Al-Mukhtasar · Tafsir · in Sinhala
Taha 20:118–135
20:118Page 320
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعۡرَىٰ ١١٨
Indeed, it is [promised] for you not to be hungry therein or be unclothed.
සැබැවින්ම නුඹ වෙනුවෙන් ස්වර්ගයේ අහාරා සැපයීම අල්ලාහ් වෙත විය. එහෙයින් නුඹට කුසගිනි ඇති නොවනු ඇත. එමෙන්ම ඔහු නුඹට වස්ත්ර පිරිනැමීය. එහෙයින් නුඹ නිරුවත් නොවනු ඇත.
20:119Page 320
وَأَنَّكَ لَا تَظۡمَؤُاْ فِيهَا وَلَا تَضۡحَىٰ ١١٩
And indeed, you will not be thirsty therein or be hot from the sun."
නුඹට ජලය සැපයීම ද ඔහු වෙත විය. එහෙයින් නුඹට පිපාසය ඇති නොවනු ඇත. ඔහු නුඹට හෙවණ ලබා දුන්නේය. එහෙයින් නුඹට හිරු රෂ්ණය ඇති නොවනු ඇත.
20:120Page 320
فَوَسۡوَسَ إِلَيۡهِ ٱلشَّيۡطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلۡ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلۡخُلۡدِ وَمُلۡكٖ لَّا يَبۡلَىٰ ١٢٠
Then Satan whispered to him; he said, "O Adam, shall I direct you to the tree of eternity and possession that will not deteriorate?"
ෂෙයිතාන් ආදම්ට කුතුහලය ඇති කරමින් ඔහුට, "එයින් කවරෙකු අනුභව කළේ ද කිසිවිටෙක මරණයට පත් නොවන, සදාකල් ජීවත් වන, නැති වී නොයන, විසන්ධි වී නොයන සදා රාජ්යයක් හිමි වන ගසක් වෙත මම නුඹට මග පෙන්වන්න ද? යැයි පැවසුවේය.
20:121Page 320
فَأَكَلَا مِنۡهَا فَبَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ١٢١
And they [i.e., Adam and his wife] ate of it, and their private parts became apparent to them, and they began to fasten over themselves from the leaves of Paradise. And Adam disobeyed his Lord and erred.
අනුභව කිරීමට තහනම් කරන ලද ගසින් ආදම් හා හව්වා යන දෙදෙනා අනුභව කළෝය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කර තිබුවායින් පසු, ඒවා ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග ගස්වල කොළ කඩා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආරවරණය කරන්නට වූහ. ගසින් අනුභව කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් කළ නියෝගය පිළි නොපැද ඔහුට සුදුසු නොවන දෙයක් වෙත ඉක්මවා කටයුතු කළ අවස්ථාවේ ඔහු ඔහුගේ පරමාධිපතිට විරුද්ධ විය.
20:122Page 320
ثُمَّ ٱجۡتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيۡهِ وَهَدَىٰ ١٢٢
Then his Lord chose him and turned to him in forgiveness and guided [him].
පසුව අල්ලාහ් ඔහු ව තෝරා ගත්තේය. ඔහුගේ පාපක්ෂමාව පිළිගත්තේය. යහ මාර්ගය වෙත ඔහුට ආශිර්වාද කළේය.
20:123Page 320
قَالَ ٱهۡبِطَا مِنۡهَا جَمِيعَۢاۖ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَنِ ٱتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشۡقَىٰ ١٢٣
[Allāh] said, "Descend from it [i.e., Paradise] - all, [your descendants] being enemies to one another. And if there should come to you guidance from Me - then whoever follows My guidance will neither go astray [in the world] nor suffer [in the Hereafter].
අල්ලාහ් ආදම් හා හව්වා අමතා මෙසේ පැවැසුවේය. "නුඹලා දෙදෙනා හා ඉබ්ලීස් ස්වර්ගයෙන් පහළට බසිනු. ඔහු නුඹලා දෙදෙනාගේ සතුරාය. නුඹලා දෙදෙනා ඔහුගේ සතුරන් වන්නෙහුය. මා වෙතින් යම් විස්තරයක් නුඹලා වෙත පැමිණියේ නම් එය මාගේ මාර්ගයයි. නුඹලා අතරින් කවරෙකු මාගේ මාර්ගයේ පැහැදිලි කිරීම් අනුගමනය කර, ඒ අනුව ක්රියා කොට එයින් හැරී නොගියේ නම්, ඔහු සත්යයෙන් මුළා වන්නේ නැත. මතුලොවෙහි දඬුවමට ලක් වී අභාග්යවන්තභාවයට පත් නොවනු ඇත. එසේ නම් අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත.
20:124Page 320
وَمَنۡ أَعۡرَضَ عَن ذِكۡرِي فَإِنَّ لَهُۥ مَعِيشَةٗ ضَنكٗا وَنَحۡشُرُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَعۡمَىٰ ١٢٤
And whoever turns away from My remembrance - indeed, he will have a depressed [i.e., difficult] life, and We will gather [i.e., raise] him on the Day of Resurrection blind."
කවරෙකු මා මෙනෙහි කිරීමෙන් හැරුණේ ද, එය පිළි නොගත්තේ ද, එයට ප්රතිචාර නොදැක්වූයේ ද, සැබැවින්ම ඔහුට මෙලොවෙහි ද මිණීවල ජීවිතයෙහි ද පීඩිත ජීවිතයක් ඇත. බැල්ම හා සාධක අහිමිවූ අයකු සේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා එක්රැස් කරන ස්ථානයට ඇදගෙන යන්නෙමු.
20:125Page 320
قَالَ رَبِّ لِمَ حَشَرۡتَنِيٓ أَعۡمَىٰ وَقَدۡ كُنتُ بَصِيرٗا ١٢٥
He will say, "My Lord, why have you raised me blind while I was [once] seeing?"
මෙනෙහි කිරීමට පිටුපෑ මිනිසා, "මාගේ පරමාධිපතියාණනි! අද දින අන්ධයකු සේ නුඹ මා අවදි කළේ ඇයි? සැබැවින්ම මම මෙලොවෙහි පෙනුමැත්තෙකු ලෙස සිටියෙමි" යැයි පවසා සිටියි.
20:126Page 321
قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ ١٢٦
[Allāh] will say, "Thus did Our signs come to you, and you forgot [i.e., disregarded] them; and thus will you this Day be forgotten."
උත්තරීතර අල්ලාහ් ඔහුට ප්රතිචාර දක්වමින්, "නුඹ මෙලොවෙහි කටයුතු කළේ මෙලසය. අපගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා පිටු දැක අතහැර දැමුවෙහිය. එහෙයින් සැබැවින්ම නුඹ අද දින එලෙසම දඬුවම තුළ අතහැර දමනු ලබන්නෙහිය.
20:127Page 321
وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ ١٢٧
And thus do We recompense he who transgressed and did not believe in the signs of his Lord. And the punishment of the Hereafter is more severe and more enduring.1
තහනම් කරන ලද ආශාවන්හි ගිලී සිටිමින් තම පරමාධිපතිගෙන් වූ පැහැදිළි සාධක තුළින් විශ්වාස කිරීමට පිටුපා ගියවුනට මෙම ප්රතිවිපාකය හා සමාන ප්රතිවිපාක පිරිනමමු. මතුලොව ජීවිතයේ දඬුවම මෙලොව හා මිණීවලෙහි පීඩිත ජීවිතයට වඩා ඉතා කුරීරුය. සදාතනිකය.
20:128Page 321
أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ١٢٨
Then, has it not become clear to them how many generations We destroyed before them as they walk among their dwellings? Indeed in that are signs for those of intelligence.
ඔවුනට පෙර අපි විනාශ කළ බොහෝ සමූහයන් පිළිබඳ ඔහු දේව ආදේශකයින්හට පැහැදිලි නොකළේ ද? ඔවුහු එම විනාශ කරනු ලැබූ සමූහයන්ගේ වාස්සස්ථාන අතර ගමන් කරති. ඔවුන් ට අත් වූ ඉරණමෙහි සළකුණු ඔවුහු ඔවුන්ගේ දෑසින්ම දකිති. බොහෝ සමූහයන්ට මෙලෙස අත් වූ විනාශය හා ව්යසනය තුළ බුද්ධිමත් ජනයාහට සැබැවින්ම පාඩමක් ඇත.
20:129Page 321
وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى ١٢٩
And if not for a word1 that preceded from your Lord, it [i.e., punishment] would have been an obligation [due immediately],2 and [if not for] a specified term [decreed].
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගෙන් වූ වචනය පෙරටු නොවූයේ නම් කිසිවෙකු වෙත පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමට පෙර ඔහුට දඬුවම් නොකරන්නට තිබුණි. අල්ලාහ් අභියස නියම කරන කාලයක් නොවී නම් ඔවුන් වෙනුවෙන් දඬුවම ඉක්මනින් පැමිණෙනු ඇත. එය ඔවුනට උරුම වන්නට තිබුණි.
20:130Page 321
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ ١٣٠
So be patient over what they say and exalt [Allāh] with praise of your Lord before the rising of the sun and before its setting; and during periods of the night [exalt Him] and at the ends of the day, that you may be satisfied.
අහෝ දූතය! ව්යාජ ගුණාංග ආරූඪ කරමින් නුඹ ගැන බොරුකාරයින් පවසා සිටින දෑ මත නුඹ ඉවසා සිටිනු. හිරු උදාවීමට පෙර ෆජ්ර් සලාතයේදී ද එය අවරට යෑමට පෙර අසර් සලාතයේදී ද රාත්රී කාලවල මග්රිබ් හා ඉෂා සලාතයන්හි ද දහවල් කාලයේ ආරම්භ භාගයේ අවසානයෙන් පසු හිරු අවරට යන අවස්ථාවේ ලුහර් සලාතයේදී ද එහි දෙවන භාගයේ අවසන් වීමෙන් පසු මග්රිබ් සලාතයේදී ද අල්ලාහ් අබියස නුඹ තෘප්තියට පත්වන පරිදි තිළිණ ලබා ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් නුඹ නුඹේ පරමාධිපතිට ප්රශංසා කොට ඔහු ව සුවිශුද්ධ කරනු.
20:131Page 321
وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ ١٣١
And do not extend your eyes toward that by which We have given enjoyment to [some] categories of them, [its being but] the splendor of worldly life by which We test them. And the provision of your Lord is better and more enduring.
එම බොරුකාර පිරිස් පරීක්ෂාවට ලක් කරනු පිණිස මෙලොව ජීවිතයේ සතුට විඳීම සඳහා ඔවුනට අපි ඇති කළ භුක්ති විඳීම් දෙස නුඹ නොබලනු. සැබැවින්ම අපි ඔවුනට ඇති කළ දෑ විනාශ වී යන්නකි. නමුත් නුඹේ පරමාධිපති නුඹ තෘප්තියට පත්වන තරමට ප්රතිඥා දී ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් භුක්ති විඳින, විනාශ වී යන දෑට වඩා උතුම්ය. සදාතනිකය. ඊට හේතුව සැබැවින්ම එහි කප්පාදුවක් නොවන බැවිණි.
20:132Page 321
وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ ١٣٢
And enjoin prayer upon your family [and people] and be steadfast therein. We ask you not for provision; We provide for you, and the [best] outcome is for [those of] righteousness.
අහෝ දූතය! සලාතය ඉටු කරන මෙන් නුඹ නුඹේ පවුලට අණ කරනු. නුඹ ද එය ඉටු කිරීමෙහි රැඳී සිටිනු. නුඹ වෙනුවෙන් හා නුඹ නොවන අය වෙනුවෙන් අපි කිසිදු සම්පතක් නුඹගෙන් නොපතමු. නුඹේ පෝෂණ සම්පත් භාරගෙන ඇත්තේ අපමය. අල්ලාහ්ට බිය වී ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් වූ ජනයාහට මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසනීය අවසානයක් ඇත.
20:133Page 321
وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ١٣٣
And they say, "Why does he not bring us a sign from his Lord?" Has there not come to them evidence of what was in the former scriptures?1
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරු කරමින් සිටි මෙම ප්රතික්ෂේපකයෝ, "මුහම්මද්ගේ සත්යතාව හා සැබැවින්ම ඔහු දූතයකු යන වග පෙන්වා දෙන සළකුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේ ද?" යැයි විමසා සිටිති. මෙම බොරුකාරයින් වෙත ඔහුට පෙර පැවති දිව්යමය පුස්තක තහවුරු කරන අල් කුර්ආනය නොපැමිණියේද?
20:134Page 321
وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ ١٣٤
And if We had destroyed them with a punishment before him,1 they would have said, "Our Lord, why did You not send to us a messenger so we could have followed Your verses [i.e., teachings] before we were humiliated and disgraced?"
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන බොරු පවසන ඔවුන් වෙත දූතයකු අපි එවීමට පෙර හෝ ඔවුන් වෙත පුස්තකයක් පහළ කිරීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් වෙත දඬුවමක් පහළ කිරීමෙන් අපි ඔවුන් විනාශ කළේ නම්, ඔවුහු ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට නිදහසට කරුණු දක්වමින්, "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අප වෙත දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එසේ නම් අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔබේ දඬුවමින් අපහට අත්වන අවමානය හා අපහාසයට පෙර ඔහු ගෙන ආ වදන් අපි පිළිපදින්නෙමු."යැයි පවසනු ඇත.
20:135Page 321
قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ ١٣٥
Say, "Each [of us] is waiting;1 so wait. For you will know who are the companions of the sound path and who is guided."
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට, "අප හා නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් තමන්ට ගෙනැවිත් දෙන දෑ බලාපොරොතුත්වෙන් සිටියි. එහෙයින් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. කිසිදු සැකයකින් තොරව ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන් දැයි ද යහමඟ සිටින්නේ කවුරුන් දැයි ද අප ද නුඹලා ද යන්න වග නුඹලා මතු දැන ගනු ඇත" යැයි පවසනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences