Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Baqarah 2:38–74
2:38Page 7
قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٣٨
We said, "Go down from it, all of you. And when guidance comes to you from Me, whoever follows My guidance - there will be no fear concerning them, nor will they grieve.
ඔවුනට අපි මෙසේ පැවසුවෙමු: 'නුඹලා සියලු දෙනා ස්වර්ගයෙන් පොළොවට බසිනු. මාගේ දූතවරුන් වෙතින් කවර මඟ පෙන්වීමක් නුඹලා වෙත පැමිණ, පසු ව එය කවුරුන් පිළිපැද මාගේ දූතවරුන් විශ්වාස කර සිටියේ ද ඔවුනට මතුලොවෙහි බියවන්නට හේතුවක් නැත. මෙලොව ඔවුනට අතපසු වූ දෑ කෙරෙහි ඔවුහු දුකට ද පත් නොවෙති.
2:39Page 7
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٣٩
And those who disbelieve and deny Our signs - those will be companions of the Fire; they will abide therein eternally."
අප ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරා ගින්නේ වෙසෙන පිරිස වනුයේ.
2:40Page 7
يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَوۡفُواْ بِعَهۡدِيٓ أُوفِ بِعَهۡدِكُمۡ وَإِيَّٰيَ فَٱرۡهَبُونِ ٤٠
O Children of Israel, remember My favor which I have bestowed upon you and fulfill My covenant [upon you] that I will fulfill your covenant [from Me], and be afraid of [only] Me.
අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! අඛණ්ඩව ඔබ වෙත අල්ලාහ් පිරිනමා තිබූ ආශිර්වාද ගැන මදක් මෙනෙහි කර බලනු. ඒ සඳහා නුඹලා තුතිවන්ත වනු. මා ගැන විශ්වාස කිරීම, මාගේ දූතයාණන් විශ්වාස කිරීම හා මාගේ පිළිවෙත ක්රියා කිරීම යනාදී සම්බන්ධයෙන් නුඹලා සමඟ මා ඇති කර ගත් ගිවිසුම නුඹලා ඉටු කරනු. එසේ නුඹලා එය ඉටු කර සිටියේ නම් මෙලොව යහපත් ජීවිතයක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යහපත් ප්රතිඵල වැනි නුඹලා වෙත මා විසින් කර ඇති පොරොන්දු මම ඉටු කර දෙමි. එහෙයින් මට පමණක් බියවනු. මාගේ ගිවිසුම කඩ නොකරනු.
2:41Page 7
وَءَامِنُواْ بِمَآ أَنزَلۡتُ مُصَدِّقٗا لِّمَا مَعَكُمۡ وَلَا تَكُونُوٓاْ أَوَّلَ كَافِرِۭ بِهِۦۖ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗا وَإِيَّٰيَ فَٱتَّقُونِ ٤١
And believe in what I have sent down confirming that which is [already] with you, and be not the first to disbelieve in it. And do not exchange My signs for a small price, and fear [only] Me.
තව්රාත් හෙවත් තොරාව වෙනස් කිරීමට පෙර අල්ලාහ්ගේ ඒකීයභාවය සම්බන්ධයෙන් එහි වූ කරුණුවලට එකඟව මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත මා පහළ කළ කුර්ආනය ද මුහම්ද් තුමාගේ නබිත්වය ද නුඹලා විශ්වාස කරනු. එය ප්රතික්ෂේප කරන පිරිස අතුරින් ප්රමුඛයින් වීමෙන් වැළකී සිටිනු. මාගේ වදන් විවිධ ලාභ ප්රයෝජන හා නායකත්වය මුල් කරගෙන සුළු මිලකට නොවිකනනු. තවද මාගේ උදහස හා දඬුවමට බියවනු.
2:42Page 7
وَلَا تَلۡبِسُواْ ٱلۡحَقَّ بِٱلۡبَٰطِلِ وَتَكۡتُمُواْ ٱلۡحَقَّ وَأَنتُمۡ تَعۡلَمُونَ ٤٢
And do not mix the truth with falsehood or conceal the truth while you know [it].
මාගේ දූතයාණන් වෙත මා පහළ කළ සත්යය නුඹලා ගෙතූ බොරු සමඟ මුසු නොකරනු. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ ගුණාංග පිළිබඳ නුඹලාගේ ග්රන්ථයේ පැමිණ ඇති සත්යයන් නුඹලා දැනුවත් ව එය නුඹලා විශ්වාස කරමින්ම වසන් නොකරනු.
2:43Page 7
وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱرۡكَعُواْ مَعَ ٱلرَّٰكِعِينَ ٤٣
And establish prayer and give zakāh1 and bow with those who bow [in worship and obedience].
නුඹලා සලාතය එහි අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු හා සුනන් හෙවත් නබි ක්රමවේද පිළිපඳිමින් ඉටු කරනු. නුඹලාගේ දෝතට අල්ලාහ් පිරිනැමූ නුඹලාගේ ධනයෙන් සකාත් නිකුත් කරනු. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ප්රජාව අතුරින් අල්ලාහ්ට යටහත් වන්නන් සමග එක් වී නුඹලා ද අල්ලාහ්ට යටහත් වනු.
2:44Page 7
۞ أَتَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبِرِّ وَتَنسَوۡنَ أَنفُسَكُمۡ وَأَنتُمۡ تَتۡلُونَ ٱلۡكِتَٰبَۚ أَفَلَا تَعۡقِلُونَ ٤٤
Do you order righteousness of the people and forget1 yourselves while you recite the Scripture? Then will you not reason?
අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ද දැහැමි කටයුතු කරන මෙන් ද තම දූතයාණන් සත්යය බව විශ්වාස කරන මෙන් ද තව්රාතයේ අල්ලාහ් නියෝග කර ඇති දෑ නුඹලා දැන දැනම, එය කියවමින් නුඹලා නුඹලාව අමතක කර දමා දෙවියන් විශ්වාස කරන මෙන් හා දැහැමි කටයුතු කරන මෙන් සෙසු ජනයාට අණ කර සිටීම කෙතරම් නම් පිළිකුල් සහගත ද!
2:45Page 7
وَٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلۡخَٰشِعِينَ ٤٥
And seek help through patience and prayer; and indeed, it is difficult except for the humbly submissive [to Allāh]
අල්ලාහ් වෙත නුඹලාව සමීප කරවන, ඔහු සමග සම්බන්ධකම් ඇති කරවන සලාතය හා ඉවසීම තුළින් ආධ්යාත්මික මෙන්ම ලෞකික සියලුම වාතාවරණයන් සඳහා නුඹලා ඔහුගෙන් උදව් පතනු. එවිට ඔහු නුඹලාට උදව් කරනු ඇත. නුඹලාව ආරක්ෂා කරනු ඇත. නුඹලාට ඇතිවන්නට තිබෙන හිංසා පීඩාවන් නුඹලාගෙන් පහ කරනු ඇත. සැබැවින් සලාතය තම පරමාධිපතිට යටහත් වන්නන් වෙත හැර සෙසු අයට මහත් බැරෑරුම් කාර්යයක් වෙයි.
2:46Page 7
ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَأَنَّهُمۡ إِلَيۡهِ رَٰجِعُونَ ٤٦
Who are certain that they will meet their Lord and that they will return to Him.
හේතුව තමන් සැබැවින්ම අල්ලාහ් වෙත පැමිණෙන්නට නියමිත බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ව හමුවන බවත් තමන් සිදු කළ ක්රියා සඳහා තමන්ට ප්රතිඵල පිරිනමනු ලබන්නට ඔහු වෙත නැවත හැරී යා යුතු බවත් තරයේම විශ්වාස කරන බැවිණි.
2:47Page 7
يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱذۡكُرُواْ نِعۡمَتِيَ ٱلَّتِيٓ أَنۡعَمۡتُ عَلَيۡكُمۡ وَأَنِّي فَضَّلۡتُكُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ٤٧
O Children of Israel, remember My favor that I have bestowed upon you and that I preferred you over the worlds [i.e., peoples].
අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! නුඹලා වෙත ආශිර්වාද කළ ආධ්යාත්මික හා ලෞකික මාගේ ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කර බලනු. එමෙන්ම සැබැවින්ම මම නුඹලාට නබිත්වය හා බලය තුළින් නුඹලාගේ කාලයේ ජීවත් වූ සමකාලිකයින්ට වඩා නුඹලා උසස් කර තිබීමත් මෙනෙහි කර බලනු.
2:48Page 7
وَٱتَّقُواْ يَوۡمٗا لَّا تَجۡزِي نَفۡسٌ عَن نَّفۡسٖ شَيۡـٔٗا وَلَا يُقۡبَلُ مِنۡهَا شَفَٰعَةٞ وَلَا يُؤۡخَذُ مِنۡهَا عَدۡلٞ وَلَا هُمۡ يُنصَرُونَ ٤٨
And fear a Day when no soul will suffice for another soul1 at all, nor will intercession be accepted from it, nor will compensation be taken from it, nor will they be aided.
තවද නුඹලා නියෝග පිළිපැද, තහනම් දෙයින් වැළකී, නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම අතර ආරක්ෂාව එමගින් සලසා ගනු. එදින කිසිවෙක් කිසිවකුට ඵලක් වන්නේ නැත. එදින අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් හිංසනයකින් වළක්වාලන්නට හෝ යම් යහපතක් කිරීමට හෝ කිසිවකුගේ මැදිහත් වීමක් පිළිගනු නොලබනු දිනයකි. පොළොව පිරෙන්නට රන් තිබී, ඒ සියල්ල වන්දි වශයෙන් ලබා දුන්න ද ඒවා පිළිගනු නොලබන දිනයකි. එදින කිසිදු උදව්කරුවකු ඔවුනට නැත. එමෙන්ම කිසිදු මැදිහත්කරුවකු හෝ ඇපකරුවකු හෝ ඔවුනට නැත. එසේ ඔවුනට මැදිහත් කරුවකු, උදව්කරුවකු, ඇපකරුවකු හෝ නොමැති නම් ඔවුන් පළා යා හැක්කේ කවර ස්ථානයකට ද?
2:49Page 8
وَإِذۡ نَجَّيۡنَٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ يُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ٤٩
And [recall] when We saved you [i.e., your forefathers] from the people of Pharaoh, who afflicted you with the worst torment, slaughtering your [newborn] sons and keeping your females alive. And in that was a great trial from your Lord.
ඉස්රාඊල් දරුවනි, ෆිර්අවුන් අනුගමනය කළ සේනාවෙන් අපි නුඹලාව මුදවාගත් සැටි මෙනෙහි කර බලනු. ඔවුහු විවිධ දඬුවම් පමුණුවමින් නුඹලා වේදනාවට පත් කළෝය. පිරිමි දරුවන් කිසිවකු ඉතිරි නොවන තරමට නුඹලාගේ පිරිමි දරුවන් මරා දැමුවෝය. කාන්තාවන් වහල්කමට ගනු පිණිස ගැහැණු දරුවන්ට ජීවිත දානය දුන්නෝය. නුඹලාට අවමානය ගෙන දුන්නෝය. ෆිර්අවුන් හා ඔහු පිළිපැද්දවුන්ගෙන් මිදීම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පරීක්ෂණයක් විය. නුඹලා කෘතඥ විය යුතුය.
2:50Page 8
وَإِذۡ فَرَقۡنَا بِكُمُ ٱلۡبَحۡرَ فَأَنجَيۡنَٰكُمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَ وَأَنتُمۡ تَنظُرُونَ ٥٠
And [recall] when We parted the sea for you and saved you and drowned the people of Pharaoh while you were looking on.
අපි මුහුද දෙබෑ කොට නුඹලා ඒ හරහා ගමන් කිරීමට පහසුවන අයුරින් එම මාර්ගය වියැළි කොට නුඹලා ව මුදවා ගත්තෙමු. නුඹලාගේ සතුරන් වූ ෆිර්අවුන් හා ඔහුගේ සේනාව දෙස නුඹලා බලා සිටියදීම නුඹලාගේ දෑස් ඉදිරියේම ඔවුන් දියේ ගිලින්නට සැලැස්වූයෙමු. මෙලෙස නුඹලා වෙත අපි පිරිනැමූ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.
2:51Page 8
وَإِذۡ وَٰعَدۡنَا مُوسَىٰٓ أَرۡبَعِينَ لَيۡلَةٗ ثُمَّ ٱتَّخَذۡتُمُ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِهِۦ وَأَنتُمۡ ظَٰلِمُونَ ٥١
And [recall] when We made an appointment with Moses for forty nights. Then you took [for worship] the calf after him [i.e., his departure], while you were wrongdoers.
ආලෝකයක් හා මාර්ගෝපදේශයක් වශයෙන් තෝරාව සම්පූර්ණ වශයෙන් පහළ කරන්නට හතළිස් රැයක් මූසාට ප්රතිඥත කාලයක් ලෙස පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. පසු ව නුඹලා එම කාලය තුළ වසුපැටවකු නැමදුමට ගත්තෙහුය. නුඹලා එසේ සිදු කිරීමෙන් අපරාධකරුවන් වූහ.
2:52Page 8
ثُمَّ عَفَوۡنَا عَنكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٥٢
Then We forgave you after that so perhaps you would be grateful.
නුඹලා පශ්චාත්තාප කළ පසු ඒ ගැන අපි නොසලකා හැරියෙමු. නුඹලා දැහැමි ලෙස අල්ලාහ්ට නැමදුම් කොට ඔහුට අවනත වී ඔහුට කතවේදී විය හැකිවනු පිණිස අපි නුඹලාව ග්රහණය නොකළෙමු.
2:53Page 8
وَإِذۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَٱلۡفُرۡقَانَ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ٥٣
And [recall] when We gave Moses the Scripture and criterion1 that perhaps you would be guided.
නුඹලා යහමඟ ලබා සත්යය වෙත යොමුවනු පිණිස, යහමග හා මුළාව අතර වෙනස පැහැදිලි කර දෙන්නටත් සත්යය හා අසත්යය අතර වෙන්කර දෙන්නටත් (මූසා අලය්හිස් සලාම්) තුමාට තෝරාව පිරිනැමීමෙන් කළ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු.
2:54Page 8
وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِنَّكُمۡ ظَلَمۡتُمۡ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلۡعِجۡلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمۡ فَٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ عِندَ بَارِئِكُمۡ فَتَابَ عَلَيۡكُمۡۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٥٤
And [recall] when Moses said to his people, "O my people, indeed you have wronged yourselves by your taking of the calf [for worship]. So repent to your Creator and kill yourselves [i.e., the guilty among you]. That is best for [all of] you in the sight of your Creator." Then He accepted your repentance; indeed, He is the Accepting of Repentance, the Merciful.
එමෙන්ම මේ ආශිර්වාදය ගැනත් සිතා බලනු. වසුපැටවා නැමදුම් කිරීමේ වරද වෙනුවෙන් නුඹලා කළ පශ්චාත්තාපයට සරිලන පරිදි නුඹලාට අල්ලාහ් පාපක්ෂමා ක්රමවේදයක් ඉදිරිපත් කළේය. එනම්, මූසා අලයිහිස් සලාම් නුඹලා දෙස බලා: ‘සැබැවින්ම නුඹලා නමදින්නට වසුපැටවා දෙවියෙකු ලෙස ගැනීමෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. එහෙයින් නුඹලා පව්සමාව අයැද නුඹලාගේ මැවුම්කරු වෙත හැරෙනු. එය නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම තුළිනි. නිරා ගින්නේ සදාතනකි බවට පත් කරලීමේ ප්රතික්ෂෙපය තුළ තවදුරටත් නිරතවීමට වඩා මෙවැනි ක්රමයකින් පාපක්ෂමාව පැතීම නුඹලාට උතුම් වනු ඇත. අල්ලාහ්ගෙන් වූ භාග්යයක් හා උපකාරයක් වශයෙන් නුඹලා එය ක්රියාත්මක කරනු. එවිට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. ඔහු පාපක්ෂමාව පිළිගෙන අධික වශයෙන් සමාව දෙන්නාය. එමෙන්ම ඔහුගේ ගැත්තන් කෙරෙහි මහත් කරුණාවන්තය.
2:55Page 8
وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ ٥٥
And [recall] when you said, "O Moses, we will never believe you until we see Allāh outright"; so the thunderbolt took you while you were looking on.
නුඹලාගේ මුතුන්මිත්තන් මූසා (අලය්හිස් සලාම්) තුමා සමඟ වීරයෙන් යුතුව කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු ‘අල්ලාහ් ව කිසිදු තිරයකින් තොර ව අපි දෑසින් දකින තුරු නුඹ ව
2:56Page 8
ثُمَّ بَعَثۡنَٰكُم مِّنۢ بَعۡدِ مَوۡتِكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٥٦
Then We revived you after your death that perhaps you would be grateful.
නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලා ව යළි අවදි කළෙමු. එය නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ අනුග්රහයට නුඹලා කෘතවේදී වනු පිණිසය.
2:57Page 8
وَظَلَّلۡنَا عَلَيۡكُمُ ٱلۡغَمَامَ وَأَنزَلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٥٧
And We shaded you with clouds and sent down to you manna and quails, [saying], "Eat from the good things with which We have provided you." And they wronged Us not - but they were [only] wronging themselves.
මහපොළොවේ නුඹලා ඔබමොබ සැරිසරමින් සිටි කල්හි හිරු රෂ්ණයෙන් මිදීම සඳහා නුඹලා වෙත හෙවණ ගෙන දෙන වළාකුළු එවා අපි නුඹලාට ආශිර්වාද කළෙමු. තවද අපගේ ආශිර්වාදයක් ලෙස මී පැණිවලට සමාන පැණිබීම ද වටු කුරුල්ලන්ට සමාන නැවුම් මාංශ සහිත කුඩා කුරුළු වර්ගයක් ද පහළ කළෙමු. ‘නුඹලාට අපි පෝෂණය කළ දැයින් නුඹලා අනුභව කරනු. මෙම ආශිර්වාද හෙළා දැක ප්රතික්ෂේප කිරීමෙන් නුඹලා අපට කිසිදු අඩුවක් නොකරනු. යැයි අපි නුඹලාට පැවසුවෙමු. නමුත් ඔවුන් ඔවුන්ට ලැබුණු තිළිණය පිළිබඳ අඩුපාඩු කියමින් ඔවුන්ට අත් වූ ඉරණම පිළිබඳ පැමිණිලි කරමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
2:58Page 9
وَإِذۡ قُلۡنَا ٱدۡخُلُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ فَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ رَغَدٗا وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُولُواْ حِطَّةٞ نَّغۡفِرۡ لَكُمۡ خَطَٰيَٰكُمۡۚ وَسَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ ٥٨
And [recall] when We said, "Enter this city [i.e., Jerusalem] and eat from it wherever you will in [ease and] abundance, and enter the gate bowing humbly1 and say, 'Relieve us of our burdens [i.e., sins].' We will [then] forgive your sins for you, and We will increase the doers of good [in goodness and reward]."
‘නුඹලා බයිතුල් මුක්ද්දිසයට පිවිසෙනු. එහි ඇති යහපත් දෑ නුඹලා කැමති තැනක කැමති පරිදි ඇතිතරම් සතුටින් අනුභව කොට භුක්ති විදිනු. නුඹලා එහි පිවිසෙන විට, අල්ලාහ්ට යටහත් වන්නන් ලෙස හිසනමා, ‘අපගේ පරමාධිපතියණනි, ‘හිත්තතුන්’ අපගේ පව් අපගෙන් මකා දමනු මැනව!’ යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කොට පිවිසෙනු. ‘අපි නුඹලාට පිළිතුරු දෙන්නෙමු. ඔවුන්ගේ කටයුතුවලදී යහපත් අයුරින් ක්රියා කළවුනට ඔවුන් කළ යහපතට වඩා අධික වශයෙන් කුසල් පිරිනමන්නෙමු’ යැයි අල්ලාහ් නුඹලාට පවසමින් ආශිර්වාද කළ අවස්ථාව සිහිපත් කරනු.
2:59Page 9
فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ٥٩
But those who wronged changed [those words] to a statement other than that which had been said to them, so We sent down upon those who wronged a punishment [i.e., plague] from the sky because they were defiantly disobeying.
නමුත් ඔවුන් අතර අපරාධකළවුන් එම යහපතට එරෙහිව කටයුතු කළෝය. නියමිත ප්රකාශය විකෘති කොට පැවසුවෝය. ඔවුන් පසුපසින් කකුල්ගාමින් පිවිසුණෝය. ‘හබ්බතුන් ෆී ෂඃරතින්’ -රෝමයක ඇති බීජය යනුවෙන්- අල්ලාහ්ගේ නියෝගය හාස්යයට ලක් කරමින් පිවිසුණෝය. අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් එරෙහි වූ බැවින් ද ආගමික නීති රාමුවෙන් බැහැර වූ බැවින් ද ඔවුන් අතර වූ එම අපරාධකරුවන් වෙත එහි ප්රතිවිපාකය වශයෙන් අහසින් දඬුවමක් අල්ලාහ් පහළ කළේය.
2:60Page 9
۞ وَإِذِ ٱسۡتَسۡقَىٰ مُوسَىٰ لِقَوۡمِهِۦ فَقُلۡنَا ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنفَجَرَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۖ كُلُواْ وَٱشۡرَبُواْ مِن رِّزۡقِ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٦٠
And [recall] when Moses prayed for water for his people, so We said, "Strike with your staff the stone." And there gushed forth from it twelve springs, and every people [i.e., tribe] knew its watering place. "Eat and drink from the provision of Allāh, and do not commit abuse on the earth, spreading corruption."
‘අත්තීහ්’ නම් ප්රදේශයේ නුඹලා සිටි කල්හි නුඹලාට දැඩි පිපාසයක් ඇති විය. මූසා නබිතුමා තම පරමාධිපතිට කණ්ණලව් කරමින් නුඹලා වෙනුවෙන් ජලය සපයන මෙන් නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔහුගේ සැරයටියෙන් නියමිත ගලට ගසන මෙන් අපි ඔහුට නියෝග කළෙමු. ඔහු එසේ ගසන කල්හි නුඹලාගේ ගෝත්රවල ප්රමාණයට අනුව උල්පත් දොළොසක් මතු විය. ඉන් ජලය උනන්නට පටත් ගත්තේය. ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති නොවනසේ සෑම ගෝත්රයක් වෙනුවෙන්ම වෙන්කළ පැන් බොන නිශ්චිත ස්ථානය අපි ඔවුනට පැහැදිලි කළෙමු. නුඹලා අනුභව කරනු. කිසිදු ශ්රමයකින් හෝ කැපවීමක් තොරව නුඹලා වෙත පහළ කළ ජලයෙන් පානය කරනු. නුඹලා මිහිතලයේ කලහකාරීන් ලෙස සැරි නොසරනු. මෙලෙස පවසා අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය ගැන ද නුඹලා සිතා බලනු.
2:61Page 9
وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ٦١
And [recall] when you said, "O Moses, we can never endure one [kind of] food. So call upon your Lord to bring forth for us from the earth its green herbs and its cucumbers and its garlic and its lentils and its onions." [Moses] said, "Would you exchange what is better for what is less? Go into [any] settlement and indeed, you will have what you have asked." And they were covered with humiliation and poverty and returned with anger from Allāh [upon them]. That was because they [repeatedly] disbelieved in the signs of Allāh and killed the prophets without right. That was because they disobeyed and were [habitually] transgressing.
නුඹලා නුඹලාගේ පරමාධිපතිගේ තවත් ආශිර්වාදයක් ප්රතික්ෂේප කළ අවස්ථාව ද මෙනෙහි කර බලනු. නුඹලා වෙත පහළ කළ ‘මන්නු’ ‘සල්වා’ යන ආහාරයෙන් ඉවත් ව, ‘වෙනස් නොවන එකම ජාතියේ ආහාරයක් මත අපට ඉවසා සිටිය නොහැකැ’යි පවසා මහපොළොවෙන් හට ගැන්වෙන පලා වර්ග කැකිරි ධාන්ය සුදු ලූනු පරිප්පු හා ලූනු වැනි ආහාර වර්ග අප වෙනුවෙන් මතු කරන්නැ යි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් මූසාගෙන් නුඹලා ඉල්ලා සිටියෙහුය. එවිට මූසා පිළිකුලෙන් යුතුව වඩාත් උතුම් යහපත් ‘මන්නු සල්වා’ යන මෙම ආහාරය වෙනුවට නුඹලා පතන ඉතා පහත් හා අඩුපාඩු ඇති දෑ ප්රාර්ථනා කරන්නට නුඹලා මගෙන් ඉල්ලා සිටින්නෙහුද? සැබැවින්ම එය කිසිදු මහන්සියකින් හෝ ශ්රමයකින් තොරව නුඹලා වෙත පැමිණෙමින් තිබිණ. එසේ නම් නුඹලා මෙම භූමියෙන් පිටත්ව ගොස් නිශ්චිත ගම්මානය වෙත යනු. ඒවිට නුඹලා පතන ගොවිබිම් හා කඩසාප්පු එහි නුඹලාට දැක ගත හැක. ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කොට, අල්ලාහ් ඔවුනට තෝරාදුන් දෑ නිතර ප්රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුනට අවමානය දිළිඳුකම හා දුක නියම විය. ඔවුන් ඔවුන්ගේ දහමට පිටුපෑ හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ හේතුවෙන් ද කිසිදු සාධාරණ හේතුවකින් තොරව නිරපරාධී ලෙස හා සතුරුකමින් අල්ලාහ්ගේ නබිවරුන් ඝාතනය කළ හේතුවෙන් ද අල්ලාහ්ගේ කෝපය සමඟ ඔවුන් ඒ වෙත හැරී ගියහ. මේ සියලු හේතූන් සිදුවූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට පිටුපා ඔහුගේ සීමාවන් නොතකා ඉන් ඉක්මවා ගිය බැවිනි.
2:62Page 10
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦٢
Indeed, those who believed and those who were Jews or Christians or Sabeans [before Prophet Muḥammad (ﷺ)] - those [among them] who believed in Allāh and the Last Day and did righteousness - will have their reward with their Lord, and no fear will there be concerning them, nor will they grieve1.
මෙම සමූහයා අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද මුහම්මද් තුමාගේ පැමිණීමට පෙර පැවති සමූහයන් අතර සිටි යුදෙව් කිතුනු හා සාබිඊවරුන් -අල්ලාහ් හා මතුලොව පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් ඇතැම් නබිවරුන් පිළිපැද්දා වූ පිරිස- අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද ඔවුන්ගේ පරමාධිපති අභියස ඔවුනට නියමිත කුසල් ඇත. මතුලොව මුහුණ දෙන්නට යන කරුණු පිළිබඳ ඔවුන්හට කිසිදු බියක් නැත. එමෙන්ම මෙලොව මගහැරුණු දෑ පිළිබඳව ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
2:63Page 10
وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ٦٣
And [recall] when We took your covenant, [O Children of Israel, to abide by the Torah] and We raised over you the mount, [saying], "Take what We have given you with determination and remember what is in it that perhaps you may become righteous."
අපි නුඹලා වෙතින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන මෙන් බලවත් ප්රතිඥාවක් ගත් අවස්ථාව මෙනෙහි කරනු. එම ප්රතිඥාව ක්රියාත්මක කිරීමට අතහැර දැමීම ගැන නුඹලාට අවවාද කරමින් නුඹලා බියවද්දමින් නුඹලාට ඉහළින් නිශ්චිත කන්දක් අපි ඔසවා තබා, තව්රාතයේ නුඹලා වෙත පහළ කළ කරුණු නොසැලකිල්ලෙන් හා මැලිකමින් තොරව ඉතා උනන්දුවෙන් හා දිරියෙන් යුතුව පිළිපදින මෙන්ද එහි ඇති දෑ ආරක්ෂා කොට ඒ ගැන පරිශීලනය කරන මෙන්ද නියෝග කොට එසේ සිදු කළ විට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂාව සලසාගත හැකි වනු ඇතැයි අවධාරණය කළෙමු.
2:64Page 10
ثُمَّ تَوَلَّيۡتُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۖ فَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ٦٤
Then you turned away after that. And if not for the favor of Allāh upon you and His mercy, you would have been among the losers.
නුඹලා වෙතින් ගත් එම බලවත් ප්රතිඥාවෙන් පසු, නුඹලා එය පිටුපා ප්රතික්ෂේප කළාක් මිස එය ඉටු කළේ නැත. අල්ලාහ් එය නොසලකා හැර නුඹලාට ආශිර්වාද නොකළේ නම් හෝ නුඹලාගේ පශ්චාත්තාපය පිළිගන්නට ඔහුගේ කරුණාව නොවී නම් එසේ නුඹලා පිටුපා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා පරාජිතයින් බවට පත්වන්නට තිබුණි.
2:65Page 10
وَلَقَدۡ عَلِمۡتُمُ ٱلَّذِينَ ٱعۡتَدَوۡاْ مِنكُمۡ فِي ٱلسَّبۡتِ فَقُلۡنَا لَهُمۡ كُونُواْ قِرَدَةً خَٰسِـِٔينَ ٦٥
And you had already known about those who transgressed among you concerning the sabbath, and We said to them, "Be apes, despised."
සැබැවින්ම නුඹලාට පෙර සිටි එක් පරම්පරාවක තොරතුරු මනා ලෙස නුඹලා දන්නෙහුය. එහි කිසිදු ඇන්දවීමක් නැත. දඬයම් කිරීමට තහනම් කරනු ලැබූ සෙනසුරාදා දින ඒ ගැන නොතකා ඔවුහු දඬයම් කරමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය. එයට ඔවුන් කූට ලෙස සෙනසුරා දිනට පෙර දින දැල් එලා ඉරු දින දැලට හසු වූ මත්සයින් ගොඩට ගත්තෝය. මෙසේ කූට ලෙස කටයුතු කළ ඔවුනට ඔවුන්ගේ කූටකම හේතුවෙන් දඬුවම් වශයෙන් නෙරපා හරිනු ලබන වඳුරන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය.
2:66Page 10
فَجَعَلۡنَٰهَا نَكَٰلٗا لِّمَا بَيۡنَ يَدَيۡهَا وَمَا خَلۡفَهَا وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٦٦
And We made it a deterrent punishment for those who were present and those who succeeded [them] and a lesson for those who fear Allāh.
මෙසේ සීමාව ඉක්මවා කටයුතු කළ මෙම ගම්මානය ඒ අවට පිහිටි ගම්වාසීන්ට පාඩමක් බවටත් ඔවුනට පසු පැමිණෙන්නන්හට පාඩමක් බවටත් අපි පත් කළෙමු. එය ඔවුන් එවැනි ක්රියාවක් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ලක් නොවනු පිණිසය. එමෙන්ම අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඔහුගේ දඬුවම හා ප්රතිචාරය පිළිබඳ බියවන බැතිමතුන්හට මෙනෙහි කිරීමක් බවටත් අපි එය පත් කළෙමු.
2:67Page 10
وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تَذۡبَحُواْ بَقَرَةٗۖ قَالُوٓاْ أَتَتَّخِذُنَا هُزُوٗاۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنۡ أَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ٦٧
And [recall] when Moses said to his people, "Indeed, Allāh commands you to slaughter a cow." They said, "Do you take us in ridicule?" He said, "I seek refuge in Allāh from being among the ignorant."
සැබැවින්ම නුඹලාට පෙර සිටි තවත් පරම්පරාවක් පිළිබඳ තොරතුරු ගැන ද මෙනෙහි කර බලනු. එය එළදෙනකු කපා හරින්නැයි ඔවුනට මූසා අලය්හිස් සලාම් තුමා දන්වා සිටි විට, ඒ වෙනුවට ඔවුන් නොමනා ලෙස එතුමාගෙන් ප්රශ්න විමසා සිටි සිද්ධියයි. ඔවුහු එතුමාගෙන්: ‘ඔබ අප හාස්යයට ලක් කරන්නෙහුද!’ යැයි විමසා සිටියෝය. එවිට මූසා: ‘අල්ලාහ් වෙත බොරුවක් ගොත පවසන්නන් හා මිනිසුන් හාස්යයට ලක් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පැවසූහ.
2:68Page 10
قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا فَارِضٞ وَلَا بِكۡرٌ عَوَانُۢ بَيۡنَ ذَٰلِكَۖ فَٱفۡعَلُواْ مَا تُؤۡمَرُونَ ٦٨
They said, "Call upon your Lord to make clear to us what it is." [Moses] said, "[Allāh] says, 'It is a cow which is neither old nor virgin, but median between that,' so do what you are commanded."
ඔවුහු මූසා දෙස බලා: ‘ඔබේ පරමාධිපති කපා හරින්නැයි නියෝග කළ එම එළදෙනගේ ස්වරූපය අපට පැහැදිලි කර දෙන මෙන් අප වෙනුවෙන් ඔබ ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නැයි පැවසූහ. එවිට එතුමා: සැබැවින්ම එය වයසින් මුහුකුරා නොගිය ළපටිද නොවූ ඒ දෙක අතර මැදිවියේ පසුවන එළදෙනැකැයි අල්ලාහ් තමන්ට පවසා සිටි බව එතුමා ඔවුනට දන්වමින් ‘එහෙයින් නුඹලාට අණ කළ නියෝගය පිළිපදින්නට නුඹලා යුහුසුළු වන්නැයි පවසා සිටියහ.
2:69Page 10
قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوۡنُهَاۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ صَفۡرَآءُ فَاقِعٞ لَّوۡنُهَا تَسُرُّ ٱلنَّٰظِرِينَ ٦٩
They said, "Call upon your Lord to show us what is her color." He said, "He says, 'It is a yellow cow, bright in color - pleasing to the observers.'"
ඔවුන්ගේ තර්කයේ හා මුරණ්ඩුකමේ දිගටම සිටිමින් මූසාතුමාගෙන් නැවත මෙසේ ප්රශ්න කළෝය. ‘උගේ වර්ණය කුමක්දැයි පැට පැහැදිලි කර දෙන මෙන් ඔබේ පරමාධිපතිගෙන් අසා අපහට දන්වන්නැ”යි පැවසූහ. එවිට මූසා ඔවුන් දෙස බලා සැබැවින්ම ‘එය තද කහ පැහැයෙන් යුත්, ඒ දෙස බලන්නන් පුදුමයට හා සතුටට පත් කරන එකකැ’යි පවසා සිටියහ.
2:70Page 11
قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ ٱلۡبَقَرَ تَشَٰبَهَ عَلَيۡنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهۡتَدُونَ ٧٠
They said, "Call upon your Lord to make clear to us what it is. Indeed, [all] cows look alike to us. And indeed we, if Allāh wills, will be guided."
පසු ව ඔවුන්ගේ හිතුවක්කාරකම තුළ ඔවුන් දිගටම පිහිටමින් මෙසේ පවසා සිටියහ. උගේ ස්වරූපයට අමතර යමක් අපට පැහැදිලි කරන මෙන් ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්න. සඳහන් කරනු ලැබූ වර්ණනාවන් සහිත එවන් ගවයන් බොහෝමයක් ඇත. ඒ අතරින් නිෂ්චිත ගවයා තෝරා ගන්නට අපි අපොහොසත් වී ඇත්තෙමු. අල්ලාහ් අභිමත කළේ නම් කපන්නට නියමිත එළදෙන වෙත සැබැවින් අප මඟ පෙන්වනු ලබනු ඇතැයි තවදුරටත් පවසා සිටියහ.
2:71Page 11
قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا ذَلُولٞ تُثِيرُ ٱلۡأَرۡضَ وَلَا تَسۡقِي ٱلۡحَرۡثَ مُسَلَّمَةٞ لَّا شِيَةَ فِيهَاۚ قَالُواْ ٱلۡـَٰٔنَ جِئۡتَ بِٱلۡحَقِّۚ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفۡعَلُونَ ٧١
He said, "He says, 'It is a cow neither trained to plow the earth nor to irrigate the field, one free from fault with no spot upon her.'" They said, "Now you have come with the truth." So they slaughtered her, but they could hardly do it.
එවිට මූසා ඔවුන් දෙස බලා: ‘සැබැවින්ම එම එළදෙනගේ ගුණාංග නම්, ඌ වගා කටයුතු සඳහා භාවිතා නොකළ, ජලය අදින්නට භාවිතා නොකළ, සියලු අඩුපාඩුවලින් තොර එළදෙනක් වීමය. කහ වර්ණය හැර වෙනත් වර්ණක සලකුණක් එහි නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුහු: එම නිශ්චිත එළදෙනගේ පූර්ණ ස්වභාවය මනා ලෙස ඔබ දන්වා සිටියේ දැන්ය’ යැයි මූසා තුමාට පැවසුවෝය. මෙසේ ඔවුන්ගේ තර්ක හා හිතුව්කාකරකම හේතුවෙන් ඌ කපා නොහරින්නට අදිමදි කළ පසුව, ඌ කපා හැරියෝය.
2:72Page 11
وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّٰرَٰءۡتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ ٧٢
And [recall] when you slew a man and disputed1 over it, but Allāh was to bring out that which you were concealing.
නුඹලා කෙනෙකු ඝාතනය කළ අවස්ථාව ද සිහිපත් කරනු. පසු ව නුඹලා එකිනෙකා ආරක්ෂා කර ගත්තෙහුය. සෑම කෙනෙකුම මිනීමැරුම් චෝදනාව වෙනකෙකු වෙත හෙළමින් තම තමන් ආරක්ෂා වන්නට විය. අවසානයේ නුඹලා අතර ගැටුම් ඇති විය. එම නිරපරාධියාගේ ඝාතනය සම්බන්ධයෙන් නුඹලා සඟවා සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නාය.
2:73Page 11
فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ٧٣
So We said, "Strike him [i.e., the slain man] with part of it."1 Thus does Allāh bring the dead to life, and He shows you His signs that you might reason.
පසු ව අපි නුඹලාට: ‘නුඹලා කපා හරින්නට නියෝග කළ එම එළදෙනගේ කොටසකින් එම ඝාතනය කරනු ලැබූ තැනැත්තාට ගසනු. එවිට අල්ලාහ් ඔහුට නැවත ප්රාණය ලබා දී ඝාතකයා කවුදැ?යි ඔහු දන්වා සිටිනු ඇත’ යැයි පවසා සිටියෙමු. එවිට ඔවුහු එසේ සිදු කළහ. ඔහු යළි ජීවය ලබා ඔහුගේ ඝාතකයා පිළිබඳ ඔහු දන්වා සිටියේය. මේ මිය ගිය තැනැත්තාට ජීවය ලබා දුන්නාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මියගිය ඇත්තන්ට ජීවය ලබා දෙනු ඇත. ඔහුගේ ශක්තිය තහවුරු කරන පැහැදිලි සාධක ඔහු නුඹලාට ගෙන හැර පාන්නේය. එය නුඹලා වටහා ගෙන අවංකව අල්ලාහ්ව විශ්වාස කරනු පිණිසය.
2:74Page 11
ثُمَّ قَسَتۡ قُلُوبُكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ فَهِيَ كَٱلۡحِجَارَةِ أَوۡ أَشَدُّ قَسۡوَةٗۚ وَإِنَّ مِنَ ٱلۡحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنۡهُ ٱلۡأَنۡهَٰرُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَشَّقَّقُ فَيَخۡرُجُ مِنۡهُ ٱلۡمَآءُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَهۡبِطُ مِنۡ خَشۡيَةِ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٧٤
Then your hearts became hardened after that, being like stones or even harder. For indeed, there are stones from which rivers burst forth, and there are some of them that split open and water comes out, and there are some of them that fall down for fear of Allāh. And Allāh is not unaware of what you do.
මේ පැහැදිලි සාධක හා පැහැදිලි උපදෙස්වලට පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් විය. ඊටත් වඩා දැඩි විය. ඒවායෙහි තත්ත්වය කිසිවිටෙක වෙනස් වන්නේ නැත. නමුත් ගල් අතර පවා වෙනස්වන සුළු, තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වන ගල් ද ඇත. ඒ අතර පිපිරී ගංගා මතු කරන ගල් ද ඇත. මිනිසුන් හා සතුන් ප්රයෝජනයට ගත හැකි පරිදි පැළී මහපොළොවේ ගලා යන්නට සළස්වන දිය උල්පත් මතුකරන ගල් ද ඇත. අල්ලාහ් කෙරෙහි බිය හා ලැදිකම හේතුවෙන් කඳු මුදුනින් වැටෙන ගල් ද ඇත. නමුත් නුඹලාගේ සිත් එලෙස නැත. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අනවධානියකු නොවේ. ඔහු ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences