Al-Mukhtasar · Tafsir · in Sinhala
Saba 34:37–54
34:37Page 432
وَمَآ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُم بِٱلَّتِي تُقَرِّبُكُمۡ عِندَنَا زُلۡفَىٰٓ إِلَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ لَهُمۡ جَزَآءُ ٱلضِّعۡفِ بِمَا عَمِلُواْ وَهُمۡ فِي ٱلۡغُرُفَٰتِ ءَامِنُونَ ٣٧
And it is not your wealth or your children that bring you nearer to Us in position, but it is [by being] one who has believed and done righteousness. For them there will be the double reward for what they did, and they will be in the upper chambers [of Paradise], safe [and secure].
අහංකාරයෙන් පුරසාරම් දොඩන නුඹලාගේ ධනය හෝ නුඹලාගේ දරුවන් හෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙත නුඹලා ව මෙහෙයවන්නේ නැත. නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු ගුණ කරනු ලබන ප්රතිඵල හිමි කර ගනී. ධනය වනාහි, අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් කිරීමෙන් ඔහු වෙත සමීප කරවයි. දරුවන් වනාහි, ඔවුන් ඔහුට ප්රාර්ථනා කිරීමෙන් සමීප කරවයි. දෙවියන් විශ්වාස කොට යහකම් සිදු කළවුන් වන ඔවුනට ඔවුන් සිදු කළ දෑ සඳහා ගුණ කරන ලද කුසල් හිමි වන්නේය. දඬුවම, මරණය, සුවපහසුකම් අහිමි වීම, යනාදී ලෙසින් ඔවුන් බියවන සියලු ආකාරයේ දැයින් සුරක්ෂිත වූවන් ලෙස ස්වර්ගයේ ඇති උසස් නවාතැන්වල සිටිති.
34:38Page 432
وَٱلَّذِينَ يَسۡعَوۡنَ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ٣٨
And the ones who strive against Our verses to cause [them] failure1 - those will be brought into the punishment [to remain].
අපගේ වදන්වලින් ජනයා වෙනතකට හැරවීමෙහි උපරිමයෙන්ම කැපවන, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුහුසුළුවෙන් කටයුතු කරන, දේව ප්රතික්ෂේපකයින් වන ඔවුහු මෙලොවෙහි පාඩුවිඳින්නන් වන අතරම මතුලොවෙහි දඬුවමට ලක් වන්නෝ ද වෙති.
34:39Page 432
قُلۡ إِنَّ رَبِّي يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥۚ وَمَآ أَنفَقۡتُم مِّن شَيۡءٖ فَهُوَ يُخۡلِفُهُۥۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٣٩
Say, "Indeed, my Lord extends provision for whom He wills of His servants and restricts [it] for him. But whatever thing you spend [in His cause] - He will compensate it; and He is the best of providers."
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මාගේ පරමාධිපති සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙයි. එමෙන්ම ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර දෙයක් වියදම් කළ ද සුවිශුද්ධ උත්තරීතරයාණන් ඊට වඩා යහපත් දෙයක් මෙලොවෙහි නුඹලාට පිරිනමයි. එමෙන්ම මතුලොවෙහි ද නුඹලාට අතිවිශාල කුසල් ඇත. සුවිශුද්ධයාණන් වන අල්ලාහ් පෝෂණ සම්පත් පිරිනමන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. එහෙයින් කවරෙකු පෝෂණ සම්පත් පතන්නේ ද සුවිශුද්ධයාණන් වෙත ඔහු යොමු වෙත්වා!
34:40Page 433
وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ يَقُولُ لِلۡمَلَٰٓئِكَةِ أَهَٰٓؤُلَآءِ إِيَّاكُمۡ كَانُواْ يَعۡبُدُونَ ٤٠
And [mention] the Day when He will gather them all and then say to the angels, "Did these [people] used to worship you?"
අහෝ දූතය! අල්ලාහ් ඔවුන් සියලු දෙනා එක්රැස් කරන දිනය මෙනෙහි කර බලනු. පසු ව සුවිශුද්ධයාණන් දේව ආදේශකයින් හෙළා දකිමින් හා පිළිකුල් කරමින් මලක්වරුන් දෙස බලා ‘මෙලොව ජීවිතයේ අල්ලාහ් හැර දමා නුඹලාව නමදිමින් සිටියවුන් මොවුහුදැ?යි විමසා සිටියි.
34:41Page 433
قَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ ٤١
They will say, "Exalted are You! You, [O Allāh], are our benefactor excluding [i.e., not] them. Rather, they used to worship the jinn; most of them were believers in them."
මලාඉකාවරුන් පිවිතුරු කරමින් හා සුවිශුද්ධ කරමින්, "අපගේ භාරකරු ඔවුන් නොව ඔබය. අප අතර හා ඔවුන් අතර කිසිදු භාරකාරත්වයක් නැත. එනමුත් එම දේව ආදේශකයෝ නපුරු බලවේගවලට ගැතිකම් කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් යැයි විචිත්රවත් කර ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ව විශ්වාස කරන්නෝ වෙති." යැයි පවසති.
34:42Page 433
فَٱلۡيَوۡمَ لَا يَمۡلِكُ بَعۡضُكُمۡ لِبَعۡضٖ نَّفۡعٗا وَلَا ضَرّٗا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ٤٢
But today [i.e., the Day of Judgement] you do not hold for one another [the power of] benefit or harm, and We will say to those who wronged, "Taste the punishment of the Fire, which you used to deny."
අවදි කරවා විනිශ්චය කරන දිනයේ මෙලොවෙහි නැමදුමට ලක්වූවන්හට, අල්ලාහ් හැර තමන් ව නමදිමින් සිටි අය වෙනුවෙන් සෙත සලසන්නට කිසිදු හැකියාවක් ලබන්නේ නැත. ඔවුනට කිසිදු හිංසාවක් කිරීමට ද නොහැක. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය හට, "නුඹලා මෙලොවෙහි කවර කරුණක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසන්නෙමු.
34:43Page 433
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا رَجُلٞ يُرِيدُ أَن يَصُدَّكُمۡ عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُكُمۡ وَقَالُواْ مَا هَٰذَآ إِلَّآ إِفۡكٞ مُّفۡتَرٗىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ٤٣
And when Our verses are recited to them as clear evidences, they say, "This is not but a man who wishes to avert you from that which your fathers were worshipping." And they say, "This is not except a lie invented." And those who disbelieve say of the truth when it has come to them, "This is not but obvious magic."
අපගේ දූතයාණන් වෙත කිසිදු මුසුවීමකින් තොරව පැහැදිලිව පහළ කරන ලද අපගේ වදන් ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින් වෙත කියවා පෙන්වනු ලබන විට ඔවුහු, ‘මෙය ගෙන ආ මේ මිනිසා නුඹලාගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටියේ ද එයින් නුඹලාව හරවන්නට අපේක්ෂා කරන මිනිසෙකු මිස නැත.’ යැයි පැවසුවෝය. තවදුරටත්, ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් මත ඔහු ගෙතූ බොරුවක් මිස නැතැ’යි ද පැවසුවෝය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් අල් කුර්ආනය අල්ලාහ් අබියසින් ඔවුන් වෙත පැමිණි කල්හි එයට, ‘මෙය පුද්ගලයකු හා ඔහුගේ බිරිය අතරත් පුතෙකු හා ඔහුගේ පියා අතරත් වෙන් කිරීම සඳහා වන පැහැදිලි හූනියමක් මිස නැත.’ යැයි පවසති.
34:44Page 433
وَمَآ ءَاتَيۡنَٰهُم مِّن كُتُبٖ يَدۡرُسُونَهَاۖ وَمَآ أَرۡسَلۡنَآ إِلَيۡهِمۡ قَبۡلَكَ مِن نَّذِيرٖ ٤٤
And We had not given them any scriptures which they could study, and We had not sent to them before you, [O Muḥammad], any warner.
සැබැවින්ම මෙම අල් කුර්ආනය මුහම්මද් විසින් ගොතන ලද බොරුවකි යැයි ඔවුනට මග පෙන්වන තරමට ඔවුන් කියවන කිසිදු ග්රන්ථයක් අපි ඔවුනට පිරිනැමුවේ නැත. එමෙන්ම අහෝ දූතයාණනි! නුඹ ව එවීමට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන කිසිදු දූතයකු ඔවුන් වෙත එව්වේ ද නැත.
34:45Page 433
وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَمَا بَلَغُواْ مِعۡشَارَ مَآ ءَاتَيۡنَٰهُمۡ فَكَذَّبُواْ رُسُلِيۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٤٥
And those before them denied, and they [i.e., the people of Makkah] have not attained a tenth of what We had given them. But they [i.e., the former peoples] denied My messengers, so how [terrible] was My reproach.
ආද්, සමූද්, ලූත්ගේ ජනයා වැනි පෙර විසූ ජන සමූහයන්ද බොරු කළෝය. පෙර විසූ ජන සමූහයන් ලබා තිබූ ශක්තිය, ආශිර්වාදය, ධනය හා සංඛ්යාව අනුව නුඹේ ජනයා අතර සිටින දේව ආදේශකයින් දහයෙන් කොටසක් හෝ ළඟා කර ගෙන නැත. එසේ තිබියදීත් ඔවුන් අතරින් සෑම සමූහයක්ම එම සමූහයාගේ දූතයාණන් බොරු බවට පත් කළේය. ඔවුනට පිරිනමනු ලැබූ ධනය ශක්තිය හෝ සංඛ්යාව ඔවුනට ප්රයෝජනවත් නොවීය. මාගේ දඬුවම ඔවුනට පහළ විය. අහෝ දූතය! ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැයි ද ඔවුන් වෙනුවෙන් වූ මාගේ දඬුවම කෙසේ වී දැයි ද මැනවින් බලනු.
34:46Page 433
۞ قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ ٤٦
Say, "I only advise you of one [thing] - that you stand for Allāh, [seeking truth] in pairs and individually, and then give thought." There is not in your companion any madness. He is only a warner to you before a severe punishment.
අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මම නුඹලාට සැල කර සිටිනුයේ නුඹලාට අවවාද කර සිටිනුයේ එක් කරුණකි. එනම් එය සුවිශුද්ධ අල්ලාහ් සතු මගපෙන්වීම වෙන් වෙන්ව දෙදෙනා බැගින් හෝ තනි තනිව හෝ ක්රියාත්මක කිරීමය. පසු ව නුඹලාගේ මිතුරාගේ චරිතය ගැන සිතා බලනු. ඔහුගේ බුද්ධිය ඔහුගේ සත්යතාව හා ඔහුගේ විශ්වසනීයත්වය ගැන සිතා බලනු. සැබැවින්ම ඔහුට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උමතුවක් නැති බව නුඹලාට පැහැදිළි වනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා මිදී ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු සතුව ඇති දැඩි දඬුවම ගැන නුඹලාට අවවාද කරන්නෙකු ලෙස මිස ඔහු නොවීය.
34:47Page 433
قُلۡ مَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٖ فَهُوَ لَكُمۡۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٞ ٤٧
Say, "Whatever payment I might have asked of you - it is yours. My payment is only from Allāh, and He is, over all things, Witness."
අහෝ දූතය! බොරුකාර මෙම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා වෙත මා ගෙන ආ යහමග හා යහපත වෙනුවෙන් - එහි පැවැත්ම පිළිබඳ අගය කරමින්- මම නුඹලාගෙන් කිසිදු කුසලක් හෝ කුලියක් හෝ නොපතමි. එය නුඹලා වෙනුවෙන්මය. මාගේ කුසල් අල්ලාහ් මත පමණක් මිස නැත. සුවිශුද්ධයාණන් වන ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. සැබැවින්ම මම නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂි දරනු ඇත. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් සඳහා ද ඔහු සාක්ෂි දරනු ඇත. ඒ අනුව ඒවායෙහි ප්රතිඵල ඔහු නුඹලාට පූර්ණ ව පිරිනමනු ඇත.'
34:48Page 433
قُلۡ إِنَّ رَبِّي يَقۡذِفُ بِٱلۡحَقِّ عَلَّٰمُ ٱلۡغُيُوبِ ٤٨
Say, "Indeed, my Lord projects the truth, Knower of the unseen."
අහෝ දූතය! ‘සැබැවින්ම මාගේ පරමාධිපති ව්යාජ දෑ මත සත්යය ආධිපත්යය දරන්නට සලස්වා එය නිෂ්ඵල කරනු ඇත. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නා මහා ඥානීය. අහස්හි හෝ මහපොළොවේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් ද ඔහුට සැඟවෙන්නේ නැත.’ යැයි පවසනු.
34:49Page 434
قُلۡ جَآءَ ٱلۡحَقُّ وَمَا يُبۡدِئُ ٱلۡبَٰطِلُ وَمَا يُعِيدُ ٤٩
Say, "The truth has come, and falsehood can neither begin [anything] nor repeat [it]."1
අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සත්යය පැමිණියේය. එය ඉස්ලාමයයි. කිසිදු බලපෑමක් හෝ කිසිදු ශක්තියක් හෝ බිහි කළ නොහැකි එහි ක්රියාකාරිත්වය වෙත නැවත හැරීමක් නැති ව්යාජ දෑ ඉකුත්ව ගියේය.
34:50Page 434
قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ٥٠
Say, "If I should err, I would only err against myself. But if I am guided, it is by what my Lord reveals to me. Indeed, He is Hearing and near."
අහෝ දූතය! බොරුකාර මෙම ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘මම නුඹලාට දන්වා සිටින දෑහි සත්යයෙන් මා මුළා වී නම් මාගේ මුළාවෙහි හානිය මා වෙත සීමා වනු ඇත. ඒ කිසිවක් නුඹලාට ළඟා වන්නේ නැත. ඒ වෙත මා මග ලැබුවේ නම් මාගේ පරමාධිපතියාණන් මා වෙත දන්වා සිටින දෑට එය හේතුවක් වන්නේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. ඉතා සමීපය. මා පවසන දෑ සවන් දෙන්නට ඔහුට බාධාවක් නැත.
34:51Page 434
وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ٥١
And if you could see1 when they are terrified but there is no escape, and they will be seized from a place nearby.
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම දෑසින් දකින කල්හි මෙම බොරුකාරයින් තැතිගන්නා අවස්ථාව නුඹ දුටුවෙහි නම්, ඉන් ඔවුනට කිසිදු පලායාමක් හෝ සරණ පතන ස්ථානයක් හෝ නොවනු ඇත. බැලූ බැල්මට හසුකර ගත හැකි පහසු ස්ථානයෙන් ඔවුන් හසුකරගනු ලබනු ඇත. එය නුඹ දුටු විට එය මවිතය දන්වන සිදුවීමක් ලෙස නුඹ දකිනු ඇත.
34:52Page 434
وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ٥٢
And they will [then] say, "We believe in it!" But how for them will be the taking1 [of faith] from a place far away?2
ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඔවුන් දුටු කල්හි, ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අපි විශ්වාස කරමු.’ යැයි පවසති. එම විශ්වාසය හා එහි ක්රියාකාරිත්වය ඔවුනට පක්ෂ ව පිහිටනුයේ කෙසේ ද? දේව විශ්වාසය පිළිගනු ලබන ස්ථානය ඔවුන්ගෙන් දුරස් වී ඇත. එනම්, ක්රියාවන් ඉටු කරනු ලබන නමුත් ප්රතිඵල පිරිනමනු නොලබන මෙලොව නිවහනින්, ක්රියාවන් ඉටු කරනු නොලබන ප්රතිඵල පිරිනමනු ලබන මතුලොව නිවහන වෙත ඔවුන් බැහැර කිරීමෙනි.
34:53Page 434
وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ٥٣
And they had already disbelieved in it before and would assault1 the unseen from a place far away.2
මෙලොව ජීවිතයේ දූතයාණන්ව ප්රතික්ෂේප කර; එතුමා ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යනාදී ලෙස පවසා; සත්යය සෙවීමෙන් දුරක වී අනුමාන කර එය හෙළා දුටු අය වනාහි, දේව විශ්වාසය ඔවුන් තුළ හට ගෙන එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
34:54Page 434
وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ٥٤
And prevention will be placed between them and what they desire,1 as was done with their kind before. Indeed, they were in disquieting doubt [i.e., denial].
මෙලොව ආශාවන්ගෙන් ඔවුන් ප්රිය කරන දෑ ලබා ගැනීමෙන් ද, දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාව පිළිගැනීමෙන් ද, නිරා ගින්නෙන් මිදීමෙන් ද, නැවතත් මෙලොව ජීවිතයට පිවිසීමෙන් ද එම බොරුකාරයින් වළක්වනු ලැබුවෝය. එය ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ට සිදු කරන ලද්දාක් මෙනි. සැබවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැගිටුවනු ලැබීම ගැන වූ විශ්වාසය සම්බන්ධයෙන් කවර කරුණක් එම දූතවරු ඔවුන් වෙත ගෙන ආවේ ද සැබැවින්ම ඔවුහු ඒ සම්බන්ධයෙන් සැකයෙහි පසුවූවෝය. දේව ප්රතික්ෂේපය අවුලමින් සැකයෙහි පසුවූවෝය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences