Al-Mukhtasar · Tafsir · in Sinhala
Ar-Rum 30:45–60
30:45Page 409
لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ ٤٥
That He may reward those who have believed and done righteous deeds out of His bounty. Indeed, He does not like the disbelievers.
අල්ලාහ්ව විශ්වාස කොට තම පරමාධිපති තෘප්තියට පත්කරන දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහු හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් කෙරෙහි දැඩි සේ කෝප වන්නේය. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත.
30:46Page 409
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٤٦
And of His signs is that He sends the winds as bringers of good tidings and to let you taste His mercy [i.e., rain] and so the ships may sail at His command and so you may seek of His bounty, and perhaps you will be grateful.
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් මහඟු සංඥාවක් වන්නේ වර්ෂාව පහළවීම සමීපයෙන් සිදු වන බවට ගැත්තන්හට ශුභාරංචි ගෙන දෙන සුළං එවීමය. අහෝ ජනයිනි! එය, වර්ෂාවෙන් පසු ඔහුගේ කරුණාවෙන් හට ගන්නා සංශ්රිකත්වය හා සතුට නුඹලාට භුක්ති විඳීමට ඔහු සලස්වනු පිණිසය. එමෙන්ම ඔහුගේ අභිමතය පරිදි මුහුදේ නැව් ගමන් කරවනු පිණිසය. එය ඔහුගේ භාග්යයෙන් සාගරයේ ගමන් කොට ව්යාපාර කටයුතු කිරීම සඳහාය. නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාදයන්ට කෘතඥ වී එමගින් ඔහු නුඹලාට අධිකව පිරිනමනු හැකිවනු පිණිසය.
30:47Page 409
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ ٤٧
And We have already sent messengers before you to their peoples, and they came to them with clear evidences; then We took retribution from those who committed crimes, and incumbent upon Us was support1 of the believers.
අහෝ දූතය! සැබැවින්ම නුඹට පෙර අපි දූතවරුන් ඔවුන්ගේ සමූහයන් වෙත එව්වෙමු. ඔවුහු තම සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධක හා සාක්ෂි සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට නපුරකම් සිදු කොට පාපකම් කළවුනට අපි ප්රතිචාර දැක්වූයෙමු. අපගේ දඬුවමින් අපි ඔවුන් විනාශ කළෙමු. දූතවරුන් හා ඔවුන්ව විශ්වාස කළවුන්ව එම විනාශයෙන් අපි මුදවා ගත්තෙමු. එමෙන්ම දේව විශ්වාසීන් මුදවා ගැනීමත් ඔවුනට උපකාර කිරීමත් අප වෙත අප අනිවාර්යය කර ගත්තා වූ උරුමයක් විය.
30:48Page 409
ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٨
It is Allāh who sends the winds, and they stir the clouds and spread them in the sky however He wills, and He makes them fragments so you see the rain emerge from within them. And when He causes it to fall upon whom He wills of His servants, immediately they rejoice
සුළං මෙහෙයවන්නේ ද, එය එවන්නේ ද සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එම සුළං වළාකුළුවලට බලපෑම් ඇති කර එහි කම්පනයක් ඇති කරයි. එවිට එය අහසෙහි අල්ලාහ් අභිමත කරන පරිදි සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ ව්යාප්ත වී යයි. එමෙන්ම එය කොටස් බවටත් පත් කරයි. අධීක්ෂණය කර බලන්නනි! එවිට එම වළාකුළු අතරින් වර්ෂාව පහළ වනු නුඹ දකිනු ඇත. ඔහු අභිමත කරන ගැත්තන් හට වර්ෂාව ලැබුණු විට වර්ෂාව පහළ කිරීමෙන් පසු ඔවුන්ට හා ඔවුන්ගේ සිව්පාවුන්ට අවශ්ය වන දෑ මහපොළොව හට ගැන්වීමෙන් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය ගැන සතුටු වෙති.
30:49Page 409
وَإِن كَانُواْ مِن قَبۡلِ أَن يُنَزَّلَ عَلَيۡهِم مِّن قَبۡلِهِۦ لَمُبۡلِسِينَ ٤٩
Although they were, before it was sent down upon them - before that, in despair.
අල්ලාහ් ඔවුන් වෙත වර්ෂාව පහළ කිරීමට පෙර එය ඔවුන් වෙත පහළ වීම ගැන ඔවුහු බලාපොරොත්තු සුන් කරගත්තන් ලෙස සිටියෝය.
30:50Page 409
فَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٥٠
So observe the effects of the mercy of Allāh - how He gives life to the earth after its lifelessness. Indeed, that [same one] will give life to the dead, and He is over all things competent.
අහෝ දූතය! අල්ලාහ් ආශිර්වාදයක් ලෙස තම ගැත්තන් හට පහළ කළ වර්ෂාවේ බලපෑම දෙස අධීක්ෂණය කර බලනු. මහපොළොව වියළී ගිය පසු ව විවිධ පැලෑටි වර්ග ඒ මත හට ගන්වා එය අල්ලාහ් ජීවමාන කරනුයේ කෙසේ දැයි බලනු. සැබැවින්ම වියළී ගිය පොළොව ජීවමාන කරන්නා මළවුන් ජීවමානව යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහු ව පරාජය කළ නොහැක.
30:51Page 410
وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحٗا فَرَأَوۡهُ مُصۡفَرّٗا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ ٥١
But if We should send a [bad] wind and they saw [their crops] turned yellow, they would remain thereafter disbelievers.1
අපි ඔවුන්ගේ වගාවන් හා ඔවුන්ගේ පැලෑටි මත ඔවුනට හානියක් වන පරිදි සුළගක් ඔවුන්ගේ වගාවන් සාරවත් ලෙස වැඩුණු පසු ව ඒවා කහපැහැගැන්වී තිබෙනු දුටුවේ නම් ඔවුන් ඒවා දෑසින් දුටු පසුව මීට පෙර අධිකව ලබා දුන් ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.
30:52Page 410
فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٥٢
So indeed, you will not make the dead hear, nor will you make the deaf hear the call when they turn their backs, retreating.
නුඹ මියගියවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි සේම බිහිරන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් සවන් නොදෙන බව ස්ථීර කරගත් බැවින් ඔවුහු නුඹගෙන් දුරස්ව ගියෝය. මොවුන් මෙන්ම පිටුදකින, ප්රයෝජන නොලබන අයට ද මග පෙන්වීමට නුඹට නොහැකිය.
30:53Page 410
وَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٥٣
And you cannot guide the blind away from their error. You will only make hear those who believe in Our verses so they are Muslims [in submission to Allāh].
ඍජු මාර්ගයෙන් නොමග ගියවුන්ට යහමාර්ගය වෙත ආශිර්වාද කරන්නෙකු ලෙස නුඹ නැත. එමෙන්ම එමගින් ප්රයෝජන ලබන අයුරින් ඔවුනට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැක. නමුත් අපගේ වදන් විශ්වාස කරන්නන් හැර නුඹ පවසන දැයින් ප්රයෝජනය ලබන්නේ එවැන්නන්ය. ඔවුහු අපගේ නියෝගවලට අවනත වන, එයට යටත් වන අය වෙති.
30:54Page 410
۞ ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٖ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٖ قُوَّةٗ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٖ ضَعۡفٗا وَشَيۡبَةٗۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ ٥٤
Allāh is the one who created you from weakness, then made after weakness strength, then made after strength weakness and white hair. He creates what He wills, and He is the Knowing, the Competent.
අහෝ මිනිසුනි! අල්ලාහ් වනාහි, අල්ප ජලයෙන් නුඹලාව මවා, නුඹලාගේ දුර්වල ළදුරු අවදියෙන් පසු ශක්තිමත් මිනිස් අවදියටත්, අනතුරුව ශක්තිමත් මිනිස් අවදියෙන් පසු වැඩිහිටි වයෝවෘද්ධ දුබල අවදියටත් පත් කරනුයේ ඔහුය. දුර්වල දැයින් හා ශක්තිමත් දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවන්නේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය.
30:55Page 410
وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٖۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ ٥٥
And the Day the Hour appears the criminals will swear they had remained but an hour. Thus they were deluded.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සිදුවන දිනයේ තමන්ගේ මිනීවළවල්වල මොහොතක් මිස රැඳී නොසිටි බව වැරදිකරුවෝ දිවුරා සිටිති. ඔවුන්ගේ මිනීවළවල් තුළ රැඳී සිටි කාල ප්රමාණය පිළිබඳ දැනුමෙන් ඔවුන් වෙනතකට හරවනු ලැබුවාක් මෙන් ඔවුහු මෙලොවෙහි සත්යයෙන් වෙනතකට යොමුවෙමින් සිටියෝය.
30:56Page 410
وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ ٥٦
But those who were given knowledge and faith will say, "You remained the extent of Allāh's decree until the Day of Resurrection, and this is the Day of Resurrection, but you did not used to know."1
අල්ලාහ් දැනුම පිරිනැමූ නබිවරු හා මලක්වරු, "අල්ලාහ් තමන් සතු පූර්ව දැනුමෙහි සටහන් කර ඇති පරිදි, නුඹලා මැවීමේ දින පටන් නුඹලා පිළිකුල් කළ නුඹලාව නැවත අවදි කිරීමේ දිනය දක්වා සැබැවින්ම නුඹලා රැඳී සිට ඇත. මෙය ජනයා ඔවුන්ගේ මිනීවළවල්වලින් අවදි කරනු ලබන දිනයයි. නමුත් සැබැවින්ම නැවත නැගිටුවනු ලැබීම සිදුවන්නක් බව නුඹලා නොදැන සිටියෙහුය. නුඹලා එය ප්රතික්ෂේප කළෙහුය." යැයි පවසති.
30:57Page 410
فَيَوۡمَئِذٖ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٥٧
So that Day, their excuse will not benefit those who wronged, nor will they be asked to appease [Allāh].
විනිශ්චය හා ප්රතිඵල සඳහා අල්ලාහ් සියලු මැවීම් යළි අවදි කරන දිනයේ, ඔවුන් නිදහසට බොරු ගොතා පවසන දෑ ප්රයෝනවත් වන්නේ නැත. එම නියමිත කාලය අතපසු වී ඇති බැවින් පාපක්ෂමාව අයැද අල්ලාහ් වෙත යොමු වී ඔහුගේ තෘප්තිය සොයන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු නොලැබේ.
30:58Page 410
وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ ٥٨
And We have certainly presented to the people in this Qur’ān from every [kind of] example. But, [O Muḥammad], if you should bring them a sign, the disbelievers will surely say, "You [believers] are but falsifiers."
මිනිසුනට අවධාරණය කරමින් සෑම උපමාවක්ම අපි අල් කුර්ආනයේ ගෙනහැර පෑවෙමු. එය ඔවුනට අසත්යයෙන් සත්යය පැහැදිලි වනු පිණිසය. අහෝ දූතය! නුඹේ සත්යයභාවය තහවුරු කරමින් ඔවුන් වෙත නුඹ සාධක ගෙන ආ කල්හි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, "නුඹළා කවර කරුණක් ගෙන ආවෙහි ද එහි නුඹල අසත්යවාදීහු මිස නැතැයි" යැයි පවසා සිටියෝය.
30:59Page 410
كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ٥٩
Thus does Allāh seal the hearts of those who do not know.1
නුඹ ඔවුන් වෙත සාධකය ගෙන ආ විට එය විශ්වාස නොකර සිටියවුන්ගේ හදවත් මත මුද්රා කරනු ලැබුවාක් මෙන් නුඹ ඔවුන් වෙත ගෙන ආ දෑ සත්යය බව වටහා නොගන්නා සෑම කෙනෙකුගේම හදවත් මත අල්ලාහ් මුද්රා තබන්නේය.
30:60Page 410
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ٦٠
So be patient. Indeed, the promise of Allāh is truth. And let them not disquiet you who are not certain [in faith].
නුඹේ ජනයා නුඹව බොරු කිරීම සම්බන්ධයෙන් නුඹ ඉවසනු. උදව් පිරිනමන බවටත්, පහසුකම් සලසන බවටත් අල්ලාහ් නුඹට කළ ප්රතිඥාව කිසිදු සැකයකින් තොරව ස්ථීරවම සිදුවන්නකි. සැබැවින්ම තමන් යළි අවදි කරනු නොලබන බව තරයේ විශ්වාස කරන උදවිය නුඹ ඉක්මන්වීම හෝ ඉවසීම අතහැර දමන තරමට නුඹව අතහැර නොදැමිය යුතුය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences