Al-Mukhtasar · Tafsir · in Sinhala
المؤمنون
Al-Mu'minun
The Believers · Meccan · 118 ayahs
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය.
23:2Page 342
ٱلَّذِينَ هُمۡ فِي صَلَاتِهِمۡ خَٰشِعُونَ ٢
They who are during their prayer humbly intent
ඔවුන්ගේ සලාතයේ දී ඉතා යටහත් පහත්ව කටයුතු කරන්නෝ වෙති. එහිදී ඔවුන්ගේ අවයව තැන්පත්ව තබා ගනිති. ඔවුන්ගේ සිත් කාර්යබහුලත්වයෙන් හිස් කර ගනිති.
ඔවුන් වනාහි, නිෂ්ඵල දැයින්, පුහු දැයින් හා පාපය ඇති කරන ක්රියාවන් හා ප්රකාශවලින් වැළකී සිටින්නෝ වෙති.
ඔවුන් වනාහි, ඔවුන්ගේ ආත්මාවන් පහත් ගතිගුණවලින් පිවිතුරු කිරීම සඳහාත් ඔවුන්ගේ ධනය පිරිසිදු කිරීම සඳහා ඒ සඳහා දිය යුතු සකාත් නිකුත් කරමින් කටයුතු කරන්නෝ වෙති.
දුරාචාරය, සමලිංගික සේවනය හා අශීලාචාර කාමුක හැසිරීම් වැනි දැයින් ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරස් කරමින් ඒවා ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන් පතිවත රකින පිවිතුරුවූවන් වෙති.
23:6Page 342
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٦
Except from their wives or those their right hands possess,1 for indeed, they will not be blamed -
ඔවුන්ගේ බිරියන් කෙරෙහි හෝ ඔවුන් සතු කරගත් වහලියන් කෙරෙහි හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් හෝ වෙනත් අයුරකින් හෝ පහස විඳීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
23:7Page 342
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٧
But whoever seeks beyond that, then those are the transgressors -
එහෙයින් කවරෙකු බිරියන් හෝ ඔවුන් සතු වූ වහලියන් හෝ සමග හැර වෙනත් ආකාරයකින් පහස විඳීමට සොයන්නේ ද ඔහු අනුමත කළ පහස විඳීම් ඉක්මවා තහනම් කළ දෑ වෙත යමින් අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය අයකු වන්නේය.
23:8Page 342
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٨
And they who are to their trusts and their promises attentive
ඔවුන් වනාහි, අල්ලාහ් ඔවුනට යමක් පැවරූ කල්හි හෝ ඔහුගේ ගැත්තන් ඔවුනට යමක් පැවරූ කල්හි ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකර ඒවා නිසි අයුරින් ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුහු ඒවා ඉටු කරති.
23:9Page 342
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ ٩
And they who carefully maintain their prayers -
ඔවුන්ගේ සලාතය අඛණ්ඩ ව ඉටු කරමින් එය ආරක්ෂා කරති. නියමිත වේලාවන්හි එහි මූලිකාංගයන් අනිවාර්යය ක්රියාවන් හා සතුටුදායක ක්රියාවන් පිළිපදිමින් ඉටු කිරීමට වගබලා ගනිති.
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහුමය උරුමක්කරුවෝ වනුයේ.
23:11Page 342
ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ ١١
Who will inherit al-Firdaus.1 They will abide therein eternally.
ඔවුහු උසස් ස්වර්ගය උරුම කර ගනිති. ඔවුහු එහි සදා රැඳී සිටිති. එහි ඔවුනට හිමි සැප පහසුකම් කිසිවිටෙක කප්පාදු කරනු නොලබති.
23:12Page 342
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ ١٢
And certainly did We create man from an extract of clay.
මිනිස් පියාණන් වන ආදම් ව සැබැවින්ම අපි පසින් මැව්වෙමු. එය පොළොවේ පස් සමග මිශ්ර වූ ජලයෙන් මතු කර ගන්නා ලද පිරිසිදු පසින් ගන්නා ලද්දක් විය.
23:13Page 342
ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ ١٣
Then We placed him as a sperm-drop1 in a firm lodging [i.e., the womb].
ඉන්පසු අපි ඔහුගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට, ප්රසූත වන අවස්ථාව දක්වාම ගර්භාෂයේ රැඳී පවතින ශුක්රාණුවෙන් මැව්වෙමු.
23:14Page 342
ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ ١٤
Then We made the sperm-drop into a clinging clot, and We made the clot into a lump [of flesh], and We made [from] the lump, bones, and We covered the bones with flesh; then We developed him into another creation. So blessed is Allāh, the best of creators.1
එම ශුක්රාණවෙන් පසුව ගර්භාෂයේ රැඳී පවතින රතු පැහැති ලේ කැටියක් මැව්වෙමු. පසුව එම රතු පැහැති ලේ කැටිය විකා දමන ලද මස් කැබැල්ලක් මෙන් මැව්වෙමු. පසුව එම මස් කැබැල්ලට එකිනෙකට බැඳුණු අස්ථි මැව්වෙමු. පසුව එම අස්ථි මසින් ඇන්ඳෙව්වෙමු. පසුව ඒ තුළට ප්රාණය පිඹිමින් එය ජීවී ව බැහැර කරමින් වෙනත් මැවීමක් ලෙස අපි නිර්මාණය කළෙමු. නිර්මාණකරුවන්ගෙන් වඩාත් අලංකාර මැවුම්කරු වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලා මෙම අදියරයන් පසු කළ පසු ව, නුඹලාගේ ආයු කාලය අවසන් වන අවස්ථාවේ නුඹලා මරණයට පත්වනු ඇත.
23:16Page 342
ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ ١٦
Then indeed you, on the Day of Resurrection, will be resurrected.
අනතුරුව සැබැවින්ම නුඹලා මරණයට පත්වීමෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා මෙලොව කළ ක්රියාවන් සඳහා විනිශ්චය කරනු පිණිස නුඹලාගේ මිණිවලවල්වලින් නුඹලා යළි අවදි කරනු ලබනු ඇත.
23:17Page 342
وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ ١٧
And We have created above you seven layered heavens, and never have We been of [Our] creation unaware.
අහෝ ජනයිනි! නුඹලාට ඉහළින් අහස් හතක් ඉකිනෙකට ඉහළින් පිහිටන සේ මැව්වෙමු. අපගේ මැවීම් පිළිබඳ අපි අනවධානීන් ලෙස නොසිටියෙමු. එමෙන්ම ඒවා අමතක කරන්නන් ලෙස නොසිටියෙමු.
23:18Page 343
وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ ١٨
And We have sent down rain from the sky in a measured amount and settled it in the earth. And indeed, We are Able to take it away.
වර්ෂා ජලය වැඩි වී විනාශ කරන ආකාරයෙන් හෝ එය හිඟ වී ප්රමාණවත් නොවන තරමට පත් නොවන ආකාරයෙන් අවශ්ය ප්රමාණයට පමණක් අපි අහසින් පහළ කළෙමු. මිනිසුන්ට හා සතුන් එමගින් ප්රයෝජන ලබන පරිදි මහපොළොවේ රැඳෙන්නට සැලැස්වූයෙමු. සැබැවින්ම අපි එය පහ කරන්නටත් බලය ඇත්තෝ වෙමු. එවිට නුඹලාට ප්රයෝජන නොලබනු ඇත.
23:19Page 343
فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ١٩
And We brought forth for you thereby gardens of palm trees and grapevines in which for you are abundant fruits and from which you eat.
එම ජලය මගින් ඉඳි හා මිදි උයන් නුඹලා වෙනුවෙන් අපි හට ගැන්වූයෙමු. අත්තික්කා, දෙළුම් හා ඇපල් වැනි එහි විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුත් විවිධ පළතුරු නුඹලාට එහි ඇත. නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
23:20Page 343
وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ ٢٠
And [We brought forth] a tree issuing from Mount Sinai which produces oil and food [i.e., olives] for those who eat.
එමගින් සයිනා කඳු ප්රදේශයේ හට ගන්නා ඔලිව් ගස් ද අපි නුඹලාට මතු කළෙමු. ආලේප කිරීමටත් ව්යාංජන ලෙස පරිභෝජනය කිරීමටත් එය තෙල් උත්පාදනය කරනු ඇත.
23:21Page 343
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ٢١
And indeed, for you in livestock is a lesson. We give you drink from that which is in their bellies, and for you in them are numerous benefits, and from them you eat.
අහෝ ජනයිනි! (ඔටුවන් ගවයින් හා එළුවන් වැනි) ගොවිපල සතුන් තුළ නුඹලාට පාඩමක් හා අල්ලාහ්ගේ ශක්තිය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව පෙන්වා දෙන සාධක ඇත. උන්ගේ උදරවල තිබෙන දැයින් පානය කරන්නන්හට ප්රණීත පිරිසිදු කිරි අපි නුඹලා වෙනුවෙන් පානය සඳහා සපයන්නෙමු. එමෙන්ම ඒ මත ප්රවාහනය කිරීම, එවායෙහි ලෝම, කෙස් වැනි නුඹලා ප්රයෝජන ලැබිය හැකි වෙනත් බොහෝ ප්රයෝජන ද නුඹලාට ඇත. නුඹලා ඒවායෙහි මාංශ අනුභව කරන්නෙහුය.
23:22Page 343
وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٢٢
And upon them and on ships you are carried.
ගොඩබිමේ ගොවිපළ සතුන් අතර තිබෙන ඔටුවන් මත ද සාගරයේ නැව් මත ද නුඹලා උසුලා ගෙන ප්රවාහනය කරනු ලබන්නෙහුය.
23:23Page 343
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٢٣
And We had certainly sent Noah to his people, and he said, "O my people, worship Allāh; you have no deity other than Him; then will you not fear Him?"
නූහ්ගේ ජනයාව අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා ඔවුන් වෙත අපි නූහ්ව එව්වෙමු. එවිට ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ශුද්ධවන්තයාණන් වන ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙක් නුඹලාට නැත. එහෙයින් අල්ලාහ්ගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්යට බැතිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
23:24Page 343
فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٢٤
But the eminent among those who disbelieved from his people said, "This is not but a man like yourselves who wishes to take precedence over you; and if Allāh had willed [to send a messenger], He would have sent down angels. We have not heard of this among our forefathers.
ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කළ නායකයින් හා ප්රභූවරුන් ඔවුන්ගේ අනුගාමිකයින් හා පොදු ජනයා වෙත, “සැබැවින්ම දූතයෙකු යැයි විශ්වාස කරමින් සිටින ඔහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා මත නායකත්වය දරන්නට ඔහු අපේක්ෂා කරයි. අප වෙත දූතයකු එවීමට අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින්ම ඔහු මිනිසුන් අතරින් දූතයකු නොඑවා මලක්වරුන්ගෙන් කෙනෙකු එවන්නට තිබුණි. ඔහු වාද කරමින් සිටින දෑ මෙන් යමක් අපට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු." යැයි කීහ.
23:25Page 343
إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ ٢٥
He is not but a man possessed with madness, so wait concerning him for a time."
ඔහු උමතු වූ මිනිසෙකු මිස නැත. ඔහු පවසන දෑ ඔහුට වැටහෙන්නේ නැත. එහෙයින් එම කරුණ ජනයාට පැහැදිළි වන තෙක් නුඹලා ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු.
23:26Page 343
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٢٦
[Noah] said, "My Lord, support me because they have denied me."
නූහ් (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!" යැයි පැවසීය.
23:27Page 343
فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ٢٧
So We inspired to him, "Construct the ship under Our observation and Our inspiration, and when Our command comes and the oven overflows,1 put into it [i.e., the ship] from each [creature] two mates and your family, except him for whom the decree [of destruction] has proceeded. And do not address Me concerning those who have wronged; indeed, they are to be drowned.
අපගේ අධීක්ෂණය යටතේ හා එය තැනිය යුත්තේ කෙසේ දැයි අපි නුඹට ඉගැන් වූ පරිදි නුඹ නැව තනනු යැයි අපි ඔහුට දේව පණිවිඩ පහළ කළෙමු. ඔවුන් විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණි විට පුළුස්සා දමනු ලැබූ ස්ථානයෙන් ප්රබල ලෙස ජලය ගලනු ඇත. පරම්පරාවේ පැවැත්ම සඳහා සෑම ජීවියකුගෙන්ම පිරිමි ගැහැණු ජීවියකුම නුඹ ඒ තුළට ඇතුළත් කරනු. ඔබේ බිරිය ඔබේ දරුවා වැනි විනාශ විය යුතු යැයි අල්ලාහ්ගෙන් නියමය පෙරටු වූ අය හැර නුඹගේ සෙසු පවුලේ සාමාජිකයන් ද ඇතුළත් කරනු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කළ ජනයා අතර ඔවුන්ගේ ජයග්රහණය වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරිම අතහැර දමන මෙන් හෝ නුඹ මා සමග කතා නොකරනු. සැබැවින්ම ඔවුන් මහා ජල ගැල්මෙන් ගිලී විනාශ වන්නෝමය. - එහි කිසිදු සැකයක් නැත.
23:28Page 344
فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٨
And when you have boarded the ship, you and those with you, then say, 'Praise to Allāh who has saved us from the wrongdoing people.'
නැව මත හිදිමින් ඔබ හා ඔබ සමග සිටි ජයග්රාහී දේව විශ්වාසීන් ඉහළට නැංවෙන විට නුඹ, "දේව ප්රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවාගෙන ඔවුන් විනාශ කළ අල්ලාහ්ට සියලු ප්රශංසා" යැයි පවසනු.
23:29Page 344
وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ ٢٩
And say, 'My Lord, let me land at a blessed landing place, and You are the best to accommodate [us].'"
"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා සමෘධිමත් පහළ කිරීමකින් යුතුව ගොඩබිමකට බස්සවනු මැනව! ගොඩ බස්වන්නන් අතර ශ්රේෂ්ඨ වන්නේ ඔබය." යැයි පවසනු.
23:30Page 344
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ ٣٠
Indeed in that are signs, and indeed, We are ever testing [Our servants].
සඳහන් කරන ලද නූහ් හා ඔහු සමග වූ දේවවිශ්වාසීන් මුදවා ගැනීම, දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම යනාදියෙහි අපගේ දූතවරුන්ට ජය ලබා දීමේ හා ඔවුන් බොරුකරන්නන් විනාශ කිරීමේ අපගේ බලය පෙන්වා දෙන ඉතා පැහැදිළි සාධක ඇත්තේය. නූහ්ගේ ජනයා වෙත ඔහුව එවීමෙන් අපි ඔවුන් පරීක්ෂා කරන්නන් වූයෙමු. එවිට දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා ද පාපියාගෙන් දෙවියන්ට අවනත වන්නා ද පැහැදිළි වන්නට විය.
23:31Page 344
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ٣١
Then We produced after them a generation of others.
අනතුරුව නූහ්ගේ ජනයා අපි විනාශ කළ පසු ව තවත් සමූහයක් අපි බිහි කළෙමු.
23:32Page 344
فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٣٢
And We sent among them a messenger1 from themselves, [saying], "Worship Allāh; you have no deity other than Him; then will you not fear Him?"
එවිට ඔවුන් අතර ද අල්ලාහ් වෙත ඇරයුම් කරන ඔවුන්ගෙන්ම වූ දූතයෙකු යැව්වෙමු. ඔහු ඔවුනට, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු සුවිශුද්ධයාණන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් නුඹලා අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී ඔහුගේ නියෝග ඉටු කරමින් ඔහුට භක්තිමත්ව කටයුතු කළ නොවේ ද?" යැයි කීය.
23:33Page 344
وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ ٣٣
And the eminent among his people who disbelieved and denied the meeting of the Hereafter while We had given them luxury in the worldly life said, "This is not but a man like yourselves. He eats of that from which you eat and drinks of what you drink.
ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට; මතුලොව හා එහි ඇති තිළිණ හා දඬුවම බොරු කළ, මෙලොව ජීවිතයේ අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ ආශිර්වාදවලට වහල් වූ ප්රධානීන් හා ප්රභූවරු තම අනුගාමිකයින් හා පොදු ජනතාව අමතා මෙසේ පැවසූහ. "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි. නුඹලා වෙත දූතයකු ලෙස එවනු ලබන තාක් කල් නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් ඔහු සතුව නොවීය."
23:34Page 344
وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ٣٤
And if you should obey a man like yourselves, indeed, you would then be losers.
නුඹලා මෙන් මිනිසෙකුට නුඹලා අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා එවිට නුඹලාගේ දෙවිවරුන් අතහැර දමා ඔහුට අවනත වීම හේතුවෙන් හා නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් තමන් සතුව නැති අයකු පිළිපැදීම හේතුවෙන් නුඹලා කිසිදු ප්රයෝජනයක් නොලබන බැවින් නුඹලා අලාභවන්තයෝ වන්නෙහුය.
23:35Page 344
أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ ٣٥
Does he promise you that when you have died and become dust and bones that you will be brought forth [once more]?
සැබැවින්ම තමන් දූතයකු යැයි විශ්වාස කරමින් සිටින්නා, සැබැවින්ම නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූ විට සැබැවින්ම නුඹලා නුඹලාගේ මිණිවලවල්වලින් ජීවීව බැහැර කරනු ඇතැයි නුඹලාට අවවාද කරන්නේ ද? එය වටහා දෙන්නේ ද?
23:36Page 344
۞ هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ ٣٦
How far, how far, is that which you are promised.1
නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූවායින් පසු නුඹලාගේ මිණීවල්වල්වලින් නැවත නුඹලාව ජීවීව බැහැර කිරීම ගැන නුඹලාට කවර අවවාදයක් දෙනු ලැබුවේ ද එය වඩාත් දුරින් පිහිටා ඇත්තකි.
23:37Page 344
إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ٣٧
It [i.e., life] is not but our worldly life - we die and live, but we will not be resurrected.
මෙලොව ජීවිතය හැර ජීවිතයක් නැත. මතුලොව ජීවිතයක් ද නැත. අප අතර ජීවත් වන අය මිය යති. නමුත් ජීවය ලබන්නේ නැත. වෙනත් අය බිහි වී ඔවුහු ජීවත් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා අපගේ මරණින් පසු අපි බැහැර කරනු ලබන්නන් නොවෙමු.
23:38Page 344
إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ ٣٨
He is not but a man who has invented a lie about Allāh, and we will not believe him."
සැබැවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යැයි තමන් ගැන වාද කරන මොහු අල්ලාහ් මත බොරු ගොතා ඒ ගැන වාද කරන මිනිසෙකු මිස නැත. අප ඔහු විශ්වාස කරන්නන් ලෙස නැත.
23:39Page 344
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ٣٩
He said, "My Lord, support me because they have denied me."
එම දූතයා: ‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!’ යැයි පැවසීය.
23:40Page 344
قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ ٤٠
[Allāh] said, "After a little, they will surely become regretful."
අල්ලාහ් ඔහුට ප්රතිචාර වශයෙන්: සුළු කාලයකට පසු නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ බොරු කිරීම හේතුවෙන් ඔවුනට අත් වන විපාකය ගැන පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇත.
23:41Page 344
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤١
So the shriek1 seized them in truth,2 and We made them as [plant] stubble. Then away with the wrongdoing people.
ඔවුන්ගේ මුරණ්ඩුකම නිසාවෙන් ඔවුනට සුදුසු දඬුවම ලෙස විනාශ කාරී දැඩි හඬක් ඔවුන් ග්රහණය කළේය. දියේ පාවී යන රොඩු මෙන් එය ඔවුන් පත් කළේය. අපරාධකාරී ජනයාට විනාශයම වේවා!
23:42Page 344
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ ٤٢
Then We produced after them other generations.
ඔවුන් විනාශ කිරීමෙන් පසු අපි ප්රජාවන් හා ලූත්ගේ සමූහයා, ෂුඅයිබ්ගේ සමූහයා හා යූනුස්ගේ සමූහයා වැනි වෙනත් සමූහයන් බිහි කළෙමු.
23:43Page 345
مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٤٣
No nation will precede its time [of termination], nor will they remain [thereafter].
මෙම බොරුකාර සමූහයා අතරින් කිසිදු සමූහයක් ඔවුනට විනාශය පැමිණීමේ නියමිත කාලය පැමිණි විට අබිබවා ඉදිරියට නොයනු ඇත. එමෙන්ම ප්රමාද කරනු ලබන්නේ ද ඇත. ඒ සමගම ඒයට අදාළ මාධ්යයන් පවතී.
23:44Page 345
ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ ٤٤
Then We sent Our messengers in succession. Every time there came to a nation its messenger, they denied him, so We made them follow one another [to destruction], and We made them narrations.1 So away with a people who do not believe.
පසුව අපි අපගේ දූතවරුන් පිළිවෙලට දූතවරයකුට පසු දූතවරයකු වශයෙන් අඛණ්ඩව එව්වෙමු. ඒ ඒ සමූහයන් අතරට එවනු ලබන දූතවරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන් එකිනෙකා පසුපස විනාශය ලුහු බදින්නට අපි සැලැස්වූයෙමු. ඔවුන් ගැන ජනයා කතා කරන ප්රකාශ මිස වෙනත් කිසිවක් ඔවුනට ඉතිරි වූයේ නැත. ඔවුන්ගේ දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් කවර කරුණක් ගෙනආවේ ද එය විශ්වාස නොකරන ජනයාට විනාශයක්ම වේවා!
23:45Page 345
ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٤٥
Then We sent Moses and his brother Aaron with Our signs and a clear authority1
පසු ව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන් ප්රාතිහාර්යයන් නවයක් (සැරයටිය, අත, පළගැටියන්, උකුණන්, ගෙම්බන්, රුධිරය, ගංවතුර, වසර ගණනාවක නියගය හා බවභෝග හිඟවිම) හා පැහැදිළි සාධක සමග එව්වෙමු.
23:46Page 345
إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ ٤٦
To Pharaoh and his establishment, but they were arrogant and were a haughty people.
ඔවුන් දෙදෙනාව ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් වෙත එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වූවෝය. ඔවුන් දෙදෙනා සතු දේව විශ්වාසය සඳහා ඔවුහු යටත් නොවූහ. අපරාධකම් හා බලහත්කාරකම් තුළින් ජනයාට ඉහළින් අහංකාරකම් පාන පිරිසක් වූහ.
23:47Page 345
فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ ٤٧
They said, "Should we believe two men like ourselves while their people are for us in servitude?"
අප මෙන් වූ මිනිසුන් දෙදෙනෙකුගේ ප්රජාව (ඉස්රාඊල් දරුවන්) අපට යටහත් පහත්ව අවනතව කටයුතු කරන්නන් ලෙස සිටියදී ඔවුන් දෙදෙනා අප විශ්වාස කරන්නෙමු ද? අපට වඩා ඔවුන් දෙදෙනාට කිසිදු භාග්යයක් නැත.
23:48Page 345
فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ ٤٨
So they denied them and were of those destroyed.
කවර කරුණක් අල්ලාහ් වෙතින් පැමිණියේ ද එම විෂයයෙහි ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙන් දියේ ගිලෙන්නන් අතරට ඔවුහු පත් වූහ.
23:49Page 345
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٤٩
And We certainly gave Moses the Scripture that perhaps they1 would be guided.
මූසා ඔහුගේ සමූහයාට සත්ය වෙත මඟපෙන්වා ඔවුන් එය දැන ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු.
23:50Page 345
وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ ٥٠
And We made the son of Mary and his mother a sign and sheltered them within a high ground having level [areas] and flowing water.
මර්යම්ගේ පුත් ඊසා හා ඔහුගේ මව මර්යම් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට අපි පත් කළෙමු. ඇය ඔහුව කිසිදු පියෙකුගෙන් තොරව පිළිසිඳ ගත්තාය. පදිංචි වීමට සුදුසු තැනිතලා සහිත පොළොවේ උස් ස්ථානයක් වෙත අපි ඔවුන් දෙදෙනා ගෙනාවෙමු. එහි නැවුම්ව ගලා යන ජලය විය.
23:51Page 345
يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٥١
[Allāh said], "O messengers, eat from the good foods and work righteousness. Indeed I, of what you do, am Knowing.
අහෝ දූතවරුනි! මම නුඹලාට අනුමත කළ දැයින් අනුභව කිරීමට සුදුසු පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. දහමට අනුකූලව දැහැමි ක්රියාවන් ඉටු කරනු. නුඹලා කවර ක්රියාවක් ඉටු කරන්නේ ද ඒ ගැන සැබැවින්ම මම මැනවින් දනිමි. නුඹලාගේ කිසිදු ක්රියාවක් මට සැඟවී යන්නේ නැත.
23:52Page 345
وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ ٥٢
And indeed this, your religion, is one religion,1 and I am your Lord, so fear Me."
අහෝ දූතවරුනි! සැබැවින්ම නුඹලාගේ දහම එකම දහමකි. එය අවනතභාවයේ (ඉස්ලාම්) දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. මා හැර නුඹලාට වෙනත් පරමාධිපතියකු නැත. එහෙයින් මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා මට පමණක් භක්තිමත්ව කටයුතු කරනු.
23:53Page 345
فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٥٣
But they [i.e., the people] divided their religion among them into portions [i.e., sects] - each faction, in what it has,1 rejoicing.
ඔවුන්ගෙන් පසුව ඔවුන්ගේ අනුගාමිකයින් දහම තුළ විසිරී ගියහ. පසුව ඔවුන් විවිධ කණ්ඩායම් හා නිකායන් බවට පත් වූහ. සෑම කණ්ඩයමක්ම තමන් විශ්වාස කළ දේ සැබැවින්ම අල්ලාහ් වෙතින් පිළගනු ලැබුණු දහම බව අගය කරන්නට ගත් අතර ඔහුගෙන් හැර අනෙක් අය සතු දේ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරයි.
23:54Page 345
فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ ٥٤
So leave them in their confusion for a time.
අහෝ දූතය! ඔවුන් කවර අඥානකමක හා ව්යාකූලත්වයක පසු වන්නේ ද ඔවුනට දඬුවම පහළ වන අවස්ථාව දක්වා එහි ගිලී සිටින්නට නුඹ ඔවුන් අතහැර දමනු.
23:55–56Page 345
أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ ٥٥
Do they think that what We extend to them of wealth and children
نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ ٥٦
Is [because] We hasten for them good things? Rather, they do not perceive.1
සැබැවින්ම අපි ඔවුනට මෙලොව ජීවිතයේ පිරිනැමූ ඔවුන් සතු ධනය හා දරුවන් ගැන සතුටට පත් වන පිරිස් ඔවුන් ලැබිය යුතු යහපත ඔවුනට කල් ඇති ව හිමි වී ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එය ඔවුන් සිතන පරිදි නැත. අපි එසේ ඒවා ඔවුනට පිරිනමා ඇත්තේ ඔවුන් පියවරෙන් පියවර ග්රහණය කිරීමට කල්දීමක් වශයෙනි. නමුත් ඔවුහු ඒ ගැන නොහඟති.
23:57Page 345
إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ ٥٧
Indeed, they who are apprehensive from fear of their Lord
සැබැවින්ම ඔවුන්ගේ දේව විශ්වාසය හා ඔවුන්ගේ යහකම් සමග පසුවන්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ගැන බියෙන් සිටින්නෝ වෙති.
23:58Page 345
وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ٥٨
And they who believe in the signs of their Lord
තවද ඔවුහු වනාහි ඔහුගේ ග්රන්ථයේ ඇති පාඨ විශ්වාස කරන්නෝ වෙති.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences