Al-MukhtasarAn‑Nahl · 16:80–114

Al-Mukhtasar · Tafsir · in Sinhala

An-Nahl 16:80–114

16:80Page 276

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٨٠

And Allāh has made for you from your homes a place of rest and made for you from the hides of the animals tents which you find light on your day of travel and your day of encampment; and from their wool, fur and hair is furnishing and enjoyment [i.e., provision] for a time.

ස්ථීර පදිංචි ස්ථානයක් ලෙසත් සුව පහසුකම් සහිත ස්ථානයක් ලෙසත් නුඹලා ගලින් හා වෙනත් අමු ද්රව්යවලින් ඉදිකරන නුඹලාගේ නිවෙස් ඔහු නුඹලාට ඇති කළේය. එමෙන්ම ස්ථීර නිවාස මෙන්ම ගම්බද දුර පලාත්වල ඔටුවන් ගවයින් හා එළුවන්ගේ සමෙන් සාදන ලද කූඩාරම් ද ඔහු නුඹලාට ඇති කළේය. නුඹලාගේ ගමනෙහි තැනකින් තවත් තැනකට පහසුවෙන් උසුලා ගෙන ගොස් නුඹලා ගොඩ බසින ස්ථානයේ ඒවා පහසුවෙන් තනා ගත හැකි පරිදි ඔහු ඒවා සැහැල්ලු කර දී ඇත. බැටලු ලෝම, ඔටු හම් හා එළු රෝම නුඹලාගේ නිවෙස්වල ඇතුළත හා පිටත ආවරණය කරන අමු ද්රව්ය ලෙස ඔහු නුඹලාට ඇති කළේය. නියමිත කාලයක් දක්වා නුඹලා එමගින් භුක්ති විඳින්නෙහුය.

16:81Page 276

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلٗا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنٗا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١

And Allāh has made for you, from that which He has created, shadows [i.e., shade] and has made for you from the mountains, shelters and has made for you garments which protect you from the heat and garments [i.e., coats of mail] which protect you from your [enemy in] battle. Thus does He complete His favor upon you that you might submit [to Him].

හිරු රෂ්ණයෙන් නුඹලා හෙවණ ලබන ගස් හා ගොඩනැගිලි වැනි තැන් ඔහු නුඹලාට ඇති කළේය. සීතල, රෂ්ණය හා සතුරන්ගෙන් නුඹලා මුවා වන ගුහා, බිංගේ හා කපොල්ල වැනි දෑ කඳු අතර ඔහු නුඹලාට ඇති කළේය. සීතලෙන් හා රෂ්ණයෙන් නුඹලා ආරක්ෂා විය හැකි පරිදි ලෝම හා වෙනත් අමුද්රව්යවලින් කමිස හා ඇඳුම් නුඹලා ට ඇති කළේය. යුද්ධයේදී අත් වන හානිවලින් නුඹලා ආරක්ෂා කරන පරිදි යුධ ආවරණ ද නුඹලාට ඇති කළේය. එහෙයින් නුඹලාගේ ශරීරයට අසිපතින් හානි නොවනු ඇත. නුඹලා වෙත පෙර සඳහන් කරන ලද ආශිර්වාදයන් අල්ලාහ් දායාද කළාක් මෙන්ම නුඹලා අල්ලාහ්ට පමණක් යටත් වීමේ හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔහු නුඹලාට ඔහුගේ ආශිර්වාදයන් සම්පූර්ණ කළේය.

16:82Page 276

فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢

But if they turn away, [O Muḥammad] - then only upon you is [responsibility for] clear notification.

දෙවියන් විශ්වාස කිරීමට හා නුඹ ගෙන ආ දෑ සත්යයක් බව විශ්වාස කිරීමට ඔවුන් විරුද්ධ වූයේ නම්, අහෝ දූතය! කවර කරුණක් වෙත මග පෙන්වන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එය පැහැදිලි දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් නුඹට නැත. ඔවුන්ව යහමග යැවීමේ බර දැරීම නුඹ වෙත පැවරී නැත.

16:83Page 276

يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ٨٣

They recognize the favor of Allāh; then they deny it. And most of them are disbelievers.

අල්ලාහ් ඔවුන් හට ආශිර්වාද කළ ඔහුගේ ආශිර්වාදයන්, දේවත්වය ආදේශ කරන්නන් හඳුනති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඔවුන් වෙත එවීමත් එම ආශිර්වාදවලින් එකකි. පසුව ඒ වෙනුවෙන් ඔවුන් කෘතඥ නොවී ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් ඔහුගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ශුද්ධවන්ත අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති.

16:84Page 276

وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤

And [mention] the Day when We will resurrect from every nation a witness [i.e., their prophet]. Then it will not be permitted to the disbelievers [to apologize or make excuses], nor will they be asked to appease [Allāh].

අහෝ දූතය! සෑම සමූහයක් වෙතම එවන ලද දූතයකුම ඔවුන් අතර සිටි දේව විශ්වාසියාගේ දේව විශ්වාසය ගැනත්, දේව ප්රතික්ෂේපකයාගේ දේව ප්රතික්ෂේපය ගැනත් සාක්ෂි කීම සඳහා අල්ලාහ් අවදි කරන දිනය මෙනෙහි කර බලනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත සිටි බැවින් ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට දේව ප්රතික්ෂේපකයාට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔහු ගැන තෘප්තියට පත්වන කටයුතු ඉටු කිරීම සඳහා නැවත මෙලොවට එවනුද නොලැබේ. මතුලොව විනිශ්චයේ නිවහන මිස ක්රියාවන් ඉටු කිරීමේ නිවහන නොවන්නේය.

16:85Page 276

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٨٥

And when those who wronged see the punishment, it will not be lightened for them, nor will they be reprieved.

දෙවියන්ට ආදේශ තැබූ අපරාධකරුවන් දඬුවම දෑසින් දකින විට එම දඬුවම ඔවුන්ගෙන් සැහැල්ලු කරනු නොලැබේ. ඔවුනට එය ප්රමාද කරමින් අවකාශය ද දෙනු නොලැබේ. ඔවුන් එහි පිවිස සදාතනිකයින් ලෙස සදාකල් වෙසෙති.

16:86Page 276

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦

And when those who associated others with Allāh see their "partners," they will say, "Our Lord, these are our partners [to You] whom we used to invoke [in worship] besides You." But they will throw at them the statement, "Indeed, you are liars."

දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ නැමදුමට ලක් වූ දෑ මතුලොවෙහි දෑසින් දකින විට, "අහෝ අපගේ පරමාධිපතියාණනි! නුඹ ව හැර දමා අපි නමදිමින් සිටි අපගේ හවුල්කරුවන් මොවූහුය" යැයි පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ ඔවුන්ගේ පව් බර ඔවුන් මත පැටවීම සඳහාය. එවිට අල්ලාහ් ඔවුන්ගේ නැමදුමට ලක්වූවන්ට කතා කරන්නට සලස්වයි. එවිට ඔවුහු ඔවුනට පිළිතුරු දෙමින්, "අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! සැබැවින්ම අල්ලාහ්ට හවුල් කරුවෙකු පත් කොට නුඹලා නමදිමින් සිටි දෑ ගැන නුඹලා මුසාවාදීහු ය. ඔහු සමග නැමදුමට ලක්වන කිසිදු හවුල්කරුවකු නොවීය." යැයි පවසති.

16:87Page 276

وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٨٧

And they will impart to Allāh that Day [their] submission, and lost from them is what they used to invent.

දෙවියන්ට ආදේශ කළවුන් යටත් වෙති. අල්ලාහ්ට පමණක් අවනත වෙති. අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි වාද කරමින් ඔවුන් මවාගෙන සිටි ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් පහ ව යන්නෝය.

16:88Page 277

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨

Those who disbelieved and averted [others] from the way of Allāh - We will increase them in punishment over [their] punishment for what corruption they were causing.

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අනිත් අයව ද වෙනතකට යොමු කළවුන් වනාහි -ඔවුන්ගේ කලහකාරීකම හා ඔවුන් අනිත් අයද මුළා කරවා කලහකම් සිදු කළ හේතුවෙන්- දේව ප්රතික්ෂේපයට ගැළපෙන දඬුවමට අමතරව තවත් දඬුවමක් වැඩි කර දෙන්නෙමු.

16:89Page 277

وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩

And [mention] the Day when We will resurrect among every nation a witness over them from themselves [i.e., their prophet]. And We will bring you, [O Muḥammad], as a witness over these [i.e., your nation]. And We have sent down to you the Book as clarification for all things and as guidance and mercy and good tidings for the Muslims.1

සෑම සමූහයක්ම ඔවුන් දරා සිටි දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය ගැන ඔවුන් මත සාක්ෂි පැවසීම සඳහා ඒ ඒ සමූහයාගේ දහම් දූතයාව අපි අවදි කරන දින අහෝ දූතය! මෙනෙහි කර බලනු. එම දූතයා ඔවුන්ගේම වර්ගයේ කෙනෙකි. ඔවුන්ගේ භාෂාවෙන්ම කතා කරයි. ඒ සියලු සමූහයා මත ඔබ ව සාක්ෂිකරුවකු ලෙස අපි ගෙන එන්නෙමු. හලාල් හෙවත් අනුමත දෑ ද, හරාම් හෙවත් තහනම් දෑ ද, කුසල් හා දඬුවම් ද, වෙනත් කරුණු ද පැහැදිලි කිරීමට අවශ්ය සියලු දෑ නුඹ පැහැදිලි කරනු වස් අපි නුඹ මත අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. එය මිනිස් සංහතියට සත්ය වෙත මඟපෙන්වන්නක් ලෙසත් එය විශ්වාස කොට එහි ඇති දෑ අනුව කටයුතු කරන්නන්හට ආශිර්වාදයක් ලෙසත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් බලාපොරොත්තුවන සදා සැපත ගැන ඔවුනට ශුභාරංචි දන්වන්නක් ලෙසත් අපි පහළ කර ඇත්තෙමු.

16:90Page 277

۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠

Indeed, Allāh orders justice and good conduct and giving [help] to relatives and forbids immorality and bad conduct and oppression. He admonishes you that perhaps you will be reminded.

අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන මෙන් ද, උසස් කොට සැලකීමට අනිවාර්යය යුතුකමක් මත මිස නීතිමය කටයුතු වලදී කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් නොකරන මෙන් ද, අමතර දානමය වියදම්, අපරාධකරුවන්ට සමාව දීම වැනි අනිවාර්යය නොවන කටයුතු ගැත්තන්හට අමතරව ඉටු කරමින් උපකාර කරන මෙන් ද, තම ඥාතීන්ට අවශ්ය වන දෑ පිරිනමන මෙන් නියෝග කරන මෙන් ද, අශීලාචාර ප්රකාශ වැනි අයුතු ප්රකාශයන් හා දුරාචාරය වැනි අයුතු ක්රියාවන් වැනි පිළිකුල් සහහගත සියලුම දැයින් වැළකී සිටින මෙන් ද, ෂරීආව හෙවත් ආගමික පිළිවෙත් හෙළා දකින සියලු පාපකම්වලින් වැළකී සිටින මෙන්ද, අපරාධය, මිනිසුන් වෙත අහංකාරයෙන් හැසිරීම වැනි දුෂ්චරිතවලින් වැළකී සිටින මෙන් ද, අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියි. මෙම පාඨයේ නුඹලාට කවර දෙයක් අණ කර ඇත්තේ ද, එවන් දෑ හා නුඹලාට කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එවන් දෑ ගෙනහැර දක්වා අල්ලාහ් නුඹලාට උපදෙස් දී ඇත. එසේ උපදෙස් දී ඇත්තේ එමගින් නුඹලා පාඩම් ලබනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

16:91Page 277

وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١

And fulfill the covenant of Allāh when you have taken it, [O believers], and do not break oaths after their confirmation while you have made Allāh, over you, a security [i.e., witness]. Indeed, Allāh knows what you do.

නුඹලා අල්ලාහ් සමග ගිවිසගත් ගිවිසුම් හා මිනිසුන් සමග ගිවිස ගත් ගිවිසුම් යන සියල්ල පූර්ණ ව ඉටු කරනු. අල්ලාහ් මත දැඩි සේ දිවුරීමෙන් පසු, නුඹලාගේ දිවුරුම් කඩ නොකරනු. නුඹලා කවර දෙයක් මත දිවුරා සිටියේ ද, එය ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ් ව සාක්ෂිකරුවෙකු ලෙස පත් කර ගෙන ඇත්තේය. නුඹලා සිදුකරන දෑ සැබැවින්ම අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

16:92Page 277

وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثٗا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٩٢

And do not be like she who untwisted her spun thread after it was strong [by] taking your oaths as [means of] deceit between you because one community is more plentiful [in number or wealth] than another community.1 Allāh only tries you thereby. And He will surely make clear to you on the Day of Resurrection that over which you used to differ.

ගිවිසුම් කඩ කරමින් බුද්ධිහීන අධමයින් මෙන් නුඹලා නොවනු. ලෝම හෝ සේද ගෙත්තම් කිරීමට වෙහෙස වී එම ගෙත්තම මනා ලෙස නිම කළ පසුව, ගෙත්තම් කිරීමට පෙර තිබූ තත්ත්වයටම එම ගෙත්තම ලිහිල් කරන අඥාන කාන්තාවකට එය සමානය. ඇය එය ගෙත්තම් කිරීමට හා එය ලිහිල් කිරීමට වෙහෙස දැරූ නමුත් බලාපොරොත්තුවන දෑ ඇය හිමිකර නොගත්තාය. නුඹලාගේ සතුරු සමූහයාට වඩා නුඹලා බලවත් හා අධික වීම පිණිස නුඹලාගේ දිවුරීම් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා දමන වංචනික දිවුරුම් බවට පත් කර ගන්නෙහුය. ගිවිසුම් ඉටු කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව පරීක්ෂාවට ලක් කරයි. එය නුඹලා විනාශ කරන්නෙහුද?. එසේ නැතිනම් එය කඩ කරන්නෙහුද? මෙලොවෙහි නුඹලා කවර විෂයක මතභේද ඇතිකරගනිමින් සිටියේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එවිට ව්යාජ පුද්ගලයාගෙන් සත්යවාදියා ද මුසාවාදියාගෙන් සත්ය පවසන්නා ද හෙළිවනු ඇත.

16:93Page 277

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ ٩٣

And if Allāh had willed, He could have made you [of] one religion, but He sends astray whom He wills and guides whom He wills.1 And you will surely be questioned about what you used to do.

අල්ලාහ් අභිමත කළේ නම් සත්ය මත එකඟ වූ, එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය සත්යයෙන් ද සාධාරණ ලෙස ගිවිසුම් ඉටු කිරීමෙන් ද පෙරළා නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන්නේ නම් ඒ සඳහා ඔහුට භාග්ය පිරිනමා ආශිර්වාද කරන්නේය. මෙලොව නුඹලා කරමින් සිටි දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹලා ප්රශ්න කරනු ලබන්නෙහුය.

16:94Page 278

وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ ٩٤

And do not take your oaths as [means of] deceit between you, lest a foot slip after it was [once] firm, and you would taste evil [in this world] for what [people] you diverted from the way of Allāh,1 and you would have [in the Hereafter] a great punishment.

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව රවටා දමන පරිදි වංචනික ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනු. නුඹලාගේ ආශාවන්ට අනුගත වෙමින් නුඹලා කැමති වේලාවක එය කඩ කිරීමටත් කැමති වේලාවක එය විනාශ කිරීමටත් තැත් නොකරනු. සැබැවින්ම නුඹලා එසේ කළේ නම් නුඹලා ඍජු මාර්ගයේ ස්ථාවරව සිටීමෙන් පසුව නුඹලාගේ පාද එයින් ලිස්සා යනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා නොමග ගිය බැවින් ද සෙසු අය ද නුඹලා ඉන් නොමඟ හැරිය බැවින් ද නුඹලා දඬුවම විඳවනු ඇත. නුඹලාට දඬුවම ගුණ කරමින් දෙනු ලැබේ.

16:95Page 278

وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥

And do not exchange the covenant of Allāh for a small price. Indeed, what is with Allāh is best for you, if only you could know.

අල්ලාහ්ගේ ගිවිසුම කඩ කිරීමටත් එය ඉටු නොකර අතහැර දැමීමටත් නුඹලා අල්ප මිලකට එම ගිවිසුම හුවමාරු නොකරනු. නුඹලා ඒ ගැන දන්නෙහු නම් සැබැවින්ම එම ගිවිසුම කඩ කිරීම සඳහා නුඹලා ලබා ගන්නා අල්ප මිලට වඩා අල්ලාහ් අබියස ඇති උපකාරය ද මෙලොවෙහි ලැබෙන සම්පත් ද මතුලොවෙහි ඇති සදාතනික සැප පහසුකම් ද නුඹලාට උතුම් වන්නේය.

16:96Page 278

مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦

Whatever you have will end, but what Allāh has is lasting. And We will surely give those who were patient their reward according to the best of what they used to do.

අහෝ ජනයිනි! නුඹලා ළඟ ඇති ධනය වින්දනය හා සැප පහසුකම් අධික ව තිබුණ ද ඒවා අවසන් වී යන්නේය. අල්ලාහ් අබියස ඇති ප්රතිඵල සදා පවතින්නකි. ඉතිරි ව පවතින දෑට වඩා විනාශ වී යන දෑට නුඹලා වැදගත්කමක් දෙනුයේ කෙසේද? ගිවිසුම් මත ඉවසීමෙන් සිට එය කඩ නොකරන්නන්හට සැබැවින්ම අපි ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන්ගේ තිළිණ ඔවුන් අවනත වී ක්රියා කරමින් සිටි දෑට වඩා යහපත් වන්නේය. යහපතකට එවන් දස ගුණයක් තිළිණ අපි ඔවුනට පිරිනමන්නෙමු. එය ද හත්සීය ගුණය දක්වාත් ඊටත් වැඩියෙන් ද අධික ලෙස ගුණ කර දෙන්නෙමුෙ

16:97Page 278

مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧

Whoever does righteousness, whether male or female, while he is a believer - We will surely cause him to live a good life, and We will surely give them their reward [in the Hereafter] according to the best of what they used to do.

පිරිමියෙකු හෝ වේවා ස්ත්රියක හෝ වේවා කවරෙකු ආගමික පිළිවෙතට අනුකූල ව යම් දැහැමි ක්රියාවක් සිදු කරන්නේ ද ඔහු අල්ලාහ්ව විශ්වාස කළ අයෙකි. සැබැවින්ම මෙලොව ජීවිතයේදී අපි ඔහුට අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තියෙන් පසුවන විශ්වාසය ගොඩ නැගුණු අවනත වීම සඳහා ආශිවාද කරනු ලැබූ යහපත් ජීවිතයක් ගත කරන්නට සලසා දෙමු. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා වඩාත් යහපත් තිළිණ අපි ඔවුනට මතුලොවෙහි පිරිනමන්නෙමු.

16:98Page 278

فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ٩٨

So when you recite the Qur’ān, [first] seek refuge in Allāh from Satan, the expelled [from His mercy].

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹ අල් කුර්ආනය පාරායනය කරන්නට සිතුවේ නම් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ කුකුස්වලින් ආරක්ෂාව නුඹ අල්ලාහ් වෙතින් පතනු.

16:99Page 278

إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٩٩

Indeed, there is for him no authority over those who have believed and rely upon their Lord.

අල්ලාහ් විශ්වාස කොට තමන්ගේ සියලු කටයුතු ඔහු වෙත පමණක් භාර කරන්නන් මත ආධිපත්යය දරන්නට ෂෙයිතාන්ට කිසිදු බලයක් නැත.

16:100Page 278

إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠

His authority is only over those who take him as an ally and those who through him associate others with Allāh.

සැබැවින්ම කුකුස් ඇති කරමින් ඔහු තම ආධිපත්යය දරනුයේ ඔහු ව මිතුරෙක් ලෙස ගෙන ඔහුගේ පෙළඹවීමට යටත් වූවන් මතය. ඔහුගේ පෙළඹවීම හේතුවෙන් ඔවුහු අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ආදේශකයින් වූහ.

16:101Page 278

وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١

And when We substitute a verse in place of a verse - and Allāh is most knowing of what He sends down - they say, "You, [O Muḥammad], are but an inventor [of lies]." But most of them do not know.

අල් කුර්ආනයේ නීතිමය පාඨයක් තවත් පාඨයකින් අපි වෙනස් කළ විට, -යම් ප්රඥාවක් සඳහා එසේ අල් කුර්ආනයෙන් වෙනස් කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඉන් වෙනස් නොකරන දෑ පිළිබඳවත් ඔහු සර්වඥානීය.- "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් මත කරුණු මවා බොරු පවසන්නෙහිය" යැයි ඔවුහු පැවසුවෝය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සැබැවින්ම එම වෙනස් කිරීම, ගැඹුරු දේව ප්රඥාවක් නිසාවෙන් වන්නක් බව නොදනිති.

16:102Page 278

قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢

Say, [O Muḥammad], "The Pure Spirit [i.e., Gabriel] has brought it down from your Lord in truth to make firm those who believe and as guidance and good tidings to the Muslims."

අහෝ දූතය! කිසිදු වරදක් නැති, කිසිදු වෙනස් කිරීමක් නැති, කිසිදු ව්යාකූලත්වයක් නැති, සත්යයෙන් යුත් අල් කුර්ආනය ශුද්ධවන්ත අල්ලාහ් අබියසින් පහළ කළේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාය. එය, ඉන් නව දෙයක් පහළ කරනු ලබන සෑම අවස්ථාවකම ඉන් සමහරක් වෙනස් කරනු ලබන සෑම අවස්ථාවකම අල්ලාහ් පිළිබඳ විශ්වාස කළවුන්ගේ විශ්වාසය එමගින් ස්ථීර කරනු පිණිසය. එමෙන්ම සත්ය වෙත ඔවුනට මඟ පෙන්වීම පිණිසය. තවද ගෞරවණීය ප්රතිඵල ලැබීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට ශුභාරංචි දන්වනු පිණිසය.

16:103Page 279

وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ ١٠٣

And We certainly know that they say, "It is only a human being who teaches him [i.e., the Prophet (ﷺ)]." The tongue of the one they refer to is foreign,1 and this [recitation, i.e., Qur’ān] is [in] a clear Arabic language.

දෙවියන්ට ආදේශ කරන්නන්, "සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කළේ මිනිසෙකි." යැයි පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කරන වාදයෙහි ඔවුහු මුසාවාදීහුය. ඔවුන් එසේ සිතන පුද්ගලයාගේ භාෂාව අරාබි නොවන බව සැබැවින්ම ඔහු දනී. නමුත් මෙම අල් කුර්ආනය උසස් සාහිත්යමය ස්වරූපයෙන් පැහැදිලි අරාබි බසින් පහළ වී ඇත. එසේ නම්, මෙය ඔහු අරාබි නොවන කෙනෙකුගෙන් හදාරා ඇති බව ඔවුන් සිතනුයේ කෙසේද?

16:104Page 279

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤

Indeed, those who do not believe in the verses of Allāh - Allāh will not guide them, and for them is a painful punishment.

සැබැවින්ම මෙම පාඨ ශුද්ධවන්ත අල්ලාහ් වෙතින් වූ බවට විශ්වාස නොකරන්නන් වනාහි ඒ මතය මත ඔවුන් සිටින කල්තාක් යහමග සඳහා අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරන්නේ නැත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුගේ වදන් බොරු කරමින් සිටි හේතුවෙන්ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

16:105Page 279

إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ ١٠٥

They only invent falsehood who do not believe in the verses of Allāh, and it is those who are the liars.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද ඒ් සම්බන්ධයෙන් එතුමා බොරු පවසන්නෙකු නොවේ. සැබැවින්ම බොරු ගොතා පවසනුයේ අල්ලාහ්ගේ පාඨ සත්ය බව පිළි නොගන්නන්ය. ඊට හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවෙති. කුසල් බලාපොරොත්තු නොවෙති. දේව ප්රතික්ෂේපය සමඟ වර්ණනා කරනු ලැබු ඔවුන් මුසාවාදීන් ම ය. ඊට හේතුව සැබැවින්ම බොරුව ඔවුන් පුරුද්දක් බවට පත් කර ගත් සිරිතක් වූ බැවිණි.

16:106Page 279

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ١٠٦

Whoever disbelieves in [i.e., denies] Allāh after his belief...1 except for one who is forced [to renounce his religion] while his heart is secure in faith. But those who [willingly] open their breasts to disbelief, upon them is wrath from Allāh, and for them is a great punishment;

දේව විශ්වාසයේ යථාර්ථය පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව තම හදවත දේව විශ්වාස මත තැන්පත් ව තිබියදී බලහත් කාර ලෙස තම දිවෙන් දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන මෙන් බලකරනු ලබන්නා හැර, දේව විශ්වාසයෙන් පසුව අල්ලාහ්ව ප්රතික්ෂේ කරන්නන් හට අල්ලාහ්ගේ කෝපය හා බරපතළ දඬුවම් ඇත. එසේ බලකිරීමෙන් පසු එම ප්රතික්ෂේපයෙන් හදවත පුළුල් වී දේව විශ්වාසය වෙනුවට එය තෝරා ගෙන එයට යටත්ව ප්රකාශ කර සිටින්නා ඉස්ලාමයෙන් ඉවත් වූ අයකු වන්නේය. එවැන්නන් හටද අල්ලාහ්ගේ කෝපය ඇති අතරම ඔවුනට බරපතල දඬුවමක් ද ඇත.

16:107Page 279

ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧

That is because they preferred the worldly life over the Hereafter and that Allāh does not guide the disbelieving people.

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය ප්රමාණවත් කොට සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොවෙහි ලබන සුන්බුන්වලට වැදගත්කමක් දීම ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වීමට හේතු විය. දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට දේව විශ්වාසය වෙත සැබැවින්ම අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් අවමානයට පත් කරනු ඇත.

16:108Page 279

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨

Those are the ones over whose hearts and hearing and vision Allāh has sealed, and it is those who are the heedless.

දේව විශ්වාසයෙන් පසු ව එය අතහැර ගියවුන් බව වර්ණනා කරනු ලැබුවන් වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. එහෙයින් එම උපදෙස් ඔවුනට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ සවන් මත ද මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන සේ එමගින් ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුන්ගේ බැල්ම මත ද මුද්රා තැබීය. එහෙයින් දේව විශ්වාසය පෙන්වා දෙන සාධක ඔවුන් බලන්නේ නැත. භාග්යයේ හා අභාග්යයේ කරුණු පිළිබඳවත්, ඔවුනට සූදානම් කර ඇති දඬුවම පිළිබඳවත් අනවධානයෙන් පසුවූවෝ ඔවුහුමය.

16:109Page 279

لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩

Assuredly, it is they, in the Hereafter, who will be the losers.

සහතික වශයෙන්ම ඔවුන් දේව විශ්වාසය රඳවා ගත්තේ නම්, ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නට තිබුණු එම දේව විශ්වාසයේ රුඳී සිට, පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වනාහි සැබැවින්ම ඔවුහුමය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් වන්නේ.

16:110Page 279

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ ١١٠

Then, indeed your Lord, to those who emigrated after they had been compelled [to say words of disbelief] and thereafter fought [for the cause of Allāh] and were patient - indeed, your Lord, after that, is Forgiving and Merciful

පසු ව අහෝ දූතය! දෙවියන්ට ආදේශ තැබූවන් ඔවුනට හිංසා පීඩා ගෙන දුන් පසු, එමෙන්ම ඔවුන්ගේ හදවත් දේව විශ්වාසයේ තිබියදී දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන්ගේ දහම තුළ ඔවුන් පරීක්ෂාවට පත් කිරීමෙන් පසු, මක්කාවෙන් නික්ම වී මදීනාවට හිජ්රත් කොට පසුව අල්ලාහ්ගේ ප්රකාශ උසස් වනු පිණිසත්, දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රකාශය පහත් කරනු පිණිසත්, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැඳුණු දුෂ්කරතා මත ඉවසීමෙන් දරා සිටි දුර්වල දේව විශ්වාසීන් හට සැබැවින්ම නුඹේ පරමාධිපති මහා කාරුණික හා අති ක්ෂමාශීලී විය. ඔවුන් පරීක්ෂාවට ලක් කළ පරීක්ෂාවන්ගෙන් හා දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන් දඬුවම් කරනු ලැබීමෙන් පසුව සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට අති ක්ෂාමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකයාණන් විය. ඊට හේතුව එසේ ඔවුන් දේව ප්රතික්ෂේපිත වදන පවසා සිටියේ බල කිරීමෙන් වූ බැවිණි.

16:111Page 280

۞ يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٖ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١١١

On the Day when every soul will come disputing [i.e., pleading] for itself, and every soul will be fully compensated for what it did, and they will not be wronged [i.e., treated unjustly].

නවාතැනෙහි බිහිසුණු කම හේතුවෙන් අනෙක් අය ගැන වාද නොකර තමන් ගැන පමණක් වාද කරමින් සෑම මිනිසෙකුම පැමිණෙන දිනය ගැන අහෝ දූතය! මෙනෙහි කර බලනු. සෑම කෙනෙකුම සිදු කළ යහපත හා අයහපත වෙනුවෙන් වූ ප්රතිඵල ඔවුනොවුනට පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකම්වල කිසිවක් අඩු කිරීමෙන් හෝ අයහකම්වල කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලබනු ඇත.

16:112Page 280

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا قَرۡيَةٗ كَانَتۡ ءَامِنَةٗ مُّطۡمَئِنَّةٗ يَأۡتِيهَا رِزۡقُهَا رَغَدٗا مِّن كُلِّ مَكَانٖ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢

And Allāh presents an example: a city [i.e., Makkah] which was safe and secure, its provision coming to it in abundance from every location, but it denied the favors of Allāh. So Allāh made it taste the envelopment of hunger and fear for what they had been doing.

අල්ලාහ් උපමාවක් ලෙස මක්කා නගරය ගෙනහැර දක්වයි. එහි වැසියන් කිසිදු බියකින් තොර ව සුරක්ෂිතව ස්ථාවරව සිටියහ. ඒ අවට සිටින මිනිසුන් ඵල නෙළා ගත්තෝය. සෑම දෙසකින්ම ඉතා පහසුවෙන් නැවුම් පෝෂණ ඒ වෙත පැමිණෙන්නට විය. නමුත් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කොට ඔහුට ඔවුහු ගුණමකු වූහ. එබැවින් අල්ලාහ් ඔවුනට ප්රතිවිපාක වශයෙන් සාගින්න සහ බියෙන් හා විශ්මයෙන් ඔවුන්ගේ ශරීර මත දැඩි බාහිර බියක් ඇති කළේය. ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කරමින් හා බොරු කරමින් සිටි බැවින් ඒ දෙක ඔවුනට වස්ත්රයක් බඳු විය.

16:113Page 280

وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣

And there had certainly come to them a Messenger from among themselves, but they denied him; so punishment overtook them while they were wrongdoers.

සැබැවින්ම මක්කා වාසීන් අතරට ඔහුගේ විශ්වාසය හා සත්යභාව ගැන හඳුනන ඔවුන්ගෙන්ම වූ දූතයකු පැමිණියේය. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. ඔහුගේ පරමාධිපති ඔහු වෙත පහළ කළ දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔහු ව බොරු කළෝය. එවිට අල්ලාහ්ගේ දඬුවම වශයෙන් සාගින්න හා බිය ඔවුනට පහළ විය. අල්ලාහ්ට ආදේශ කොට ඔහුගේ දූතයාණන් බොරු කරන අවස්ථාවේ විනාශයේ සාධක ඔවුන් වෙත ඔවුන් ළඟා කර ගනිමින් අපරාධකරුවන් වූහ.

16:114Page 280

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤

Then eat of what Allāh has provided for you [which is] lawful and good. And be grateful for the favor of Allāh, if it is [indeed] Him that you worship.

අහෝ ගැත්තනි! අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනුමත වර්ග හා ආහාරයට සුදුසු දෑ අනුභව කරනු. නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකරමින් සිටින්නෙහු නම් නුඹලා වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනැමුවේද එවන් වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු වෙනුවෙන් පිළිගෙන ඔහු තෘප්තියට පත්වන දෑහි වියදම් කර ඒ සඳහා නුඹලා කෘතඥ වනු.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском