Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Hajj 22:38–76
22:38Page 336
۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ ٣٨
Indeed, Allāh defends those who have believed. Indeed, Allāh does not like everyone treacherous and ungrateful.
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කළවුන් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ හානියෙන් වළක්වනු ඇත. තම වගකීමෙහි වංචා කරන ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වන සියලු දනන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් ඒ සඳහා කෘතවේදී නොවන අතර එම පුද්ගලයා කෙරහි ඔහු කෝප වනු ඇත.
22:39Page 337
أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِيرٌ ٣٩
Permission [to fight] has been given to those who are being fought,1 because they were wronged. And indeed, Allāh is competent to give them victory.
දේව ආදේශකයින් දේව විශ්වාසීන් සමග සටන් කරන්නේ නම් ඔවුනට එරෙහි ව සටන් කරන මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් අවසර දුන්නේය. එය ඔවුන්ගේ සතුරන්ගේ අපරාධකම් ඔවුන් වෙත ඇති වූ බැවිණි. කිසිදු යුද්ධයක් නොමැතිවම දේව විශ්වාසීන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් කිරීම සඳහා සැබැවින්ම අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් දේව ආදේශකයින් සමග සටන් කිරීමෙන් දේව විශ්වාසීන් පරීක්ෂාවට ලක් කිරීමට ඔහුගේ ප්රඥාව තීන්දු කළේය.
22:40Page 337
ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِم بِغَيۡرِ حَقٍّ إِلَّآ أَن يَقُولُواْ رَبُّنَا ٱللَّهُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّهُدِّمَتۡ صَوَٰمِعُ وَبِيَعٞ وَصَلَوَٰتٞ وَمَسَٰجِدُ يُذۡكَرُ فِيهَا ٱسۡمُ ٱللَّهِ كَثِيرٗاۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ٤٠
[They are] those who have been evicted from their homes without right - only because they say, "Our Lord is Allāh." And were it not that Allāh checks the people, some by means of others, there would have been demolished monasteries, churches, synagogues, and mosques in which the name of Allāh is much mentioned [i.e., praised]. And Allāh will surely support those who support Him [i.e., His cause]. Indeed, Allāh is Powerful and Exalted in Might.
ඔවුහු වනාහි, ඔවුන් සිදු කළ වෙනත් වරදකට නොව, "අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර අපට වෙනත් දෙවියෙකු නැත" යැයි පැවසීමේ එකම හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් විසින් අපරාධකාරී ලෙස ඔවුන් ඔවුන්ගේ නිවෙසන්වලින් පිටුවහල් කරනු ලැබූවන් වෙති. නබිවරුන්හටත් දේව විශ්වාසීන්හටත් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම දහම්ගත නොකළේ නම් දෙවියන් නමදින ප්රදේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. තාපසාරාමය, කිතුනු දෙවස්ථාන, යුදෙව්වන්ගේ නැමදුම් ස්ථාන හා මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීම සඳහා සූදානම් කරන ලද, අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරනු ලබනු ඇත. කවරෙකු ඔහුගේ දහමට හා ඔහුගේ නබිවරයාට උදව් කරන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට උදව් කරනු ඇත. තම දහමට උදව් කරන්නන්හට උදව් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. කිසිවකු විසින් ඔහුව අබිබවා යා නොහැකි සර්වබලධාරියාය.
22:41Page 337
ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ ٤١
[And they are] those who, if We give them authority in the land, establish prayer and give zakāh and enjoin what is right and forbid what is wrong. And to Allāh belongs the outcome of [all] matters.
උදව් උපකාර ඇතැයි ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්හට, ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඉඩ අවස්ථා ලබා දුන් විට, ඔවුහු සලාතය පූර්ණ වශයෙන් ඉටු කළෝය. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනැමුවෝය. ඔවුනට කවර ආගමික කරුණ නියෝග කරනු ලැබුවේ ද ඒවා නියෝග කර සිටියෝය. කවර කරුණකින් ඔවුන් වළක්වනු ලැබුවේද එයින් ඔවුහු වැළැක්වූවෝය. සියලුම කරුණු ඒ මත පවතින කුසල් හා දඬුවම් විෂයයෙහි අල්ලාහ් වෙත පමණක් හැරී යනු ඇත.
22:42Page 337
وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَثَمُودُ ٤٢
And if they deny you, [O Muḥammad] - so, before them, did the people of Noah and ʿAad and Thamūd deny [their prophets],
අහෝ දූතය! නුඹේ ජනයා නුඹව බොරු කළේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. නබිවරුන්ව බොරු කළ සමූහයන් අතරින් එසේ බොරු කරනු ලැබූ පළමුවැන්නා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර සිටි නූහ්ගේ ජනයා, නූහ් ව බොරු කළෝය. ආද් සමූහයා හූද් ව බොරු කළෝය. සමූද් ජනයා සාලිහ් ව බොරු කළෝය.
ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම් ව බොරු කළෝය. ලූත්ගේ ජනයා ලූත් ව බොරු කළෝය.
22:44Page 337
وَأَصۡحَٰبُ مَدۡيَنَۖ وَكُذِّبَ مُوسَىٰۖ فَأَمۡلَيۡتُ لِلۡكَٰفِرِينَ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٤٤
And the inhabitants of Madyan. And Moses was denied, so I prolonged enjoyment for the disbelievers; then I seized them, and how [terrible] was My reproach.
මද්යන් වාසීහු ෂුඅය්බ් ව බොරු කළෝය. ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව බොරු කළෝය. ඔවුන්ගේ සමූහයාගෙන් ටික කලකට දඬුවම ප්රමාද කළෙමි. පියවරෙන් පියවර එය ක්රියාත්මක විය. පසු ව දඬුවමින් ඔහුව ග්රහණය කළෙමි. ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැ?යි නුඹ සිතා බලනු. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මා ඔවුන් විනාශ කළෙමි.
22:45Page 337
فَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ ٤٥
And how many a city did We destroy while it was committing wrong - so it is [now] fallen into ruin1 - and [how many] an abandoned well and [how many] a lofty palace.2
නොනවතින දඬුවමකින් අපි විනාශ කළ කොපමණ ගම්මාන වී ද?එහි වැසියන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරමින් පසුවූහ.- විනාශ කරනු ලැබූ ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ වාසස්ථානවලින් හිස් විය. ඔවුන් විනාශ කළ හේතුවෙන් ගලා යන කොපමණක් හිස් ළිං වීද? එමෙන්ම දඬුවම හේතුවෙන් පදිංචි විය නොහැකි තත්ත්වයට පත් කොපමණක් විසිතුරු උසස් මාලිගාවන් වී ද?
22:46Page 337
أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ ٤٦
So have they not traveled through the earth and have hearts by which to reason and ears by which to hear? For indeed, it is not eyes that are blinded, but blinded are the hearts which are within the breasts.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එය බොරුකළවුන් මහපොළොවේ ගමන් කර නොබැලුවෝ ද? එම විනාශ වූ ගම්මානවල නටබුන් ඔවුන් දෑසින් දැක පාඩම් ලබනු පිණිස ඔවුන්ගේ බුද්ධියෙන් කල්පනා කර නොබලන්නෝ ද? ඔවුන් උපදෙස් ලබනු පිණිස ඔවුන්ගේ කතා වස්තුව පිළිගන්නා අයුරින් ඇහුම්කන් නොදෙන්නෝ ද? සැබැවින්ම සැබෑ අන්ධභාවය යනු ඇස් නොපෙනෙන අන්ධභාවය නොව, විනාශය ගෙන්වා ගන්නා අන්ධභාවයයි. අදාළ පුද්ගලයාට කිසිදු පාඩමක් හෝ උපදෙසක් හෝ නොලැබී යාම පැහැදිළි අන්ධභාවයකි.
22:47Page 338
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ٤٧
And they urge you to hasten the punishment. But Allāh will never fail in His promise. And indeed, a day with your Lord is like a thousand years of those which you count.
අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් හට මෙලොව දඬුවම ගැනත් මතුලොව දඬුවම ගැනත් අවවාද කරනු ලැබූ කල්හි ඒ දෙකම ඉක්මන් කරන මෙන් නුඹෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කවර ප්රතිඥාවක් ඔවුනට දුන්නේ ද ඔහු එය කඩ නොකරන්නේමය. ඔවුන් ඉක්මනින් ඉල්ලා සිටි දෑ බද්ර් යුද දිනයේ ඔවුනට අත් විය. සැබැවින්ම මතුලොවෙහි ද දඬුවමින් යුත් දිනයක් ඇත. එහි පවතින දඬුවම හේතුවෙන් එය නුඹලා මෙලොවෙහි ගණන් බලන වර්ෂ ගණන් මෙන් වර්ෂ දහසක් බඳුය.
22:48Page 338
وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ ٤٨
And for how many a city did I prolong enjoyment while it was committing wrong. Then I seized it, and to Me is the [final] destination.
එමෙන්ම දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කරමින් සිටි ගම්මාන කොපමණක් දඬුවම් නොකර අතහැර දැමුවෙම් ද? දඬුවම ඉක්මන් නොකර පියවරෙන් පියවර හසු කරනු පිණිස මම ඉක්මන් නොකළෙමි. පසුව නොනැවතී දඬුවමකින් ඒවා මම ග්රහණය කළෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නැවත පැමිණීම මා වෙත පමණය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සදාතනික දඬුවමකින් මම ඔවුනට ප්රතිවිපාක දෙමි.
22:49Page 338
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمۡ نَذِيرٞ مُّبِينٞ ٤٩
Say, "O people, I am only to you a clear warner."
"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අවවාද කරන්නෙක්මි. මා හට කවර කරුණක් එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වමි. මාගේ අවවාදය තුළ පැහැදිළිව සිටිමි." යැයි නුඹ පවසනු.
22:50Page 338
فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٥٠
And those who have believed and done righteous deeds - for them is forgiveness and noble provision.
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුනට පාපක්ෂමාව ඇත. එමෙන්ම ස්වර්ගයේ කිසිදු විසන්ධි කිරීමකින් තොරව ගෞරවණීය සංග්රහයක් ද ඔවුනට ඇත.
22:51Page 338
وَٱلَّذِينَ سَعَوۡاْ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ٥١
But the ones who strove against Our verses, [seeking] to cause failure1 - those are the companions of Hellfire.
අපගේ වදන් බොරු කිරීමෙහි යුහුසුළු ව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් විසින් අල්ලාහ්ව පරාජය කළ හැකි බවත් ඔහුගෙන් මඟ හැරී ඔවුනට යා හැකි බවත් එහෙයින් ඔහු ඔවුනට දඬුවම් නොකරන බවත් තීරණය කරමින් සිටියෝය. ඔවුන් නිරා ගින්නේ සගයෝ වෙති. මිතුරෙකු ඔහුගේ මිතුරා සමග එකතුවනවාක් මෙන්ම ඔවුහු එයට එකතු වෙති.
22:52Page 338
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٢
And We did not send before you any messenger or prophet except that when he spoke [or recited], Satan threw into it [some misunderstanding]. But Allāh abolishes that which Satan throws in; then Allāh makes precise His verses.1 And Allāh is Knowing and Wise.
අහෝ දූතය! නුඹට පෙර අපි එවූ කිසිදු දූතයකු හෝ නබිවරයකු හෝ වේවා, ඔහු අල්ලාහ්ගේ ග්රන්ථය කියවන විට ඔහුගේ එම කියවීම අතරට සැබැවින්ම එය ද දේව පණිවිඩයක් යැයි මිනිසුනට පැටලෙන දෑ ෂෙයිතාන් ඇතුළත් කර සිටියා මිස නැත. ෂෙයිතාන් කවර කරුණක් ඉදිරිපත් කළේ ද අල්ලාහ් එය නිෂ්ඵල කළේය. තම වදන් ස්ථාවර කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහුගේ මැවීම, ඔහුගේ නියමය හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
22:53Page 338
لِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ ٥٣
[That is] so He may make what Satan throws in [i.e., asserts] a trial for those within whose hearts is disease1 and those hard of heart. And indeed, the wrongdoers are in extreme dissension.
නබි (ස්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පාරායනයේදී ද ෂෙයිතාන් කරුණු ඉදිරිපත් කළේය. ඔහු ඉදිරිපත් කරන දෑ කුහකයින් හා හදවත් දැඩි වූ දේව ආදේශකයින්හට පරීක්ෂණයක් බවට අල්ලාහ් පත් කළේය. සැබැවින්ම කුහකයින් හා දේව ආදේශකයින් අතරින් අපරාධකරුවන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ සතුරුකම තුළ වෙති. එමෙන්ම සත්යයෙන් හා යහමගින් ඈත අන්තයක වෙති.
22:54Page 338
وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٤
And so those who were given knowledge may know that it is the truth from your Lord and [therefore] believe in it, and their hearts humbly submit to it. And indeed is Allāh the Guide of those who have believed to a straight path.
එමෙන් ම අල්ලාහ් දැනුම ලබා දුන් අය සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද අල් කුර්ආනය සත්යය බව දැඩි ලෙස විශ්වාස කරනු පිණිසය. අහෝ දූතය! අල්ලාහ් කවර කරුණක් නුඹ වෙත පහළ කළේ ද එය සත්යය වේ. එවිට ඔවුන්ගේ දේව විශ්වාසය වර්ධනය වනු ඇත. ඔවුන්ගේ හදවත් ඔහුට යටත්ව බියවනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔවුන් ඔහුට අවනත වූ බැවින් ඔවුනට ප්රතිඵල වශයෙන් එහි ඇද නැති ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වන්නාය.
22:55Page 338
وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ ٥٥
But those who disbelieve will not cease to be in doubt of it until the Hour comes upon them unexpectedly or there comes to them the punishment of a barren Day.1
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ව බොරු කළවුන් වනාහි, අල්ලාහ් නුඹ වෙත පහළ කළ අල් කුර්ආනය ගැන ඔවුහු සැකයෙහි පසුවෙති. ඔවුන් වෙත නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණෙන තුරුම හෝ කිසිදු කරුණාවක් හෝ යහපතක් හෝ නොමැති දිනයේ දඬුවම ඔවුන් වෙත පැමිණෙන තුරුම ඔවුන් ඒ මතම සිටිති. ඔවුනට අනුව එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
22:56Page 339
ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٥٦
[All] sovereignty that Day is for Allāh;1 He will judge between them. So they who believed and did righteous deeds will be in the Gardens of Pleasure.
(ඔවුනට ප්රතිඥා දෙනු ලැබු දඬුවම ඔවුන් වෙත පැමිණෙන) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතු වන්නේය. එහි ඔහුට අභියෝග කරන්නෙකු නොසිටියි. සුවිශුද්ධයාණන් වන ඔහු දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් අතර තීන්දු කරයි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම ඔහුට සුදුසු දෑ අනුව තීන්දු ලබා දෙයි. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුනට අතිමහත් තිළිණයක් ඇත. එනම් එය නිමක් නැති සදා සුව පහසුකම් සහිත ස්වර්ග උයන් වේ.
22:57Page 339
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ٥٧
And they who disbelieved and denied Our signs - for those there will be a humiliating punishment.
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, අල්ලාහ් ඔවුන් අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් අපා ගින්නේ ඔවුනට ඇත.
22:58Page 339
وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٥٨
And those who emigrated for the cause of Allāh and then were killed or died - Allāh will surely provide for them a good provision. And indeed, it is Allāh who is the best of providers.
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා ඔහුගේ දහමට ගරු කොට; තම නිවෙස් හා දේශයන් අතහැර දමා ගොස්; පසු ව ඔහුගේ මාර්ගයේ ජිහාද් හි නිරතව මිය ගොස්; එසේත් නැතිනම් සාමාන්ය ලෙස මියගිය අය වනාහි, ස්වර්ග උයන්හි නිමක් නැති සදා නැවුම් සංග්රහයකින් අල්ලාහ් ඔවුනට පෝෂණය කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතරින් අති ශ්රේෂ්ඨය.
22:59Page 339
لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ ٥٩
He will surely cause them to enter an entrance with which they will be pleased, and indeed, Allāh is Knowing and Forbearing.
ඔවුන් තෘප්තියට පත්වන ස්ථානයට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරයි. එය ස්වර්ග උයනයි. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉවසිලිවන්තය. ඒ අනුව ඔවුන් එහි සිදු කළ වැරදි සඳහා දඬුවම ඉක්මන් කරන්නේම නැත.
22:60Page 339
۞ ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ ٦٠
That [is so]. And whoever responds [to injustice] with the equivalent of that with which he was harmed and then is tyrannized - Allāh will surely aid him. Indeed, Allāh is Pardoning and Forgiving.1
අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කිරීමෙහි ප්රවේශ වීම, සීමාව ඉක්මවා ගියවුන් සමග ඔවුන් සීමාව ඉක්මවා ගිය තරමට එහි පාපයක් ඇති නොවන පරිදි ආක්රමණය කිරීම යනාදිය මෙහි සඳහන් කරනු ලැබූ දෑය. එහෙයින් ආක්රමණිකයා ඔහුගේ ආක්රමණයෙහි ඉක්මවා ගිය විට එසේ ආක්රමණය කරනු ලබන්නාට සැබැවින්ම අල්ලාහ් උදව් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් දේව විශ්වාසීන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි අති ක්ෂමාශීලීය.
22:61Page 339
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٦١
That1 is because Allāh causes the night to enter the day and causes the day to enter the night and because Allāh is Hearing and Seeing.
ආක්රමණය කරනු ලබන්නාට එම උපකාරය ලැබෙනුයේ සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කිරීමට බලය ඇත්තා වන බැවිණි. දහවල තුළ රාත්රිය ඇතුලු කිරීම, රාත්රිය තුළ දහවල ඇතුලු කිරිම ඒ දෙකින් එකක් වැඩියෙන් ද අනෙක අඩුවෙන් ද පිහිටීම යනාදිය ඔහුගේ එම බලයෙන් වූවකි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
22:62Page 339
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٦٢
That is because Allāh is the True Reality, and that which they call upon other than Him is falsehood, and because Allāh is the Most High, the Grand.
සඳහන් කරනු ලැබූ පරිදි අල්ලාහ් දහවල තුළ රාත්රිය ද රාත්රිය තුළ දහවල ද ඇතුලත් කරනුයේ සැබැවින්ම අල්ලාහ් සත්යය වන බැවිණි. එසේනම්, ඔහුගේ දහම සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. දේව විශ්වාසීන් සඳහා ඔහුගේ උපකාරය ද සත්යයකි. අල්ලාහ් හැර දමා දේව ආදේශකයින් නමදිමින් සිටින පිළිම කිසිදු පදනමක් නැති ව්යාජ දෑය. සැබැවින්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ මැවීම් මත පැවැත්මෙන් නියමයෙන් හා බලාධිකාරයෙන් උසස් ය. කීර්තිය උදාරත්වය හා උසස්බව සතු ඔහු අති ශ්රේෂ්ඨය.
22:63Page 339
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ٦٣
Do you not see that Allāh has sent down rain from the sky and the earth becomes green? Indeed, Allāh is Subtle1 and Aware.2
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් අහසින් වර්ෂාව පහළ කිරීම නුඹ නොදුටුවෙහි ද? මහපොළොව මත වර්ෂාව පහළ වීමෙන් පසු ව එහි හට ගැණෙන සාරවත්භාවය එය ලබා දෙයි. අල්ලාහ් තම ගැත්තන්හට වර්ෂාව පහළ කිරීමෙන් හා ඔවුන් වෙනුවෙන් මහපොළොවේ ගහකොළ හට ගැන්වීමෙන් ඔහු ඔවුනට මෛත්රී කර ඇත. ඔවුන්ගේ යහපත ගැන සැබැවින්ම ඔහු මැනවින් දන්නාය. ඒහෙයින් ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
22:64Page 339
لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٦٤
To Him belongs what is in the heavens and what is on the earth. And indeed, Allāh is the Free of need, the Praiseworthy.
අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් ඔහුට පමණක් සතුය. සැබැවින්ම අල්ලාහ් වන ඔහුට ඔහුගේ මැවීම් අතරින් කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය.
22:65Page 340
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ٦٥
Do you not see that Allāh has subjected to you whatever is on the earth and the ships which run through the sea by His command? And He restrains the sky from falling upon the earth, unless by His permission. Indeed Allāh, to the people, is Kind and Merciful.
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් නුඹට හා ජනයාට මහපොළොවේ ඇති දෑ ද භෞතික වස්තූන් ද නුඹලාගේ අවශ්යතාවය හා නුඹලාගේ ප්රයෝජනය පිණිස වසඟ කර දී ඇත. ඔහුගේ නියෝගය අනුව සාගරයේ යාත්රා කරන නැව් ද නුඹලාට වසඟ කර දුන්නේය. එය රටින් රටකට යාත්රා කරන පරිදි ඔහු එය වසඟ කර දී ඇත. ඔහුගේ අනුමැතියෙන් තොරව මහපොළොව මත නොවැටෙන සේ අහස රඳවා ගෙන සිටියි. ඒ මත වැටෙන්නට ඔහු එයට අවසර දුන්නේ නම් එය කඩා වැටෙනු ඇත. ජනයා අතර අපරාධ සිදුවෙමින් තිබියදී පවා අල්ලාහ් ඔවුනට මෙම වස්තු වසඟ කර දීමෙන් ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණික හා දයානුකම්පිත විය.
22:66Page 340
وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ ٦٦
And He is the one who gave you life; then He causes you to die and then will [again] give you life. Indeed, mankind is ungrateful.
නුඹලා ශුන්ය තත්ත්වයක සිටි පසු ව, නුඹලාව ඇති කරමින් නුඹලාට ජීවය ලබා දුන්නේ අල්ලාහ් වන ඔහුය. පසු ව නුඹලාගේ ආයුකාලය අවසන් වූ විට ඔහු නුඹලාව මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ ක්රියාවන් පිළිබඳ නුඹලාගෙන් විනිශ්චය කිරීම සඳහාත්, ඒ වෙනුවෙන් ප්රතිඵල පිරිනැමීම සඳහාත් නුඹලාගේ මරණයෙන් පසු නුඹලාට ඔහු යළි ජීවය ලබා දෙයි. සැබැවින්ම මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාදයන් - ඒවා විද්යාමානව තිබීයදීත් - ඔහු සමග වෙනත් අය නැමදුමට ගැනීමෙන් අධික ලෙස ප්රතික්ෂේප කරන්නෙකු වෙයි.
22:67Page 340
لِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ ٦٧
For every [religious] community We have appointed rites which they perform. So, [O Muḥammad], let them [i.e., the disbelievers] not contend with you over the matter but invite [them] to your Lord. Indeed, you are upon straight guidance.
සෑම සමූහයකටම අපි පිළිවෙතක් ඇති කළෙමු. ඔවුන්ගේ පිළිවෙත අනුව ඔවුන් කටයුතු කරති. එහෙයින් අහෝ දූතය! දේව ආදේශකයින් හා වෙනත් අය නුඹේ පිළිවෙත තුළ නුඹ සමග ගැටුම් ඇති කර නොගත යුතුයි. සැබැවින්ම ඔවුන් ව්යාජත්වයේ සිටින බැවින් නුඹ ඔවුනට වඩා සත්යයෙන් උසස්ය. අල්ලාහ්ට පමණක් ඒකීයත්වය අවංකව පුද කිරීම සඳහා නුඹ ජනයාට ඇරයුම් කරනු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය මත සිටින්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත.
22:68Page 340
وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ٦٨
And if they dispute with you, then say, "Allāh is most knowing of what you do.
තර්කය පැහැදිලි වූවායින් පසු නුඹ සමග ඔවුන් වාද කිරීමෙන් ඔවුන් වැළකී සිටියේ නම්, එවිට නුඹ ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත පවරා ඔවුනට අවවාද කරමින්, "නුඹලා යම් කටයුත්තක් සිදු කරන්නෙහු නම් අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත." යැයි පවසනු.
22:69Page 340
ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٦٩
Allāh will judge between you on the Day of Resurrection concerning that over which you used to differ."
මෙලොවෙහි ඔවුන් කවර ආගමික කටයුත්තක මතභේද ඇතිකර ගනිමින් සිටියේ ද එම කරුණෙහි ඔවුන් අතර විශ්වාසියා කවුරුන් දැයි ද ප්රතික්ෂේපකයා කවුරුන් දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතර තීන්දු කරනු ඇත.
22:70Page 340
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ٧٠
Do you not know that Allāh knows what is in the heaven and earth? Indeed, that is in a Record.1 Indeed that, for Allāh, is easy.
අහෝ දූතය! අහස්හි ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නා බවත් මහපොළොවේ ඇති දෑ ගැන ද අල්ලාහ් දන්නා බවත් නුඹ නොදන්නෙහි ද? ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ පිළිබඳ දැනුම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සියලු දෑ පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
22:71Page 340
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٖ ٧١
And they worship besides Allāh that for which He has not sent down authority and that of which they have no knowledge. And there will not be for the wrongdoers any helper.
දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරති. නමුත් ඒවාට වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ පුස්තකයේ කිසිදු සාධකයක් පහළ කර නැත. ඒ සඳහා බුද්ධිමය සාධකයක් හෝ ඔවුනට නැත. ඔවුන් බැඳී සිටිනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් අන්ධ අනුගමනය කිරීම මතය. අල්ලාහ්ගේ දඬුවම එම අපරාධකරුවන්ට අත් වීමෙන් ඔවුන් වළක්වාලන කිසිදු උදව්කරුවකු ඔවුනට නොමැත.
22:72Page 340
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٧٢
And when Our verses are recited to them as clear evidences, you recognize in the faces of those who disbelieve disapproval. They are almost on the verge of assaulting those who recite to them Our verses. Say, "Then shall I inform you of [what is] worse than that?1 [It is] the Fire which Allāh has promised those who disbelieve, and wretched is the destination."
අල් කුර්ආනයේ ඇති අපගේ පාඨ ඔවුන් වෙත පැහැදිළිව පාරායනය කරනු ලබන්නේ නම්, අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඒවාට සවන් දෙන අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ මුහුණු හරවා ගනිමින් එය හෙළා දැකීම නුඹ ඔවුන්ගේ මුහුණුවල දකිනු ඇත. දැඩි කෝපය හේතුවෙන් අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරන්නන් වර්ජනය කරන්නට බලති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."නුඹලාගේ කෝපය හා පිළිකුලෙන් නුඹලාගේ මුහුණු හරවා ගැනීමේ විපාකය කුමක්දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද? එනම් දේව ප්රතික්ෂේපකයින් එහි ප්රවේශ වනු ඇතැයි අල්ලාහ් ප්රතිඥා දුන් නිරා ගින්නය. ඔවුන් එසේ යොමු වන ස්ථානය ඉතා නපුරුය."
22:73Page 341
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ ٧٣
O people, an example is presented, so listen to it. Indeed, those you invoke besides Allāh will never create [as much as] a fly, even if they gathered together for it [i.e., that purpose]. And if the fly should steal from them a [tiny] thing, they could not recover it from him. Weak are the pursuer and pursued.1
අහෝ මිනිසුනි! උපමාවක් ගෙන හැර දක්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. එමගින් නුඹලා පාඩම් ලබනු. සැබවින්ම අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින පිළිම වනාහි, ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් මැස්සෙකු මවන්නට ඔවුන් සියලු දෙනා ඒකරාශී වුව ද කිසිවිටෙක එවන්නක් මැවීමට ඔවුනට හැකි වන්නේම නැත. එමෙන්ම මැස්සා ඔවුන් මත වූ යම් පිවිතුරු දෙයක් හෝ ඊට සමාන දෙයක් ඩැහැ ගත් විට උගෙන් එය ආරක්ෂා කිරීමට ඔවුන් ශක්තිය නොදරති. මැස්සා මැවීමට හා ඔවුන්ගෙන් ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකි වීමෙන් පැහැදිලි වනුයේ ඊටත් වඩා ඉමහත් දෙයක් කිරීමට ඔවුනට නොහැකි බවය. එසේ නොහැකි තත්ත්වයක දී අල්ලාහ් හැර දමා නුඹලා ඒවාට වන්දනාමාන කරනුයේ කෙසේ ද? එසේ පතන්නා දුර්වල විය. එනම් මැස්සා ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට නොහැකි, නැමදුම් ලබන පිළිමය. එසේම පතනු ලබන්නා ද දුර්වල විය එය මැස්සාය.
22:74Page 341
مَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ٧٤
They have not appraised Allāh with true appraisal.1 Indeed, Allāh is Powerful and Exalted in Might.
අල්ලාහ් සමග ඔහුගේ මැවීම් ද සම්බන්ධ කරමින් ඔවුන් නැමදුම් කරන අවස්ථාවේ ඔහුට ගරුබුහුමන් කළ යුතු නිසි අයුරින් ඔවුන් ඔහුට ගරුබුහුමන් කර නැත. සැබැවින්ම අල්ලාහ් බලවත්ය. ඔහුගේ බලය හා ශක්තිය තුළින් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති දෑ ද මැව්වේය. ඔහු ආදේශ කරන්නන්ගේ පිළිම මෙන් නොව කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඒවා කිසිවක් මැවිය නොහැකි ඉතා පහත් දුර්වල දෑ වේ.
22:75Page 341
ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٧٥
Allāh chooses from the angels messengers and from the people. Indeed, Allāh is Hearing and Seeing.
උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් මලක්වරුන් හෙවත් සුර දූතයින් අතරින් දූතවරුන් තෝරා ගනී. එමෙන්ම මිනිසුන් අතරින් ද දූතවරුන් තෝරා ගනී. මිනිස් දූතවරුන් වෙත ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දූතයකු ලෙස එව්වාක් මෙන් ඇතැම් මලක්වරුන් ද නබිවරුන් වෙත දූත පණිවිඩය සමග එව්වේය. එමෙන්ම මිනිස් දූතවරුන්ද ජනයා වෙත දූත පණිවිඩ සමග එව්වේය. දේව ආදේශකයින් ඔහුගේ දූතවරුන් පිළිබඳ පවසන දෑට සැබැවින්ම අල්ලාහ් සවන් දෙන්නාය. ඔහු ඔහුගේ දූතත්වය තෝරා ගන්නන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.
22:76Page 341
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٧٦
He knows what is [presently] before them and what will be after them.1 And to Allāh will be returned [all] matters.
මලක්වරුන් හා මිනිසුන් අතරින් වූ දූතවරුන් ඔවුන් මැවීමට පෙර ද ඔවුන්ගේ මරණින් පසු ද කවර ස්ථාවරයක සිටින්නේ දැයි සුවිශුද්ධයාණන් මැනවින් දනී. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු ඔහුගේ ගැත්තන් නැගිටුවා ඔවුන් පෙර කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences