, and whoever goes astray only goes astray [in violation] against it. And I am not over you a manager."
අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”
10:109Page 221
وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ١٠٩
And follow what is revealed to you, [O Muḥammad], and be patient until Allāh will judge. And He is the best of judges.
අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences