Al-Mukhtasar · Tafsir · in Sinhala
الصافات
As-Saffat
Those who set the Ranks · Meccan · 182 ayahs
තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්.
වලාකුළු සමග හඹා ගොස් ඒවා පහළ වීමට අල්ලාහ් අභිමත කරන ස්ථානය වෙත මෙහෙයවා ගෙන යන මලක්වරුන් මත දිවුරමින්.
අල්ලාහ්ගේ වදන් පාරායනය කරන මලක්වරුන් මත දිවුරමින්.
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ නැමදුම් පිහිටිය යුත්තේ කිසිදු හවුලක් නැති ඒකීයෙකු වෙනුවෙනි. ඔහු අල්ලාහ්ය.
37:5Page 446
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ٥
Lord of the heavens and the earth and that between them and Lord of the sunrises.1
ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. වර්ෂ පුරාවටම හිරු උදාවීමේ දී හා එය අවරට යෑමේදී එම හිරුගේ පරමාධිපතිය.
37:6Page 446
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ٦
Indeed, We have adorned the nearest heaven with an adornment of stars
පොළොවට ඉතා සමීපව පිහිටි අහස අලංකාරයන්ගෙන් අපි අලංකාරවත් කළෙමු. එනම් බැබලෙන මුතු මෙන් දෑසට පෙනෙන තාරකාවන්ය.
37:7Page 446
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ ٧
And as protection against every rebellious devil
යටත් වීමෙන් බැහැර වූ කැරලිකාර සෑම ෂෙයිතානුවෙකුගෙන්ම එම තාරකාවන් තුළින් අපි අහස ආරක්ෂා කළෙමු. ඒවා මගින් පහර දෙනු ලැබේ.
37:8Page 446
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ ٨
[So] they may not listen to the exalted assembly [of angels] and are pelted from every side,1
අහසේ සිටින මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ හෝ ඔහු නියම කළ දෑ පිළිබඳ ඔවුන් වෙත දන්වා සිටින දෑ ඔවුන් අතර කතා කරන විට ඔවුනට සවන් දීමට මෙම ෂෙයිතානුන්ට නොහැකි වෙයි. සෑම පැත්තකින්ම උල්කාපාත වලින් පහර දෙනු ලබනු ඇත.
එය ඔවුන් වෙත සවන් දීමෙන් දුරස් කරවීමක් හා පළවා හැරීමක් වශයෙනි. ඔවුනට මතුලොවෙහි විසන්ධි නොවන සදා වේදනීය දඬුවමක් ඇත.
37:10Page 446
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ ١٠
Except one who snatches [some words] by theft, but they are pursued by a burning flame, piercing [in brightness].
නමුත් ෂෙයිතානුන් අතරින් ඒවා පැහැර ගන්නා හැර. එම වදන් වනාහි මලක්වරුන් එහි සාකච්ඡා කරන තමන් අතර හුවමාරු වන පොළෝ වාසීන්ට ඒ ගැන දැනුම ළඟා නොවූ දැයින් පිහිටින වදන් වෙති. ඔහු ව පුළුස්සා දමන අලෝකමත් උල්කාවක් ඔහු පසුපස හඹා යයි. ඇතැම් විට එම උල්කාව ඔහු ව පුළුස්සා දැමීමට පෙරම තම සහෝදරයා වෙත එම වදන් ඉදිරිපත් කරනු ඇත. එය ඉන්ද්රජාලයින් වෙත ළඟා වනු ඇත. පසු ව ඒ සමග සිය ගණන් බොරු ඔවුහු පවසති.
37:11Page 446
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ ١١
Then inquire of them, [O Muḥammad], "Are they a stronger [or more difficult] creation or those [others] We have created?" Indeed, We created them [i.e., men] from sticky clay.
අහෝ මුහ්ම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින ප්රතික්ෂේපකයින්ගෙන් නුඹ මෙසේ විමසනු. “අහස්, මහපොළොව හා මලක්වරුන් අතරින් අප මැවූ අයට වඩා මැවීමෙන් වඩාත් බලවත් ශරීරයෙන් වඩාත් ශක්තිමත් අවයව වලින් වඩාත් බලවත් අය ඔවුන් ද? සැබැවින්ම අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු. ඔවුන් ඇළෙන සුළු මැටියෙන් දුර්වල මැවීමක් ලෙස මවනු ලැබ තිබියදී යළි අවදි කරනු ලැබීම හෙළා ඔවුන් හෙළා දැකිය හැක්කේ කෙසේ ද?
අහෝ දූතය! නමුත් අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීම් කටයුතු සඳහා වූ ඔහුගේ සැලසුම් කිරීම ගැන නුඹ මවිතයට පත් වූයෙහිය. එමෙන්ම දේව ආදේශකයින් යළි අවදි කරනු ලැබීම ගැන බොරුකරමින් සිටීම ගැන ද පුදුමයට පත් වූයෙහිය. මෙම දේව ආදේශකයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම දැඩි සේ බොරු කර සිටීම හේතුවෙන් නුඹ ඒ ගැන පවසන දෑ ඔවුන් විහිළුවට ගනිති.
මෙම දේව ආදේශකයින්හට උපදෙස් අතරින් යම් උපදෙසක් ඔවුනට උපදෙස් දෙනු ලැබූ විට එමගින් ඔවුන් උපදෙස් ලැබුවේ නැත. ඔවුන් ප්රයෝජන ලැබුවේ නැත. ඊට හේතුව ඔවුන් දැඩි හදවතකින් පසු වූ බැවිණි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සත්ය බව පෙන්වා දෙන එතුමාණන්ගේ ප්රාතිහාර්යයන්ගෙන් එක් ප්රාතිහාර්යයක් ඔවුන් දෑසින් දුටු විට ඒ ගැන සමච්චල් කිරීමෙහි ඉක්මවා ගොස් ඒ ගැන පුදුම වෙති.
37:15Page 446
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ ١٥
And say, "This is not but obvious magic.
‘මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය පැහැදිලි මායාවක් මිස නැතැ’යි ඔවුහු පැවසූහ.
37:16Page 446
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ١٦
When we have died and become dust and bones, are we indeed to be resurrected?
අප මිය ගොස් ගොරහැඩි දිරාගිය අස්ථි හා පස් බවට පත්වූ විට ඉන්පසු අපි ජීවය දී නැවත නැගිටුවනු ලබන්නෙමු ද? සැබැවින්ම එය සිදු විය නොහැක්කකි.
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් ද යළි අවදි කරනු ලබන්නෝ ද?
37:18Page 446
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ ١٨
Say, "Yes, and you will be [rendered] contemptible."
අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. "එසේය, දිරාගිය අස්ථි හා පස් බවට නුඹලා පත්වූවායින් පසු නුඹලා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලාගේ ප්රාරම්භක මුතුන්මිත්තන් පවා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලා සියලු දෙනා යහටත් පහත් වූවන් ලෙස යළි නැගිටුවනු ලබනු ඇත."
37:19Page 446
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ ١٩
It will be only one shout, and at once they will be observing.
එය හොරණෑවේ (දෙවන වර) පිඹිණු ලබන එක් පිඹුමක් පමණි. එවිට ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනයන් දෙස බලා සිටිති. අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ ගැන අවදානයෙන් බලා සිටිති.
37:20Page 446
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ٢٠
They will say, "O woe to us! This is the Day of Recompense."
නැවත නැගිටුවනු ලැබීම බොරු කරමින් දෙවියන්ට ආදේශ කළවුන්, ‘අල්ලාහ් තම ගැත්තන් මෙලොව ජීවිතයේ ඉදිරිපත් කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන දිනය මෙයයි. අහෝ අපගේ විනාශය යැයි පවසති.
37:21Page 446
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١
[They will be told], "This is the Day of Judgement which you used to deny."
‘මෙලොවෙහි නුඹලා කවර කරුණක් බොරු කරමින් හා හෙළා දකිමින් සිටියෙහු ද, ඒවාට ගැත්තන් අතර තීන්දු පිරිනමන එම දිනයයි මේ’ යැයි ඔවුනට පවසනු ලැබේ.
37:22Page 446
۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ٢٢
[The angels will be ordered], "Gather those who committed wrong, their kinds,1 and what they used to worship
දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය. යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.
37:23Page 446
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ٢٣
Other than Allāh, and guide them to the path of Hellfire
"දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය." යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.
37:24Page 446
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ٢٤
And stop them; indeed, they are to be questioned."
විනිශ්චය සඳහා නිරා ගින්නට ඔවුන් ඇතුළත් කිරීමට පෙර ඔවුන්ව නතර කර තබා ගනු. ඔවුන් ප්රශ්න කරනු ලැබිය යුතු, වග කිව යුත්තෝ වෙති. ඉන්පසු ඔවුන් අපා ගින්න වෙත මෙහෙයවා ගෙන යනු.
37:25Page 447
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ٢٥
[They will be asked], "What is [wrong] with you? Why do you not help each other?"
ඔවුන් හෙළා දකිමින් ‘නුඹලාට කුමක් වී ද? මෙලොවෙහි නුඹලා එකිනෙකාට උදව් කර ගත්තා සේ නුඹලා මෙහි එකිනෙකා උදව් කර නොගන්නේ මන් ද? සැබැවින්ම නුඹලාගේ පිළිම නුඹලාට උදව් කරනු ඇතැයි නුඹලා විශ්වාස කරමින් සිටියා නොවේ ද?' යැයි ඔවුට පවසනු ලැබේ.
එසේ නොව අද දින ඔවුන් අල්ලාහ්ගේ නියෝගයට අවනත වන්නෝ වෙති. යටහත් වන්නෝ වෙති. ඔවුන්ගේ අසරණකම හා ඔවුන්ගේ උපක්රම හිඟ නිසාවෙන් ඔවුන් එකිනෙකාට උදව් කර නොගනිති.
37:27Page 447
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٢٧
And they will approach one another asking [i.e., blaming] each other.
ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලමින් දොස් නැගීම හෝ වාද කිරීම හෝ ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුහු දොස් නගා ගනිති. වාද කරති.
37:28Page 447
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨
They will say, "Indeed, you used to come at us from the right."1
පිළිපැද්දවුන් පිළිපදිනු ලැබූවන් දෙස බලා, ‘අහෝ ප්රධානියනි! සැබැවින්ම නුඹලා දහම හා සත්යය යැයි පවසා ඒ දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය. නමුත් නුඹලා අපට දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීම නුඹලා අපට අලංකාරවත් කර පෙන්වූයෙහුය. දූතවරුන් අල්ලාහ් අබියසින් ගෙන ආ සත්යයෙන් නුඹලා අප පළවා හැරියෙහුය.
37:29Page 447
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ٢٩
They [i.e., the oppressors] will say, "Rather, you [yourselves] were not believers,
පිළිපදිනු ලැබූවෝ පිළිපැද්දවුන් දෙස බලා, ‘කරුණ නුඹලා සිතන පරිදි නැත. දේව ප්රතික්ෂේපය මත සිටියේ නුඹලාය. නුඹලා දේව විශ්වාසීන් ලෙස කිසිවිටෙක සිටියේ නැත. නුඹලා එය හෙළා දකිමින් පසුවූහ.’ යැයි පවසති.
37:30Page 447
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ ٣٠
And we had over you no authority, but you were a transgressing people.
අහෝ අනුගමනය කළවුනි! බලහක්තාරයෙන් හෝ ඉක්මවමින් දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීමෙහි නුඹලා ව තල්ලු කර දමන තරමට අපට කිසිදු අයිතියක් නොවීය. නුඹලා දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.
37:31Page 447
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١
So the word [i.e., decree] of our Lord has come into effect upon us; indeed, we will taste [punishment].
‘නුඹෙන් හා ඔවුන් අතර නුඹ ව අනුගමනය කළවුන් යන සියලු දෙනාගෙන් සැබැවින්ම මම නිරය පුරවමි’ (සාද්:85) යන අල්ලාහ්ගේ ප්රකාශය අනුව ඔහුගේ අවවාදය අප මත හා නුඹලා මත අනිවාර්යය විය. ඉන් පසුව කිසිදු සැකයකින් තොරව අපගේ පරමාධිපති කවර අවවාදයක් කළේ ද එය විඳවන්නෝ වෙමු.
37:32Page 447
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢
And we led you to deviation; indeed, we were deviators."
මුළාව හා දේව ප්රතික්ෂේපය වෙත අපි නුඹලා ඇරයුම් කළෙමු. සැබැවින්ම අපි ද යහ මාර්ගයෙන් මුළා වූවන් වූයෙමු.
37:33Page 447
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٣
So indeed they, that Day, will be sharing in the punishment.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් හා අනුගමනය කරනු ලැබූවන් යන දෙදෙනාම දඬුවම තුළ හවුල්කරුවෝ වෙති.
37:34Page 447
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ٣٤
Indeed, that is how We deal with the criminals.
ඔවුනට දඬුවම විදවන්නට සලස්වමින් ඔවුන් සමග අපි කටයතු කළාක් සේම ඔවුන් නොවන අනෙක් වැරදි කරන්නන් සමග ද අපි එලෙස කටයුතු කරමු.
37:35Page 447
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥
Indeed they, when it was said to them, "There is no deity but Allāh," were arrogant
සැබැවින්ම දෙවියන්ට ආදේශ කළවුන්හට, මෙලොවෙහි අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවෙකු නැති බව ද, ඒ අනුව ක්රීයා කරන මෙන් ද, එයට පටහැනි වන දෑ අතහැර දමන මෙන් ද, ඔවුනට කියනු ලැබූ විට සත්යය පිළිගැනීමට උඩඟු වී ඒ ගැන අහංකාරකම් පා ඒ සඳහා පිළිතුරු දීමටත් එයට අනුගත වීමටත් ඔවුහු ප්රතික්ෂේප කළෝය.
37:36Page 447
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ ٣٦
And were saying, "Are we to leave our gods for a mad poet?"
ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට ඔවුන් සාධක පෙන්වමින්, ‘උමතු වූ කවියකුගේ ප්රකාශය වෙනුවෙන් අප අපගේ දෙවිවරුන් නැමදීම අප අත හැර දැමිය යුතු දැ?’යි විමසා සිටියෝය. ඔවුන්ගේ ප්රකාශයෙන් ඔවුන් අදහස් කළේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ය.
37:37Page 447
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧
Rather, he [i.e., the Prophet (ﷺ)] has come with the truth and confirmed the [previous] messengers.
ඔවුහු ප්රබල ලෙස බොරු ව වර්ධනය කර ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උම්මත්තෙකු හෝ කවියෙකු හෝ නොවූහ. එතුමාණෝ අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ දූතයාණන්ව අනුගමනය කිරීම සඳහා ඇරයුම් කරමින් අල් කුර්ආනය සමග පැමිණියහ. එමෙන්ම සෙසු දූතවරුන් ද අල්ලාහ් වෙතින් ගෙන ආ ඒක දේවත්වය හා ප්රතිඥාව සනාත කිරීම ගැන හා සත්යයම පවසා සිටියෝය. එතුමා කිසිවක හෝ ඔවුනට විරුද්ධ ව කටයුතු කළේ නැත.
37:38Page 447
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ٣٨
Indeed, you [disbelievers] will be tasters of the painful punishment,
අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! සැබැවින්ම නුඹලාගේ ප්රතික්ෂේපය හා දූතවරුන්ට නුඹලා බොරු යැයි පවසා සිටීම හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවම නුඹලා භුක්ති විඳින්නෝ වන්නෙහුය.
37:39Page 447
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٩
And you will not be recompensed except for what you used to do -
අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් මෙලොවෙහි ක්රියාකරමින් ආ දෑ සඳහා මිස ප්රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.
නමුත් අල්ලාහ්ට අවංක ලෙස ගැතිකම් කළ දේව විශ්වාසී ඔහුගේ ගැත්තන් හැර. ඔවුහු ඔහුට අවංක ලෙස නැමදුම් ඉටු කළෝය. එම දඬුවමින් මිදෙන්නෝ ඔවුහුමය.
එම අවංක ගැත්තන් හට පෝෂණ සම්පත් ඇත. අල්ලාහ් ඔවුනට එය පිරිනමනු ඇත. එහි නැවුම් බවත් අලංකාරයත් සදාතනිකභාවයත් දන්නා කරුණකි.
එම පෝෂණය ඔවුන් අනුභව කරන ඔවුන් ආශා කරන දෑට වඩා විවිධත්වයෙන් යුත් පළතුරු වේ. ඊටත් ඉහළින් තරාතිරම් උසස් කොට ගෞරවණීය අල්ලාහ්ගේ මුහුණ බලන්නට සලස්වා ඔවුන් ගෞරවයට පත් කරනු ලබති.
කිසිවිටෙක ඉවත් වී නොයන විසන්ධි නොවන සදාතනික සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි ඔවුහු මේ සියලු දෑ හිමි කර ගනිති.
ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගනිමින් කවිච්චි මත හාන්සි වී සිටිති.
37:45Page 447
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ ٤٥
There will be circulated among them a cup [of wine] from a flowing spring,
එහි ස්වරූපය ගලා යන ජලය මෙන් පිහිටන මත්පැන් සහිත බඳුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ.
වර්ණයෙන් සුදු වූ, පානය කරන්නන්හට පූර්ණ ප්රණීත මිහිරක් ගෙන දෙන පානයෙන් රස විඳිති.
37:47Page 447
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ٤٧
No bad effect is there in it, nor from it will they be intoxicated.
එය මෙලොව මත් පැන් මෙන් නොවේ. මත් බව හේතුවෙන් බුද්ධිය පහ කරන දෑ එහි නැත. එය පරිහරනය කරන්නන්ට හිසරදයක් ඇති වන්නේ ද නැත. එය පානය කරන්නන්ට ඔහුගේ ශරීරය හා ඔහුගේ බුද්ධිය නිරෝගීමත්ව තබයි.
37:48Page 447
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ ٤٨
And with them will be women limiting [their] glances,1 with large, [beautiful] eyes,
ස්වර්ගයේ ඔවුන් අබියස පතිවත රැකුණු ලලනාවෝ වෙති. ඔවුන්ගේ බැල්ම ඔවුන්ගේ සහකරුවන් හැර වෙනත් අය දෙස නොහෙළී පවතී. ඔවුහු දැකුම්කළු අලංකාර ඇස්වලින් යුක්ත වෙති.
අත් ස්පර්ශ නොකළා වූ ආරක්ෂා කරන ලද කුරුළු බිත්තරයක කහ පැහැයෙන් වර්ණ ගැන්වූ සුදු වර්ණය තුළ තිබෙන්නාක් මෙන් ඔවුන් වෙති.
37:50Page 447
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٥٠
And they will approach one another, inquiring of each other.
ඇතැම් ස්වර්ගවාසීන් ඇතමෙකු ඉදිරියට පැමිණ මෙලොව ඔවුනට සිදු වූ දෑ හා ඔවුන් පසු කරගෙන ආ දෑ සම්බන්ධයෙන් එකිනෙකා විමසා ගනිති.
37:51Page 447
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ ٥١
A speaker among them will say, "Indeed, I had a companion [on earth].
එම දේව විශ්වාසීන් අතරින් ප්රකාශකයකු, "සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු සගයකු මට මෙලොවෙහි සිටියේ යැ"යි පවසා සිටියි.
37:52Page 448
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ٥٢
Who would say, 'Are you indeed of those who believe
ඔහු මා හෙළා දකිමින් හා හෑල්ලුවට ගනිමින්, "අහෝ මිතුර! මළවුන් නැවත නැගිටුවනු ලැබීම සැබෑවක් ලෙස පිළිගන්නන් අතරින් නුඹ ද කෙනෙකු වන්නෙහිදැ?"යි මගෙන් විමසා සිටියේය.
37:53Page 448
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣
That when we have died and become dust and bones, we will indeed be recompensed?'"
"අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ පසු සැබැවින්ම අපි නැවත නැගිටුවනු ලැබ මෙලොවෙහි සිදු කළ ක්රියාවන් සඳහා අප ප්රතිඵල පිරිනමනු ලබන්නන් වන්නෙම් ද?" (යැයි ඔහු විමසයි).
දේව විශ්වාසී ඔහුගේ මිතුරෙක් ස්වර්ගවාසීන් අතරින් වූ ඔහුගේ සගයින්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු එම සමීප මිතුරාගේ ස්ථානය බලන්නට මා සමග නුඹලා එබී බලන්නේ දැයි විමසයි.
37:55Page 448
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ٥٥
And he will look and see him1 in the midst of the Hellfire.
එවිට ඔහු එබී බලයි. ඔහුගේ සමීප මිතුරා අපාය මධ්යයේ සිටිනු ඔහු දකිනු ඇත.
අල්ලාහ් මත දිවුරා පවසමි. ‘අහෝ මිතුර! දේව ප්රතික්ෂේපය හා මළවුන්ගෙන් යළි නැගිටුවනු ලැබීම හෙළා දැකීම සඳහා නුඹ මට කළ ඇරයුම හේතුවෙන් අපා ගින්නට මා ප්රවේශ වීමෙන් නුඹ මා විනාශ කිරීමට තැත් කළෙහිය.’ යැයි පවසයි.
37:57Page 448
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ٥٧
If not for the favor of my Lord, I would have been of those brought in [to Hell].
දේව විශ්වාසය සඳහා මග පෙන්වීමෙන් හා ඒ සඳහා ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් මට ආශිර්වාද නොකළේ නම් මා ද නුඹ මෙන් දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නන් අතරින් වන්නට තිබිණ.
ස්වර්ගවාසීන් වන අප මිය යන්නන් නොවෙමු.
37:59Page 448
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٥٩
Except for our first death, and we will not be punished?"
මෙලොව ජීවිතයේ අපගේ මුල් මරණය හැර. අපි ස්වර්ගයේ සදාතනිකයෝ වෙමු. දේව ප්රතික්ෂේපකයින් දඬුවම් කරනු ලබන්නාක් මෙන් අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
අපගේ පරමාධිපති අපට කවර ප්රතිඵලයක් පිරිනැමුවේ ද - එනම් ස්වර්ගයට ප්රවේශ වීම, එහි සදාතනිකභාවය, නිරා ගින්නෙන් රැකවරණය ලැබීම - සැබැවින්ම එයමය කිසිදු ජයග්රහණයකට සමාන කළ නොහැකි අතිමහත් ජයග්රහණය වනුයේ.
37:61Page 448
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ ٦١
For the like of this let the workers [on earth] work.
මෙවන් අතිමහත් ප්රතිඵල සඳහා ක්රියා කරන්නන් ක්රියා කිරීම අනිවාර්යය වන්නේය. සැබැවින්ම එයමය ලාභදායී ව්යාපාරය වන්නේ.
37:62Page 448
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢
Is that [i.e., Paradise] a better accommodation or the tree of zaqqūm?
නිලයෙන් හා ගෞරවයෙන් වඩා ශ්රේෂ්ට හා උතුම් වන්නේ අල්ලාහ්ට අවනත වීම අවංකවම ඉටු කළ තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇති බවට සඳහන් කරන ලද සැප පහසුකම් ද එසේ නැතහොත් අල් කුර්ආනයේ ශාප කරන ලද කුසගිනි නොනිවන ශරීරය නොවඩන දේව ප්රතික්ෂේපකයින්ගේ ආහාරය වන සක්කූම් ගස ද?
37:63Page 448
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ ٦٣
Indeed, We have made it a torment for the wrongdoers.
දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපරාධ කරුවන් බවට පත්වූවෝ ‘සැබැවින්ම අපා ගින්න ගස් කා දමයි. එය එහි හට ගන්නට ඉඩක් නැතැයි.’ ඔවුහු පවසමින් ඔවුන් පරීක්ෂණයට ලක් කරනු ලබන පරීක්ෂණයක් ලෙස අපි එම ගස පත් කළෙමු.
37:64Page 448
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ٦٤
Indeed, it is a tree issuing from the bottom of the Hellfire,
සැබැවින්ම සක්කූම් ගස හට ගැනෙන මාරාන්තික ගසකි. එය අපායේ අඩියෙහි හට ගන්නා ගසක් වේ.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences