Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Baqarah 2:196–219
2:196Page 30
وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ١٩٦
And complete the ḥajj and ʿumrah for Allāh. But if you are prevented, then [offer] what can be obtained with ease of sacrificial animals. And do not shave your heads until the sacrificial animal has reached its place of slaughter. And whoever among you is ill or has an ailment of the head [making shaving necessary must offer] a ransom of fasting [three days] or charity1 or sacrifice.2 And when you are secure,3 then whoever performs ʿumrah [during the ḥajj months]4 followed by ḥajj [offers] what can be obtained with ease of sacrificial animals. And whoever cannot find [or afford such an animal] - then a fast of three days during ḥajj and of seven when you have returned [home]. Those are ten complete [days]. This is for those whose family is not in the area of al-Masjid al-Ḥarām. And fear Allāh and know that Allāh is severe in penalty.
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හජ් හා උම්රා පූර්ණ ව ඉටු කරනු. යම් කිසි රෝගාබාධයකින් හෝ සතුරු උවදුරකින් හෝ ඒ දෙක පූර්ණ ව ඉටු කිරීමෙන් නුඹලා වළක්වනු ලැබුවේ නම් එහිදී නුඹලා ඉහ්රාමයෙන් ඉවත් වන බැවින් නුඹලාට කැප කිරීමට පහසු ඔටුවෙකු හෝ ගවයකු හෝ එළුවෙකු හෝ කපා හැරීම නුඹලා කෙරෙහි පැවරෙන වගකීමක් වනු ඇත. සත්වයා කපා හරින්නට සුදුසු ස්ථානය වෙත එම සත්වයා ළඟා වන තෙක් නුඹලාගේ හිසකෙස් අඩු හෝ මුඩු නොකරනු. නුඹලා හරම් සීමාව තුළ වළක්වනු ලැබුවේ නම් වළක්වනු ලැබූ කවර ස්ථානයක හෝ සත්වයෙකු කපා හරිනු. හරම් සීමා නොවන වෙනත් තැනක වළක්වනු ලැබුවේ නම් අවුරුදු දින හෝ ඉන් පසු ඇති අය්යාමුත් තෂ්රීක් දිනයන්හි හරම් සීමාව තුළ සත්වයකු කපා හරිනු. නුඹලා අතර යමෙකු රෝගී හේතුවෙන් හෝ උකුණන් පොඩු වැනි දෑ හිසෙහි ඇති වන රෝගී හේතුවෙන් හෝ හිස මුඩු ගාන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යා හෙවත් වන්දියක් පිරිනැමිය යුතුය. එනම් දින තුනක් උපවාසයේ නිරත වීම හෝ හරම් සීමාව තුළ සිටින දිළිඳුන් හැට දෙනෙකුට ආහාර සැපයීම හෝ එළුවෙකු කපා හරම් සීමාව තුළ සිටින දුගියන්ට බෙදා හැරීමයි. නමුත් මෙවන් බාධක වලින් ඉවත් ව නුඹලා කිසිදු බියකින් තොර ව සිටියදී හජ් සමයේ තමත්තුඃ ක්රමයට උම්රා ඉටු කරන්නට අපේක්ෂා කරන්නේ නම් එම වසරේ හජ් සඳහා ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ තවදුරටත් පිළිපැදිය යුතුය. නමුත් එය කඩ කොට භුක්ති වින්දේ නම් ඔහුට පහසු අයුරින් එළුවෙකු හෝ සත් දෙනෙකු ඒකතු වී එක් ඔටුවෙකු හෝ හරකෙකු හෝ කපා හැරිය යුතුය. එසේ සත්ව කැපයක් ලබා දීමට හැකියාවක් නොමැති විටෙක ඒ වෙනුවට වන්දනා කාලය තුළ දින තුනක් ද තම නිවස බලා නැවත පැමිණි පසු දින හතක් ද යනාකාරයෙන් සම්පූර්ණ වශයෙන් දින දහයක් උපවාසයේ නිරත විය යුතුය. සත්ව කැපකිරීම අනිවාර්යය කරන නැතහොත් එය පිරිනැමීමට නොහැකි වූ විට උපාවසය අනිවාර්යය කරන මෙම තමත්තුඃ ක්රමය හරම් සීමාව තුළ වාසය කරන්නන්හට නොව එම සීමාවෙන් පිටත වාසය කරන්නන් හා එම සීමාවට සමීපයෙන් පදිංචි ව සිටින්නන්හටය. හේතුව හරම් හි පදිංචිකරුවන් එම සීමාව තුළ සිටින විට තමත්තුඃ කිරීමේ අවශ්යතාවක් ඔවුනට නැත. උම්රා සමගම හජ් දක්වා තමත්තුඃ කිරීම වෙනුවට පොදුවේ තවාෆ් කිරීම ඔවුනට ප්රමාණවත් වන්නේය. අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිපදිමින් නුඹලා ඔහුට බැතිමත් වනු. ඔහුගේ සීමාවන්ට ගරු බුහුමන් කරනු. ඔහුගේ නියෝගය පිටුපාන්නන්හට සැබැවින්ම ඔහු දැඩි සේ දඬුවම් කරන බව දැන ගනු.
2:197Page 31
ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي ٱلۡحَجِّۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَتَزَوَّدُواْ فَإِنَّ خَيۡرَ ٱلزَّادِ ٱلتَّقۡوَىٰۖ وَٱتَّقُونِ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ١٩٧
Ḥajj is [during] well-known months,1 so whoever has made ḥajj obligatory upon himself therein [by entering the state of iḥrām], there is [to be for him] no sexual relations and no disobedience and no disputing during ḥajj. And whatever good you do - Allāh knows it. And take provisions, but indeed, the best provision is fear of Allāh. And fear Me, O you of understanding.
හජ් සමය සැවොම දන්නා මාසය. එනම් එය ෂව්වාල් මාසයේ ආරම්භ වී දුල් හිජ්ජා මාසයේ ආරම්භ දින දහයත් සමග අවසන් වේ. මෙම මාස වල කවරෙකුට හජ් අනිවාර්ය වී ඒ සඳහා ඔහු අධිෂ්ඨාන කළේ ද සංසර්ගයේ යෙදීම හා ඒ සඳහා වූ පෙර ඇසුර එම කාලය තුළ ඔහුට තහනම් වන්නේය. පාපකම් සිදු කොට අල්ලාහ්ට අකීකරු වීමෙන් ප්රවේශම් වී එහි ගෞරවය තහවුරු කළ යුතුය. හජ් සමය හා එම ස්ථානය ඉමහත් ගෞරවයට ලක් විය යුත්තකි. එහි කෝපය හා නොමනා විවාදයට ඉඩ දෙන වාද කිරීම් තහනම්ය. නුඹලා යම් යහපතක් කරන්නේද ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. හජ් වගකීම ඉටු කිරීම සඳහා අවශ්ය ආහාරපාන හා කළමනා පොදි බැඳ ගනු. එසේ තම අවශ්යතාව සඳහා පොදි බැඳගන්නා සියලු දෑට වඩා උතුම් වනුයේ තක්වා හෙවත් අල්ලාහ් පිළිබඳ වූ මතකය හා බැතිමත්භාවයයි. එහෙයින් මනා බුද්ධිය ඇත්තනි, නුඹලා මාගේ නියෝග පිළිපැද මා තහනම් කළ දැයින් වැළකී මට බිය වනු.
2:198Page 31
لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡۚ فَإِذَآ أَفَضۡتُم مِّنۡ عَرَفَٰتٖ فَٱذۡكُرُواْ ٱللَّهَ عِندَ ٱلۡمَشۡعَرِ ٱلۡحَرَامِۖ وَٱذۡكُرُوهُ كَمَا هَدَىٰكُمۡ وَإِن كُنتُم مِّن قَبۡلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ ١٩٨
There is no blame upon you for seeking bounty1 from your Lord [during ḥajj]. But when you depart from ʿArafāt, remember Allāh at al-Mashʿar al-Ḥarām.2 And remember Him, as He has guided you, for indeed, you were before that among those astray.
හජ් සමය තුළ අනුමත ව්යාපාර කටයුතු හරහා ධනය ඉපැයීම නුඹලා කෙරෙහි වරදක් නැත. හජ් මස නව වැනි දින අරෆාවෙහි රැදී සිටීමෙන් පසු ඉන් පිටත් ව දස වැනි දින රාත්රියේ මුස්දලිෆා බලා යන්නේ නම් තස්බීහ් හෙවත් සුබ්හානල්ලා යැයි අල්ලාහ්ව සුවිශුද්ධ කරනු. තහ්ලීල් හෙවත් ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි පවසා අල්ලාහ් ට පමණක් දේවත්වය පුද කරනු. මුස්දලිෆාවෙහි අල් මෂ්අරිල් හරාම් නම් ස්ථානයේ ප්රාර්ථනාවේ නිරත වනු. උදාර ඉස්ලාම් දහම වෙත අල්ලාහ් නුඹලාට මගපෙන්වා තීබීම හා ඔහුගේ නිවසෙහි හජ් වන්දනා ඉටු කිරීමට මගපෙන්වා තිබීම හේතුවෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. මීට පෙර නුඹලා එහි පිළිවෙත් පිළිබඳ සැලකිල්ලෙන් පසු වූයේ නැත.
2:199Page 31
ثُمَّ أَفِيضُواْ مِنۡ حَيۡثُ أَفَاضَ ٱلنَّاسُ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١٩٩
Then depart from the place from where [all] the people depart and ask forgiveness of Allāh. Indeed, Allāh is Forgiving and Merciful.
අරෆාවෙහි රැඳී නොසිටින ඇතැම් අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් නොව ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළ ජනයා සිදු කරන්නාක් මෙන් අරෆාහි රැඳී සිට පසුව ඉන් ඉවත් ව යනු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කිරීමෙහි සිදු වූ අඩුපාඩු සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගෙන් පාප සමාව අයැද සිටින තම ගැත්තන් ප්රිය කරන්නේය. ඔහු ඔවුන් වෙත මහා කාරුණිකය.
2:200Page 31
فَإِذَا قَضَيۡتُم مَّنَٰسِكَكُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَذِكۡرِكُمۡ ءَابَآءَكُمۡ أَوۡ أَشَدَّ ذِكۡرٗاۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖ ٢٠٠
And when you have completed your rites, remember Allāh like your [previous] remembrance of your fathers or with [much] greater remembrance. And among the people is he who says, "Our Lord, give us in this world," and he will have in the Hereafter no share.
නුඹලා හජ් කටයුතු නිමා කළ විට නුඹලා නුඹලාගේ මුතුන්මිත්තන් සාඩම්භරයෙන් මෙනෙහි කරනවාක් මෙන් හෝ ඊටත් වඩා වැඩියෙන් නුඹලා අල්ලාහ් මෙනෙහි කරනු. ඔහුට ප්රශංසා කරනු. නුඹලා භුක්ති විඳින සියලු ආශිර්වාදයන් නුඹලාට හිමි වූයේ ඔහුගෙනි. නමුත් ජනයා විවිධ මත දරති. ඔවුන් අතර මෙලොව ජීවිතයට පමණක් මුල් තැන දී සත්යය විශ්වාස නොකරන දෙවියන්ට ආදේශ තබන ප්රතික්ෂේප කරන්නන් ද වෙති. මෙලොව ජීවිතයේ නීරෝගිකම ධනය හා දරුවන් වැනි සුව සම්පත් හා අලංකාරය පමණක් මිස වෙනත් කිසිවක් ඔවුහු තම පරමාධිපතිගෙන් අයැද නොසිටිති. ඔවුන් මතු ලොව පිටුපා මෙලොව පමණක් තම ආශාව බවට පත් කර ගත් බැවින් මතු ලොවෙහි දෙවියන් විශ්වාස කරන ගැත්තන්හට සූදානම් කර ඇති කිසිදු භාග්යයක් ඔවුනට හිමි නැත.
2:201Page 31
وَمِنۡهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ ٢٠١
But among them is he who says, "Our Lord, give us in this world [that which is] good and in the Hereafter [that which is] good and protect us from the punishment of the Fire."
එම මිනිසුන් අතර මතු ලොව විශ්වාස කරන දේව විශ්වාසවන්ත පිරිසක් ද වෙති. ඔවුන් ස්වර්ග ජයග්රහණය හා නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂාව පතා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිනවාක් මෙන්ම මෙලොව සැපත හා එහි දැහැමි ක්රියාවන් සිදු කිරීම ගැන ද තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිති.
2:202Page 31
أُوْلَٰٓئِكَ لَهُمۡ نَصِيبٞ مِّمَّا كَسَبُواْۚ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ ٢٠٢
Those will have a share of what they have earned, and Allāh is swift in account.
ඔවුහු මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත අයැද සිටින්නන් වෙති. දැහැමි ක්රියාවන් තුළින් මෙලොව ඔවුන් උපයා ගත් දෑ සඳහා ඉමහත් කුසලින් කොටසක් ඔවුනට ඇත. තවද අල්ලාහ් එම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
2:203Page 32
۞ وَٱذۡكُرُواْ ٱللَّهَ فِيٓ أَيَّامٖ مَّعۡدُودَٰتٖۚ فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ إِلَيۡهِ تُحۡشَرُونَ ٢٠٣
And remember Allāh during [specific] numbered days. Then whoever hastens [his departure] in two days - there is no sin upon him; and whoever delays [until the third] - there is no sin upon him - for him who fears Allāh. And fear Allāh and know that unto Him you will be gathered.
අල්ලාහ් අති ශ්රේෂ්ඨය යන තේරුම ගෙන දෙන ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් තක්බීර් හා නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත යන තේරුම ගෙන දෙන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යනුවෙන් දින කිහිපයක් තහ්ලීල් පවසමින් අල්ලාහ් මෙනෙහි කරනු. ඒවානම් හජ් මාසයේ එකොළහ දොළහ හා දහතුන් වන දින වෙති. නමුත් කිසිවකු දොළොස්වන දින ගල් ගැසීමෙන් පසු කලින්ම පිටත් ව යන්නේ නම් ඒ සඳහා ඔහුට අවසරය ඇත. එහි පාපයක් නැත. එය අල්ලාහ් ඔහුට පිරිනමා ඇති සහනයක් වන බැවිනි. ගල් ගසා අවසන් කරන තෙක් ඔහු දහතුන් වන දින දක්වාම ප්රමාද වී, පසුව ඉන් පිට වී යන්නේ නම් ඒ සඳහා ද ඔහුට අවසරය ඇත. එහි ද වරදක් නැත. එහිදී ඔහු එය පූර්ණ ව සිදු කර ඇත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කළ ක්රියාව අනුගමනය කර ඇත. මේ සියල්ල හජ් වන්දනාව තුළ අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන්හට පිරිනමා ඇති ආශිර්වාද වෙති. අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේ ද ඒ අනුව ඔහු කටයුතු කළ යුතු ව ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදමින් ඔහු වැළැක් වූ දැයින් වැළකී නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. නියත වශයෙන්ම නුඹලා ඔහු වෙතට පමණක් හැරෙන බවත් යොමු වන බවත් තරයේ විශ්වාස කරනු. නුඹලා සිදු කරන ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
2:204Page 32
وَمِنَ ٱلنَّاسِ مَن يُعۡجِبُكَ قَوۡلُهُۥ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيُشۡهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِي قَلۡبِهِۦ وَهُوَ أَلَدُّ ٱلۡخِصَامِ ٢٠٤
And of the people is he whose speech pleases you in worldly life, and he calls Allāh to witness as to what is in his heart, yet he is the fiercest of opponents.
අහෝ! නබිවරය, මෙලොවෙහි තම කතාවෙන් නුඹ ව රැවටීමට පත් කරන කුහකයින් ද ජනයා අතර වෙති. ඔවුන් සත්යය පවසන බවත් උපදෙස් කරන බවත් නුඹ සිතන තරමට මනා වාග් ශෛලයකින් යුතු ව ඔවුන් කතා කරනු නුඹ දකින්නෙහිය. ඔහු එයින් අපේක්ෂා කරනුයේ තමන් හා තම වස්තුව ආරක්ෂා කර ගැනීමය. ඔහුගේ සිත දේව විශ්වාසය හා යහපත මත පිහිටා ඇති බවට බොරු පවසමින් අල්ලාහ් මත සාක්ෂි දරා පවසයි. නමුත් ඔහු මුස්ලිම්වරුන්ගේ දැඩි සතුරෙකි. දැඩි ලෙස තර්ක කරන්නෙකි.
2:205Page 32
وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ ٢٠٥
And when he goes away, he strives throughout the land to cause corruption therein and destroy crops and animals. And Allāh does not like corruption.
ඔහු නුඹෙන් වෙන් ව දුරස්ව ගිය විට මහපොළොවේ පාපකම් සිදු කොට කලහකම් ඇති කිරීමට උත්සාහ දරයි. ගොවිබිම් මෙන්ම ගොවිපළ සතුන් ද විනාශ කර දමයි. මහපොළොවේ එවන් කලහකම් සිදුවීම අල්ලාහ් ප්රිය නොකරන අතරම එසේ සිදුකරන්නන් ද ඔහු ප්රිය කරන්නේ නැත.
2:206Page 32
وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ ٢٠٦
And when it is said to him, "Fear Allāh," pride in the sin takes hold of him. Sufficient for him is Hellfire, and how wretched is the resting place.
ඒ කලහකාරියාට උපදෙස් මාර්ගයෙන් අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී ඔහුට බැතිමත් වනු යැයි පවසනු ලැබූ විට ඔහුගේ හිතුවක්කාරකම හා අහංකාරකම සත්යය වෙත යොමු වීමට ඔහු ව වැළැක්වීය. ඔහු පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටියේය. ඔහුට ප්රමාණවත් ඔහුගේ ප්රතිවිපාකය ඔහු නිරයට පිවිසීමය. එහි වැසියන් වෙනුවෙන් වෙන් කර ඇති වාසස්ථානය හා නවාතැන ඉතා බිහිසුණුය.
2:207Page 32
وَمِنَ ٱلنَّاسِ مَن يَشۡرِي نَفۡسَهُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِۚ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ ٢٠٧
And of the people is he who sells himself, seeking means to the approval of Allāh. And Allāh is Kind to [His] servants.
තම ජීවිතය පරදුවට තබා තම පරමාධිපතිට යටහත් වී ක්රියා කරන ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරමින් ඔහුගේ මාර්ගයේ කැප වන අය ද මිනිසුන් අතර වෙති. අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි මහත් සේ කරුණාභරිතය. ඔහු ඔවුනට දයානුකම්පිතය.
2:208Page 32
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ٢٠٨
O you who have believed, enter into Islām completely [and perfectly] and do not follow the footsteps of Satan. Indeed, he is to you a clear enemy.
අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින සත්යය විශ්වාස කරන්නනි, ඉස්ලාමය තුළට පූර්ණ ලෙස පිවිසෙනු. ආගම් ලත් ජනයා දේව විශ්වාසය සම්බන්ධයෙන් තමන්ට පහළ වූ පුස්තකයෙන් කොටසක් අතහැර දමා තවත් කොටසක් ප්රතික්ෂේප කළාක් මෙන් නුඹලා ඉන් කිසිවක් අතහැර නොදමනු. ෂෙයිතාන්ගේ මාර්ග පිළිපැදීමෙන් වැළකෙනු. සැබැවින්ම ඔහු හෙළි පිටම නුඹලාගේ ප්රකට සතුරෙකි.
2:209Page 32
فَإِن زَلَلۡتُم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡكُمُ ٱلۡبَيِّنَٰتُ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ٢٠٩
But if you slip [i.e., deviate] after clear proofs have come to you, then know that Allāh is Exalted in Might and Wise.
කිසිදු සැකයකට ඉඩ නැති පැහැදිළි සාධක නුඹලා වෙත පැමිණි පසු නුඹලා අතුරින් කවරෙකු හෝ ඉන් ලිස්සී වෙනතකට යොමු වන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ බලයේ හා ඔහුගේ පාලනයේ සර්ව බලධාරී බව දැන ගනු. ඔහු, ඔහුගේ සැලසුම් වලදී හා ආගමානුගත කිරීමෙහි වඩාත් ප්රඥාවන්ත බවත් දැන ගනු. එහෙයින් නුඹලා ඔහුට බිය වී ඔහුට ගරු බුහුමන් කරනු.
2:210Page 32
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن يَأۡتِيَهُمُ ٱللَّهُ فِي ظُلَلٖ مِّنَ ٱلۡغَمَامِ وَٱلۡمَلَٰٓئِكَةُ وَقُضِيَ ٱلۡأَمۡرُۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٢١٠
Do they await but that Allāh should come to them in covers of clouds and the angels [as well] and the matter is [then] decided? And to Allāh [all] matters are returned.
සත්යයෙන් නැඹුරු වී ෂෙයිතාන්ගේ මග පිළිපදින්නන් වන මොවුහු අපේක්ෂා කරනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තියෙන් පිරුණු සුවිශුද්ධ අල්ලාහ් සමග සම්බන්ධ යමක් ඔවුන් අතරට අල්ලාහ් ගෙන ඒමය. එනම් ඔවුන් අතර තීන්දු දෙනු පිණිස ඔහු වලාකුළු හෙවණැලි අතරින් පැමිණ, සෑම දෙසකින්ම ඔවුන් පිරිවරාගෙන මලක්වරුන් ඔවුන් වෙත පැමිණ ඒ අවස්ථාවේ ඔවුන් අතර අල්ලාහ්ගේ තීන්දුව ක්රියාත්මක කරනු ලැබ එය අවසන් කිරීමය. සියලු මැවීම්හි කටයුතු හා ඔවුන්ගේ සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත පමණි.
2:211Page 33
سَلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ كَمۡ ءَاتَيۡنَٰهُم مِّنۡ ءَايَةِۭ بَيِّنَةٖۗ وَمَن يُبَدِّلۡ نِعۡمَةَ ٱللَّهِ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٢١١
Ask the Children of Israel how many a sign of evidence We have given them. And whoever exchanges the favor of Allāh [for disbelief] after it has come to him - then indeed, Allāh is severe in penalty.
අහෝ! නබිවරය, ඉස්රාඊල් දරුවන්හට අප්රසාදය පල කරමින් ඔවුන්ගෙන් මෙසේ අසනු. රසූල්වරුන් සත්යවාදීන් බව තහවුරු කරමින් කෙතරම් සාක්ෂි හා සාධක අල්ලාහ් නුඹලාට පැහැදිලි කර තිබේද? නමුත් නුඹලා ඒවා බොරු කළෙහුය. ඒවාට පිටුපෑවෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාදය හඳුනාගත් පසු එය හෙළි වූ පසු කවරෙකු එය ප්රතික්ෂේප කොට බොරු කර වෙනස් කරන්නේද සැබැවින්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට දැඩි සේ දඞුවම් පමුණුවන බව දැන ගත යුතුය.
2:212Page 33
زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَيَسۡخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْۘ وَٱلَّذِينَ ٱتَّقَوۡاْ فَوۡقَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ٢١٢
Beautified for those who disbelieve is the life of this world, and they ridicule those who believe. But those who fear Allāh are above them on the Day of Resurrection. And Allāh gives provision to whom He wills without account.
අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට මෙලොව ජීවිතය හා එහි ඇති අල්ප සතුටත්, තාවකාලික සුවයත් අලංකාර කර පෙන්වන ලදී, ඔවුහු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කළවුන් සමච්චලයට භාජනය කරති. අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු වැළැක්වූ දෑ අතහැර දමා, ඔහු කෙරෙහි බැතිමත්වූවන් මතු ලොවෙහි ඔවුනට වඩා ඉහළින් සිටිනු ඇත. එය අල්ලාහ් උසස් ස්වර්ග උයන් වලට මොවුන් ඇතුළු කරවීමෙනි. අල්ලාහ් තමන් අභිමත කරන මැවීමකටම කිසිදු ගණන් කිරීමකින් හෝ සීමා කිරීමකින් තොරව ආශිර්වාද පිරිනමනු ඇත.
2:213Page 33
كَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِۚ وَمَا ٱخۡتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ بَغۡيَۢا بَيۡنَهُمۡۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخۡتَلَفُواْ فِيهِ مِنَ ٱلۡحَقِّ بِإِذۡنِهِۦۗ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٍ ٢١٣
Mankind was [of] one religion [before their deviation]; then Allāh sent the prophets as bringers of good tidings and warners and sent down with them the Scripture in truth to judge between the people concerning that in which they differed. And none differed over it [i.e., the Scripture] except those who were given it - after the clear proofs came to them - out of jealous animosity among themselves. And Allāh guided those who believed to the truth concerning that over which they had differed, by His permission. And Allāh guides whom He wills to a straight path.
ෂෙයිතාන් මිනිසා නොමග යවා දෙවියන් විශ්වාස කරන හා දෙවියන් විශ්වාස නොකරන දෙපිරියක් බවට පත් කරන තෙක් මිනිසා එකම සමූහයක් ලෙස ඔවුන්ගේ ආදි පියා වූ ආදම්ගේ දහම පිළිපඳිමින් යහමග මත පිහිටා සිටියහ. ඒ අනුව, අල්ලාහ් විශ්වාස කරන ඔහු පිළිපදින සමූහයාට තම කරුණාව තුළින් ඔවුනට ඔහු සූදානම් කර ඇති දෑ පිළිබඳ ශුභාරංචි දන්වන දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට ඔහු ප්රතිඥා දී ඇති දැඩි දඬුවම පිළිබඳ අවවාද කරන රසූල්වරුන් එවීය. එමෙන්ම කිසිදු සැකයකට ඉඩක් නැති සත්ය කරුණු මත පදනම් වූ පුස්තක ද එම රසූල්වරුන් සමගම පහළ කළේය. එය ජනයා කවර කරුණක් මත භේදබින්න වී සිටින්නේද ඒ ගැන ඔවුන් තීන්දු දීම පිණිසය. තව්රාතයේ දැනුම පිරිනැමූ යුදෙව්වන් හට සැබැවින්ම ඔහු අබියස ඇති දෑ සත්යය බවට සාක්ෂි සාධක පැමිණීමෙන් පසු ව මිස ඔවුන් තව්රාතය සම්බන්ධයෙන් මත භේද ඇති කර ගත්තේ නැත. එහි මත භේද ඇති කර ගන්නට තරම් කිසිවක් එහි නොවීය. එසේ ඔවුන් අපරාධකාරී ලෙස එය හෙළා දැක්කෝය. අල්ලාහ්ගේ අනුමැතිය හා අභිමතය පරිදි නොමගින් යහමග හඳුනා ගැනීම සඳහා අවස්ථාව පාදා දෙමින් ඔහු මුඃමින්වරුන් උසස් කළේය. ඒ අනුව තමන් අභිමත කරන්නන් ඔහු ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු අඩුවක් දැකිය නොහැක. එය සැබෑ දේව විශ්වාසයේ මාර්ගයයි.
2:214Page 33
أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَأۡتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۖ مَّسَّتۡهُمُ ٱلۡبَأۡسَآءُ وَٱلضَّرَّآءُ وَزُلۡزِلُواْ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ مَتَىٰ نَصۡرُ ٱللَّهِۗ أَلَآ إِنَّ نَصۡرَ ٱللَّهِ قَرِيبٞ ٢١٤
Or do you think that you will enter Paradise while such [trial] has not yet come to you as came to those who passed on before you? They were touched by poverty and hardship and were shaken until [even their] messenger and those who believed with him said, "When is the help of Allāh?" Unquestionably, the help of Allāh is near.
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට පෙර විසූ මුතුන්මිත්තන්හට ඇති වූ පරීක්ෂණ මෙන් කිසිදු පරීක්ෂණයක් නුඹලාට ඇති නොවී නුඹලා ස්වර්ගයට පිවිසිය හැකි යැයි නුඹලා සිතන්නෙහුද? දිළිඳුකම හා රෝගී බව දැඩි සේ ඔවුන් වෙළා ගත්තෝය. භයානක ලෙස ඔවුන් ඇද වැටිණ. අල්ලාහ්ගේ උදව් ඉක්මණින් පතන තරමට ඔවුන්ට මහත් සේ පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු විය. රසූල්වරයා ද ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් ද අල්ලාහ්ගේ උදව් එනුයේ කවදාදැයි විමසා සිටියහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය, ඔහු ව විශ්වාස කරන්නන්හට ඔහු කෙරෙහි සියල්ල භාරකරන්නන්හට සමීපයෙන්ම ඇති බව දැන ගනු.
2:215Page 33
يَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلۡ مَآ أَنفَقۡتُم مِّنۡ خَيۡرٖ فَلِلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ ٢١٥
They ask you, [O Muḥammad], what they should spend. Say, "Whatever you spend of good is [to be] for parents and relatives and orphans and the needy and the traveler. And whatever you do of good - indeed, Allāh is Knowing of it."
අහෝ නබිවරය, නුඹගේ මිතුරන් ඔවුන්ගේ විවිධාකාර සම්පත් අතුරින් වියදම් කළ යුත්තේ කුමක් ද, ඒවා තැබිය යුත්තේ කොහේදැයි ඔබෙන් විමසති. ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. නුඹලා වියදම් කරන දෑ යහපත් විය යුතුයි. ඒනම් අනුමත හා පිරිසිදු දෑ විය යුතුයි. එය දෙමව්පියන්ටත් අවශයතාවෙන් පෙළෙන නුඹලාගේ සමීප ඥාතීන්ටත් අවශ්යතා ඇති අනාථ දරුවන්ටත් ධනය නොමැති අසරණයින්ටත් තම දේශය හා තම ජාතීන් අහිමිව සිටින මගියාටත් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කවර යහපතක් සිදු කළ ද එය කුඩා හෝ මහා පරිමානයෙන් වුවද සැබැවින්ම ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගෙන් කිසිවක් සැගවෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
2:216Page 34
كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٢١٦
Battle has been enjoined upon you while it is hateful to you. But perhaps you hate a thing and it is good for you; and perhaps you love a thing and it is bad for you. And Allāh knows, while you know not.
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සහජයෙන්ම නුඹලා පිළිකුල් කළ ද ධනය හා ජීවිත පරිත්යාගයක් එහි ඇති බැවින් නුඹලා වෙත අල්ලාහ් එය අනිවාර්යය කොට ඇත. නුඹලා යමක් පිළිකුල් කළ හැකිය. එය සිදුවීම නුඹලාට යහපත් මෙන්ම ප්රයෝජනවත් වන්නට පුළුවනි. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම එයට උපමාවකි. එහි ඇති කුසලෙහි මහඟුතාව සමගම සතුරන්ට එරෙහි ව ජයත් ඇත. එමෙන්ම එය අල්ලාහ්ගේ වදන උසස් කරවයි. එමෙන්ම නුඹලා යමක් ප්රිය කළ හැක. එය නුඹලාට අයහපත් මෙන්ම නුඹලාට විනාශය ගෙන දෙන්නක් වන්නට පුළුවනි. දිවිපුදමින් සටන් නොකර පසුබෑම මෙනි. හේතුව එහි පරාජය ඇති සේම සතුරන්ගේ යටත් විජිතයින් බවට පත් වීම ද ඇත. සියලු කටයුතු වල යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් පූර්ණ දැනුමෙන් පසුවන්නේය. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය. එහෙයින් ඔහුගේ අණට පිළිතුරු දෙනු. එහි නුඹලාට යහපත ඇත.
2:217Page 34
يَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢١٧
They ask you about the sacred month1 - about fighting therein. Say, "Fighting therein is great [sin], but averting [people] from the way of Allāh and disbelief in Him and [preventing access to] al-Masjid al-Ḥarām and the expulsion of its people therefrom are greater [evil] in the sight of Allāh. And fitnah2 is greater than killing." And they will continue to fight you until they turn you back from your religion if they are able. And whoever of you reverts from his religion [to disbelief] and dies while he is a disbeliever - for those, their deeds have become worthless in this world and the Hereafter, and those are the companions of the Fire; they will abide therein eternally.
අහෝ! නබිවරය, දුල් කඃදා, දුල් හිජ්ජා, අල් මුහර්රම් හා රජබ් යන ගෞරවනීය ශුද්ධ මාසවල යුද මෙහෙයවීමේ නීතිය පිළිබඳ මිනිසුන් නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසන්න. මෙම මාසවල යුද මෙහෙයවීම අල්ලාහ් අබියස බැරෑරුම් සග පිළිකුල් කටයුත්තකි. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළක්වන්නට දෙවියන්ට ආදේශ තැබුුවන් ගත් ක්රියාමාර්ග අප්රසන්න කටයුත්තක් වීමත් එලෙසමය. ශුද්ධ මස්ජිදය වන මස්ජිදුල් හරාමයෙන් දෙවියන් විශ්වාස කරන්නන් වැළැක්වීමත් එහි වැසියන් ඒයින් බැහැර කිරීමත් එම ශුද්ධ මාසවල යුද මෙහෙයවීමට වඩා අල්ලාහ් අබියස බරපතල කරුණක් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ට ආදේශ තබන්නන් නුඹලාගේ සත්යය දහමින් පෙරළා ඔවුන්ගේ වැරදි දහම වෙත නුඹලා නැවත හරවන තෙක් ඒ සඳහා හැකියාව ඔවුනට ඇත්තේ නම් එසේ සිදුකරමින්ම සිටිති. නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ දහමින් හැරී අල්ලාහ් ප්රතික්ෂේප කරන තත්ත්වය මත සිටම මරණයට පත් වන්නේද සැබැවින්ම ඔහු ඔහුගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල කර ගත්තේය. මතු ලොවෙහි ඔහු පිවිසෙනුයේ නිරය වෙතය. එය ඔහුගේ සදාතනික නිවහන බවට පත් වන්නේය.
2:218Page 34
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ أُوْلَٰٓئِكَ يَرۡجُونَ رَحۡمَتَ ٱللَّهِۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٢١٨
Indeed, those who have believed and those who have emigrated and fought in the cause of Allāh - those expect the mercy of Allāh. And Allāh is Forgiving and Merciful.
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නන් හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් තම දේශය අතහැර දේශාවතරණය කළවුන් අල්ලාහ්ගේ වදන සියල්ලට ඉහළින් වැජඹෙන්නට අරගල කළවුන් වන මොවූහු අල්ලාහ්ගේ කරුණාවෙහි හා ඔහුගේ සමාවෙහි භුක්ති විඳිනු ඇත. තවද අල්ලාහ්් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
2:219Page 34
۞ يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِۖ قُلۡ فِيهِمَآ إِثۡمٞ كَبِيرٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثۡمُهُمَآ أَكۡبَرُ مِن نَّفۡعِهِمَاۗ وَيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلِ ٱلۡعَفۡوَۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ٢١٩
They ask you about wine1 and gambling. Say, "In them is great sin and [yet, some] benefit for people. But their sin is greater than their benefit." And they ask you what they should spend. Say, "The excess [beyond needs]." Thus Allāh makes clear to you the verses [of revelation] that you might give thought
අහෝ! නබිවරය, සිහි බුද්ධිය විකල් කරවන මත්ද්රව්ය පිළිබඳ නීතිය නුඹේ මිතුරන් නුඹගෙන් විමසා සිටිති. එය පානය කිරීම එය විකිණීම එය මිලට ගැනීම යනාදීයෙහි නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එමෙන්ම සූදු කෙළීම පිළිබඳ නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එනම් තරගයකට සහභාගී වන දෙපාර්ශවය යම් මුදලක් යොදා ඉන් ජය ලැබූ පිරිස එම ධනය තමන් සතු කර ගැනීමය. නුඹ පිළිතුරු වශයෙන් ඔවුනට මෙසේ පවසනු. ඒ දෙකෙහිම විපාක ඇත. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් එහි හානිය බහුලය. සිහිබුද්ධිය විකල්වීම ධනය නාස්ති වීම සතුරුකම හා ක්රෝධය ඇති වීම වැනි හානිදායක දෑ ඇති සේම මුදල්මය වශයෙන් යමක් ඉපැයීම වැනි අල්ප ප්රයෝජනද ඇත. නමුත් ඒ දෙකෙහි හානිය හා ඒ දෙකින් ඇති වන පාපය ඒ දෙකෙහි ප්රයෝජනයට වඩා බරපතලය. එහි යහපතට වඩා අධික ව ඇත්තේ හානියයි. එහෙයින් බුද්ධිමතා එයින් වැළකී සිටියි. අල්ලාහ්ගෙන් පැමිණි මෙම උපදෙස මත්ද්රව්ය තහනම් කිරීමේ ආරම්භක අදියර විය. අහෝ නබිවරය! නුඹේ මිතුරන් අමතර හා අතිරේක වශයෙන් තම ධනයෙන් තමන් වියදම් කළ යුතු ප්රමාණය නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන්, නුඹලාගේ අවශ්යතාවන්ට අමතර ව ඇති නුඹලාගේ ධනයෙන් නුඹලා වියදම් කරනු යැයි පවසනු. (මෙය ආරම්භක නියෝගය විය. පසු ව අල්ලාහ් නියමිත ධනයෙන් නියමිත කොටසක් නිකුත් කිරීමේ අනිවාර්යය සකාත් පිළිවෙත ආගමානුගත කළේය.) සැකයකට ඉඩ නැති මෙවැනි විස්තර පැහැදිලි කර ඇත්තාක් මෙන්ම නුඹලා වටහා ගනු පිණිස ආගමික නීති රීති ද අල්ලාහ් නුඹලාට පැහැදිලි කරයි.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences