Al-MukhtasarAs‑Saffat · 37:65–134

Al-Mukhtasar · Tafsir · in Sinhala

As-Saffat 37:65–134

37:65Page 448

طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ٦٥

Its emerging fruit as if it was heads of the devils.

ඉන් හට ගැනෙන පලතුරු ෂෙයිතානුන්ගේ ඔළු මෙන් බලන්නට අප්රසන්නව පිහිටා තිබේ. දර්ශනයට අප්රසන්න වීම තොරතුරු සපයන්නොගේ අප්රසන්නභාවය පෙන්වා දෙයි. ඉන් අදහස් කරනුයේ සැබැවින්ම එහි පළතුරු ආහාරවලින් නරකම ආහාරය වන බවයි.

37:66Page 448

فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٦٦

And indeed, they will eat from it and fill with it their bellies.

එවිට දේව ප්රතික්ෂේපකයෝ එම ගසෙහි අප්රසන්න තිත්ත ගෙඩි අනුභව කරන්නෝ වෙති. හිස්වී ගිය ඔවුන්ගේ බඩවල් එමගින් පුරවාගන්නෝ වෙති.

37:67Page 448

ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ ٦٧

Then indeed, they will have after it a mixture of scalding water.

ඔවුන් ඉන් අනුභව කිරීමෙන් පසුව ඔවුනට අමිහිරි උණුසුම් මිශ්ර පානයක් හිමි වේ.

37:68Page 448

ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ ٦٨

Then indeed, their return will be to the Hellfire.

ඉන්පසු ඔවුන්ගේ යොමු ව පිහිටනුයේ අපායේ දඬුවම වෙතය. එහි ඔවුහු දඬුවමකින් පසු තවත් දඬුවමක් වෙත පෙරළා යති.

37:69Page 448

إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ٦٩

Indeed they found their fathers astray.

සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් යහමගින් මුළාවූවන් ලෙස දැක කිසිදු සාධකයක් නොමැති හෙයින් එය අනුගමනය කරමින් ඔවුන් ගැන බලාපොරොත්තු සුන් කර ගත්තෝය.

37:70Page 448

فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ ٧٠

So they hastened [to follow] in their footsteps.

නමුත් ඔවුහු මුළාව තුළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ පියවරයන් යුහුසුළු ව අනුගමනය කරති.

37:71Page 448

وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ٧١

And there had already strayed before them most of the former peoples,

ඔවුනට පෙර සිටි බහුතරයක් මුතුන් මිත්තන් සැබැවින්ම නොමග ගොස් ඇත. එහෙයින් අහෝ දූතය! නොමග ගිය සමූහයන් අතරින් පළමුවැන්නා ඔබේ සමූහයා නොවෙයි.

37:72Page 448

وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ٧٢

And We had already sent among them warners.

එම මුල් සමූහයන් අතරට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතවරුන් සැබැවින්ම අපි එව්වෙමු. නමුත් ඔවුහු ප්රතික්ෂේප කළෝය.

37:73Page 448

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣

Then look how was the end of those who were warned -

අහෝ දූතය! ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කොට ඔවුනට ඔවුන් පිළිතුරු නොදුන් සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු. සැබැවින්ම ඔවුන්ගේ අවසානය වූයේ ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීම වැනි හේතුවෙන් ඔවුන් අපා ගින්නට පිවිසීමය.

37:74Page 448

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٧٤

But not the chosen servants of Allāh.

නමුත් අල්ලාහ් ව විශ්වාස කිරීමේදී ඔහුට අවංක වූ ගැත්තන් හැර. සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළ එම බොරුකාරයින්ගේ අවසාන දඬුවම වූ ඒ සාහසික දඬුවමින් සැබැවින්ම ඔවුහු ජය ලබන්නෝ වෙති.

37:75Page 448

وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥

And Noah had certainly called Us, and [We are] the best of responders.

අපගේ නබිවරයකු වූ නූහ් (අලයිහිස් සලාම්) ඔහු ව බොරු කළ ඔහුගේ ජනයාට එරෙහි ව ප්රාර්ථනා කරමින් අප වෙත කන්නලව් කළ අවස්ථාවේ පිළිතුරු දෙන්නන් අතරින් අපි යහපත් වූයෙමු. ඔවුනට එරෙහි ව ඔහුගේ ප්රාර්ථනාව පිළිගැනීමෙහි අපි යුහුසුළු වූයෙමු.

37:76Page 448

وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦

And We saved him and his family from the great affliction.

ඔහුගේ සමූහයාගෙන් හා ඔහුගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපකයින් මත එවන ලද අතිමහත් ජලගැල්මෙහි ගිලීමෙන් සැබවින්ම ඔහු ව ද ඔහුගේ නිවැසියන් ද ඔහු සමග වූ දේව විශ්වාසීන් ද අපි මුදවා ගත්තෙමු.

37:77Page 449

وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ ٧٧

And We made his descendants those remaining [on the earth]

ඔහුගේ පවුල හා ඔහු ව අනුගමනය කළ දේව විශ්වාසී අනුගාමිකයින් පමණක් අපි මුදවා ගත්තෙමු. ඔවුන් හැර ඔහුගේ ජනයා අතරින් සෙසු දේව ප්රතික්ෂේපකයින් සැබැවින්ම අපි දියේ ගිල්වීමු.

37:78Page 449

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ٧٨

And left for him [favorable mention] among later generations:

පසු සේන්දු වන ජන සමූහයා අතර ඔවුන් ඔහු පැසසුමට ලක් කරන පරිදි යහපත් පැසසුමක් අපි ඔහුට ඉතිරි කළෙමු.

37:79Page 449

سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ ٧٩

"Peace upon Noah among the worlds."

පසු සේන්දු වන ජන සමූහයා අතර නූහ් ගැන නපුරක් කතා කරනු ලැබීමෙන් ඔහුට ආරක්ෂාව හා ශාන්තිය අත්වේවා! ඔහු වෙනුවෙන් ප්රශංසාව හා යහපත් මෙනෙහි කිරීම ඉතිරි ව පවතිනු ඇත.

37:80Page 449

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٠

Indeed, We thus reward the doers of good.

සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) තුමාට කවර ප්රතිඵලයක් අප විසින් පිරිනමනු ලැබුවේ ද ඒ හා සමාන ප්රතිඵල අල්ලාහ්ට පමණක් අවනත වී ඔහු නැමදුම් කරමින් දැහැමි ලෙස කටයුතු කරන්නන්හට පිරිනමමු.

37:81Page 449

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ٨١

Indeed, he was of Our believing servants.

සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) අල්ලාහ්ට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අපගේ විශ්වාසී ගැත්තන් අතරින් කෙනෙකි.

37:82Page 449

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ٨٢

Then We drowned the others [i.e., disbelievers].

පසු ව අපි ඔවුන් මත එවූ ජලගැල්මෙහි ඉතිරි අය ගිල්වීම. ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි වූයේ නැත.

37:83Page 449

۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ٨٣

And indeed, among his kind was Abraham,

සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) ද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමෙහි දී ඔහුට අනුගත වී ඔහුගේ පිළිවෙත පිළිපැද්දාවූ ජනයා අතරින් කෙනෙකු විය.

37:84Page 449

إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ ٨٤

When he came to his Lord with a sound heart

අල්ලාහ්ගේ මැවීම් අතර අල්ලාහ් වෙනුවෙන් උපදෙස් දෙමින් ආදේශ කිරීමෙන් ඉවත් ව ශාන්තමය සන්සුන් හදවතකින් ඔහුගේ පරමාධිපති වෙත ඔහු පැමිණි අවස්ථාව මෙනෙහි කරනු.

37:85Page 449

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ٨٥

[And] when he said to his father and his people, "What do you worship?

ඔහු තම පියාණන් ආසර් හා දෙවියන්ට ආදේශ තැබූ ඔහුගේ ජනයා දෙස බලා ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?'යි ඔවුන් හෙළා දකිමින් විමසා සිටි අවස්ථාවේ...

37:86Page 449

أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ ٨٦

Is it falsehood [as] gods other than Allāh you desire?

අල්ලාහ් හැර නුඹලා නමදින ව්යාජ දෙවිවරුන් සිටිත් ද?

37:87Page 449

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٨٧

Then what is your thought about the Lord of the worlds?"

අහෝ ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නුඹලා නමදිමින් සිටිය දී නුඹලා ඔහු මුණ ගැසෙන විට ලොවැසියන්ගේ පරමාධිපති ගැන නුඹලා හට ගැනෙන සිතුවිලි කුමක් වනු ඇත් ද? නුඹලාට ඔහු සිදු කරන්නට යන දෑ දැක නුඹලා කුමක් අදහස් කරන්නෙහු ද?

37:88Page 449

فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ ٨٨

And he cast a look at the stars

ඉබ්රාහීම් තම ජනයා සමග පිටත් වීමෙන් නිදහස් වීම සඳහා සැලසුමක් යොදමින් තාරකාවන් දෙස අධීක්ෂණයෙන් බැලුවේය.

37:89Page 449

فَقَالَ إِنِّي سَقِيمٞ ٨٩

And said, "Indeed, I am [about to be] ill."

ඔවුන්ගේ උත්සවයට ඔවුන් සමග පිටත්වීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඔවුනට ‘සැබැවින්ම මම රොගීයෙකි’ යැයි පැවසුවේය.

37:90Page 449

فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ ٩٠

So they turned away from him, departing.

පසු ව ඔහු ව ඔවුන් පසුපස අතැහැර දමා ගියෝය.

37:91Page 449

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ٩١

Then he turned to their gods and said, "Do you not eat?1

අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් වෙත යොමු වී ඔවුන්ගේ දෙවිවරුන් හාස්යයට ගෙන ‘නුඹලා වෙනුවෙන් දේව ආදේශකයින් සාදා ඇති ආහාර නුඹලා අනුභව නොකරන්නෙහු ද? යැයි විමසා සිටියේය.

37:92Page 449

مَا لَكُمۡ لَا تَنطِقُونَ ٩٢

What is [wrong] with you that you do not speak?"

නුඹලා කතා නොකරන්නට නුඹලාට කුමක් වීද? නුඹලාගෙන් ඉල්ලා සිටින්නන්හට නුඹලා පිළිතුරු නොසපයනුයේ මන් ද? අල්ලාහ් හැර නැමදුම් ලබනුයේ මෙවන් දෑ ද?

37:93Page 449

فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ٩٣

And he turned upon them a blow with [his] right hand.

පසු ව ඔහු ඔවුන් වෙත නැඹුරු වී ඒවා කඩා දමන්නට තම දකුණතින් ඒවාට පහර දුන්නේය.

37:94Page 449

فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ ٩٤

Then they [i.e., the people] came toward him, hastening.

මෙම පිළිමවලට වන්දනාමාන කළවුන් ඔහු වෙත වේගයෙන් පැමිණියේය.

37:95Page 449

قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ٩٥

He said, "Do you worship that which you [yourselves] carve,

ඉබ්රාහීම් ස්ථාවර ව ඔවුන් දෙස හැරී ඒවා හෙළා දකිමින්, ‘නුඹලා අල්ලාහ් හැර දමා නුඹලාගේම අත්වලින් නිර්මාණ කළ දෙවිවරුන්ට නුඹලා නැමදුම් කරන්නෙහුදැ?’යි ඔවුන්ගෙන් විමසා සිටියේය.

37:96Page 449

وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ٩٦

While Allāh created you and that which you do?"

සුවිශුද්ධයාණන් අල්ලාහ් නුඹලාව මැව්වේය. නුඹලාගේ ක්රියාව ද මැව්වේ ය. මෙම පිළිම නුඹලාගේ ක්රියාවන්ගෙන් බිහි වූවක්ය. ඔහුට පමණක් නැමදුම් ලබන්නටත්, වෙනත් දෑ ඔහුට ආදේශ නොකිරීමටත් ඔහුම සුදුස්සා වන්නේය.

37:97Page 449

قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ٩٧

They said, "Construct for him a structure [i.e., furnace] and throw him into the burning fire."

ඔහු සමග තර්ක කොට තරඟ වදින්නට ඔවුන් අපොහොසත් වූ කල්හි බලය යෙදවීමට ඔවුහු යොමු වූහ. ඉබ්රාහීම්ට සිදු කරන දෑ පිළිබඳ ඔවුන් අතරම ඔවුහු සාකච්ඡා කළෝය. ඔවුහු ‘ඔහු වෙනුවෙන් නුඹලා ගොඩනැගිල්ලක් තනනු. එහි දර පුරවා එයට ගිනි තබා පසු ව ඔහු ව එහි නුඹලා විසි කරනු.’ යැයි පැවසූහ.

37:98Page 449

فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ٩٨

And they intended for him a plan [i.e., harm], but We made them the most debased.

ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම්ව විනාශ කොට ඔහුගෙන් නිදහස් වන පරිදි ඔහුට නපුරක් කිරීමට සිතුවෝය. ඔහුට එම ගින්න සිසිලක් හා ආරක්ෂාවක් බවට පත් කිරීමෙන් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.

37:99Page 449

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩

And [then] he said, "Indeed, I will go to [where I am ordered by] my Lord; He will guide me.

මාගේ ජනයාගේ ප්රදේශය අතහැර දමා මාගේ පරමාධිපතිට මා නැමදුම් කළ හැකි පරිදි ඔහු වෙත සැබැවින්ම මම නික්ම යමි. මාගේ පරමාධිපති මෙලොවෙහි හා මතුලොවෙහි මට යහපතක් වන දෑ ඔහු මට පෙන්වා දෙනු ඇත’ යැයි ඉබ්රාහීම් පැවසීය.

37:100Page 449

رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ ١٠٠

My Lord, grant me [a child] from among the righteous."

මාගේ පරමාධිපතියාණනි! මා රට හැර දමා යාමේ දී මාගේ සමූහයා වෙනුවට මට උදව් වන දැහැමි දරුවකු නුඹ මට පිරිනමනු මැනව!

37:101Page 449

فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ ١٠١

So We gave him good tidings of a forbearing boy.

ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. රිස්සීමෙන් කටයුතු කරමින් වැඩෙන පිරිමි දරුවකු පිළිබඳ සුභාරංචිය දන්වමින් ඔහු ව සතුටු කරවන පුවතක් අපි ඔහුට සැල කර සිටියෙමු. එම දරුවා ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාය.

37:102Page 449

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١٠٢

And when he reached with him [the age of] exertion,1 he said, "O my son, indeed I have seen in a dream that I [must] sacrifice you, so see what you think." He said, "O my father, do as you are commanded. You will find me, if Allāh wills, of the steadfast."

ඉස්මාඊල් තරුණ වියට පත් ව ඔහුගේ පියාණන්ගේ ගමන්මග ගමන් කළ හැකි තත්ත්වයට පැමිණි කල්හි, ඔහුගේ පියාණන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් සිහිනයක් දුටුවේය. නබිවරුන්ගේ සිහින දිව්ය පණිවිඩ වේ. එම සිහිනයේ අන්තර්ගතය තම පුතණුවන්ට ඉබ්රාහීම් තුමා දන්වමින් මෙසේ පැවසීය. ‘මාගේ පුතණුවනි! සැබැවින්ම මම නුඹ ව සිඳලන මෙන් සිහිනයක් දුටුමි. ඒ සම්බන්ධයෙන් නුඹ අදහස් කරන්නේ කුමක් දැ?යි බලනු. ඉස්මාඊල් තම පියාණන්ට පිළිතුරු දෙමින් ‘මාගේ පියාණනි! මා සිදලීම ගැන අල්ලාහ් ඔබට කවර නියෝගයක් කර ඇත්තේ ද එය ඔබ ඉටු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි අල්ලාහ්ගේ තීන්දුව පිළිගත් ඉවසිලිවන්තයින් අතර ඔබ මාව දකිනු ඇතැ’යි පවසා සිටියේය.

37:103Page 450

فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ١٠٣

And when they had both submitted1 and he put him down upon his forehead,

ඔවුන් දෙදෙනා අල්ලාහ්ට යටත් වී ඔහුට අවනත වූ කල්හි ඉබ්රාහීම් තම පුතණුවන් සිඳලීමේ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ඔහුගේ නළල මත (මුණින්) තැබුවේය.

37:104Page 450

وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ ١٠٤

We called to him, "O Abraham,

අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක කිරීමට තම පුතණුවන් සිඳළීමට උත්සාහ කරමින් සිටිය දී අපි ඉබ්රාහීම්ට ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි ඇමතුවෙමු.

37:105Page 450

قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٠٥

You have fulfilled the vision." Indeed, We thus reward the doers of good.

නුඹේ දරුවා සිඳලීමට ස්ථීර කර ගනිමින් නින්දෙහි දුටු එම සිහිනය තහවුරු කළෙහිය. මෙම බරපතල පරිහානියෙන් නුඹ ව මුදවා ගෙන නුඹට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමා ඔවුන්ව ද දුෂ්කරතා හා හානියෙන් අපි මුදවා ගන්නෙමු.

37:106Page 450

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ ١٠٦

Indeed, this was the clear trial.

සැබවින්ම මෙය පැහැදිලි පරීක්ෂණයක්මය. එහිදී ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා සමත් විය.

37:107Page 450

وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ ١٠٧

And We ransomed him with a great sacrifice,1

ඉස්මාඊල් සිඳලීම වෙනුවට ඇප වශයෙන් විශාල බැටලුවෙකු පිරිනැමුවෙමු.

37:108Page 450

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٠٨

And We left for him [favorable mention] among later generations:

පසු සේන්දු වන සමූහයන් අතර යහපත් පැසසුමක් අගය කිරීමක් ඉබ්රාහීම්ට අපි ඉතිරි කළෙමු.

37:109Page 450

سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ ١٠٩

"Peace upon Abraham."

ඔහු සඳහා අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමකි. සියලුම උවදුරු හා හානියෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්රාර්ථනාවකි.

37:110Page 450

كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١١٠

Indeed, We thus reward the doers of good.

ඉබ්රාහීම්ගේ අවනතවීම හේතුවෙන් අප ඔහුට මෙවන් ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමමු.

37:111Page 450

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١١١

Indeed, he was of Our believing servants.

සැබවින්ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවශ්යයෙන්ම ගැතිකම් කළ දේව විශ්වාසී අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.

37:112Page 450

وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢

And We gave him good tidings of Isaac, a prophet from among the righteous.1

දැහැමි ගැත්තෙකු හා නබිවරයකු ලෙස පත්වන්නට යන තවත් දරුවකු පිළිබඳ අපි ඔහුට සුබාරංචි දන්වා සිටියෙමු. ඔහු ඉස්හාක් ය. එය ඔහුගේ එකම දරුවා වූ ඉස්මාඊල් සිඳලීමෙහි දී ඔහු අල්ලාහ්ට යටත් වීම වෙනුවෙන් පිරිනමනු ලබන ප්රතිඵලයක් ලෙසිනි.

37:113Page 450

وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ ١١٣

And We blessed him and Isaac. But among their descendants is the doer of good and the clearly unjust to himself [i.e., sinner].

ඔහු මත හා ඔහුගේ පුත් ඉස්හාක් මත අපගෙන් වූ සමෘද්ධිය අපි පහළ කළෙමු. ඔවුන් දෙදෙනාට ආශිර්වාද බොහෝමයක් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාට දරුවන් අධික කර දුන්නෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවෙන් තම පරමාධිපතිට යටහත් වන දැහැමියන් වෙති. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම නිසා පැහැදිලි ලෙස අපරාධ කළ අපරාධකරුවන් ද වෙති.

37:114Page 450

وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤

And We did certainly confer favor upon Moses and Aaron.

සැබැවින්ම අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට නබිත්වය පිරිනැමුවෙමු.

37:115Page 450

وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ١١٥

And We saved them and their people from the great affliction,

ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ ජනයා වූ ඉස්රාඊල් දරුවන්, ෆිර්අවුන්ගේ වහල් භාවයෙන් හා ඔවුන් දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු.

37:116Page 450

وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ١١٦

And We supported them so it was they who overcame.

ෆිර්අවුන් හා ඔහුගේ සේනාවට එරෙහි ව අපි ඔවුනට උදව් කළෙමු. ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට ජය අත් විය.

37:117Page 450

وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ١١٧

And We gave them the explicit Scripture [i.e., the Torah],

එහි කිසිදු මුසුවක් නොමැති අල්ලාහ්ගෙන් වූ පැහැදිළි දිව්ය පුස්තකය වන තව්රාතය (තෝරාව) මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට අපි පිරිනැමුවෙමු.

37:118Page 450

وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ١١٨

And We guided them on the straight path.

කිසිදු ඇදයක් නොමැති ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට අපි මඟ පෙන්වූයෙමු. එය සුවිශුද්ධයාණන් මැවුම්කරුගේ තෘප්තිය වෙත ළඟා කරවන ඉස්ලාමීය දහම් මාර්ගයයි.

37:119Page 450

وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ١١٩

And We left for them [favorable mention] among later generations:

පසු පැමිණෙන සමූහයන් අතර ඔවුන් දෙදෙනා මත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.

37:120Page 450

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢٠

"Peace upon Moses and Aaron."

ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගෙන් වූ දැහැමි සුබ පැතුමකි. ඔවුන් දෙදෙනාට ප්රශංසාවකි. සියලු පිළිකුල් සහගත දැයින් ආරක්ෂාවකි.

37:121Page 450

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٢١

Indeed, We thus reward the doers of good.

සැබවින්ම අපි මූසා හා හාරූන්හට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වන දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමන්නෙමු.

37:122Page 450

إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٢٢

Indeed, they were of Our believing servants.

සැබවින්ම මූසා හා හාරූන් ඔවුනට දහම්ගත කරනු ලැබූ දෑ පිළිපදින අල්ලාහ්ව විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වූහ.

37:123Page 450

وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٢٣

And indeed, Elias was from among the messengers,

සැබැවින්ම ඉල්යාස් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද දහම් දූතවරුන් අතරින් විය. අල්ලාහ් ඔහුට නබිත්වය හා දූත මෙහෙවර ආශිර්වාද කළේය.

37:124Page 450

إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤

When he said to his people, "Will you not fear Allāh?

ඉස්රාඊල් දරුවන් අතරින් ඔවුන් වෙත ඔහු ව එවන ලද ඔහුගේ ජනයාට, "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් - ඒ අතරින් එකකි දේවත්වය.- ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - ඒ අතරින් එකකි ඔහුට ආදේශ තැබීම - ඔහුට බියබැතිමත් විය යුතු නොවේ ද? පැවසුවේය.

37:125Page 450

أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ١٢٥

Do you call upon Baʿl1 and leave the best of creators -

විශිෂ්ටතම මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දමා නුඹලා ඔහු හැර නුඹලාගේ බඃල් නම් පිළිමයට නැමදුම් කරන්නෙහු ද?

37:126Page 450

ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ١٢٦

Allāh, your Lord and the Lord of your first forefathers?"

අල්ලාහ් වන ඔහු නුඹලා ව මැවූ, ඊට පෙර නුඹලාගේ මුතුන් මිත්තන් මැවූ, නුඹලාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර කිසිදු සෙතක් හෝ විපාකයක් හෝ සිදු කළ නොහැකි වෙනත් සෙසු පිළිම නොවේ.

37:127Page 451

فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٢٧

And they denied him, so indeed, they will be brought [for punishment],

ඔහුගේ ජනයා ඔහු ව බොරු කර සිටියා මිස නැත. ඔවුන් බොරු කළ හේතුවෙන් ඔවුහු දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝය.

37:128Page 451

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٢٨

Except the chosen servants of Allāh.

නමුත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහුට අවංක විශ්වාසියෙකු ලෙස සිටි අයකු හැර. සැබැවින්ම ඔහු දඬුවමට ඉදිරිපත් කිරීමෙන් මිදෙන්නෙකි.

37:129Page 451

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٢٩

And We left for him [favorable mention] among later generations:

පසු පැමිණෙන සමූහයන් අතර ඔහු වෙත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.

37:130Page 451

سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ ١٣٠

"Peace upon Elias."1

අල්ලාහ්ගෙන් වූ පිළිගැනීමක් හා පැසසුමක් ඉල්යාස් මත විය.

37:131Page 451

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٣١

Indeed, We thus reward the doers of good.

සැබවින්ම අපි ඉල්යාස්ට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම අපගේ ගැත්තන් අතර සිටින දේව විශ්වාසී දැහැමි ගැත්තන්හටත් ප්රතිඵල පිරිනමන්නෙමු.

37:132Page 451

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٣٢

Indeed, he was of Our believing servants.

සැබැවින්ම ඉල්යාස් ඔවුන්ගේ පරමාධිපතිව ඔවුන් විශ්වාස කිරීමේදී සත්යවාදීන් ලෙස හා සැබෑ විශ්වාසීන් ලෙස සිටි අපගේ ගැත්තන් අතරින් කෙනෙකු විය.

37:133Page 451

وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٣

And indeed, Lot was among the messengers.

සැබැවින්ම ලූත් ඔහුගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.

37:134Page 451

إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٣٤

[So mention] when We saved him and his family, all,

ඔහුගේ සමූහයා වෙත එවනු ලැබූ දඬුවමින් අපි ඔහු හා ඔහුගේ පවුලේ උදවිය ආරක්ෂා කළ අවස්ථාව මෙනෙහි කර බලනු.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском