Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Baqarah 2:107–137
2:107Page 17
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ١٠٧
Do you not know that to Allāh belongs the dominion of the heavens and the earth and [that] you have not besides Allāh any protector or any helper?
අහෝ නබිවරය! අහස් හා මහපොළොවේ හිමිකරු සැබැවින්ම අල්ලාහ් බව ඔබ දන්නෙහිය. ඔහු කැමති දෑ නීතිගත කරයි. ඔහු අභිමත කරන දෑ තම ගැත්තන් හට නියෝග කරයි. ඔහු අභිමත කරන දැයින් ඔහු ඔවුන් වළක්වයි. ඔහු අභිමත කරන දෑ සහතික කරයි. ඔහු අභිමත කරන දෑ වෙනස් කරයි. අල්ලාහ්ගෙන් පසු නුඹලාගේ කරුණු භාරගන්නට කිසිදු භාරකරුවකු නැත. ඔබට ඇතිවන හානියක් ඔබෙන් වළක්වන්නට කිසිදු උදව්කරුවකු නැත. ඒ සියල්ලෙහි භාරකරු මෙන්ම ඒ සඳහා බලය ඇත්තා ද අල්ලාහ් පමණි.
2:108Page 17
أَمۡ تُرِيدُونَ أَن تَسۡـَٔلُواْ رَسُولَكُمۡ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبۡلُۗ وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١٠٨
Or do you intend to ask1 your Messenger as Moses was asked before? And whoever exchanges faith for disbelief has certainly strayed from the soundness of the way.
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, ‘ඇස් ඉදිරියේ අල්ලාහ් අප හට පෙන්වන්නැ’යි (4:153) මූසා තුමාගේ ජනයා එතුමාගෙන් විමසා සිටියාක් මෙන් නුඹලා හිතුවක්කාර ලෙස පිටු දකිමින් නුඹලාගේ දූතයාණන්ගෙන් ප්රශ්න කර සිටීම නුඹලාට සුදුසු කරුණක් නොවෙයි. දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපය හුවමාරු කර ගන්නේ කවුරුන් ද සබැවින් ඔහු ඍජු මාර්ගය වන මධ්යස්ත පිළිවෙතින් නොමග ගොස් ඇත.
2:109Page 17
وَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٠٩
Many of the People of the Scripture wish they could turn you back to disbelief after you have believed, out of envy from themselves [even] after the truth has become clear to them. So pardon and overlook until Allāh delivers His command. Indeed, Allāh is over all things competent.
නුඹලා දෙවියන් විශ්වාස කළ පසු නැවතත් නුඹලා නමදිමින් සිටි පිළිම වෙත නුඹලා හරවාලන්නට යුදෙව්වන් හා කිතුනුවන්ගෙන් බහුතරයක් දෙනා ප්රිය කරති. එය ඔවුන් තුළ තිබූ ක්රෝධය හේතුවෙනි. සැබැවින්ම නබිතුමා ගෙන ආ දෑ අල්ලාහ්ගෙන් වූ සත්යය යැයි ඔවුනට පැහැදිලි කළ පසු පවා එසේ නුඹලා නැවතත් පරණ දහමට යොමු කරන්නට ආශා කරති. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, ඔවුන්ගේ ක්රියාවන් ගැන නොලකා හරිනු. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ තීන්දුව එන තෙක් ඔවුන්ගේ සිත් තුළ ඇති නපුරුකම හා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් සීමාව ඉක්මවා කටයුතු කරති. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ තීන්දුව පැමිණ ඇත. ඉස්ලාමය පිළිගැනීම හෝ ජිස්යා බදු ගෙවීම හෝ මරණ දඬුවම ක්රියාත්මක කිරීම යන කරුණුවලින් එකක් තෝරා ගැනීමේ නිදහස එම ප්රතික්ෂේපකයාට පිරිනමා ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කිරීමට බලය ඇත්තාය. එහෙයින් කිසිවකු ඔහු පරාජය කිරීමට නොහැක.
2:110Page 17
وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١٠
And establish prayer and give zakāh, and whatever good you put forward for yourselves - you will find it with Allāh. Indeed Allāh, of what you do, is Seeing.
සලාතය එහි ඇති අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා සුනන් හෙවත් නබි පිළිවෙත අනුගමනය කරමින් පූර්ණව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ලැබිය යුත්තන් හට සකාත් නිකුත් කරනු. ඒ සමඟම නුඹලාගේ ජීවිතයේ යහකම් ඉටු කරනු. නුඹලාගේ මරණයට පෙර නුඹලා වෙනුවෙන් ඒවා ඉදිරිපත් කොට රැස්කර ගනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස එහි ප්රතිඵල නුඹලා දකිනු ඇත. ඒ වෙනුවෙන් නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ මැනවින් නිරීක්ෂණය කරන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
2:111Page 17
وَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١١١
And they say, "None will enter Paradise except one who is a Jew or a Christian." That is [merely] their wishful thinking. Say, "Produce your proof, if you should be truthful."
යුදෙව්වන්ගෙන් පිරිසක් හා කිතුනුවන්ගෙන් පිරිසක්: ‘සැබැවින්ම ස්වර්ගය තමන්ට පමණක් හිමි වන්නක්’ යැයි පවසා සිටියහ. යුදෙව්වෝ: ‘යුදෙව්වෙකු ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද කිතුනුවෝ: ‘කිතුනුවෙක් ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද පවසා සිටියහ. එය ඔවුන්ගේ වැරදි අනුමානයන්ය. පාපකාරී උපකල්පනයන්ය. අහෝ නබිවරය! නුඹ ඔවුනට ප්රතිචාර වශයෙන් මෙසේ පවසනු: ‘නුඹලාගේ මේ තර්කයේ නුඹලා සැබෑ සත්යවාදීහු නම්, නුඹලා විශ්වාස කරන පරිදි නුඹලාගේ සාක්ෂි සාධක ගෙන එනු.
2:112Page 17
بَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ فَلَهُۥٓ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ١١٢
Yes, [on the contrary], whoever submits his face [i.e., self] in Islām to Allāh while being a doer of good will have his reward with his Lord. And no fear will there be concerning them, nor will they grieve.
ස්වර්ගයට පිවිසෙනුයේ අල්ලාහ් වෙත පමණක් යොමු වූ අවංක කෙනෙකි. ඔහු තම නැමදුම්වල දහම් දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිමින් අවංක ලෙසින් ඒවා ලස්සනට ඉටු කරයි. කවර පිරිසකට අයත් අයකු වූවත් ස්වර්ගයට පිවිසෙනුයේ එවැනි අයෙකි. ඔහුගේ පරමාධිපති අබියස ඔහු සතු තිළිණ ඇත. මතුලොවෙහි එවැන්නන් මුහුණ දෙන දෑ ගැන ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට අතපසු වූ දෑ පිළිබඳ දුකට පත්වන්නේද නැත. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ඇවෑමෙන් පසු මෙම වර්ණනාවන්ට හිමි පුද්ගලයින් වූයේ මුස්ලිම්වරුන් පමණි.
2:113Page 18
وَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١١٣
The Jews say, "The Christians have nothing [true] to stand on," and the Christians say, "The Jews have nothing to stand on," although they [both] recite the Scripture. Thus do those who know not [i.e., the polytheists] speak the same as their words. But Allāh will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.
‘කිතුනුවන් නිවැරදි දහමක නැතැ’යි යුදෙව්වෝ පැවසුවාක් මෙන්ම ‘යුදෙව්වෝ නිවැරදි දහමක නැතැ’යි කිතුනුවන් ද පවසා සිටියහ. ඔවුන් කවුරුත් ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ පුස්තකය හා නබිවරුන් අතර කිසිදු වෙනස් කිරීමකින් තොරව සියල්ලන් විශ්වාස කරන මෙන් වූ එහි සඳහන් නියෝගය කියවා ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටි අඥානයින් ද තමන් වෙත පැමිණි රසූල්වරයා හා තමන් වෙත පහළ වූ පුස්තක බොරු කළ අවස්ථාවේ ඔවුනට සමානව මොවුන්ගේ ප්රකාශය හා ක්රියාව ද පිහිටින. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සියල්ලන් අතර වෙන් වෙන්ව තීන්දු දෙනු ඇත. තම ගැත්තන් වෙත දන්වා සිටි ඔහුගේ තීන්දුව මෙසේ විය. එනම්: ‘අල්ලාහ් පහළ කළ සියල්ල සම්පූර්ණව විශ්වාස නොකර කිසිදු ජයක් නැත’ යන්නයි.
2:114Page 18
وَمَنۡ أَظۡلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ وَسَعَىٰ فِي خَرَابِهَآۚ أُوْلَٰٓئِكَ مَا كَانَ لَهُمۡ أَن يَدۡخُلُوهَآ إِلَّا خَآئِفِينَۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ١١٤
And who are more unjust than those who prevent the name of Allāh from being mentioned [i.e., praised] in His mosques and strive toward their destruction. It is not for them to enter them except in fear. For them in this world is disgrace, and they will have in the Hereafter a great punishment.
මස්ජිද් හෙවත් දේවස්ථානවල අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් කවරෙකු ජනයා වළක්වන්නේද ඔහුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම, අල් කුර්ආනය කියවීම වැනි කරුණුවලින් ඔහු ජනයා වළක්වයි. දොස්නගමින් එය විනාශ කර දමන්නට; එය කඩා දමන්නට; එහි කලහකම් ඇති කරන්නට; එහි නැමදුම් ඉටු කරනු ලැබීම වළක්වන්නට උත්සාහ දරයි. එසේ විනාශ කරන්නට වෙහෙස දරන්නෝ ඔවුහුමය. ඔවුන් මස්ජිදය වෙත පියනගන විට තම හදවත් තැතිගත් තත්ත්වයෙන් මිස අල්ලාහ්ගේ මස්ජිදයන් වෙත පිවිසෙන්නට නොවීය. හේතුව ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මස්ජිදයෙන් ජනයා වැළැක් වූ බැවිනි. දෙවියන් විශ්වාස කළවුන් අතර මෙලොවෙහි ඔවුනට නින්දාව හා අවමානය ඇති සේම අල්ලාහ්ගේ මස්ජිදයෙන් මිනිසුන් වැළැක්වූ හේතුවෙන් මතුලොවෙහි ද ඔවුනට මහත් දඬුවම ඇත.
2:115Page 18
وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ١١٥
And to Allāh belongs the east and the west. So wherever you [might] turn, there is the Face1 of Allāh. Indeed, Allāh is all-Encompassing and Knowing.
නැගෙනහිර හා බටහිරෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්යය අල්ලාහ් සතුය. තමන් අභිමත කරන දෑ තම ගැත්තන් හට ඔහු අණ කර සිටියි. එහෙයින් නුඹලා කවර දෙසකට හැරුන ද සැබැවින්ම නුඹලා හැරෙනුයේ අල්ලාහ් වෙතමය. සියලු දිසාවන් අල්ලාහ් සතු බැවින් නුඹලා බය්තුල් මක්දිස් වෙත හෝ කඃබාව වෙත හෝ හැරෙන මෙන් ඔහු නුඹලාට අණ කර සිටියත්; නුඹලාට කිබ්ලා දිසාව වැරදුනත්; ඒ වෙත මුහුණලන්නට නුඹලා අපොහොසත් වූවත් නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව ව්යාපකය. තම මැවීම් වෙත පිරිනමා ඇති ඔහුගේ කරුණාවෙන් හා ඔහුගේ පහසු දීමනාවෙන් ඔහු පුළුල්ය. ඔවුන්ගේ අධිෂ්ඨාන හා ඔවුන්ගේ ක්රියාවන් සියල්ල පිළබඳ ඔහු මැනවින් දන්නාය.
2:116Page 18
وَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ١١٦
They say, "Allāh has taken a son." Exalted is He!1 Rather, to Him belongs whatever is in the heavens and the earth. All are devoutly obedient to Him,
‘අල්ලාහ් දරුවකු ගෙන ඇතැ’යි කිතුනුවන් යුදෙව්වන් මෙන්ම දෙවියන්ට ආදේශ කරන්නන් පවසා සිටිති. ඔහු එම ප්රකාශයෙන් සුවිශුද්ධය; පිවිතුරුය. කිසිදු මැවීමක අවශ්යතාවක් ඔහුට නැත. දරුවකු ගත යුත්තේ එසේ අවශ්යතාවක් ඇත්තෙකි. නමුත් අහස් හා මහපොළොවේ සියලු රාජ්යයන් ඔහු සතුය. සියලු මැවීම් ඔහුට වහල්ය. ඔහු පිවිතුරුය. සියලු දෙනා යටහත් වන්නේ ඔහුටමය. ඔහු අභිමත කරන පරිදි ඔහු ඔවුන් අතර ක්රියා කරයි.
2:117Page 18
بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ١١٧
Originator of the heavens and the earth. When He decrees a matter, He only says to it, "Be," and it is.
සුවිශුද්ධ අල්ලාහ් අහස් හා මහපොළොවද ඒ දෙක අතර ඇති දෑ ද කිසිදු පූර්වාදර්ශයකින් තොරව මැව්වේය. ඔහු යමක් මවන්නට සැලසුම් කළ විට; එය අභිමත කළ විට ඔහු එයට ‘කුන්’ වනු යැයි පවසනවා පමණය. එවිට අල්ලාහ්ගේ අභිමතය පරිදි එය සිදු වනු ඇත. ඔහුගේ අණට හෝ ඔහුගේ තීන්දුවට ප්රතික්ෂේප වන කිසිවක් නැත.
2:118Page 18
وَقَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ لَوۡلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوۡ تَأۡتِينَآ ءَايَةٞۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّثۡلَ قَوۡلِهِمۡۘ تَشَٰبَهَتۡ قُلُوبُهُمۡۗ قَدۡ بَيَّنَّا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يُوقِنُونَ ١١٨
Those who do not know say, "Why does Allāh not speak to us or there come to us a sign?" Thus spoke those before them like their words. Their hearts resemble each other. We have shown clearly the signs to a people who are certain [in faith].
ආගම් ලත් ජනයා හා දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් සත්යය පිළිගන්නට හිතුවක්කාර වූ දැනුම නොලද්දෝ ‘කිසිදු මාධ්යයකින් තොරව අල්ලාහ් අප සමඟ ඍජුව කතා නොකරනුයේ මන්ද? එසේ නැතිනම් අපට පමණක් වැටහෙන පරිදි සලකුණක් අප වෙත ගෙන නොඑන්නේ මන්දැ?’යි විමසා සිටියහ. මීට පෙර පැමිණි රසූල්වරුන් කාලයෙන් කාලයට තැනින් තැනට වෙනස් වුව ද ඔවුන් බොරු කළ සමූහයන් පවසා සිටියේ ද එලෙසමය. සත්යය තරයේ විශ්වාස කරන ජනයාට එය හෙළිවන විට අපි ඔවුනට එම වදන් පැහැදිළි කර දුන්නෙමු. ඔවුන් වෙත සැකය ඇති වූයේ නැත. හිතුවක්කාරකම ඔවුන් වැළැක්වූයේද නැත.
2:119Page 18
إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۖ وَلَا تُسۡـَٔلُ عَنۡ أَصۡحَٰبِ ٱلۡجَحِيمِ ١١٩
Indeed, We have sent you, [O Muḥammad], with the truth as a bringer of good tidings and a warner, and you will not be asked about the companions of Hellfire.
අහෝ නබිවරය! ඔබ දෙවියන් විශ්වාස කරන්නන් හට ස්වර්ගය ගැන ශුභාරංචි දන්වා සිටින්නටත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට නිරා ගින්න ගැන අවවාද කර සිටින්නටත් කිසිදු සැකයකට ඉඩ නැති සත්යය දහම සමග සැබැවින්ම අපි නුඹව එව්වෙමු. ඔබේ වගකීම වනුයේ පැහැදිලිව දන්වා සිටීම පමණි. ඔබව විශ්වාස නොකළා වූ නිරා වාසීන් පිළිබඳ අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත.
2:120Page 19
وَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ ١٢٠
And never will the Jews and the Christians approve of you until you follow their religion. Say, "Indeed, the guidance of Allāh is the [only] guidance." If you were to follow their desires after what has come to you of knowledge, you would have against Allāh no protector or helper.
අල්ලාහ් තම නබිවරයාට අවවාද කරමින් මෙසේ කතා කරයි: ‘ඔබ ඉස්ලාමය අතහැර දමා ඔවුන් කවර විෂයක නිරතව සිටින්නේද එය ඔබ පිළිපදින තෙක් යුදෙව්වන් හෝ කිතුනුවන් හෝ තෘප්තියට පත් වන්නේ නැත. සැබෑ යහමග වනුයේ අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ පැහැදිලි කිරීම් ය. ඒ මත සිටින ඔවුහු ව්යාජ තත්ත්වයේ නැත. පැහැදිලි සත්යය ඔබ වෙත පැමිණි පසු ඔබ හෝ ඔබව අනුගමනය කරන කිසිවකු හෝ ඔවුන්ව අනුගමනය කරන්නට වූයේ නම්, එවිට අල්ලාගෙන් වූ කිසිදු උදව් උපකාරයක් නුඹ කිසිවිටෙක නොදකිනු ඇත. මෙය සත්යය අතහැරීමේ හා අසත්යය වාදීන් සීමාව ඉක්මවා යෑමේ අනතුර පැහැදිලි කරන්නකි.
2:121Page 19
ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُوْلَٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۗ وَمَن يَكۡفُرۡ بِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ١٢١
Those to whom We have given the Book recite it with its true recital.1 They [are the ones who] believe in it. And whoever disbelieves in it - it is they who are the losers.
පෙර පහළ කරනු ලැබූ පුස්තක අතර තම අතෙහි ඇති දෑ -තව්රාත් හා ඉන්ජීල්- පිළිබඳ මනා අවබෝධයක් ඇති එය නියම අයුරින් පිළිපදින ආගම් ලත් පිරිසක් පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනය කතා කරයි. මොවුහු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්ය භාවය පෙන්වා දෙන එතුමාණන් තහවුරු කරන සලකුණු එම පුස්තකයන්හි දුටුහ. එහෙයින් එතුමාණන් ගැන විශ්වාස කරන්නට යුහුසුළු වූහ. තවත් පිරිසක් එය ප්රතික්ෂේප කිරීමෙහි දැඩිව සිටියහ. ඔවුනට අලාභය හිමි විය.
2:122Page 19
يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ١٢٢
O Children of Israel, remember My favor which I have bestowed upon you and that I preferred you over the worlds.
අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා වෙත මා ආශිර්වාද කර ඇති මාගේ ආගමික හා ලෞකික ආශිර්වාද මෙනෙහි කර බලනු. එමෙන්ම එවක ජීවත් වූ ජනයා අතර නබිත්වයෙන් හා බලයෙන් නුඹලා උසස් කොට නුඹලාට මා පිරිනැමූ භාග්යයන් ද මෙනෙහි කර බලනු.
2:123Page 19
وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا عَدۡلٞ وَلَا تَنفَعُهَا شَفَٰعَةٞ وَلَا هُمۡ يُنصَرُونَ ١٢٣
And fear a Day when no soul will suffice for another soul1 at all, and no compensation will be accepted from it, nor will any intercession benefit it, nor will they be aided.
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අතර ආරක්ෂාවක් ඇති කර ගනු. එදින කිසිවකු විසින් කිසිවකුට කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. කෙතරම් බලවත් පුද්ගලයකු වුවද ඔහුගෙන් කිසිදු ඇපයක් ඔහු වෙනුවෙන් එහි පිළිගනු නොලබනු ඇත. කෙතරම් තනතුරක් නිලයක් ඇති පුද්ගලයකු වුවද කිසිවකුගේ මැදිහත් වීමක් ඔහුට එහි දී ප්රයොජනවත් නොවනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිදු උපකාරයක් ඔහු නොලබනු ඇත.
2:124Page 19
۞ وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتٖ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامٗاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّٰلِمِينَ ١٢٤
And [mention, O Muḥammad], when Abraham was tried by his Lord with words [i.e., commands] and he fulfilled them. [Allāh] said, "Indeed, I will make you a leader for the people." [Abraham] said, "And of my descendants?" [Allāh] said, "My covenant does not include the wrongdoers."
ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා හට අල්ලාහ් නියම කළ නීති හා වගකීම් තුළින් එතුමාණන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට එතුමා එය පරිපූර්ණව ඉටු කරන්නට නැගී සිටියහ. අල්ලාහ් තම නබිවරයා වූ ඉබ්රාහීම් අමතා: ‘සැබැවින්ම ජනයා නුඹගේ ක්රියාදාමයන් හා ගතිගුණ දෙස බලා ඒ වෙත තම අවධානය යොමු කොට නුඹව පිළිපදින්නට හැකි ආදර්ශමත් පුද්ගලයකු බවට මිනිසුන් හමුවේ මම නුඹව පත් කරමි’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් තුමා: ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, මාගේ පරම්පරාවෙන්ද ජනයා පිළිපදින සමූහයක් ඇති කරනු’ යැයි ප්රාර්ථනා කළහ. අල්ලාහ් ඔහුට පිළිතුරු දෙමින්: ‘දහම මෙහෙයවීම සම්බන්ධයෙන් මා නුඹ සමග ඇති කර ගත් ගිවිසුම නුඹේ පරම්පරාවේ අපරාධකරුවන්හට නොලැබේ’ යැයි පැවසීය.
2:125Page 19
وَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ١٢٥
And [mention] when We made the House [i.e., the Kaʿbah] a place of return for the people and [a place of] security. And take, [O believers], from the standing place of Abraham a place of prayer. And We charged Abraham and Ishmael, [saying], "Purify My House for those who perform ṭawāf1 and those who are staying [there] for worship and those who bow and prostrate [in prayer]."
බයිතුල් හරාම් හෙවත් ශුද්ධ වූ නිවස, මිනිසුන්ගේ හදවත් සමග බැඳෙන සේ නැවත නැවතත් හැරී යන ස්ථානයක් බවට අල්ලාහ් පත් කළ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් ඒ හරහා ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඒ වෙත පිවිසෙති. ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරන සේ ඔවුනට එය අභයදායී ස්ථානයක් බවට ඔහු පත් කළේය. ඔහු මිනිසුනට මෙසේ පැවසීය: නුඹලා මේ ගල සලාත් ඉටු කරන ස්ථානයක් කර ගන්න. -එය ඉබ්රාහීම අලය්හිස් සලාම් ඒ මතට වී කඃබාව ඉදි කළ ගලයි.- ශුද්ධ වූ නිවස කිලිටි හා පිළිම වන්දනාවෙන් පිරිසිදු කරන මෙන් ද තවාෆ් හෙවත් එය වටා වටවන්දනා කිරීමටත් ඉඃතිකාෆ් හෙවත් එහි නවාතැන් ගෙන නැමදුම් කිරීමටත් සලාත් හා වෙනත් ආගමික කටයුතු ඉටු කිරීමටත් අපෙක්ෂා කරන්නන් හට සතුට ගෙන දෙන තැනක් බවට පත් කරන මෙන්ද අපි ඉබ්රාහීම් හා ඔහුගේ පුත් ඉස්මාඊල්ට උපදෙස් දුනිමු.
2:126Page 19
وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٢٦
And [mention] when Abraham said, "My Lord, make this a secure city and provide its people with fruits - whoever of them believes in Allāh and the Last Day." [Allāh] said, "And whoever disbelieves - I will grant him enjoyment for a little; then I will force him to the punishment of the Fire, and wretched is the destination."
අහෝ නබිවරය! ඉබ්රාහීම් තම පරමාධිපති අමතා කළ ප්රාර්ථනාව ගැනත් සිහිපත් කර බලනු. හෙතෙම: ‘මාගේ පරමාධිපතියාණනි, කිසිදු නපුරක් කිසිවකුට ඇති නොවන සේ මක්කාව අභයදායී නගරයක් බවට පත් කරනු මැනව. එහි වැසියන් හට විවිධ පලතුරු වර්ගවලින් පෝෂණය කරනු මැනව. විශේෂයෙන් ඔබ හා පරමාන්ත දිනය විශ්වාස කරන දේව විශ්වාසවන්තයින් හට පෝෂණය ලබා දෙනු මැනව.’ එවිට අල්ලාහ්: ‘ඔවුන් අතර කවරෙකු ප්රතික්ෂේප කරන්නේද මා ඔහුට පෝෂණය වශයෙන් ස්වල්ප ප්රමාණයක් මෙලොවෙහි භුක්ති විඳින්නට සලස්වා පසුව මතුලොවෙහි පිළිකුලෙන් යුතුව නිරා ගින්නේ වේදනාට ඇතුළු වන්නට සලස්වමි. එසේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් යොමුවී රැදෙන ස්ථානය නපුරුය.
2:127Page 20
وَإِذۡ يَرۡفَعُ إِبۡرَٰهِـۧمُ ٱلۡقَوَاعِدَ مِنَ ٱلۡبَيۡتِ وَإِسۡمَٰعِيلُ رَبَّنَا تَقَبَّلۡ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ١٢٧
And [mention] when Abraham was raising the foundations of the House and [with him] Ishmael, [saying], "Our Lord, accept [this] from us. Indeed, You are the Hearing,1 the Knowing.2
අහෝ නබිවරය, ඉබ්රාහීම් හා ඉස්මාඊල් කඃබාවේ අත්තිවාරම උසට ඉදි කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් දෙදෙනා ඉතා යටහත් පහත්ව: අපගේ පරමාධිපතියාණනි, අපගේ මෙම ක්රියාවන් -මෙම නිවස තැනීමද ඒවායින් එකකි.- අපගෙන් පිළිගනු මැනව! සැබැවින්ම ඔබ අපගේ ප්රාර්ථනාවන්ට පිළිතුරු සපයන්නාය. අපගේ චේතනා හා ක්රියා ඔබ මැනවින් දන්නාය.’ යැයි පවසා ප්රාර්ථනා කළෝය.
2:128Page 20
رَبَّنَا وَٱجۡعَلۡنَا مُسۡلِمَيۡنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةٗ مُّسۡلِمَةٗ لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبۡ عَلَيۡنَآۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١٢٨
Our Lord, and make us Muslims [in submission] to You and from our descendants a Muslim nation [in submission] to You. And show us our rites [of worship] and accept our repentance. Indeed, You are the Accepting of Repentance, the Merciful.
තවදුරටත් ‘අපගේ පරමාධිපතියාණනි, ඔබේ අණට කීකරු වන ඔබට යටහත් වන දෙදෙනෙකු බවට අප පත් කරනු මැනව! ඔබ සමග අපි කිසිවකු ආදේශ නොකරන්නෙමු. ඔබට අවනත වන සමූහයක් අපගේ පරම්පරාවෙන් ද බිහි කරනු මැනව! ඔබට ඉටු කළ යුතු නැමදුම් කෙසේ පිහිටිය යුතු දැයි ඔබ අපට දන්වා සිටිනු මැනව. ඔබව නැමදුම් කිරීමේ දී අප අඩුවක් කිරීමෙන් හෝ වරදක් කිරීමෙන් අප මුදවාලනු කරනු මැනව! සැබැවින්ම ඔබේ ගැත්තන් අතුරින් ඔබ වෙත සමාව අයැද පශ්චාත්තාපයේ නිරතවන්නන් හට සමාව දානය කරන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.
2:129Page 20
رَبَّنَا وَٱبۡعَثۡ فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُزَكِّيهِمۡۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١٢٩
Our Lord, and send among them a messenger from themselves who will recite to them Your verses and teach them the Book and wisdom and purify them. Indeed, You are the Exalted in Might,1 the Wise."
අපගේ පරමාධිපතියාණනි, ඔවුන් අතර ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් දූතයකු එවනු මැනව! පහළ කරනු ලබන ඔබේ වදන් ඔහු ඔවුනට පාරායනය කර පෙන්වන කුර්ආනය හා නියම පිළිවෙත ඔවුනට උගන්වන ආදේශ කිරීමෙන් හා පහත් ක්රියාවන්ගෙන් ඔවුන් පිරිසිදු කරන දූතයකු එවනු මැනව! සැබැවින්ම ඔබ බලසම්පන්නය. සියල්ල අබිබවා යන්නාය. ඔබේ සියලු ක්රියාවන් හා ඔබේ තීන්දු තීරණවලදී ඔබ මහා ප්රඥාවන්තය... යනුවෙන් ප්රාර්ථනා කළෝය.
2:130Page 20
وَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٣٠
And who would be averse to the religion of Abraham except one who makes a fool of himself. And We had chosen him in this world, and indeed he, in the Hereafter, will be among the righteous.
තම මෝඩකම හේතුවෙන් හා සත්යය හැර දමමින් වැරදි මග තෝරා; නින්දිත ලෙස එය පිළිගෙන; ඒ සඳහා කරන නපුරු කුමන්ත්රණ හේතුවෙන් තමන්ටම අපරාධ කර ගත්තෙකු මිස වෙන කිසිවෙකු ඉබ්රාහීම්ගේ පිළිවෙතින් වෙනත් ආගමික පිළිවෙතකට හැරෙන්නේ නැත. සැබැවින්ම අපි මෙලොවෙහි ඔහු දූතයකු හා මිතුරෙකු ලෙස තෝරා ගත්තෙමු. එමෙන්ම තමන් වෙත අල්ලාහ් පැවරූ වගකීම් ඉටු කර උසස් තරාතිරම් ලැබූ දැහැමියන් අතර ඔහු සිටියි.
2:131Page 20
إِذۡ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسۡلِمۡۖ قَالَ أَسۡلَمۡتُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ١٣١
When his Lord said to him, "Submit," he said, "I have submitted [in Islām]1 to the Lord of the worlds."
‘මට පමණක් නැමදුම් කරනු. අවනතවී මට යටහත් වනු’ යැයි ඔහුගේ පරමාධිපති ඔහුට පැවසූ විට ඔහු තම පරමාධිපති දෙස බලා: ‘ගැත්තන් මවා ඔවුනට පෝෂණය සලසා දී ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන අල්ලාහ්ට මම අවනත වෙමි’ යැයි පිළිතුරු දුන් මොහොතේ ඉස්ලාමය වෙත යුහුසුළුවෙන් ක්රියා කරන්නට අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය.
2:132Page 20
وَوَصَّىٰ بِهَآ إِبۡرَٰهِـۧمُ بَنِيهِ وَيَعۡقُوبُ يَٰبَنِيَّ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ ١٣٢
And Abraham instructed his sons [to do the same] and [so did] Jacob, [saying], "O my sons, indeed Allāh has chosen for you this religion, so do not die except while you are Muslims."
ඉබ්රාහීම් තුමා තම දරුවන්හට ‘මම සර්ව ලෝකවල පරමාධිපතිට අවනත වෙමි’ යැයි පවසා උපදෙස් දුන්හ. එලෙස යඃකූබ් තුමාද තම දරුවන් අතමා උපදෙස් දුන්හ. ඔවුන් දෙදෙනා තම දරුවන්ට: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලාට ඉස්ලාම් දහම තෝරා දී ඇත. නුඹලා මරණයට පත් වන තෙක් එය තදින් ග්රහණය කර ගනු. මතුපිටින් පමණක් නොව ඇතුළාන්තයේද අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටිනු.
2:133Page 20
أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ حَضَرَ يَعۡقُوبَ ٱلۡمَوۡتُ إِذۡ قَالَ لِبَنِيهِ مَا تَعۡبُدُونَ مِنۢ بَعۡدِيۖ قَالُواْ نَعۡبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ إِلَٰهٗا وَٰحِدٗا وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ١٣٣
Or were you witnesses when death approached Jacob, when he said to his sons, "What will you worship after me?" They said, "We will worship your God and the God of your fathers, Abraham and Ishmael and Isaac - one God.1 And we are Muslims [in submission] to Him."
යඃකූබ් තුමා මරණයට පත්වන කල්හි තම දරුවන් පමණක් අමතා: ‘මාගේ මරණයෙන් පසු නුඹලා නමදිනුයේ කුමක් ද?’ යැයි විමසා සිටි අවස්ථාවේ නුඹලා සිටියෙහුද? ඔවුහු එතුමාට පිළිතුරු වශයෙන්: ‘ඔබේ දෙවිඳුන් වන ඔබට පෙර සිටි ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යන ඔබේ මුතුන් මිත්තන්ගේ දෙවිඳුන් වන එකම දෙවිඳුන් නමදිමු. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත. ඔහුට පමණක් අපි අවනත වන්නෙමු. පිළිපදින්නෙමු’ යැයි පවසා සිටියහ.
2:134Page 20
تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ١٣٤
That was a nation which has passed on. It will have [the consequence of] what it earned, and you will have what you have earned. And you will not be asked about what they used to do.
එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයන් අතර ඉකුත්ව ගිය තවත් සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගම සේන්දු වෙති. ඔවුන් යම් යහපතක් හෝ අයහපතක් උපයා ඇත්නම් එය ඔවුනට සතු වේ. නුඹලා උපයන දෑ නුඹලාට සතුය. ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන්ද ප්රශ්න කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ පාපයක් සඳහා කෙනෙකු ග්රහණය කරනු නොලැබේ. නමුත් සෑම කෙනෙකුම තමන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල දෙනු ලබනු ඇත. නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයාගේ කිසිදු ක්රියාවක් නුඹලා සිදු කරන ක්රියාවන්ගෙන් නුඹලා වෙනතක යොමු නොකළ යුතු වේ. සැබැවින්ම කෙනෙකුට අල්ලාහ්ගේ කරුණාව ලැබුවායින් පසුව වෙනත් කෙනෙකුගේ කිසිදු දැහැමි ක්රියාවක් ඔහුට ප්රයෝජනවත් නොවන්නේමය.
2:135Page 21
وَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٣٥
They say, "Be Jews or Christians [so] you will be guided." Say, "Rather, [we follow] the religion of Abraham, inclining toward truth, and he was not of the polytheists."1
අහෝ නබිවරය, යුදෙව්වෝ මෙම සමූහයා දෙස බලා: ‘නුඹලා යුදෙව්වන් වනු. යහමග ගමන් කරනු ඇත’ යැයි පැවසූහ. කිතුනුවෝද: ‘නුඹලා කිතුනුවන් වනු. යහමග ගමන් කරනු ඇත.’ යැයි පැවසූහ. නබිවරය, ඔබ ඔවුනට පිළිතුරු වශයෙන්: ‘වැරදි දහම්වලින් දුරස්ව සත්ය දහම වෙත නැඹුරු වූ ඉබ්රාහීම්ගේ දහම අපි පිළිපදින්නෙමු. ඔහු කිසිවිටෙක අල්ලාහ් සමඟ කිසිවෙක් ආදේශ කළ අය අතුරින් කෙනෙකු නොවීය. යැයි පවසනු.
2:136Page 21
قُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ١٣٦
Say, [O believers], "We have believed in Allāh and what has been revealed to us and what has been revealed to Abraham and Ishmael and Isaac and Jacob and the Descendants [al-Asbāṭ]1 and what was given to Moses and Jesus and what was given to the prophets from their Lord. We make no distinction between any of them, and we are Muslims [in submission] to Him."
අහෝ දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුනි, මෙම වැරදි ඇරයුම කරන යුදෙව් හා කිතුනු ජනතාවට මෙසේ පවසනු: අපි අල්ලාහ් විශ්වාස කළෙමු. අප වෙත පහළ කළ කුර්ආනය ද විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් හා ඔහුගේ පුතුන් වන ඉස්මාඊල් ඉස්හාක් හා යඃකූබ් වෙත පහළ කළ දෑද විශ්වාස කළෙමු. යඃකූබ්ගේ දරුවන්ගෙන් පැවත ආ නබිවරුන්ට පහළ කළ දෑද විශ්වාස කළෙමු. අල්ලාහ් මූසා තුමාට පිරිනැමූ තව්රාත් හෙවත් තෝරාවද විශ්වාස කළෙමු. ඊසාට පිරිනැමූ ඉන්ජීලයද විශ්වාස කළෙමු. සියලු නබිවරුන්ට අල්ලාහ් පිරිනැමූ පුස්තක පිළිබඳ විශ්වාස කළෙමු. ඔවුන් කිසිවකු අතර වෙනස්කම් නොකරන්නෙමු. ඔවුන්ගෙන් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. ඔවුන් සියලු දෙනාව එකසේ විශ්වාස කරන්නෙමු. ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් යටහත් පහත් වන්නෙමු.
2:137Page 21
فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ١٣٧
So if they believe in the same as you believe in, then they have been [rightly] guided; but if they turn away, they are only in dissension, and Allāh will be sufficient for you against them. And He is the Hearing, the Knowing.
යුදෙව්වන් කිතුනුවන් හා දේව ප්රතික්ෂේපකයින් අතර සිටි වෙනත් අය ද නුඹලා විශ්වාස කළාක් මෙන් විශ්වාස කර සිටියේ නම්, අල්ලාහ් පිළිගත් මෙම ඍජු මාර්ගය වෙත ඔවුන් මඟ ලබනු ඇත. නබිවරුන් සියලු දෙනා හෝ ඔවුන්ගෙන් පිරිසක් හෝ බොරුකරමින් එම විශ්වාසයෙන් ඔවුන් දුරස් වූයේ නම් එවිට සැබැවින්ම ඔවුන් සිටිනුයේ මතුභේද හා සතුරුකම මතය. එහෙයින් අහෝ නබිවරය, නුඹ දුක් නොවනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පීඩාවන් සමනය කරයි. ඔවුන්ගේ නපුරුකම්වලින් ඔබව ආරක්ෂා කරයි. ඔවුනට එරෙහිව ඔබට උදව් කරයි. ඔහු ඔවුන් පවසන දෑට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනා හා ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences