Al-Mukhtasar · Tafsir · in Sinhala
سبإ
Saba
Sheba · Meccan · 54 ayahs
34:1Page 428
ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأٓخِرَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ١
[All] praise is [due] to Allāh, to whom belongs whatever is in the heavens and whatever is in the earth, and to Him belongs [all] praise in the Hereafter. And He is the Wise, the Aware.
අහස්හි ඇති සියලු දෑ ද, මහපොළොවේ ඇති සියලු දෑ ද, මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. මතුලොවෙහි සියලු ප්රශංසා, සුවිශුද්ධයාණන් වන ඔහුටම සතුය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
34:2Page 428
يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلۡغَفُورُ ٢
He knows what penetrates into the earth and what emerges from it and what descends from the heaven and what ascends therein. And He is the Merciful, the Forgiving.
මහපොළොව තුළට පිවිසෙන ජලය හැ පැලෑටි පිළිබඳ ඔහු දනී. ඉන් පිටවන පැලෑටි හා වෙනත් දෑ පිළිබඳව ද ඔහු දනී. එමෙන්ම අහසින් පහළ වන වර්ෂාව මලක්වරුන් හා පෝෂණ සම්පත් පිළිබඳව ද ඔහු දනී. අහසට ආරෝහණය වන මලක්වරුන් තම ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳව ද ඔහු දනී. ඔහු තම විශ්වාසී ගැත්තන් හට මහා කාරුණිකය. ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපයන්ට මහත් සේ සමාව දෙන්නාය.
34:3Page 428
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأۡتِينَا ٱلسَّاعَةُۖ قُلۡ بَلَىٰ وَرَبِّي لَتَأۡتِيَنَّكُمۡ عَٰلِمِ ٱلۡغَيۡبِۖ لَا يَعۡزُبُ عَنۡهُ مِثۡقَالُ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَلَآ أَصۡغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرُ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ٣
But those who disbelieve say, "The Hour will not come to us." Say, "Yes, by my Lord, it will surely come to you. [Allāh is] the Knower of the unseen." Not absent from Him is an atom's weight1 within the heavens or within the earth or [what is] smaller than that or greater, except that it is in a clear register -
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "අවසන් හෝරාව කිසිවිටෙක පැමිණෙන්නේ නැතැ"යි පවසා සිටියහ. "අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘එසේය, අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා බොරු කරමින් සිටින අවසන් හෝරාව සැබැවින්ම නුඹලා වෙත පැමිණෙන්නේමය. නමුත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු එහි නියමිත වේලාව ගැන නොදනී. ඔහු සුවිශුද්ධය අවසන් හෝරාව සම්බන්ධයෙන් සැඟවී ඇති දෑ හා වෙනත් දෑ පිළිබඳ ඔහු සර්වඥය. අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කුහුඹුවකුට වඩා කුඩා ප්රමාණයක් වුව ද ඒ කිසිවක් සුවිශුද්ධයාණන්ගේ දැනුමට සැඟවෙන්නේ නැත. සඳහන් කරනු ලැබූ දෑට වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි ග්රන්ථයේ සටහන් කරනු ලබනු මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන සියලු දෑ ලියා ඇති ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවයි."
34:4Page 428
لِّيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۚ أُوْلَٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٤
That He may reward those who believe and do righteous deeds. Those will have forgiveness and noble provision.
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහු ප්රතිඵල පිරිනැමීම සඳහා ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ ස්ථාවරව සටහන් කර ඇති දෑ අල්ලාහ් ස්ථීර ලෙස සටහන් කර ඇත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමගින් ඔහු ඔවුන් වැරදිකරුවන් ලෙස ග්රහණය නොකරයි. ඔවුනට ගෞරවණීය සංග්රහයක් ද ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ඔහුගේ ස්වර්ගයයි.
34:5Page 428
وَٱلَّذِينَ سَعَوۡ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٞ ٥
But those who strive against Our verses [seeking] to cause failure1 - for them will be a painful punishment of foul nature.
අල්ලාහ් පහළ කළ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙරදරමින් කටයුතු කළවුන් වනාහි, ඔවුහු ඒ ගැන ‘එය හූනියමකැ’යි පැවසූහ. අපගේ දූතවරුන් ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යැයි පැවසූහ. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නපුරු හා දරුණු දඬුවම් සතු වනු ඇත.
34:6Page 428
وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٦
And those who have been given knowledge see that what is revealed to you from your Lord is the truth, and it guides to the path of the Exalted in Might, the Praiseworthy.
නබි සහගාමීන් අතර සිටි විද්වත්හු හා ආගම් ලත් ජනයා අතරින් අල්ලාහ් පිළිබඳ විශ්වාස කළ විද්වත්හු දිව්ය පණිවිඩ අතරින් නුඹ වෙත අල්ලාහ් පහළ කළ දෑ කිසිදු සැකයක් නැති සත්යය බවත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසාලාබී සර්වබලධාරියාණන්ගේ මාර්ගය වෙත එය මග පෙන්වන බවත් සාක්ෂි දරති.
34:7Page 428
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ ٧
But those who disbelieve say, "Shall we direct you to a man who will inform you [that] when you have disintegrated in complete disintegration, you will [then] be [recreated] in a new creation?
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගෙන් ඇතැමෙකුට දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන පුදුමයෙන් හා හාස්යයෙන් යුතු ව, "සැබැවින්ම නුඹලා මරණයට පත් වූ විට නුඹලා කෑලි කෑලි වලට කපා හරිනු ලැබූ විට නුඹලාගේ මරණයෙන් පසු නුඹලාව යළි ජීවමානයන් ලෙස අවදි කරනු ලබන්නේ යැයි නුඹලාට දැනුම් දෙන මිනිසෙකු ගැන අපි නුඹලාට දන්වා සිටින්නදැ?"යි වමිසා සිටියෝය.
34:8Page 429
أَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ ٨
Has he invented about Allāh a lie or is there in him madness?" Rather, they who do not believe in the Hereafter will be in the punishment and [are in] extreme error.
මේ මිනිසා අල්ලාහ් මත බොරු ගොතා අප මිය ගිය පසු ව අප ව යළි අවදි කරන්නා පිළිබඳ ඔහු තරයේ පවසා සිටින දෑ ඔහු තිරසාර ලෙස පවසන්නේ ද? එසේ නැතහොත් ඔහු කිසිදු සත්යයක් නැති උමතුවෙක් ද? මොවුන් විශ්වාස කරන පරිදි කරුණ නැත. එය සිදු වන්නේමය. සැබැවින්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමෙහි සිටිනු ඇත. එමෙන්ම මෙලොවෙහි ද සත්යයෙන් දුරස් ව අන්ත මුළාවෙහි පසුවනු ඇත.
34:9Page 429
أَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ ٩
Then, do they not look at what is before them and what is behind them of the heaven and earth? If We should will, We could cause the earth to swallow them or [could] let fall upon them fragments from the sky. Indeed in that is a sign for every servant turning back [to Allāh].
යළි අවදි කරනු ලැබීම බොරු කරන මොවුහු මිහිතලයේ ඔවුන් ඉදිරියේ ඇති දෑ ගැන ද ඔවුනට පසුපසින් අහසේ ඇති දෑ ගැන ද ඔවුහු නොදුටුවෝද? ඔවුන්ගේ පාදවලට යටින් මහපොළොව කිඳා බැස්සවීමට අපි අභිමත කරන්නේ නම් ඔවුනට පහළින් අපි එය කිදා බස්සවන්නෙමු. එමෙන්ම අහසින් කැබැල්ලක් ඔවුන් මත වට්ටවන්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන් මත අපි අහසින් කැබැල්ලක් වට්ටවන්නෙමු. සැබැවින්ම මෙහි තම පරමාධිපතිට අවනත වීම සඳහා බොහෝ සේ යොමුවන සෑම ගැත්තෙකුහටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන තිරසාර සළකුණක් ඇත. ඒ සඳහා බලය ඇත්තා නුඹලාගේ මරණයෙන් පසු ව නුඹලාගේ ශරීර කීතුවලට ඉරී ගිය පසු ව නුඹලාව යළි අවදි කිරීමට බලය ඇත්තාය.
34:10Page 429
۞ وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ ١٠
And We certainly gave David from Us bounty. [We said], "O mountains, repeat [Our] praises with him, and the birds [as well]." And We made pliable for him iron,
සැබැවින්ම අපි දාවූද් (අලයිහිස් සලාම්) තුමාට අප විසින් නබිත්වය හා පාලන බලය පිරිනැමුවෙමු. අපි කඳු දෙස බලා: අහෝ කඳු! දාවූද් සමග නුඹ මා සුවිශුද්ධ කරනු. පක්ෂීන්ට අප පැවසුවේ ද මෙලෙසමය. ඔහු කැමති මෙවලමක් යකඩින් සාදා ගනු පිණිස අපි ඔහුට එය මොලොක් කර දුන්නෙමු.
34:11Page 429
أَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ١١
[Commanding him], "Make full coats of mail and calculate [precisely] the links, and work [all of you] righteousness. Indeed I, of what you do, am Seeing."
අහෝ දාවූද්! ඔවුන්ගේ සතුරන්ගෙන් ඔබේ රණකාමීන් ආරක්ෂා කරන විශාල පලිහ තනන්නටත් සිදුරට ගැලපෙන ඇණ සකසා ගන්නටත් ඒවාහි නොරැඳෙන පරිදි සියුම් ව හෝ එහි පිවිසිය නොහැකි පරිදි ඝන ව හෝ නුඹ ඒවා සකස් නොකර ප්රමාණයට සකස් කර ගැනීමටත් (යකඩ මොලොක් කර දුන්නෙමු.) නුඹලා දැහැමි ක්රියාවන්හි නිරත වනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් මට සැඟවෙන්නේ නැත. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.
34:12Page 429
وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ ١٢
And to Solomon [We subjected] the wind - its morning [journey was that of] a month - and its afternoon [journey was that of] a month, and We made flow for him a spring of [liquid] copper. And among the jinn were those who worked for him by the permission of his Lord. And whoever deviated among them from Our command - We will make him taste of the punishment of the Blaze.
උදෑසන මසක දුරක් ගමන් කළ හැකි, සවස මසක දුරක් ගමන් කළ හැකි සුළඟ දාවූද්ගේ පුත් සුලෙයිමාන්ට අපි වසඟ කර දුනිමු. තඹවලින් ඔහු කැමති දෑ නිර්මාණය කරනු පිණිස ඔහු වෙනුවෙන් තඹ උල්පත් ගලන්නට සැලැස්වූයෙමු. ජින්නුන් අතරින් තම පරමාධිපතිගේ නියෝගය අනුව ඔහු අබියස සේවය කරන්නන් අපි ඔහුට වසඟ කර දුන්නෙමු. අපි කවර ක්රියාවක් ජින්නුන්හට අණ කර සිටියෙම් ද එයින් නැඹුරු වූ ජින්නුන් හට දළුලා ඇවිළෙන නිරා ගින්නේ දඬුවමින් විඳවන්නට සළස්වමු.
34:13Page 429
يَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ ١٣
They made for him what he willed of elevated chambers,1 statues,2 bowls like reservoirs, and stationary kettles. [We said], "Work, O family of David, in gratitude." And few of My servants are grateful.
සුලෙයිමාන් තුමා සිතන පරිදි නැමදුම් සඳහා අවශ්ය මස්ජිද් හා බලකොටු එතුමා සිතන රූප, එතුමා සිතන පරිදි විශාල පොකුණු මෙන් වූ ජලතටාක ස්ථීරව පවතින ආහාර පිසින කල්දේරම් වැනි දෑ මෙම ජින්නුන් එතුමාට සිදු කර දුන්නේය. ඒවායෙහි විශාලත්වය හේතුවෙන් ඒවා නොසෙල්විය. ‘අහෝ දාවූද්ගේ ජනයිනි! නුඹලාට කවර කරුණක් අල්ලාහ් ආශිර්වාද කළේ ද ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ වනු. මාගේ ගැත්තන් අතරින් මා ආශිර්වාද කළ දෑ සඳහා කෘතඥ වනුයේ ස්වල්ප දෙනෙකු පමණි’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.
34:14Page 429
فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ١٤
And when We decreed for him [i.e., Solomon] death, nothing indicated to them [i.e., the jinn] his death except a creature of the earth eating his staff.1 But when he fell, it became clear to the jinn that if they had known the unseen, they would not have remained in humiliating punishment.2
අපි සුලෙයිමාන්ට මරණය තීන්දු කළ කල්හි සැබැවින්ම හෙතෙම මිය යන බව පොළොවට සිටවා තිබූ ඔහුගේ සැරයටිය කා දමන පොළොවේ කෘමීන් හැර සෙසු ජින්නුන්හට මග පෙන්වනු නොලැබීය. හෙතෙම බිම ඇද වැටුණු කල්හි සැබැවින්ම තමන් ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත්තන් බව ඔවුනට පැහැදිලි විය. එය ඔවුන් දැන සිටියේ නම් ඔවුනට අත්වන නින්දා සහගත දඬුවමෙහි ඔවුහු රැඳී නොසිටින්නට තිබිණ. තවද සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සියෙන් සිදු කරමින් සිටි ක්රියාවන් සැබැවින්ම ඔහු ඔවුන් ජීවමානව සිට නිරීක්ෂා කරමින් සිටින බව හැඟීමෙන් යුතු ව මිස කටයුතු කළේ නැත.
34:15Page 430
لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ١٥
There was for [the tribe of] Saba’ in their dwelling place a sign: two [fields of] gardens on the right and on the left. [They were told], "Eat from the provisions of your Lord and be grateful to Him. A good land [have you], and a forgiving Lord."
සබඃ ගෝත්රයට ඔවුන් ජීවත් වූ ඔවුන්ගේ වාසස්ථානයන්හි අල්ලාහ්ගේ ශක්තිය හා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදයන් එළිපිටම පෙන්වා දෙන සංඥාවක් විය. එය උයන් දෙකකි. ඒ දෙකින් එකක් දකුණු දෙසින් ද දෙවැන්න වම් දෙසින් ද පිහිටා තිබුණි. අපි ඔවුනට, ‘නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. ඔහුගේ ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මෙය ඉතා සුන්නදර දේශයකි. පරමාධිපතියාණන් වන මේ අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහු වෙත පාපක්ෂමාව අයදින්නන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත.' යැයි පැවසුවෙමු.
34:16Page 430
فَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ ١٦
But they turned away [refusing], so We sent upon them the flood of the dam,1 and We replaced their two [fields of] gardens with gardens of bitter fruit, tamarisks and something of sparse lote trees.
නමුත් අල්ලාහ්ට කෘතඥ වීමට සහ ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට ඔවුන්ගේ ආශිර්වාදයන් විනාශයක් බවට පෙරළා දමමින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඒ අනුව අපි ඔවුන්ගේ වේල්ල විනාශ කළ, ඔවුන්ගේ ගොවිපලවල් ජලයෙන් යට කළ ධාරානිපාත ජල ධාරාවක් ඔවුන් වෙත යැව්වෙමු. ඔවුන්ගේ උයන් දෙක තිත්ත පළතුරු හටගන්වන උයන් දෙකක් බවට පෙරළා දැමුවෙමු. ඒ දෙකෙහි පල හට නොගන්නා ගස් හා මසන් ගස් කිහිපයක් ද විය.
34:17Page 430
ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ ١٧
[By] that We repaid them because they disbelieved. And do We [thus] repay except the ungrateful?
ඔවුන් කවර ආශිර්වාදයක් මත පිහිටියේ ද එය ලැබීමෙන් ඔවුන් පෙරළා දැමුවේ ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා එම ආශිර්වාදවලට කෘතඥවීමට ප්රතික්ෂේප කළ හේතු සාධකය නිසාවෙනි. අල්ලාහ්ගේ ආශිර්වාදවලට ඔවුන් බලවත් ලෙස ගුණමකු වූ බැවින් හා සුවිශුද්ධයාණන් වන ඔහු ව අධික ලෙස ප්රතික්ෂේප කළ බැවින් මිස මෙම දරුණු දඬුවම අපි ක්රියාත්මක නොකළෙමු.
34:18Page 430
وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ١٨
And We placed between them and the cities which We had blessed1 [many] visible cities. And We determined between them the [distances of] journey,2 [saying], "Travel between them by night or by day in safety."
යෙමනයේ සබඃ වාසීන් අතරත් අප සමෘද්ධිමත් කළ සිරියාවේ ගම්මාන අතරත් එකිනෙකට බැඳුණු ගම්මාන ඇති කළෙමු. ගමකින් ගමකට කිසිදු දුෂ්කරතාවයකින් තොරව පියනගමින් සිරියාවට ළගා විය හැකි වාතාවරණයක් අපි උදා කළෙමු. අපි ඔවුනට ‘රාත්රියේ හෝ දහවලේ හෝ නුඹලා කැමති වේලාවක සතුරන් සාගින්නෙන් හා පිපාසයෙන් සුරක්ෂිත ව එහි ගමන් කරනු යැයි පැවසුවෙමු.
34:19Page 430
فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ١٩
But [insolently] they said, "Our Lord, lengthen the distance between our journeys," and wronged themselves, so We made them narrations1 and dispersed them in total dispersion. Indeed in that are signs for everyone patient and grateful.
දුර ප්රමාණය කෙටි කිරීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ගැන ඔවුහු අහංකාර වූවෝය. පසු ව ‘අපගේ පරමාධිපතියාණනි! ගමනෙහි වෙහෙස අප විඳින තරමට අපගේ ප්රවාහන කටයතු අමතර වශයෙන් හෙළි වන තරමට එම ගම්මාන ඉවත් කොට අපගේ ගමන් අතර දුර අධික කරනු මැනව’ යැයි පැවසුවෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයන් පිළිබඳ ඔවුන් අහංකාර වූ බැවින් ද ඔහුට කෘතඥවීමට ඔවුන් ප්රතික්ෂේප කළ බැවින් ද ඔවුන් අතර සිටි දිළිඳුන් කෙරෙහි ඔවුන් ඊර්ෂ්ය කළ බැවින් ද ඔවුන්ගෙන් පසු පැමිණෙන ජනයා ඔවුන් ගැන කතා කරන වෘතාන්තයක් බවට පත් කළෙමු. එම ප්රදේශයන්හි ඔවුන් එකිනෙකා අතර ළඟා විය නොහැකි පරදී වෙන් වෙන් කොටස් බවට අපි ඔවුන් වෙන් කළෙමු. සඳහන් කරනු ලැබූ දෑහි- එනම් සබඃ වාසීන්ට ආශිර්වාද කිරීමෙන් පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ අහංකාරය හේතුවෙන් පළිගැනීම යනාදියෙහි - අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ පාපකම්වලින් දුරස්වීමෙහි මෙන්ම පරීක්ෂණයන් මත ඉවසන අල්ලාහ්ගේ ආශිර්වාදයන් සඳහා කෘතඥවන සෑම ඉවසිලිවන්තයකු හටම පාඩමක් ඇත.
34:20Page 430
وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ ٢٠
And Iblees had already confirmed through them1 his assumption,2 so they followed him, except for a party of believers.
සැබැවින්ම ඉබ්ලීස් ඔවුන් සත්යයෙන් නොමග හැරිය හැකි බවත් ඔවුන් මුළා කළ හැකි බවත් සිතූ පරිදි එය ඔවුනට තහවුරු විය. දේව විශ්වාසීන් අතර සිටි පිරිසක් හැර සෙසු අයවලුන් දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි ඔහු ව පිළිපැද්දෝය. නමුත් දේව විශ්වාසීහු ඔහු අනුගමනය නොකර ඔහුගේ අපේක්ෂාව ගැන බියෙන් පසුවූහ.
34:21Page 430
وَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ٢١
And he had over them no authority except [it was decreed] that We might make evident who believes in the Hereafter from who is thereof in doubt. And your Lord, over all things, is Guardian.1
ඔවුන් නොමග යැවීමට ඔවුනට බල කරන කිසිදු ආධිපත්යයක් ඔවුන් මත දරන්නට ඉබ්ලීස්ට නොවීය. සැබැවින්ම ඔහු ඔවුනට එය අලංකාරවත් කොට ඔවුන් නොමග හරින්නට විය. එනමුත් ඔවුන් නොමග හැරීමට අපි ඔහුට අවසර දුන්නේ මතුලොව පිළිබඳ සැකයෙහි පසුවන්නන් අතරින් මතුලොව හා එහි ඇති ප්රතිඵල පිළිබඳ විශ්වාස කරන්නන්ගේ කරුණ හෙළි වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂකය. තම ගැත්තන්ගේ ක්රියාවන් ඔහු ආරක්ෂා කරයි. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමයි.
34:22Page 430
قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ٢٢
Say, [O Muḥammad], "Invoke those you claim [as deities] besides Allāh." They do not possess an atom's weight [of ability] in the heavens or on the earth, and they do not have therein any partnership [with Him], nor is there for Him from among them any assistant.
අහෝ දූතය! එම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු: “අල්ලාහ් හැර නුඹලාට සැබැවින්ම දෙවිවරුන් සිටන බව නුඹලා විශ්වාස කරන එම දෙවිවරුන් නුඹලාට යහපත ගෙන දෙන්නට හෝ නුඹලාට අත්වන උවදුරු නුඹලාගෙන් පහ කිරීමට හෝ නුඹලා ඇරයුම් කර සිටිනු. ඔවුනට අහස්හි හා මහපොළොවේ අනුවක තරම් ප්රමාණයක් හෝ කිසිදු හැකියාවක් නැත. අල්ලාහ් සමග එහි ඔවුනට හවුල් විය ද නොහැක. අල්ලාහ්ට උපකාර කරන කිසිවකු ද නැත. ඔහු සියලු හවුල්කරුවන්ගෙන් හා උදව්කරුවන්ගෙන් තොර ස්වාධීනය.
34:23Page 431
وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٢٣
And intercession does not benefit with Him except for one whom He permits. [And those wait] until, when terror is removed from their hearts,1 they will say [to one another], "What has your Lord said?" They will say, "The truth." And He is the Most High, the Grand.
අල්ලාහ් අවසර දුන් අය හැර වෙනත් කිසිවෙකුගේ මැදිහත්වීම කිසිවෙකුට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් පිළිගත් අයට මිස වෙනත් කිසිවෙකුට මැදිහත් වීම සඳහා අවසර දෙන්නේ නැත. එය ඔහුගේ බලමහිමය හේතුවෙනි. ඔහුගේ බලමහිමය අතරින් ඔහු අහසෙහි කතා කළ විට ඔවුන්ගේ හදවත්වලින් බිය පහ ව යන තරමට ඔහුගේ ප්රකාශයට යටහත් පහත්ව ඔවුන්ගේ පියාපත් හෙළනු ඇත. මලක්වරුන් ජිබ්රීල් අලය්හිස් සලාම් තුමාට ‘නුඹේ පරමාධිපති කුමක් පවසන්නේ දැ?යි විමසති. එවිට ජිබ්රීල් "ඔහු සත්යය පැවසීය. ඔහුගේ පැවැත්මෙන් හා ඔහුගේ බලාධිකාරයෙන් ඔහු අති උසස්ය. ඔහු හැර සෙසු සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය." යැයි පවසනු ඇත.
34:24Page 431
۞ قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوۡ إِيَّاكُمۡ لَعَلَىٰ هُدًى أَوۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ٢٤
Say, "Who provides for you from the heavens and the earth?" Say, "Allāh. And indeed, we or you are either upon guidance or in clear error."
අහෝ දූතය! ‘අහසින් වැසි වස්වා මහපොළොවේ පළතුරු හා බවභෝග හටගන්වා නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ කවු දැ?’යි මෙම දේව ආදේශකයින්ගෙන් විමසනු. "ඉන් නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ අල්ලාහ්" යැයි පවසනු. තවද "අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහමග මත සිටින්නන්, එසේ නැතහොත් මාර්ගයෙන් පිටපැන පැහැදිලි මුළාවෙහි පසුවන්නන්. එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම යහමග සිටින්නන් දේව විශ්වාසීන් බවටත් නොමග ගියවුන් දේව ආදේශකයින් බවටත් කිසිදු සැකයක් නැත.
34:25Page 431
قُل لَّا تُسۡـَٔلُونَ عَمَّآ أَجۡرَمۡنَا وَلَا نُسۡـَٔلُ عَمَّا تَعۡمَلُونَ ٢٥
Say, "You will not be asked about what we committed, and we will not be asked about what you do."
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප සිදු කළ පාපකම් ගැන නුඹලාගෙන් විමසනු නොලැබේ. එමෙන්ම නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන අපෙන් විමසනු නොලැබේ." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.
34:26Page 431
قُلۡ يَجۡمَعُ بَيۡنَنَا رَبُّنَا ثُمَّ يَفۡتَحُ بَيۡنَنَا بِٱلۡحَقِّ وَهُوَ ٱلۡفَتَّاحُ ٱلۡعَلِيمُ ٢٦
Say, "Our Lord will bring us together; then He will judge between us in truth. And He is the Knowing Judge."1
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර අල්ලාහ් එක්රැස් කරනු ඇත. පසු ව අප අතර හා නුඹලා අතර යුක්ති ධර්මය අනුව තීන්දු පිරිනමනු ඇත. සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලිව වෙන් කරනු ඇත. සාධාරණත්වය අනුව තීන්දු ලබා දෙන තීරකයා ඔහුය. ඔහු කවර තීන්දුවක් පිරිනමන්නේ ද ඒ ගැන මහා ප්රඥාවන්තය.
34:27Page 431
قُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كـَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧
Say, "Show me those whom you have attached to Him as partners. No! Rather, He [alone] is Allāh, the Exalted in Might, the Wise."
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නැමදුමෙහි අල්ලාහ් සමග නුඹලා හවුල් කරමින් ඔහුට සමානයන් පත් කළ අය නුඹලා මට පෙන්වනු. එසේ නොව, සැබැවින්ම ඔහුට හවුල්කරුවන් ඇතැයි නුඹලා විචිත්රවත් කරන පරිදි එම කරුණ නැත. නමුත් ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
34:28Page 431
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٨
And We have not sent you except comprehensively1 to mankind as a bringer of good tidings and a warner. But most of the people do not know.
අහෝ දූතය! අපි නුඹව මිනිස් සමූහයා වෙත පොදුවේ යැව්වෙමු. දේව භක්තිකයින්හට ස්වර්ගය හිමි බව සුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපිත හා පාපිෂ්ඨ ජනයාට නිරා ගින්න ගැන අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹ ව ඔවුන් අතරට නොයැව්වෙමු. නමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනිති. ඔවුහු ඒ ගැන වටහා ගත්තේ නම් ඔවුහු නුඹට බොරු නොකරන්නට තිබුණි.
34:29Page 431
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٩
And they say, "When is this promise, if you should be truthful?"
දේව ආදේශකයෝ, ඔවුන් බිය ගන්වනු ලැබූ දඬුවම ඉක්මන් කරන මෙන් ඉල්ලා සිටිමින් "සැබැවින්ම එය සත්යය යැයි නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් දඬුවම පිළිබඳ ප්රඥාව කවදා සිදුවන්නේදැ"යි විමිසා සිටිති.
34:30Page 431
قُل لَّكُم مِّيعَادُ يَوۡمٖ لَّا تَسۡتَـٔۡخِرُونَ عَنۡهُ سَاعَةٗ وَلَا تَسۡتَقۡدِمُونَ ٣٠
Say, "For you is the appointment of a Day [when] you will not remain thereafter an hour, nor will you precede [it]."
අහෝ දූතය! දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. නියමිත දිනය ගැන වූ ප්රතිඥාව නුඹලාට හිමිය. එයින් මොහොතක් හෝ නුඹලාව ප්රමාද කරනු නොලබන අතර මොහොතක් හෝ ඉක්මන් කරනු නොලබනු ඇත. එම දිනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
34:31Page 431
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤۡمِنَ بِهَٰذَا ٱلۡقُرۡءَانِ وَلَا بِٱلَّذِي بَيۡنَ يَدَيۡهِۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ مَوۡقُوفُونَ عِندَ رَبِّهِمۡ يَرۡجِعُ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ ٱلۡقَوۡلَ يَقُولُ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لَوۡلَآ أَنتُمۡ لَكُنَّا مُؤۡمِنِينَ ٣١
And those who disbelieve say, "We will never believe in this Qur’ān nor in that before it." But if you could see when the wrongdoers are made to stand before their Lord, refuting each others' words...1 Those who were oppressed will say to those who were arrogant, "If not for you, we would have been believers."
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්,‘සැබැවින්ම තමා වෙත පහළ කරනු ලැබූ බව මුහම්මද් තුමා පවසන අල් කුර්ආනය අපි කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. තවද, පෙර පහළ වූ දිව්ය ග්රන්ථ ද කිසිවිටෙක අපි විශ්වාස නොකරන්නෙමු.’ යැයි පැවසූහ. අහෝ දූතයාණෙනි! විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් රඳවා තබන ලබනු ඔබ දුටුවේ නම්. ඔවුන් අතර එකිනෙකා කතා කර ගනිමින්, ඔවුන් සෑම කෙනෙකුම අනෙකා මත වගකීම පවරමින් දොස් නගනු ඇත. දුර්වල බව සළකණු ලබන අනුගාමිකයින් තමන් මෙලොවෙහි දුර්වලතාවයට පත් කළ තමන්ගේ නායකයින් දෙස බලා "නුඹලා අප නොමග නොයැව්වෙහු නම්, සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නන් ලෙස සිටින්නට තිබුණි."යැයි පවසා සිටිති.
34:32Page 432
قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ ٣٢
Those who were arrogant will say to those who were oppressed, "Did we avert you from guidance after it had come to you? Rather, you were criminals."
සත්යය පිළිගැනීමට උඩඟු වූ, පිළිපදිනු ලැබූවන්ව දුර්වලතාවයට පත් කළ අනුගාමිකයින් දෙස බලා ‘මුහම්මද් නුඹලා වෙත ගෙන ආ යහමගින් නුඹලාව වැළැක්වූයේ අප ද? නැත. නුඹලා අපරාධකාරීන් ලෙසත් කලහකාරීන් ලෙසත් ප්රචණ්ඩත්වය ඇති කරන්නන් ලෙස සිටියෙහුය." යැයි පවසති.
34:33Page 432
وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٣٣
Those who were oppressed will say to those who were arrogant, "Rather, [it was your] conspiracy of night and day when you were ordering us to disbelieve in Allāh and attribute to Him equals." But they will [all] confide regret when they see the punishment; and We will put shackles on the necks of those who disbelieved. Will they be recompensed except for what they used to do?
එසේ පිළිපදිනු ලැබ, ඔවුන්ගේ අනුගාමිකයින්ට නායකත්වය දුන් සත්යය පිළිගැනීමට උඬඟු වූවෝ "යහමගින් අප වැළැක්වූයේ නුඹලා රාත්රියෙහි හා දහවලහි අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ද ඔහු හැර මැවීම් වලට නැමදුම් කරන මෙන් ද නුඹලා අපට නියෝග කරමින් සිදු කළ නුඹලාගේ කුමන්ත්රණ වේ." යැයි පවසති. ඔවුන් දඬුවම දුටු විට මෙලොවෙහි ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කළේ ද ඒ ගැන පසුතැවිලි වෙමින් බියෙන් පසුවෙති. සැබැවින්ම ඔවුන් දඬුවම් කරනු ලබන්නන් බව වටහා ගනිති. පසුව අපි දේව ප්රතික්ෂේපකයින්ගේ ගෙලවල්වල විලංගු දමන්නෙමු. ඔවුන් අල්ලාහ් හැර දමා වෙනත් දෑ නැමදුම් කරමින් හා පාපකම් කරමින් සිදු කළ ක්රියාවන්ට එය හැර වෙනත් ප්රතිඵලයක් ඔවුනට දෙනු නොලැබේ.
34:34Page 432
وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ٣٤
And We did not send into a city any warner except that its affluent said, "Indeed we, in that with which you were sent, are disbelievers."
අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වමින් දූතයකු යම් ගම්මානයකට අප එවූ කල්හි එහි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බලාධිකාරීන්, නිලයලත් අධිකාරීන් හා පොහොසතුන්, ‘අහෝ දූතවරුනි! නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන සැබැවින්ම අපි ප්රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියහ.
34:35Page 432
وَقَالُواْ نَحۡنُ أَكۡثَرُ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٣٥
And they1 said, "We are more [than the believers] in wealth and children, and we are not to be punished."
එසේ කීර්තියෙන් වැජඹුණු අහංකාර මුරණ්ඩුවූවෝ, ‘අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. සැබැවින්ම අපි දඬුවම් කරනු ලබන්නන් යැයි නුඹලා දරණ විශ්වාසය බොරුවක් මිස නැත. මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද අපි දඬුවමට ලක්වන්නන් නොවෙමු.’ යැයි පැවසූහ.
34:36Page 432
قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٦
Say, "Indeed, my Lord extends provision for whom He wills and restricts [it], but most of the people do not know."
තමන්ට පිරිනමන ලද සැපසම්පත් වලින් රැවටුණු මොවුනට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන අයට, ඔහුට කෘතඥ වන්නේ ද එසේ නැතහොත් ගුණමකු වන්නේදැ?යි තෝරා ගනු පිණිස පෝෂණ සම්පත් විස්තීරණ ව ලබා දෙයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට ඔහු ඉවසන්නේ ද එසේ නැතහොත් කෝප වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඒවා සීමා කර දෙයි. සැබැවින්ම අල්ලාහ් මහා ප්රඥාවන්තයා බව මිනිසුන් අතරින් බහුතරයක් දෙනා නොදනිති." සැබැවින්ම ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් මිස කිසිදු කරුණක් ඔහු නියම කරන්නේ නැත. එය දන්නා උදවිය ඒ ගැන දන්නෝය. එය නොදන්නා උදවිය ඒ ගැන නොදන්නෝය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences