Al-MukhtasarAl‑Mu'minun · 23:115–118

Al-Mukhtasar · Tafsir · in Sinhala

Al-Mu'minun 23:115–118

23:115Page 349

أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ ١١٥

Then did you think that We created you uselessly and that to Us you would not be returned?"

"අහෝ ජනයිනි! කිසිදු ප්රඥාවකින් තොරව සතුන් මෙන් කිසිදු කුසලක් හෝ දඬුවමක් හෝ නොමැතිව සෙල්ලමට අපි නුඹලාව මවා ඇති බවත් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා අප වෙත නැවත නොපැමිණෙන බවත් නුඹලා සිතන්නෙහු ද?"

23:116Page 349

فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ ١١٦

So exalted is Allāh, the Sovereign,1 the Truth;2 there is no deity except Him, Lord of the Noble Throne.

ඔහුගේ මැවීම් අතර ඔහු අභිමත කරන පරිදි කටයුතු කරන මහා පාලකයාණන් වන අල්ලාහ් සුවිශුද්ධය. ඔහු වනාහි සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. ඔහුගේ ප්රකාශය ද සත්යයකි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත. ගෞරවණීය අර්ෂ් හෙවත් සර්වරාජ්යයේ හිමිපාණන් වනුයේ සියලු මැවීම්වලට වඩා අති ගෞරවණීය ඔහුය. ඔහු සියලු දෑහි පරමාධිපති ලෙස සිටියදී එම මැවීම්වලට වඩා ඉහළින් තවත් පරමාධිපතියෙකු විය හැකි ද?

23:117Page 349

وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ١١٧

And whoever invokes besides Allāh another deity for which he has no proof - then his account is only with his Lord. Indeed, the disbelievers will not succeed.

කවරෙකු විසින් අල්ලාහ් සමග වෙනත් නැමදුම් ලබන්නෙකු ඇරයුම් කරන්නේ ද ඔහුට නැමදීම සඳහා කිසිදු අයිතියක සාධකයක් එයට නැත. (මෙය අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දෙනාගේම කරුණකි.) ඔහුගේ නපුරු ක්රියාවෙහි ප්රතිඵලය සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපති අබියස වේ. ඔහු වෙත දඬුවම පිරිනමනුයේ ඔහු ය. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන් පතන දෑ ලබා ගැනීමෙන් ජය නොලබති. ඔවුන් බියවන දැයින් මිදීමක් ද ඔවුනට නැත.

23:118Page 349

وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ ١١٨

And, [O Muḥammad], say, "My Lord, forgive and have mercy, and You are the best of the merciful."

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපකම්වලට මට සමාව දෙනු මැනව! නුඹේ කරුණාවෙන් මට කරුණා කරනු මැනව! පාපියාට කරුණා කොට ඔහුගේ පාපක්ෂමාව පිළි ගන්නන් අතරින් නුඹ අති ශ්රේෂ්ඨය."

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском