Al-MukhtasarAl‑Mu'minun · 23:59–114

Al-Mukhtasar · Tafsir · in Sinhala

Al-Mu'minun 23:59–114

23:59Page 345

وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ ٥٩

And they who do not associate anything with their Lord

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපති ඒකීයත්වයට පත් කරන අතරම ඔහුට කිසිසේත් ආදේශ කරන්නෝ නොවෙති.

23:60Page 346

وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ ٦٠

And they who give what they give while their hearts are fearful1 because they will be returning to their Lord -

තවද ඔවුහු වනාහි දැහැමි ක්රියාවන්හි කැපවී කටයුතු කරති. යහපත් ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත සමීප වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වියහියදම් හා ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අල්ලාහ් ඔවුන්ගෙන් පිළිගන නොලබනු ඇත්දැයි බියෙන් පසුවන්නෝ වෙති.

23:61Page 346

أُوْلَٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ ٦١

It is those who hasten to good deeds, and they outstrip [others] therein.

මෙම මහඟු ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා යුහුසුලු වෙති. ඒ සඳහා තරඟ වදිති. ඒ හේතුවෙන්ම ඔවුහු සෙසු අයට වඩා ඉදිරියට යන්නෝ වෙති.

23:62Page 346

وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٢

And We charge no soul except [with that within] its capacity, and with Us is a record which speaks with truth; and they will not be wronged.

කිසිදු ආත්මයකට එයට ක්රියා කළ හැකි ප්රමාණයට මිස අමතර කිසිවක් අපි නොපවරන්නෙමු. අප වෙත පුස්තකයක් ඇත. සෑම ක්රියා කරන්නෙකුගේම ක්රියාවන් අපි එහි ස්ථීරව සඳහන් කර ඇත. එය කිසිදු සැකයක් නොමැති සත්යය ගැන පමණක් කතා කරයි. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම් කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.

23:63Page 346

بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ ٦٣

But their hearts are covered with confusion over this, and they have [evil] deeds besides that [i.e., disbelief] which they are doing,

නමුත් දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් සත්යය කතා කරන මෙම පුස්තකය හා ඔවුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකය පිළිබඳ අවධානයෙන් තොරව පසුවෙයි. දේව ප්රතික්ෂේපය මත සිටීම පමණක් නොව වෙනත් (අයහපත්) ක්රියාදාමයන් ද ඔවුනට ඇත. ඔවුහු ඒ වෙනුවෙන් කටයුතු කරන්නෝ වෙති.

23:64Page 346

حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ ٦٤

Until when We seize their affluent ones with punishment,1 at once they are crying [to Allāh] for help.

මෙලොවෙහි ඔවුන් අහංකාරයෙන් විඳිමින් සිටි දෑ සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් අප ඔවුන් දඬුවම් කරන අවස්ථාව දක්වාම ඒවා එසේ පසුවෙති. එවිට ඔවුහු උපකාර ඉල්ලා ඔවුන් හඬ නගනු ඇත.

23:65Page 346

لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ٦٥

Do not cry out today. Indeed, by Us you will not be helped.

අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුහු,"මෙදින නුඹලා කෑ නොගසනු. උදව් නොපතනු. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් නුඹලාව වළක්වන්නට කිසිදු උදව්කරුවකු නුඹලාට නැත" යැයි ඔවුනට ප්රකාශ කර සිටියි.

23:66Page 346

قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ ٦٦

My verses had already been recited to you, but you were turning back on your heels

මෙලොවෙහි නුඹලා වෙත අල්ලාහ්ගේ පුස්තකයේ පාඨ පාරායනය කරනු ලබමින් තිබිණ. නමුත් නුඹලා එයට පිළිකුලෙන් යුතු ව සවන් දුන් අවස්ථාවේ නුඹලා එයට පිටුපා හැරී යමින් සිටියෙහුය.

23:67Page 346

مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ ٦٧

In arrogance regarding it,1 conversing by night, speaking evil.

සැබැවින්ම නුඹලා ගෞරවණීය අය වෙතැයි සිතමින් මිනිසුන් කෙරෙහි උඩඟු ලීලාවෙන් කටයුතු කරන්නෙහුය. නමුත් නුඹලා එවන් අය නොවන්නෙහුය. සැබැවින්ම එවන් අය වනුයේ දේව බිය බැතිමතුන්ය. නුඹලා රොක් වී ඔහු ගැන නරක ලෙස කතා කරන්නෙහුය. සැබැවින් නුඹලා ඔහුට පිවිතුරු නොකරන්නෙහුය.

23:68Page 346

أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ ٦٨

Then have they not reflected over the word [i.e., the Qur’ān], or has there come to them that which had not come to their forefathers?

දේව ආදේශකයින් අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කොට එහි ඇති දෑ අනුව ක්රියා කිරීම සඳහා ඒ ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෙයක් ඔවුන් වෙත පැමිණ තිබේ ද? නමුත් ඔවුහු ඒ ගැන පිටු පා එය බොරු කරමින් සිටියෝය.

23:69Page 346

أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ ٦٩

Or did they not know their Messenger, so they are toward him disacknowledging?

අල්ලාහ් ඔවුන් වෙත එවූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව හඳුනා නොගත්තෝද? නමුත් ඔවුහු ඔහු හෙළා දකිති. සැබැවින්ම ඔවුහු ඔහුව දැන සිටියෝය. ඔහුගේ සත්යභාවයත් විශ්වසනීයභාවයත් දැන සිටියෝය.

23:70Page 346

أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ٧٠

Or do they say, "In him is madness"? Rather, he brought them the truth, but most of them, to the truth, are averse.

නමුත් ඔවුහු, ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පවසති. සැබැවින්ම ඔවුන් බොරු පැවසුවෝය. එසේ නොව කිසිදු සැකයක් නැති සත්යය ඔවුන් වෙත පැමිණ ඇත. සැබැවින් එය අල්ලාහ් වෙතින් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය පිළිකුල් කරන්නෝ වෙති. ඔවුන්ගේ සිත් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන්ගේ ව්යාජ දෑහි උමතුව හේතුවෙන් ඔවුහු වෛරයෙන් පෙළුණහ.

23:71Page 346

وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ ٧١

But if the Truth [i.e., Allāh] had followed their inclinations, the heavens and the earth and whoever is in them would have been ruined. Rather, We have brought them their message,1 but they, from their message, are turning away.

අල්ලාහ් කටයුතු ක්රියාත්මක කොට ඔවුන් ආශා කරන දෑට අනුකූලව ඒවා ඔහු සැලසුම් කළේ නම්, අහස් හා මහපොලොව දූෂිත වනු ඇත. එමෙන්ම එම කරුණුවල අවසානය ගැන හා සැලසුමෙහි යහපත් දෑ හා දූෂිත දෑ කුමක් ද? යන්න වග නොදන්නා බැවින් එහි සිටින අය ද දූෂිත වනු ඇත. නමුත් ඔවුනට ගෞරවය හා ශ්රේෂ්ඨත්වය ඇතුළත් දෑ අපි ඔවුනට පිරිනැමුවෙමු. එය අල් කුර්ආනයයි. නමුත් ඔවුහු එයට පිටුපාන්නෝය.

23:72Page 346

أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٧٢

Or do you, [O Muḥammad], ask them for payment? But the reward of your Lord is best, and He is the best of providers.

අහෝ දූතය! ඔවුන් වෙත නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ සඳහා නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලා එය ඇරයුම ප්රතික්ෂේප කිරීමට හේතුවක් කර ගත්තේ ද? එය නුඹෙන් කිසි විටෙක සිදු නොවීය. නුඹේ පරමාධිපතිගේ තිළිණ හා ප්රතිඵල ඔවුන් හා වෙනත් අය සතු ප්රතිඵල වලට වඩා උතුම්ය. ඔහු - සුවිශුද්ධයාණන් - පෝෂකයින් අතරින් අති ශ්රේෂ්ඨය.

23:73Page 346

وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٣

And indeed, you invite them to a straight path.

අහෝ දූතය! සැබැවින්ම නුඹ ඔවුන් හා සෙසු අය ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත. එය ඉස්ලාමයේ මාර්ගයයි.

23:74Page 346

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ٧٤

But indeed, those who do not believe in the Hereafter are deviating from the path.

ඉස්ලාම් මාර්ගයට අනුව මතුලොව පිළිබඳ ව ද එහි ඇති විනිශ්චය, දඬුවම හා කුසල් පිළිබඳ ව ද විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු නිරා ගින්න වෙත ළඟා කරවනු ලබන දෝෂ සහිත වෙනත් මාර්ග වෙත නැඹුරු වන්නට බලති.

23:75Page 347

۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ٧٥

And even if We gave them mercy and removed what was upon them of affliction, they would persist in their transgression, wandering blindly.

අපි ඔවුනට අනුකම්පා කොට ඔවුනට අත් වූ දරිද්රතාවයෙන් හා සාගින්නෙන් ඔවුන් මුදවා ගත්ත ද ඔවුන් සත්යයෙන් දුරස් ව ඔවුන්ගේ මුළාවෙහි පිහිටා පසුබට වෙති. පැකිලෙති.

23:76Page 347

وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ ٧٦

And We had gripped them with suffering [as a warning], but they did not yield to their Lord, nor did they humbly supplicate, [and will continue thus]

විවිධ ව්යසනයන් තුළින් සැබැවින්ම අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටත් නොවූහ. පහත් නොවූහ. ඔවුනට පහළ වූ දුක්කරදර ඔවුන්ගෙන් ඉවත් කරන මෙන් බියෙන් යුතු ව ඔහුගෙන් ප්රාර්ථනා නොකළහ.

23:77Page 347

حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ ٧٧

Until when We have opened before them a door of severe punishment, immediately they will be therein in despair.

බිහිසුණු දඬුවමේ දොරටුවක් ඔවුන් වෙත අපි විවෘත කරන තෙක් ඔවුහු එසේ පසුවූහ. එවිට සෑම සහනයක් හා යහපතක් ගැනම ඔවුන් බලාපොරොත්තු සුන්වූවන් බවට පත් වූහ.

23:78Page 347

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٧٨

And it is He who produced for you hearing and vision and hearts [i.e., intellect]; little are you grateful.

අහෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සවන් දීම සඳහා ශ්රවණ ශක්තිය ද නුඹලා බැලීම සඳහා බැල්ම ද නුඹලා සිතීම සඳහා හදවත් ද නුඹලා වෙනුවෙන් මවා ඇත්තේ සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එසේ තිබියදීත් නුඹලා එම ආශිර්වාදවලට කෘතඥතාව පුද කරනුයේ ස්වල්පයක් පමණි.

23:79Page 347

وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٧٩

And it is He who has multiplied you throughout the earth, and to Him you will be gathered.

අහෝ ජනයිනි! මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙත පමණය.

23:80Page 347

وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ ٨٠

And it is He who gives life and causes death, and His is the alternation of the night and the day. Then will you not reason?

ඔහු ඒකීයය. ජීවය ලබා දෙන ඔහු සුවිශුද්ධය. ඔහු හැර ජීවය ලබා දෙන වෙනත් කෙනෙකු නැත. මරණයට පත් කරන්නේ ද ඔහුය. ඔහු හැර මරණයට පත් කරන වෙනත් කෙනෙකු නැත. දහවල හා රාත්රිය අන්ධකාරයෙන් ද ආලෝකයෙන් ද දීර්ගව ද කෙටියෙන් ද යනාදී වෙනස්වීම් ප්රමාණ කිරීමේ බලය ඇත්තේ ඔහු සතු ව පමණි. එහෙයින් නුඹලා ඔහුගේ බලය වටහා ගතයුතු නොවේ ද? මැවීම හා සැලසුම් කිරීමෙහි දී ඔහු ඛේවලය.

23:81Page 347

بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ ٨١

Rather,1 they say like what the former peoples said.

එසේ නොව, දේව ප්රතික්ෂේපයේ සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන් හා පෙර සිටියවුන් පවසා සිටියාක් සේම ඔවුහු ද ප්රකාශ කළෝය.

23:82Page 347

قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٨٢

They said, "When we have died and become dust and bones, are we indeed to be resurrected?

එයින් දුරස් වන හා හෙළා දකින අයුරින් ඔවුහු, "අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ විට විනිශ්චය සඳහා අප ජීවමානව අවදි කරනු ලබන්නෙමු දැ"?යි ඔවුහු පැවසූහ.

23:83Page 347

لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٨٣

We have been promised this, we and our forefathers, before; this is not but legends of the former peoples."

සැබැවින්ම මෙම ප්රතිඥාව - මිය ගිය පසු යළි අවදි කිරීම- අපට දෙනු ලැබීය. මේ ගැන මීට පෙර ද අපගේ මුතුන් මිත්තන්හටද මෙම ප්රතිඥාව දෙන ලදී. නමුත් එම ප්රතිඥාව ස්ථීර බව අපි නොදුටුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්රබන්ධයන් හා ඔවුන්ගේ බොරු කියමන් මිස නැත.

23:84Page 347

قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨٤

Say, [O Muḥammad], "To whom belongs the earth and whoever is in it, if you should know?"

මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින මෙම ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මහපොලොව හා ඒ මත සිටින අය කවුරුන් සතු වන්නේ ද? ඒ ගැන නුඹලාට දැනුමක් ඇත්නම් පවසනු."

23:85Page 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ ٨٥

They will say, "To Allāh." Say, "Then will you not remember?"

"මහපොළොව හා ඒ මත සිටින්නන් අල්ලාහ්ට සතු වන්නේ යැ" යි ඔවුහු පවසනු ඇත. එහෙයින් නුඹ ඔවුනට මෙසේ පවසනු. "මහපොළොව හා ඒ මත සිටින්නන් කවරෙකු සතු වන්නේ ද , සැබැවින්ම ඔහු නුඹලා මිය ගිය පසු නුඹලාව යළි නැගිටුවීමට බලය ඇත්තා බව නුඹලා මෙනෙහි කර බැලිය යුතු නොවේ ද?"

23:86Page 347

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ٨٦

Say, "Who is Lord of the seven heavens and Lord of the Great Throne?"

"අහස් හතෙහි පරමාධිපති කවුරුන් ද? ඒ හැර වෙනත් කිසිදු මැවීමක් අතිමහත් ලෙස නොදකින අතිමහත් සර්ව රාජ්යයේ පරමාධිපති කවුරුන් දැ?"යි ඔවුන්ගෙන් විමසනු.

23:87Page 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ ٨٧

They will say, "[They belong] to Allāh." Say, "Then will you not fear Him?"

"අහස් හත හා අතිමහත් සර්ව රාජ්යය අල්ලාහ් සතු යැ"යි ඔවුහු පවසනු ඇත. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් වනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?"

23:88Page 347

قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٨٨

Say, "In whose hand is the realm of all things - and He protects while none can protect against Him - if you should know?"

"සියලු දෑහි ආධිපත්යය කවුරුන් සතු දැ?"යි ඔවුන්ගෙන් විමසනු. ඔහුගේ ආධිපත්යයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට උදව් කරන්නාය. ඔහු කෙනෙකුට යම් නපුරක් අපේක්ෂා කළේ නම් එය වළක්වා දඬුවම ඔහුගෙන් ඉවත් කිරීමට කිසිවකු සමත් වන්නේ නැත. ඒ ගැන නුඹලාට දැනුමක් තිබේ නම්?

23:89Page 347

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ ٨٩

They will say, "[All belongs] to Allāh." Say, "Then how are you deluded?"

"සියලු දෑහි ආධිපත්යය සුවිශුද්ධයාණන් සතු යැ"යි ඔවුහු පවසති. එසේ නම් නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ බුද්ධිය පහව ගොස් ඇත්තේ කෙසේ ද? ඒ ගැන නුඹලා පිළිගනිමින් වෙනත් අය නමදින්නෙහුද?."

23:90Page 348

بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ٩٠

Rather, We have brought them the truth, and indeed they are liars.

ඔවුන් වාද කරන්නාක් මෙන් කරුණ පිහිටා නැත. සැබැවින්ම කිසිදු සැකයක් නැත. සත්යය අපි ගෙනැවිත් ඇත්තෙමු. නමුත් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරොප්ණය කරමින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් මුසාවාදීහුය. ඔවුන් කළ ප්රකාශයෙන් උත්තරීතර අල්ලාහ් අති උසස්ය.

23:91Page 348

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ٩١

Allāh has not taken any son, nor has there ever been with Him any deity. [If there had been], then each deity would have taken what it created, and some of them would have [sought to] overcome others. Exalted is Allāh above what they describe [concerning Him].

දේව ප්රතික්ෂේපකයින් විශ්වාස කරන්නාක් මෙන් අල්ලාහ් දරුවකු ගත්තේ නැත. එමෙන්ම ඔහු සමග සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු හෝ ගත්තේ නැත. සැබැවින්ම ඔහු සමග නැමදුම් ලබන කිසිවකු හෝ සිටින්නේ නම් එවන් සෑම නැමදුම් ලබන්නෙක්ම ඔහු මැවූ මැවීම් අතරින් තම කොටස සමග ගමන් කරනු ඇත. ඔවුන් එකිනෙකා අබිබවා යනු ඇත. එවිට විශ්ව සැලැස්ම දූෂිත වේ. යථාර්ථය නම් සැබැවින් මේ කිසිවක් සිදු වන්නේ නැත. එහෙයින් සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඒකීය අල්ලාහ් වන ඔහු පමණක් බව පෙන්වා දෙයි. දරුවකු හා හවුල්කරුවකු සම්බන්ධ කරමින් මෙම දේව ආදේශකයින් ඔහු ගැන කරන වර්ණනාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය.

23:92Page 348

عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٩٢

[He is] Knower of the unseen and the witnessed, so high is He above what they associate [with Him].

ඔහුගේ මැවීම් අතරින් ගුප්ත ව පවතින සියලු දෑ ඔහු මැනවින් දන්නාය. එමෙන්ම දෘශ්යමාන ඉන්ද්රියන්ට හසුවන සියලු දෑ ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුට හවුල්කරුවකු වීමෙන් සුවිශුද්ධයාණන් වන අල්ලාහ් උත්තරීතර විය.

23:93Page 348

قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ ٩٣

Say, [O Muḥammad], "My Lord, if You should show me that which they are promised,

"අහෝ දූතය! මෙම දේව ආදේශකයින් සම්බන්ධයෙන් නුඹ ඔවුනට ප්රතිඥා දුන් දෑ මට පෙන්වා දෙන්නේ නම්!" යැයි නුඹ පවසනු.

23:94Page 348

رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٩٤

My Lord, then do not place me among the wrongdoing people."

"මාගේ පරමාධිපතියාණනි! මම බලා සිටියදීම නුඹ ඔවුනට දඬුවම් දුන්නේ නම්! නුඹ මා ඔවුන් අතරට පත් කොට ඔවුනට අත් වූ දඬුවම මට ද අත් කර නොදෙනු මැනව!"

23:95Page 348

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمۡ لَقَٰدِرُونَ ٩٥

And indeed, We are Able to show you what We have promised them.

ඔවුනට ප්රතිඥා දුන් දඬුවම නුඹ දකින්නට හා එය බලන්නට සැලැස්වීම සඳහා අපි බලය ඇත්තෝ වෙමු. එය ද එය නොවන වෙනත් දෑ ද අපට නොහැකි කාර්යයක් නොවන්නේය.

23:96Page 348

ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ ٩٦

Repel, by [means of] what is best, [their] evil. We are most knowing of what they describe.

අහෝ දූතය! නුඹට නපුරක් කරන්නාට සමාව දීම, ඔහුගේ වේදනාවන් මත ඉවසා දරා ගැනීම වැනි වඩාත් යහපත් කරුණුවලින් ඔහුව වළක්වාලනු. ඔවුන් විස්තර කරන ආදේශය හා බොරුව ගැන ද, නුඹ ගැන විස්තර කරන නුඹට අදාළ නොවන හූනියම හා උමතුව වැනි දෑ ගැන ද සැබැවින්ම අපි මැනවින් දන්නෙමු.

23:97Page 348

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ ٩٧

And say, "My Lord, I seek refuge in You from the incitements of the devils,

"ෂෙයිතාන්ගේ පෙලඹවීම් හා ඔවුන්ගේ කුකුසෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි" යැයි පවසනු.

23:98Page 348

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ ٩٨

And I seek refuge in You, my Lord, lest they be present with me."

"මාගේ පරමාධිපතියාණනි! මාගේ කරුණු අතරින් කිසිවක් හෝ ඔවුන් මා ඉදිරියට පැමිණීමෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි.

23:99Page 348

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ رَبِّ ٱرۡجِعُونِ ٩٩

[For such is the state of the disbelievers] until, when death comes to one of them, he says, "My Lord, send me back

එම දේව ආදේශකයින් අතරින් කෙනෙකුට මරණය පැමිණෙන තෙක්ම, ඔවුන්ට පහළ වන දෑ ඔවුන් දෑසින් දකින තෙක්ම එසේ පසුවෙති. එවිට මඟහැරුණු ඔහුගේ ආයුකාලය ගැනත් අල්ලාහ්ගේ පැත්තෙන් තමන්ට අතපසු වූ දෑ ගැනත් පසුතැවිලි වී "මාගේ පරමාධිපතියාණනි! මෙලොව ජීවිතයට නුඹ මා නැවත හරවා යවනු මැනව" යැයි පවසයි.

23:100Page 348

لَعَلِّيٓ أَعۡمَلُ صَٰلِحٗا فِيمَا تَرَكۡتُۚ كـَلَّآۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاۖ وَمِن وَرَآئِهِم بَرۡزَخٌ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٠٠

That I might do righteousness in that which I left behind."1 No! It is only a word he is saying; and behind them is a barrier until the Day they are resurrected.

"ඒ වෙත මා නැවත හරවා යවනු ලැබුවේ නම් මම දැහැමි ක්රියාවන් සිදු කරමි." එසේ නොව, ඔහු පතන පරිදි කරුණ නැත. සැබැවින්ම එය ඔහු මුවින් දොඩවන ප්රකාශයක් පමණි. මෙලොව ජීවිතයට නැවත හරවා යවනු ලැබුවේ නම් ඔහු පොරොන්දු දුන් පරිදි එය ඉටු නොකරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබ එක්රැස් කරනු ලබන තෙක්ම මෙලොව හා මතුලොව අතර වූ බාධකයක් මත මියගිය මොවුන් රැඳී සිටිති. ඔවුනට මඟහැරුනු දෑ ලබන්නටත් ඔවුන් විනාශ කර ගත් දෑ නිවැරැදි කර ගන්නටත් එහි සිට ඔවුන් නැවත මෙලොවට හරවා යවනු නොලබති.

23:101Page 348

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيۡنَهُمۡ يَوۡمَئِذٖ وَلَا يَتَسَآءَلُونَ ١٠١

So when the Horn is blown, no relationship will there be among them that Day, nor will they ask about one another.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන දන්වමින් දෙවන පිඹුම හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයා එහි පිඹින විට මතුලොව ඇති අර්බුධවල ඔවුන් කාර්යබහුලව සිටින බැවින් ඔවුන් අහංකාරකම් පාමින් සිටි ඔවුන් අතර පැවති සම්බන්ධකම් නැතිවී යනු ඇත. ඔවුන් වැදගත් කටයුතුවලදී කාර්යබහුලව යෙදී සිටින බැවින් ඔවුන් එකිනෙකා ගැන නොවිමසනු ඇත.

23:102Page 348

فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٠٢

And those whose scales are heavy [with good deeds] - it is they who are the successful.

කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් වැඩි වූයේ ද එවැන්නෝ ඔවුන් පතන දෑ හිමි කරගනිමින් ඔවුන් බිය වූ දැයින් මිදිමින් ජය ලබන්නෝ වෙති.

23:103Page 348

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فِي جَهَنَّمَ خَٰلِدُونَ ١٠٣

But those whose scales are light - those are the ones who have lost their souls, [being] in Hell, abiding eternally.

කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් අඩු වූයේ ද එවැන්නන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ආත්මාවන්ට හානි කරමින් එයට ප්රයෝජනවත් වන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මඟ හරිමින් ඒවා විනාශ කර ගත්තෝ වෙති. එහෙයින් ඔවුන් නිරා ගින්නේ සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර නොවෙති.

23:104Page 348

تَلۡفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمۡ فِيهَا كَٰلِحُونَ ١٠٤

The Fire will sear their faces, and they therein will have taut smiles.1

ඔවුන්ගේ මුහුණු එම ගින්න දවාලයි. කෝපයේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ දත්වලට පහළින් හා ඉහළින් ඇති ඔවුන්ගේ තොල්පෙති හැකිලී යයි.

23:105Page 349

أَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ١٠٥

[It will be said], "Were not My verses recited to you and you used to deny them?"

ඔවුන් හෙළා දකිමින් "මෙලොවෙහි නුඹලා වෙත පාරායනය කරන අල් කුර්ආනීය පාඨ නුඹලාට නොවී ද? නමුත් නුඹලා ඒවා බොරු කරමින් සිටියෙහුය." යැයි ඔවුනට පවසනු ලැබේ.

23:106Page 349

قَالُواْ رَبَّنَا غَلَبَتۡ عَلَيۡنَا شِقۡوَتُنَا وَكُنَّا قَوۡمٗا ضَآلِّينَ ١٠٦

They will say, "Our Lord, our wretchedness overcame us, and we were a people astray.

ඔවුහු, "අපගේ පරමාධිපතියාණනි! නුඹේ දැනුමෙහි පෙර නියම වූ අපගේ අභාග්යය අප ඉක්මවා ගොස් ඇත. එමෙන්ම අපි සත්යයෙන් මුළා වූ පිරිසක් වූයෙමු" යැයි පැවසුවෝය.

23:107Page 349

رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡهَا فَإِنۡ عُدۡنَا فَإِنَّا ظَٰلِمُونَ ١٠٧

Our Lord, remove us from it, and if we were to return [to evil], we would indeed be wrongdoers."

"අපගේ පරමාධිපතියාණනි! අප ව නිරා ගින්නෙන් බැහැර කරනු මැනව! අප කවර ප්රතික්ෂේපයක හා මුළාවක පසු වූයේද ඒ වෙත අපි නැවත හැරී ගියේ නම් එවිට අපි අපටම අරපාධ කරගත්තවුන් වෙමු. එවිට අපගේ නිදහසට කරුණු දැක්වීම අවසන් වනු ඇත."

23:108Page 349

قَالَ ٱخۡسَـُٔواْ فِيهَا وَلَا تُكَلِّمُونِ ١٠٨

He will say, "Remain despised therein and do not speak to Me.

අල්ලාහ් මෙසේ පවසයි. "නුඹලා ඉතා පහත් අවමානයට පත්වූවන් ලෙස නිරාගින්නේ කල්ගත කරනු. මා සමග නුඹලා කතා නොකරනු."

23:109Page 349

إِنَّهُۥ كَانَ فَرِيقٞ مِّنۡ عِبَادِي يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ ١٠٩

Indeed, there was a party of My servants who said, 'Our Lord, we have believed, so forgive us and have mercy upon us, and You are the best of the merciful.'

සැබැවින්ම මා විශ්වාස කළ මාගේ ගැත්තන්ගෙන් පිරිසක් විය. ඔවුහු මෙසේ පවසති. "අපගේ පරමාධිපතියාණනි! අපි ඔබ ව විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව. ඔබේ කරුණාවෙන් අපට ආශිර්වාද කරනු මැනව! ඔබ කරුණාකරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය."

23:110Page 349

فَٱتَّخَذۡتُمُوهُمۡ سِخۡرِيًّا حَتَّىٰٓ أَنسَوۡكُمۡ ذِكۡرِي وَكُنتُم مِّنۡهُمۡ تَضۡحَكُونَ ١١٠

But you took them in mockery to the point that they made you forget My remembrance, and you used to laugh at them.

තම පරමාධිපති වෙත ඇරයුම් කරන දේව විශ්වාසීන් හාස්යයට හා අවමානයට ලක් කරන්නට අවස්ථාවක් බවට නුඹලා පත් කර ගත්තෙහුය. අවසානයේ නුඹලා ඔවුන් හාස්යයට ලක් කිරීමෙහි කාර්යබහුල වූ බැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔහු නුඹලාට අමතක කර දැමීය. තවද නුඹලා ඔවුන් හාස්යයට හා අපහාසයට ලක් කරමින් සිනහසෙමින් සිටියහ.

23:111Page 349

إِنِّي جَزَيۡتُهُمُ ٱلۡيَوۡمَ بِمَا صَبَرُوٓاْ أَنَّهُمۡ هُمُ ٱلۡفَآئِزُونَ ١١١

Indeed, I have rewarded them this Day for their patient endurance - that they are the attainers [of success]."

මෙම දේව විශ්වාසීන් අල්ලාහ්ට අවනත වීමෙහි හා නුඹලා විසින් ඔවුනට මුහුණ දීමට සිදු වූ හිංසාවන් මත ඉවසීමෙන් කටයුතු කළ බැවින්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය වශයෙන් සැබැවින්ම මම ඔවුනට ස්වර්ගය පිරිනැමුවෙමි.

23:112Page 349

قَٰلَ كَمۡ لَبِثۡتُمۡ فِي ٱلۡأَرۡضِ عَدَدَ سِنِينَ ١١٢

[Allāh] will say, "How long did you remain on earth in number of years?"

"නුඹලා කොපමණ වසර කාලයක් මිහිතලයේ රැඳී සිටියෙහු ද? කොපමණ වේලාවක් එහි නුඹලා නාස්ති කළෙහු ද?" යැයි ඔහු විමසයි.

23:113Page 349

قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖ فَسۡـَٔلِ ٱلۡعَآدِّينَ ١١٣

They will say, "We remained a day or part of a day; ask those who enumerate."

"අපි දිනක් හෝ දිනක කොටසක් රැඳී සිටියෙමු. එහෙයින් දින හා මාස ගණන් ගණනය කරන්නන්ගෙන් ඒ ගැන විමසනු."යැයි පවසමින් ඔවුහු පිළිතුරු දෙති.

23:114Page 349

قَٰلَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗاۖ لَّوۡ أَنَّكُمۡ كُنتُمۡ تَعۡلَمُونَ ١١٤

He will say, "You stayed not but a little - if only you had known.

"අපි මෙලොවෙහි ටික කලක් මිස රැඳී නොසිටියෙමු" යැයි පවසති. "නුඹලා රැඳී සිටි කාල ප්රමාණය සැබැවින්ම නුඹලා දැන සිටියෙහු නම් අවනත වීම ගැන ඉවසීමෙන් කටයුතු කිරීම පහසු වනු ඇත."

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском