Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Ahzab 33:34–62
33:34Page 422
وَٱذۡكُرۡنَ مَا يُتۡلَىٰ فِي بُيُوتِكُنَّ مِنۡ ءَايَٰتِ ٱللَّهِ وَٱلۡحِكۡمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ٣٤
And remember what is recited in your houses of the verses of Allāh and wisdom.1 Indeed, Allāh is ever Subtle2 and Aware.
අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරන ලද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන්ගේ පිවිතුරු චරිතයෙන් නුඹලාගේ නිවෙස්වල කියවනු ලබන දෑ ගැන මෙනෙහි කරනු. ඔහුගේ නබිවරයාගේ නිවෙස්වල නුඹලා ව පදිංචි කරවමින් නුඹලා ට ආශිර්වාද කළ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මෛත්රිය දැක්වීය. එමෙන්ම නුඹලා ව ඔහුගේ දූතයාණන්ගේ බිරියන් ලෙසත් ඔහුගේ සමූහයා අතර සිටින දේව විශ්වාසී ජනයාට මව්වරුන් ලෙසත් නුඹලා ව තෝරාගත් අවස්ථාවේ නුඹලා ගැන තොරතුරු ඔහු මැනවින් දැන සිටියේය.
33:35Page 422
إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ٣٥
Indeed, the Muslim men and Muslim women, the believing men and believing women, the obedient men and obedient women, the truthful men and truthful women, the patient men and patient women, the humble men and humble women, the charitable men and charitable women, the fasting men and fasting women, the men who guard their private parts and the women who do so, and the men who remember Allāh often and the women who do so - for them Allāh has prepared forgiveness and a great reward.
අල්ලාහ්ට අවනත වී ඔහුට යටහත් වන්නන් හා යටහත් වන්නියන් ද අල්ලාහ් සත්යය බව විශ්වාස කරන්නන් හා එසේ විශ්වාස කරන්නියන් ද අල්ලාහ්ට අවනත වන්නන් හා අවනත වන්නියන් ද තම විශ්වාසය හා තම ප්රකාශයන් තුළ සත්යවාදීන් හා සත්යවාදිනියන් ද අවනත වීම, පාපකම්වලින් දුරස්වීම හා පරීක්ෂණ මත ඉවසීම යනාදී කරුණුවල ඉවසලිවන්තව කටයුතු කරන්නන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්නියන් ද අනිවාර්යය වගකීම්වල මෙන්ම අතිරේක කටයුතුවලදී තම ධනය දානය කරන්නන් හා දානය කරන්නියන් ද අනිවාර්යය හා අතිරේක උපවසායන්හි අල්ලාහ් වෙනුවෙන් උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන් දෙස බැල්ම හෙළීමට අනුමැතිය නැති උදවිය ඉදිරියේ තම රහස්ය පෙදෙස් නිරාවරණය නොකර ආවරණය කරමින් හා කාමයේ වරදවා හැසිරීමෙන් දුරස්වී රහස්ය පෙදෙස් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද තමන්ගේ දිවවල්වලින් හා හදවත්වලින් අල්ලාහ්ව අධික ලෙස රහසෙහි හා ප්රසිද්ධියේ මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ් ඔවුනට ඔහුගෙන් වූ පාපක්ෂමාවක් සූදානම් කර ඇත. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් කුසලක් ද ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත. එය ස්වර්ග උයනයි.
33:36Page 423
وَمَا كَانَ لِمُؤۡمِنٖ وَلَا مُؤۡمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمۡرًا أَن يَكُونَ لَهُمُ ٱلۡخِيَرَةُ مِنۡ أَمۡرِهِمۡۗ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ ضَلَّ ضَلَٰلٗا مُّبِينٗا ٣٦
It is not for a believing man or a believing woman, when Allāh and His Messenger have decided a matter, that they should [thereafter] have any choice about their affair. And whoever disobeys Allāh and His Messenger has certainly strayed into clear error.
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් ඔවුන් අතර තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසියෙකුට හෝ දේව විශ්වාසිනියකුට හෝ එය පිළිගැනීම එසේ නැතහොත් ප්රතික්ෂේප කිරීම (අතර) තෝරා ගැනීම සුදුසු නොවන්නේය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් පැහැදිලි ලෙස මුළාවට පත් විය.
33:37Page 423
وَإِذۡ تَقُولُ لِلَّذِيٓ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِ وَأَنۡعَمۡتَ عَلَيۡهِ أَمۡسِكۡ عَلَيۡكَ زَوۡجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخۡفِي فِي نَفۡسِكَ مَا ٱللَّهُ مُبۡدِيهِ وَتَخۡشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَىٰهُۖ فَلَمَّا قَضَىٰ زَيۡدٞ مِّنۡهَا وَطَرٗا زَوَّجۡنَٰكَهَا لِكَيۡ لَا يَكُونَ عَلَى ٱلۡمُؤۡمِنِينَ حَرَجٞ فِيٓ أَزۡوَٰجِ أَدۡعِيَآئِهِمۡ إِذَا قَضَوۡاْ مِنۡهُنَّ وَطَرٗاۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولٗا ٣٧
And [remember, O Muḥammad], when you said to the one on whom Allāh bestowed favor and you bestowed favor,1 "Keep your wife and fear Allāh," while you concealed within yourself that which Allāh is to disclose.2 And you feared the people,3 while Allāh has more right that you fear Him.4 So when Zayd had no longer any need for her, We married her to you in order that there not be upon the believers any discomfort [i.e., guilt] concerning the wives of their claimed [i.e., adopted] sons when they no longer have need of them. And ever is the command [i.e., decree] of Allāh accomplished.
අහෝ දූතය! අල්ලාහ් විසින් ඉස්ලාමයේ ආශිර්වාදය පිරිනමනු ලැබූ මෙන්ම ඔබ විසින් වහල් බවින් නිදහස පිරිනමනු ලැබූ අයට නුඹ කතා කළ අවස්ථාව මෙනෙහි කරනු. මින් අදහස් කරනු ලැබුවේ සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හුමා) තුමාය. ඔහුගේ බිරිය සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය ව දික්කසාද කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හෙතෙම ඔබ වෙත පැමිණියේය. නුඹ ඔහුට, "ඔබේ බිරිය දික්කසාද නොකර රඳවා තබා ගන්න. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්න" යැයි පැවසුවෙහිය. එසේම සෙයිනබ් තුමිය ව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නුඹට දන්වා සිටි දිව්ය පණිවිඩය මිනිසුන්ට බියෙන් නුඹ තුළම සඟවාගෙන සිටියෙහුය. ඇය වෙනුවෙන් වූ සෙයිද්ගේ දික්කසාදය අල්ලාහ් හෙළි කරනු ඇත. පසුව ඇයව නුඹට විවාහ කර දෙනු ඇත. මෙම විෂයයෙහි බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද්ගේ සිත තැන්පත් වී ඇය ගැන අදහස අතහැර, ඇය ව ඔහු දික්කසාද කළ කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු. එය දරුකමට හදාවඩාගත් දරුවන් ඔවුන්ගේ බිරියන් දික්කසාද කොට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූ පසු ඔවුන් විවාහ කර ගැනීම දේව විශ්වාසීන්ට පාපයක් නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය. ඉන් වළක්වන කිසිවෙක් නැත. ඔහුගෙන් තොර කිසිදු තිරයක් නැත.
33:38Page 423
مَّا كَانَ عَلَى ٱلنَّبِيِّ مِنۡ حَرَجٖ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥۖ سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ قَدَرٗا مَّقۡدُورًا ٣٨
There is not to be upon the Prophet any discomfort concerning that which Allāh has imposed upon him.1 [This is] the established way of Allāh with those [prophets] who have passed on before. And ever is the command of Allāh a destiny decreed.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දරුකමට හදාවඩාගත් පුතනුවන්ගේ බිරිය විවාහ කර ගැනීමට අල්ලාහ් අනුමත කළ විෂයයෙහි එතුමාට කිසිදු පාපයක් හෝ පීඩනයක් හෝ නොවීය. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුට පෙර විසූ නබිවරුන්ගේ පිළිවෙතය. එම විෂයයෙහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දහම් දූතවරුන් අතුරින් නවකයෙකු නොවේ. අල්ලාහ් කවර කරුණක් වීවෘතව හා තීන්දු වශයෙන් (එනම්, මෙම විවාහය පූර්ණවත් කිරීම හා දරුකමට හදාගත් කරුණ අවලංගු කිරීම යනාදියයි. එහි දී නබි තුමාණන්ට කිසිදු අදහසක් හෝ කිසිදු තෝරා ගැනීමක් හෝ නැත.) ස්තීර ලෙස තීරණය කර ඇත්තේය. එයට විරුද්ධවන කිසිවක් නැත.
33:39Page 423
ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخۡشَوۡنَهُۥ وَلَا يَخۡشَوۡنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ٣٩
[Allāh praises] those who convey the messages of Allāh1 and fear Him and do not fear anyone but Allāh. And sufficient is Allāh as Accountant.
මෙම නබිවරුන් වනාහි, ඔවුහු තමන් වෙත පහළ කරනු ලැබූ දිව්ය පණිවිඩ තම සමූහයා වෙත දන්වා සිටිති. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවෙකුට බිය නොවෙති. අල්ලාහ් ඔහුට අනුමත කළ දෑ ක්රියා කරන අවස්ථාවේ වෙනත් අය විසින් කරන ප්රකාශ වෙත හැරී නොයති. තම ගැත්තන්ගේ ක්රියාවන් ගැන ඔවුන්ගෙන් විනිශ්චය කිරීමටත් ඒ සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමන්නටත් එම ක්රියාවන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. යහපත් නම් එය යහපතකි. අයහපත් නම් එය අයහපතකි.
33:40Page 423
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٤٠
Muḥammad is not the father of [any] one of your men, but [he is] the Messenger of Allāh and seal [i.e., last] of the prophets. And ever is Allāh, of all things, Knowing.
නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියකු ලෙස මුහම්මද් නොවීය. ඔහු සෙයිද්ගේ පියා නොවීය. සෙයිද් විවාහ කර ගත් බිරිය දික්කසාද කළ විට ඇයව විවාහ කර ගැනීම තහනම් වන තරමට ඔහු සෙයිද්ගේ පියා නොවීය. එනමුත් ඔහු මිනිස් වර්ගයා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. නබිවරුන්ගේ අවසානයාය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිදු නබිවරයෙකු නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. තම ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.
33:41Page 423
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ ٱللَّهَ ذِكۡرٗا كَثِيرٗا ٤١
O you who have believed, remember Allāh with much remembrance
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ හදවතින්, නුඹලාගේ දිවවල්වලින් නුඹලාගේ ශරීර අවයවයන්වලින් නුඹලා අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු.
දහවල ආරම්භයේ හා එහි අවසානයේ එම අවස්ථාවන් දෙකෙහි පිහිටා ඇති මහිමයන් හේතුවෙන් නුඹලා සුවිශුද්ධයාණන්ව ‘තස්බීහ්’ ගුණ ගායනා කරමින් හා තහ්ලීල් දේවත්වය අවංක ව ඔහුට පුද කරමින් ඔහු සුවිශුද්ධ කරනු.
33:43Page 423
هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا ٤٣
It is He who confers blessing upon you,1 and His angels [ask Him to do so] that He may bring you out from darknesses into the light. And ever is He, to the believers, Merciful.
නුඹලාට කරුණාව පෙන්වා නුඹලාව පැසසුමට ලක් කරනුයේ ඔහුය. දේව ප්රතික්ෂේපයේ අන්ධකාරයන්ගෙන් දේව විශ්වාසය යන ආලෝකය වෙත ඔහු නුඹලාව බැහැර කිරීම සඳහා ඔහුගේ මලක්වරුන් නුඹලා වෙනුවෙන් ප්රාර්ථනා කරති. දේව විශ්වාසීන්ට ඔහු කාරුණිකය. ඔවුන් ඔහුට අවනත වන්නේ නම් ඔහු ඔවුනට දඬුවම් දෙන්නේ නැත. එහෙයින් ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු.
33:44Page 424
تَحِيَّتُهُمۡ يَوۡمَ يَلۡقَوۡنَهُۥ سَلَٰمٞۚ وَأَعَدَّ لَهُمۡ أَجۡرٗا كَرِيمٗا ٤٤
Their greeting the Day they meet Him will be, "Peace." And He has prepared for them a noble reward.
දේව විශ්වාසීන් ඔවුන්ගේ පරමාධිපති හමුවන දිනයේ ඔවුන්ගේ සුභ පැතුම ‘සලාම්’ ශාන්තිය හා සියලු නපුරුකම්වලින් ‘අමාන්’ ආරක්ෂාව වේ. ඔවුනට අල්ලාහ් ගෞරවණීය ප්රතිඵල සූදානම් කර ඇත. - එය ඔහුගේ ස්වර්ගයයි- එය ඔවුන් ඔහුට අවනත වී පාපකම්වලින් ඔවුන් දුරස් වීම සඳහා ඔවුනට පිරිනමනු ලැබූ ප්රතිඵලයක් වශයෙනි.
33:45Page 424
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ٤٥
O Prophet, indeed We have sent you as a witness and a bringer of good tidings and a warner
අහෝ නබිවරය! ජනයා වෙත කවර කරුණක් එවනු ලැබුවේ ද එය නුඹ ඔවුනට දන්වා සිටීමෙන් නුඹ ඔවුනට සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ගය ගැන ඔවුනට සුභාරංචි දන්වන්නකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින් සඳහා ඔහු සූදානම් කර ඇති දඬුවම ගැන ඔවුනට බියගන්වන්නෙකු ලෙසත් සැබැවින්ම අපි නුඹ ව මිනිසුන් වෙත එව්වෙමු.
33:46Page 424
وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذۡنِهِۦ وَسِرَاجٗا مُّنِيرٗا ٤٦
And one who invites to Allāh, by His permission, and an illuminating lamp.
අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත හා ඔහුගේ නියෝගයට අවනත වීම වෙත ඇරයුම් කරන්නෙකු ලෙසත් අපි ඔබ එව්වෙමු. එමෙන්ම යහමග ලබන්නට අපේක්ෂා කරන සෑම කෙනෙකුහටම ආලෝකය ලබන පහනක් ලෙසත් අපි ඔබ ව එව්වෙමු.
33:47Page 424
وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ٤٧
And give good tidings to the believers that they will have from Allāh great bounty.
අල්ලාහ් ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කරන, ඔහු විශ්වාස කරන දේව විශ්වාසීන්හට මෙලොව ඔවුන්ගේ ජයග්රහණය සමග මතුලොව ස්වර්ගයට ප්රවේස වීමෙන් ලබන ජයග්රහණය ඇතුළත් අල්ලාහ්ගෙන් වූ අතිමහත් භාග්යය ඔවුනට ඇති බව දන්වා සිටිනු.
33:48Page 424
وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ٤٨
And do not obey the disbelievers and the hypocrites and disregard their annoyance, and rely upon Allāh. And sufficient is Allāh as Disposer of affairs.
අල්ලාහ්ගේ දහමින් වළක්වාලීම සඳහා දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් ඇරයුම් කරන දෑහි ඔවුනට අවනත නොවනු. ඔවුන් ව පිටුදකිනු. සැබැවින්ම එය නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් විශ්වාස කිරීම සඳහා වඩාත් උචිත ඇරයුම් කිරීමක් විය හැක. නුඹේ සියලු කටයුතුවලදී අල්ලාහ් මත නුඹ ස්ථාවර ව සිටිනු. නුඹේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය ලැබීම ද ඉන් එකකි. ගැත්තන් තමන්ගේ මෙලොව මෙන්ම මතුලොව සියලු කටයුතුවලදී අල්ලාහ් මත ස්ථාවර ව සිටිමින් භාරකරුවකු වශයෙන් ගැනීමට අල්ලාහ් ප්රමාණවත් වේ.
33:49Page 424
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحٗا جَمِيلٗا ٤٩
O you who have believed, when you marry believing women and then divorce them before you have touched them [i.e., consummated the marriage], then there is not for you any waiting period to count concerning them. So provide for them and give them a gracious release.
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා දේව විශ්වාසී කාන්තාවන් සමග විවාහ ගිවිස ගත් පසු ව ඔවුන් සමග ලිංගික ව එකතු වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළෙහු නම්, නුඹලා වෙනුවෙන් මාස ගණන් හෝ වේවා වාර ගණන් හෝ වේවා ඔවුන් පොරොත්තු කාලයක් අපේක්ෂාවෙන් සිටීම ඔවුනට අවශ්ය වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සමග නුඹලා ලිංගිකව එක් නොවූ හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂයන් නිදොස් බව දන්නා හෙයිනි. තවද භුක්තිය සඳහා නුඹලාගේ හැකියාවට අනුව නුඹලාගේ ධනයෙන් වන්දියක් දෙනු. එය දික්කසාද කළ හේතුවෙන් ඔවුන් මත කඩා වැටුනු වරද පිරවීමක් පිණිසය. ඔවුනට කිසිදු හිංසාවක් සිදු නොකර ඔවුන්ගේ පවුල වෙත සේන්දු වන්නට ඔවුන්ගේ මාර්ගය අත් හරිනු.
33:50Page 424
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِنَّآ أَحۡلَلۡنَا لَكَ أَزۡوَٰجَكَ ٱلَّٰتِيٓ ءَاتَيۡتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتۡ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيۡكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّٰتِي هَاجَرۡنَ مَعَكَ وَٱمۡرَأَةٗ مُّؤۡمِنَةً إِن وَهَبَتۡ نَفۡسَهَا لِلنَّبِيِّ إِنۡ أَرَادَ ٱلنَّبِيُّ أَن يَسۡتَنكِحَهَا خَالِصَةٗ لَّكَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۗ قَدۡ عَلِمۡنَا مَا فَرَضۡنَا عَلَيۡهِمۡ فِيٓ أَزۡوَٰجِهِمۡ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ لِكَيۡلَا يَكُونَ عَلَيۡكَ حَرَجٞۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٥٠
O Prophet, indeed We have made lawful to you your wives to whom you have given their due compensation1 and those your right hand possesses from what Allāh has returned to you [of captives] and the daughters of your paternal uncles and the daughters of your paternal aunts and the daughters of your maternal uncles and the daughters of your maternal aunts who emigrated with you and a believing woman if she gives herself to the Prophet [and] if the Prophet wishes to marry her; [this is] only for you, excluding the [other] believers. We certainly know what We have made obligatory upon them concerning their wives and those their right hands possess, [but this is for you] in order that there will be upon you no discomfort [i.e., difficulty]. And ever is Allāh Forgiving and Merciful.
අහෝ නබිවරය! නුඹ මහර් ‘විවාහ ත්යාග’ පිරිනැමූ නුඹේ බිරියන් සැබැවින්ම අපි නුඹට අනුමත කළෙමු. එමෙන්ම යුද්ධයේ දී ලැබුණු වහල් කාන්තාවන් අතර නුඹ අතට පත් වූ කාන්තාවන් ද අපි නුඹට අනුමත කළෙමු. තවද නුඹ සමග මක්කාවේ සිට මදීනාවට නික්ම ආ නුඹේ මාමාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹගේ නැන්දාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. තවද නුඹගේ පුංචි අම්මා, ලොකු අම්මාවරුන්ගේ දියණියන් හා නුඹගේ බාප්පා හා මහප්පාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. කිසිදු ‘මහර්’ විවාහ ත්යාගයක් අපේක්ෂාවෙන් තොර ව තම ජීවිතය නුඹ වෙනුවෙන් පිරිනැමූ දේව විශ්වාසී කාන්තාව ද, නුඹ ඇයව විවාහ කර ගන්නට අපේක්ෂා කළෙහි නම් එසේ ඇය ව විවාහ කර ගැනීම ද අපි නුඹට අනුමත කළෙමු. ත්යාගයක් ලෙස පිරිනමනු ලැබූ කාන්තාව විවාහ කර ගැනීම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පමණක් සුවිශේෂී වූ කරුණක් වන අතර එය සමාජය තුළ වෙනත් කිසිවෙකුට අනුමත නොවූවකි. දේව විශ්වාසීන්ට ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් සිව් දෙනෙකුට වඩා ඉක්මවා ගොස් විවාහ වීම ඔවුනට සුදුසු නොවන පරිදි අපි ඔවුනට අනිවාර්යය කර ඇත්තේ කුමක් දැ?යි යන්න වගත්, ඔවුන් සතු වහලියන් කිසිදු සීමා කිරීමකින් තොරව ඔවුන් අභිමත කරන අය සමග පහස විඳීමට ඔවුනට අනුමැතිය ලබා දීමෙන්, ඔවුන් සම්බන්ධයෙන් ඔවුනට අප දහම් ගත කළ දෑ ගැනත් සැබැවින්ම අපි දනිමු. සඳහන් කරනු ලැබූ දෑ අතර නුඹ හැර වෙනත් කිසිවෙකුට අපි අනුමත නොකළ දෑ අපි නුඹට අනුමත කළෙමු. එය නුඹට දුෂ්කරතාවක් හෝ පීඩනයක් ඇති නොවනු පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණික විය.
33:51Page 425
۞ تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا ٥١
You, [O Muḥammad], may put aside whom you will of them1 or take to yourself whom you will. And any that you desire of those [wives] from whom you had [temporarily] separated - there is no blame upon you [in returning her]. That is more suitable that they should be content and not grieve and that they should be satisfied with what you have given them - all of them. And Allāh knows what is in your hearts. And ever is Allāh Knowing and Forbearing.
අහෝ දූතය! නුඹේ බිරියන් අතරින් ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද කොටස ප්රමාද කිරීමට නුඹ අපේක්ෂා කරන්නන් වනාහි, ඔවුන් සමග නුඹ රාත්රිය ගත නොකරන්නෙහිය. එමෙන්ම ඔවුන් අතරින් නුඹ අභිමත කරන අය නුඹ වෙත ළං කරගෙන ඇය සමග නුඹ රාත්රිය ගත කරන්නෙහිය. නුඹ ප්රමාද කළ අය අතරින් එකියෙකු වෙත ළං වන්නට නුඹ පැතුවෙහි නම් එහි නුඹට වරදක් නැත. එසේ ප්රමාද කිරීමත් කාලය දිගු කිරීමත් නුඹේ බිරියන්ගේ දෑස් පිනවන්නටත් එමෙන්ම ඔවුන් සියලු දෙනාටම නුඹ පිරිනැමූ දෑ පිළිබඳ ව -සැබැවින්ම නුඹ වගකීම් පැහැර නොහැරිය බවත් වගකීම ඉටු කිරීමට මසුරු නොවූ බවත් ඔවුන් දැනගැනීමෙන්- ඔවුන් තෘප්තියට පත් වන්නටත් වඩාත් සමීප වනු ඇත. අහෝ පුරුෂයිනි! නුඹලාගේ සිත් ඇතැම් බිරියන් හැර තවත් බිරියන් වෙත නැඹුරු වීම ගැන අල්ලාහ් දනී. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා නැඹුරු විය හැකි පිණිස දඬුවම ඉක්මන් නො කරන මහා දයාලුය.
33:52Page 425
لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا ٥٢
Not lawful to you, [O Muḥammad], are [any additional] women after [this], nor [is it] for you to exchange them for [other] wives, even if their beauty were to please you, except what your right hand possesses. And ever is Allāh, over all things, an Observer.1
අහෝ දූතය! නුඹේ රැකවරණය තුළ සිටින නුඹේ බිරියන් හැර වෙනත් කාන්තාවන් විවාහ කර ගැනීම නුඹට අනුමත නොවන්නේය. එමෙන්ම ඔවුන් දික්කසාද කිරීම හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු දික්කසාද කොට ඔවුන් හැර (ඔවුන්ගේ ස්ථානයේ) වෙනත් කාන්තාවන් ගැනීම ද නුඹට අනුමත නොවන්නේය. ඔවුන් හැර එම කාන්තාවන් නුඹ විවාහ කර ගැනීම නුඹ ප්රිය කරන පරිදි ඔවුන් අලංකාරයෙන් නුඹ ව මවිත කළ ද, නුඹට අනුමත නොවන්නේය. නමුත් නියමිත ප්රමාණයක් සීමා කිරීමෙන් තොරව නුඹේ දකුණත් හිමිකරගත් වහලියන් සමග පහස විඳීමට නුඹට අනුමැතිය ඇත. සියලු දෑ කෙරෙහි අල්ලාහ් ආරක්ෂාවෙන් බලා සිටියි. මෙම නීතිය දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ මහිමය පෙන්වා දෙයි. ඔවුන් දික්කසාද කරනු ලැබීමත් ඔවුන් වෙත විවාහ යෝජනා කිරීමත් තහනම් කරනු ලැබ ඇත.
33:53Page 425
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتَ ٱلنَّبِيِّ إِلَّآ أَن يُؤۡذَنَ لَكُمۡ إِلَىٰ طَعَامٍ غَيۡرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنۡ إِذَا دُعِيتُمۡ فَٱدۡخُلُواْ فَإِذَا طَعِمۡتُمۡ فَٱنتَشِرُواْ وَلَا مُسۡتَـٔۡنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ يُؤۡذِي ٱلنَّبِيَّ فَيَسۡتَحۡيِۦ مِنكُمۡۖ وَٱللَّهُ لَا يَسۡتَحۡيِۦ مِنَ ٱلۡحَقِّۚ وَإِذَا سَأَلۡتُمُوهُنَّ مَتَٰعٗا فَسۡـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٖۚ ذَٰلِكُمۡ أَطۡهَرُ لِقُلُوبِكُمۡ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمۡ أَن تُؤۡذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزۡوَٰجَهُۥ مِنۢ بَعۡدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٰلِكُمۡ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ٥٣
O you who have believed, do not enter the houses of the Prophet except when you are permitted for a meal, without awaiting its readiness. But when you are invited, then enter; and when you have eaten, disperse without seeking to remain for conversation. Indeed, that [behavior] was troubling the Prophet, and he is shy of [dismissing] you. But Allāh is not shy of the truth. And when you ask [his wives] for something, ask them from behind a partition. That is purer for your hearts and their hearts. And it is not [conceivable or lawful] for you to harm the Messenger of Allāh or to marry his wives after him, ever. Indeed, that would be in the sight of Allāh an enormity.
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! ආහාර සංග්රහයක් සඳහා නුඹලා ඇරයුම් කරනු ලැබීමෙන් පසු නබිවරයාගේ නිවෙස්වලට පිවිසීමට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා එහි නොපිවිසෙනු. ආහාර පිසන තෙක් බලාපොරොත්තුවෙන් දිගු වේලාවක් වාඩි වී නොසිටිනු. නමුත් ආහාර සංග්රයකට නුඹලා ඇරයුම් කරනු ලැබූ විට නුඹලා පිවිසෙනු. නුඹලා ආහාර අනුභව කළෙහු නම් ඉන් හැරී යනු. ඉන්පසු එකිනෙකා කතා කරමින් එක් ව එහි රැඳී නොසිටිනු. සැබැවින්ම එසේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපහසුතාවට පත් වන අතර හැරී යන මෙන් නුඹලාට පැවසීමට එතුමා ලැජ්ජා වනු ඇත. සත්යය නියෝග කිරීමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. එහෙයින් රැඳී සිටීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අපහසුතාවක් නොවන පරිදි නුඹලා ඔහුගෙන් හැරී යන මෙන් ඔහු නුඹලාට නියෝග කර ඇත. භාජනයක් හෝ එවැනි වෙනත් යම් අවශ්යතාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් නුඹලා පතන විට නුඹලාගේ අවශ්යතා ව තිරයකට පසුපසින් සිට පතනු. නුඹලාගේ දෑස්වලට ඔවුන් හසු නොවන පරිදි, ඔවුනට මුහුණ ලා ඒවා ඔවුන්ගෙන් ඉල්ලා නොසිටිනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු නිලය හේතුවෙන් එය ඔවුනට ආරක්ෂාවකි. තිරයක් පිටුපස සිට එසේ නුඹලා ඉල්ලා සිටීම නුඹලාගේ හදවත් හා ඔවුන්ගේ හදවත් තුළ කුකුස් හා පිළිකුල් සහගත දෑ අලංකාරවත් කිරීමට ෂෙයිතාන් මාර්ග පාදා ගත නොහැකි පරිදි නුඹලාගේ හදවත්වලටත් ඔවුන්ගේ හදවත්වලටත් වඩාත් පිවිතුරු වනු ඇත. අහෝ දේව විශ්වාසී ජනයිනි! කතා කිරීම සඳහා රැඳී සිටීමෙන් නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට අපහසුතාවක් ඇති කිරීම නුඹලාට සුදුසු නොවේ. එමෙන්ම නුඹලා එතුමාගේ මරණයෙන් පසු ව එතුමාගේ බිරියන් විවාහ නොකළ යුතුය. හේතුව ඔවුහු දේව විශ්වාසීන්ගේ මව්වරුන් වෙති. මවක් විවාහ වීම කිසිවකුට සුදුසු නැත. සැබැවින්ම එය වේදනා ගෙන දෙන්නකි. එතුමාගේ මරණයෙන් පසු එතුමාගේ බිරියන් නුඹලා විවාහ කර ගැනීම තහනම් ක්රියාවකි. අල්ලාහ් අබියස එය බරපතළ පාපයක් බවට සලකනු ලැබේ.
33:54Page 425
إِن تُبۡدُواْ شَيۡـًٔا أَوۡ تُخۡفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٥٤
Whether you reveal a thing or conceal it, indeed Allāh is ever, of all things, Knowing.
නුඹලාගේ ක්රියාවන්ගෙන් යමක් නුඹලා හෙළි කළ ද, නුඹලා තුළ එය සඟවා ගත්ත ද ඒ කිසිවක් කිසිවිටෙක අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. නුඹලාගේ ක්රියාවන් හෝ වෙනත් අයගේ ක්රියාවන් හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතකි. අයහපත් නම් අයහපතකි.
33:55Page 426
لَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا ٥٥
There is no blame upon them [i.e., women] concerning their fathers or their sons or their brothers or their brothers' sons or their sisters' sons or their women or those their right hands possess [i.e., slaves].1 And fear Allāh. Indeed Allāh is ever, over all things, Witness.
කිසිදු තිරයකින් තොරව ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරයන්, ඔහුගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, ඔවුන් පරම්පරාවෙන් හෝ දරුකමට හදාවඩා ගත් අය හෝ වේවා ඔවුන් බැලීමත් ඔවුන් සමග කතා කිරීමත් ඔවුන් මත පාපයක් නොවන්නේය. එමෙන්ම කිසිදු තිරයකින් තොරව දේව විශ්වාසී කාන්තාවන් හා ඔවුන්ගේ දකුණත් හිමිකරගත් වහල් කාන්තාවන් ඔවුන් සමග කතා කිරීම ද ඔවුන් කෙරෙහි වරදක් නැත. අහෝ දේව විශ්වාසී කාන්තාවනි! අල්ලාහ් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද එමෙන්ම කවර කරුණක් තහනම් කර ඇත්තේ ද ඒවා සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා විසින් හෙළිවන දෑ ද ඔවුන් සම්බන්ධයෙන් නුඹලා හෙළි කරන දෑ ද ඔහු අධීක්ෂණය කරන්නාය.
33:56Page 426
إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا ٥٦
Indeed, Allāh confers blessing upon the Prophet, and His angels [ask Him to do so]. O you who have believed, ask [Allāh to confer] blessing upon him and ask [Allāh to grant him] peace.
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මලක්වරුන් අබියස, දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිබඳ ප්රශංසා කරයි. ඔහුගේ මලක්වරු එතුමා වෙනුවෙන් ප්රාර්ථනා කරති. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු තම ගැත්තන්හට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! එම දූතයාණන්හට ‘සලවාත්’ සමාදානය වෙනුවෙන් ප්රාර්ථනා කරනු. එමෙන්ම ‘සලාම්’ ශාන්තිය වෙනුවෙන් ප්රාර්ථනා කරනු.
33:57Page 426
إِنَّ ٱلَّذِينَ يُؤۡذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَأَعَدَّ لَهُمۡ عَذَابٗا مُّهِينٗا ٥٧
Indeed, those who abuse Allāh and His Messenger - Allāh has cursed them in this world and the Hereafter and prepared for them a humiliating punishment.
වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ඇතිකළවුන් වනාහි මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාව ක්රියාත්මක වීමෙන් නෙරපා හරින ලද ඔහුට වඩාත් දුරස් වූවෝ වෙති. ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ගෙන දෙමින් ඔහු කෙරෙහි ඔවුන්ගේ හැසිරීම සඳහා ප්රතිඵල වශයෙන් නින්දිත දඬුවමක් මතුලොවෙහි ඔහු ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත.
33:58Page 426
وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ٥٨
And those who harm believing men and believing women for [something] other than what they have earned [i.e., deserved] have certainly borne upon themselves a slander and manifest sin.
හිංසා කිරීම අනිවාර්යය කරන ආකාරයේ දඬුවමට ලක්වන පාපයක් ඔවුන් සිදු කිරීමෙන් තොරව වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට හිංසා කරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් පැහැදිලි පාපයක් හා මහා අපවාදයක් උසුලා ගත්තෝය.
33:59Page 426
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٥٩
O Prophet, tell your wives and your daughters and the women of the believers to bring down over themselves [part] of their outer garments.1 That is more suitable that they will be known2 and not be abused. And ever is Allāh Forgiving and Merciful.3
අහෝ නබිවරය! පිටස්තර පිරිමින් ඉදිරියේ රහස්ය පෙදෙස් ඔවුන්ගෙන් නිරාවරණය නොවන පරිදි ඔවුන් පැළඳ සිටින මතුපිට වස්ත්රය ඔවුන් මත එල්ලෙන්නට ඉඩ හරිනු යැයි නුඹ නුඹේ බිරියන්ට පවසනු. නුඹේ දූවරුන්ටත් පවසනු. එසේම දේව විශ්වාසී කාන්තාවන්ටත් පවසනු. සැබැවින්ම ඔවුන් නිදහස් කාන්තාවන් යැයි හඳුනා ගැනීමට එය ඉතා උචිතය. එහෙයින් වහලියන්ට හිංසා කරන්නාක් මෙන් ඔවුන් කිසිවෙකුට හිංසා නොකළ යුතුයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් වෙත පාපක්ෂමාවෙහි නිරත වන්නාගේ පාපයන් සඳහා අතිශය සමාව දෙන්නාය. ඔහු කෙරෙහි මහා කාරුණිකය.
33:60Page 426
۞ لَّئِن لَّمۡ يَنتَهِ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡمُرۡجِفُونَ فِي ٱلۡمَدِينَةِ لَنُغۡرِيَنَّكَ بِهِمۡ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلٗا ٦٠
If the hypocrites and those in whose hearts is disease1 and those who spread rumors in al-Madīnah do not cease, We will surely incite you against them; then they will not remain your neighbors therein except for a little,
දේව ප්රතික්ෂේපය තමන් තුළ සඟවා ගනිමින් හා ඉස්ලාමය මතුපිටින් පෙන්වමින් ඔවුන් සිදු කරන ඔවුන්ගේ කුහකභාවයෙන් කුහකයින් නො වැළකුණේ නම්, එමෙන්ම ඔවුන්ගේ ආශාවන් සමග බැඳුණු දුරාචාරය ඔවුන්ගේ හදවත් තුළ ඇත්තන් හා මදීනාවේ අසත්ය තොරතුරු පතුරුවමින් දේව විශ්වාසීන් අතර බෙදීම් ඇති කරන්නට උත්සාහ කරන්නන් ඔවුන්ගේ ක්රියාදාමයන්ගෙන් නො වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුනට දඬුවම් කරන මෙන් ද ඔවුන් මත ආධිපත්යය දරන මෙන් ද අපි නුඹට නියෝග කරන්නෙමු. පසුව ඔවුන් මහපොළොවේ කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔවුන් එයින් නෙරපා හැරීම හා ඔවුන් විනාශ කිරීම සඳහා මදීනාවෙහි ස්වල්ප කාලයක් මිස ඔවුන් වාසය නොකරනු ඇත.
33:61Page 426
مَّلۡعُونِينَۖ أَيۡنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقۡتِيلٗا ٦١
Accursed wherever they are found, [being] seized and massacred completely.
ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් ලෙස සිටිති. ඔවුන්ගේ කුහකත්වය හා මහපොළොවේ කලහකම් පතුරුවාලීම හේතුවෙන් ඔවුන් කවර ස්ථානයක හමු වුව ද ග්රහණය කරනු ලැබ ඝාතනය කරනු ලබනු ඇත.
33:62Page 426
سُنَّةَ ٱللَّهِ فِي ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا ٦٢
[This is] the established way of Allāh with those who passed on before; and you will not find in the way of Allāh any change.
මෙය කුහකත්වය හෙළි වූ විට කුහකයින් අතර ක්රියාත්මක කරනු ලබන අල්ලාහ්ගේ න්යායය වේ. අල්ලාහ්ගේ න්යායය ස්ථීරය. කිසිවිටෙක කිසිදු වෙනස් කිරීමක් නුඹ එහි නොදකිනු ඇත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences