Al-MukhtasarSad · 38:1–48

Al-Mukhtasar · Tafsir · in Sinhala

ص

Sad

The Letter "Saad" · Meccan · 88 ayahs

38:1Page 453

صٓۚ وَٱلۡقُرۡءَانِ ذِي ٱلذِّكۡرِ ١

Ṣād.1 By the Qur’ān containing reminder...2

(සාද්) සූරා අල් බකරාහී ‘හුරූෆුල් මුකත්තආ’ නම් අක්ෂර පද මාළාව පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබ ඇත. මිනිසුන්ගේ මෙලොවෙහි හා ඔවුන්ගේ මතුලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වන දෑ සඳහන් කරමින් අල් කුර්ආනය දිවුරා පවසයි. අල්ලාහ් සමග හවුල්කරුවන් සිටින බවට දේව ආදේශකයින් සිතන පරිදි එම කරුණ නැත.

38:2Page 453

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ ٢

But those who disbelieve are in pride and dissension.

නමුත් දේවත්වය ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය ගැන අහංකාරයෙන් හා ප්රතික්ෂේපයෙන් පසුවෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග විරුද්ධවීමෙහි හා ඔහුට සතුරුකම් පෑමෙහි නිරතව සිටිති.

38:3Page 453

كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ ٣

How many a generation have We destroyed before them, and they [then] called out; but it was not a time for escape.

ඔවුනට පෙර විසූ තමන්ගේ දූතවරුන් බොරු කළ කොපමණ සමූහයන් අපි විනාශ කළෙමු ද? ඔවුනට දඬුවම පහළ වන අවස්ථාවේ ඔවුහු උදව් පතමින් කන්නලව් කළෝය. නමුත් එය දඬුවමින් නිදහස් වීමේ කාලයක් නොවූ අතරම ඔහුගෙන් ඉල්ලා සිටි උපකාරය ඔවුනට ප්රයෝජනවත් වන වේලාවක් ද නොවීය.

38:4Page 453

وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ ٤

And they wonder that there has come to them a warner [i.e., Prophet Muḥammad (ﷺ)] from among themselves. And the disbelievers say, "This is a magician and a liar.

ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩව සිටින්නේ නම් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔවුනට ඇතැයි අවවාද කරන ඔවුන් අතරින්ම වූ දූතයකු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ ඔවුහු පුදුමයට පත් වූවෝය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය සත්යයක් බව පෙන්වා දෙන සාධක දේව ප්රතික්ෂේපකයින් දෑසින් දුටු කල්හි, ‘මොහු මිනිසුනට හූනියම් කරන මායාකාර පුද්ගලයෙකි. සැබැවින්ම තමන් දේව පණිවිඩ ලැබෙන අල්ලාහ්ගෙන් වූ දූතයෙකි යැයි කරන තර්කයෙහි ඔහු මහා බොරුකාරයෙකි’ යැයි ඔවුහු පවසා සිටියෝය.

38:5Page 453

أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ ٥

Has he made the gods [only] one God? Indeed, this is a curious thing."

"මෙම පුද්ගලයා විවිධත්වයෙන් යුත් දෙවිවරුන් -නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවෙක් නැති- එකම දෙවියකු බවට පත් කරන්නට බලන්නේ ද? සැබැවින්ම ඔහුගේ ක්රියා කලාපය අතිශයින් හාස්යය ජනකය."

38:6Page 453

وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ ٦

And the eminent among them went forth, [saying], "Continue, and be patient over [the defense of] your gods. Indeed, this is a thing intended.1

ඔවුන්ගේ ප්රධානීහු හා ප්රභූවරු තම අනුගාමිකයිනට මෙසේ පවසමින් ගමන් ගත්තෝය. ‘නුඹලා කවර පදනමක සිටින්නේ ද ඒ මතම ගමන් කරනු. නුඹලා මුහම්ද්ගේ දහමට ඇතුලු නොවනු. නුඹලාගේ දෙවිවරුන් නැමදීමෙහි නුඹලා ස්ථාවර ව සිටිනු. සැබැවින්ම මුහම්මද් එකම දෙවියෙකු වන්දනාමාන කරන්නැයි නුඹලාව ඇරයුම් කර සිටීම අපට වඩා ඔහු උසස් වනු පිණිසත් අප ඔහුගේ අනුගාමිකයින් බවට පත්වනු පිණිසත් ඔහු අපේක්ෂා කරන සැලසුම් සහගත ක්රියාවකි.’ (යැයි කීහ)

38:7Page 453

مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ ٧

We have not heard of this in the latest religion.1 This is not but a fabrication.

මුහම්මද් අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත අප ඇරයුම් කර සිටින කරුණ අපගේ මුතුන් මිත්තන් කවර පදනමක සිටිනු අප දැක ඇත්තේ ද එහි නැත. ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතහි ද නැත. අපි ඔහුගෙන් සවන් දුන් දෑ බොරුවක් හා ප්රබන්ධයක් මිස නැත.

38:8Page 453

أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ ٨

Has the message been revealed to him out of [all of] us?" Rather, they are in doubt about My message. Rather, they have not yet tasted My punishment.

අපි නායකයින් හා ප්රභූවරුන් ලෙස සිටිය දී, අප වෙත අල් කුර්ආනය පහළ නොවී අප අතර සිටින මොහු වෙත එය පහළ වීමත්, මොහුට පමණක් එය විශේෂ වීමත් නිවැරදි ද? එසේ නොව නුඹ වෙත පහළ වන දිව්ය පණිවිඩ පිළිබඳ මෙම දේව ආදේශකයෝ සැකයෙහි පසුවෙති. අල්ලාහ්ගේ දඬුවම ඔවුහු භුක්ති විඳින කල්හි ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුහු රැවටුණෝය. ඔවුන් එය විඳ ඇත්නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම හා ආදේශ කිරීමෙහි ඔවුහු එඩිතර නොවෙති. නුඹ වෙත දන්වා සිටින දෑහි සැකයෙහි පසුවෙති.

38:9Page 453

أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ ٩

Or do they have the depositories of the mercy of your Lord, the Exalted in Might, the Bestower?1

එසේ නැතහොත් කිසිවකු විසින් පරාජය කළ නොහැකි, ඔහු අභිමත කරන අයට අභිමත කරන දෑ පිරිනමන සර්වබලධාරී නුඹේ පරමාධිපතිගේ භාග්යයෙන් යුත් භාණ්ඩාගාර කිසිවක් මෙම බොරුකාර ආදේශකයින් සතු ව තිබේ ද? නබිත්වය යනු ඔහුගේ භාග්යමත් භාණ්ඩාගාරයෙන් එකකි. ඔහු අභිමත කරන්නන්හට එය පිරිනමයි. ඔවුන් සිතන අයට එය පිරිනැමීමට හෝ ඔවුන් සිතන අයගෙන් එය වැළැක්වීමට හෝ හැකි පරිදි එය පිහිටුවා නැත.

38:10Page 453

أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ ١٠

Or is theirs the dominion of the heavens and the earth and what is between them? Then let them ascend through [any] ways of access.1

එසේ නැතහොත් ඔවුනට අහස්හි ආධිපත්යය මහපොළොවේ ආධිපත්යය හා ඒ දෙක තුළ පවතින දෑහි ආධිපත්යය තිබී එය පිරිනැමීමටත් එය වැළැක්වීමටත් ඔවුනට උරුමය තිබේ ද? ඔවුන්ගේ එම විශ්වාසය වී නම් තමන් කැමති පරිදි පිරිනැමීමට හෝ වැළැක්වීමට හෝ තීරණය කළ හැකි පරිදි අහස වෙත ලඟා විය හැති සාධක සූදානම් කර ගනිත්වා! කිසිවිටෙක ඔවුනට එය සිදු කළ නොහැක්කේමය.

38:11Page 453

جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ ١١

[They are but] soldiers [who will be] defeated there among the companies [of disbelievers].

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවුන් මීට පෙර තම දූතවරුන් බොරුකළ සේනාවන් අතරින් සිටි අය මෙන් පරාජිත සේනාවකි.

38:12Page 453

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ ١٢

The people of Noah denied before them, and [the tribe of] ʿAad and Pharaoh, the owner of stakes,1

මෙම බොරුකාරයෝ පළමු බොරුකාරයින් නොවෙති. ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. ආද් ජනයා ද බොරු කළෝය. රිටි හිටවා එමගින් ජනයාට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් ද බොරු කළේය.

38:13Page 453

وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَٰٓئِكَ ٱلۡأَحۡزَابُ ١٣

And [the tribe of] Thamūd and the people of Lot and the companions of the thicket [i.e., people of Madyan]. Those are the companies.1

එමෙන්ම සමූද් ජනයා ද බොරු කළෝය. ලූත්ගේ ජනයා ද බොරු කළෝය. ෂුඅයිබ්ගේ ජනයා ද බොරු කළෝය. මෙම කණ්ඩායම් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීමෙහි හා ඔවුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කිරීමෙහි කණ්ඩායම් ගත වූ සේනාවන් වෙති.

38:14Page 453

إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ١٤

Each of them denied the messengers, so My penalty was justified.

මෙම කණ්ඩායම් අතරින් දූතවරුන් බොරු කිරීමෙහි නිරත නොවූ කිසිවකු නොවීය. එහෙයින් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම නියම විය. එය ටික කලක් ප්රමාද වුව ද ඔවුනට ඔහුගේ දඬුවම අත් විය.

38:15Page 453

وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ ١٥

And these [disbelievers] await not but one blast [of the Horn]; for it there will be no delay.1

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවූහු නැවත හැරී යා නොහැකි දෙවන පිඹුම හොරණෑවෙහි පිඹිනු ලැබීම මිස වෙනත් කිසිවක් අපේක්ෂා නොකරති. එසේ නම් ඔවුන් ඔහුව බොරුකරමින් සිටි තත්ත්වයේම මිය ගියේ නම්, ඔවුනට දඬුවම පහළ වනු ඇත.

38:16Page 453

وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ ١٦

And they say, "Our Lord, hasten for us our share [of the punishment] before the Day of Account."

‘අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයට පෙර මෙලොව ජීවිතයේ දඬුවමේ අපේ කොටස අපට ඉක්මන් කරනු’ යැයි ඔවුන් හාස්යයට ගනිමින් පවසා සිටියෝය.

38:17Page 454

ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ ١٧

Be patient over what they say and remember Our servant, David, the possessor of strength; indeed, he was one who repeatedly turned back [to Allāh].

අහෝ දූතය! නුඹ තෘප්තියට පත් නොවන දැයින් මෙම බොරුකාරයින් පවසන දෑ මත ඉවසා දරා ගනු. සතුරන්ට එරෙහිව සටන් කිරීමෙහි ඉතා බලවත් මෙන්ම අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසිලිමත් වූ අපගේ ගැත්තෙකු වන දාවූද් ගැන මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් තෘප්තියට පත්වන ක්රියාවන් ඉටු කර ඔහු වෙත අධික ලෙස යොමු වන්නෙකු විය.

38:18Page 454

إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ ١٨

Indeed, We subjected the mountains [to praise] with him, exalting [Allāh] in the [late] afternoon and [after] sunrise.

දහවල අවසානයේ හා හිරු උදාව ආරම්භයේ දාවුද් තුමා අල්ලාහ්ව සුවිශුද්ධ කරන විට ඔහු සමගම එක්ව අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම සඳහා සැබැවින්ම අපි කඳු වසඟ කර දුනිමු.

38:19Page 454

وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ ١٩

And the birds were assembled, all with him repeating [praises].

ගුවනේ රඳවා තබන ලද පක්ෂීන් ද වසඟ කර දුනිමු. ඒ සෑම දෙයක්ම ඔහු ව අනුගමනය කරමින් අල්ලාහ්ව සුවිශුද්ධ කරන ඔහුට අවනත වූවන් විය.

38:20Page 454

وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ ٢٠

And We strengthened his kingdom and gave him wisdom and discernment in speech.

ඔහුගේ සතුරන්ට එරෙහි ව උදව් උපකාර මෙන්ම බලය හා බිය අපි ඔහුට පිරිනමමින් ඔහුගේ රාජ්යය බලය බලවත් කළෙමු. එමෙන්ම නබිත්වය හා ඔහුගේ කටයුතුවල සාර්ථකත්වය අපි ඔහුට පිරිනැමුවෙමු. සෑම අපේක්ෂිත කරුණකම පැහැදිලි ව කතා කිරීමේ හැකියාව හා කතාව හා තීන්දුව තුළ වෙන්කර හඳුනාගැනීමේ හැකියාව අපි ඔහුට පිරිනැමුවෙමු.

38:21Page 454

۞ وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ ٢١

And has there come to you the news of the adversaries, when they climbed over the wall of [his] prayer chamber -

අහෝ දූතය! දාවූද් (අලයිහිස් සලාම්) වෙත (නඩු කියන) වාදියා ප්රතිවාදියා ඔහු නැමදුම් කරන ස්ථානයට ඉහළින් නැග පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පුවත ඔබ වෙත පැමිණියේ ද?

38:22Page 454

إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ٢٢

When they entered upon David and he was alarmed by them? They said, "Fear not. [We are] two adversaries, one of whom has wronged the other, so judge between us with truth and do not exceed [it] and guide us to the sound path.

දෙදෙනාම දාවූද් වෙත පිවිසු විට ඔහු වික්ෂිප්ත විය. ඔහු වෙත සාමාන්ය අයුරින් ඇතුළු නොවී මෙම මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා එකවර පිවිසීම ගැන ඔහු භීතියට පත් විය. ඔහුගේ බියවීම ගැන ඔවුන් දෙදෙනාට පැහැදිළි වූ කල්හි ඔවුන් දෙදෙනා, ‘නුඹ බිය නොවනු. අපි අපගෙන් කෙනෙකු අනෙකාට කළ අපරාධයක් සම්බන්ධයෙන් වාද විවාද කරන දෙදෙනෙකි. අප අතර නුඹ තීන්දු තීරණ ගත්තේ නම් අප වෙත එය වරදක් නොවන්නේය. නිවැරදි මග කුමක් ද, ඒ ඍජු මග වෙත අපට මග පෙන්වනු’ යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.

38:23Page 454

إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ ٢٣

Indeed this, my brother, has ninety-nine ewes, and I have one ewe; so he said, 'Entrust her to me,' and he overpowered me in speech."

වාදකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු දාවූද් (අලයිහිස් සලාම්) තුමාට, ‘සැබැවින්ම මෙම පුද්ගලයා මාගේ සහෝදරයා වේ. ඔහුට බැටළුවන් අනූ නව දෙනෙකු සිටිති. මට ඇත්තේ එකම එක් බැටළුවෙකු පමණි. එය ද ඔහුට පිරිනමන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. තර්ක කිරීමෙහි ඔහු මා අබිබවා ගියේය' යැයි පැවසීය.

38:24Page 454

قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩ ٢٤

[David] said, "He has certainly wronged you in demanding your ewe [in addition] to his ewes. And indeed, many associates oppress one another, except for those who believe and do righteous deeds - and few are they." And David became certain that We had tried him, and he asked forgiveness of his Lord1 and fell down bowing [in prostration] and turned in repentance [to Allāh].

ඔවුන් දෙදෙනා අතර දාවූද් තුමා තීන්දු පිරිනැමුවේය. ඔහු වාද කළ තැනැත්තා සමග කතා කරමින්, ‘සැබවින්ම ඔබේ සහෝදරයා ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළුවන් සමග එක් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අපරාධයක් සිදු කර ඇත. සැබැවින්ම හවුල්කරුවන් බොහෝ දෙනා ඔවුන් එකිනෙකා අනෙකාගේ උරුමය පැහැර ගනිමින් සාධාරණ ලෙස කටයුතු නොකරමින් සීමාව ඉක්මවා ක්රියා කරති. නමුත් දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හැර. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ හවුල් කරුවන් සමග සාධාරණව කටයුතු කරති. ඔවුනට අසාධාරණයක් නොකරති. මෙවන් කරුණුවලින් විස්තර කරනු ලැබූවන් සුළු පිරිසකි. සැබැවින්ම මෙම වාදය තුළින් අපි දාවූද්ව පරීක්ෂණයකට භාජනය කර ඇතැයි දාවූද් (අලයිහිස් සලාම්) තුමා ස්ථීර ගර ගත්හ. පසුව ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිට ඔහුට සමීප වීමක් ලෙස ‘සජදා’ සිරස නමා නමස්කාර කළේය. ඔහු ඔහුට සමාව දානය කළේය.

38:25Page 454

فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٢٥

So We forgave him that; and indeed, for him is nearness to Us and a good place of return.

ඒ අනුව අපි ඔහුට පිළිතුරු දී ඒ සඳහා අපි ඔහුට සමාව දුනිමු. සැබැවින්ම ඔහු අප ඉදිරියේ සමීපතයින් අතර කෙනෙකු විය. එමෙන්ම මතු ලොවෙහි ඔහුට යහපත් නවාතැනක් ඇත.

38:26Page 454

يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ ٢٦

[We said], "O David, indeed We have made you a successor upon the earth, so judge between the people in truth and do not follow [your own] desire, as it will lead you astray from the way of Allāh." Indeed, those who go astray from the way of Allāh will have a severe punishment for having forgotten the Day of Account.

අහෝ දාවූද්! ආගමික මෙන්ම ලෞකික තීන්දු තීරණ මිනිසුන් අතර ක්රියාත්මක කිරීම සඳහා මහපොළොවේ පාලකයකු බවට සැබවින්ම අපි ඔබව පත් කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙනු. ජනයා අතර ඔබ දෙන තීන්දුවෙහි ඥාතීත්වය හෝ සමීපත්වය පදනම් කර ගෙන වාදී ප්රතිවාදී යන දෙදෙනා අතරින් එක් අයකු වෙතට නැඹුරු වීම හෝ සතුරුකම හේතුවෙන් ඔහුගෙන් වෙනතට යොමු වීම වැනි කාරණා තුළින් ආශාවන් අනුගමනය නොකරනු. එවිට එම ආශාවන් අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ඔබව නොමග යවනු ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් නොමග යන්නේ ද ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කර දැමූ හේතුවෙන් බලවත් දඬුවමක් හිමි වනු ඇත. ඔවුන් ඔහු සිහිපත් කරමින් හා ඔහුට බියෙන් පසුවන්නේ නම් ඔවුන්ගේ ආශාවන් සමග ඔවුන් නැඹුරු නොවනු ඇත.

38:27Page 455

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ ٢٧

And We did not create the heaven and the earth and that between them aimlessly. That is the assumption of those who disbelieve, so woe to those who disbelieve from the Fire.

අහස් හා මහපොළොව නිකරුණේ අපි නොමැව්වෙමු. එය දේව ප්රතික්ෂේපකයින්ගේ සිතුවිල්ලය. අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිල්ලක හා දේව ප්රතික්ෂේපය මත පදනම්ව මෙවන් සිතුවිල්ලක් සිතන දේව ප්රතික්ෂේපකයින් වනාහි ඔවුන් මිය යැදුණු විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපාගින්නේ දඬුවමින් ඔවුනට විනාශක්ම වනු ඇත!

38:28Page 455

أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ ٢٨

Or should We treat those who believe and do righteous deeds like corrupters in the land? Or should We treat those who fear Allāh like the wicked?

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නන් මෙන් අපි කිසිවිටෙක පත් නොකරන්නෙමු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බැතිමත් ව කටයුතු කළවුන් පාපයේ ගිළුණු දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් මෙන් කිසිවිටෙක අපි පත් නොකරන්නෙමු. සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර සමාන කොට බැලීම වරදකි. එය උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට සුදුසු නොවන්නකි. බියබැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ප්රවේශ කිරීමෙන් අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. අභාග්යවන්ත දේව ප්රතික්ෂේපකියන් අපා ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුනට දඬුවම් කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් අබියස සමාන නොවන බැවිණි. එමෙන්ම ඔවුන්ගේ ප්රතිඵලද ඔහු අබියස සමාන නොවෙයි.

38:29Page 455

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٩

[This is] a blessed Book which We have revealed to you, [O Muḥammad], that they might reflect upon its verses and that those of understanding would be reminded.

සැබවින්ම නුඹ වෙත අප පහළ කළ මෙම අල් කුර්ආනය මිනිසා පරිශීලනය කර එහි අර්ථයන් පිළිබඳ සිතා බලනු පිණිසත්, දීප්තිමත් මනසක් ඇත්තවුන් එමගින් ප්රයෝජනය ලබන අධික යහපත හා ප්රයෝජන සහිත පුස්තකයකි.

38:30Page 455

وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ ٣٠

And to David We gave Solomon. An excellent servant, indeed he was one repeatedly turning back [to Allāh].

අපි දාවුද්ට අපගෙන් වූ ආශිර්වාදයක් ලෙසත් ඔහුගේ දෑස් පිනවන භාග්යයක් ලෙසත් ඔහුගේ පුත් සුලෙයිමාන්ව පිරිනැමුවෙමු. දේව ගැති සුලෙයිමාන් යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරතව අල්ලාහ් වෙත යොමු වන, ඔහු වෙත නැඹුරු වන කෙනෙකු විය.

38:31Page 455

إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّٰفِنَٰتُ ٱلۡجِيَادُ ٣١

[Mention] when there were exhibited before him in the afternoon the poised [standing] racehorses.

සවස් කාලයේ ඔහු වෙත වේගයෙන් දිව යන, වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබූ අවස්ථාව නුඹ මෙනෙහි කර බලනු. උන් කකුල් තුනකින් සිට ගෙන සිව්වැනි කකුල ඔසවා ගෙන සිටීය. හිරු අවරට යන තෙක්ම එම වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබීය.

38:32Page 455

فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ ٣٢

And he said, "Indeed, I gave preference to the love of good [things] over the remembrance of my Lord until it [i.e., the sun] disappeared into the curtain [of darkness]."

සුලෙයිමාන්: ‘හිරු අවරට යන තෙක්ම මාගේ පරමාධිපති මා මෙනෙහි කිරීමට වඩා සම්පතට ඇති ඇල්ම මට බලපා ඇත. - ඒ අතරින් මෙම අශ්වයින්ද වෙති- තවද අසර් සලාතයෙන් ද මා ප්රමාද වූයෙමි.

38:33Page 455

رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ ٣٣

[He said], "Return them to me," and set about striking1 [their] legs and necks.

එම අශ්වයින් නුඹලා නැවත මා වෙත ගෙන එනු. එවිට ඔවුහු ඒවා ඔහුට නැවත ගෙනැවිත් දුන්නෝය. පසු ව ඔහු කඩුවෙන් උන්ගේ කෙණ්ඩ හා උන්ගේ ගෙලවල්වලට පහර දෙන්නට පටන් ගත්තේය.

38:34Page 455

وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ ٣٤

And We certainly tried Solomon and placed on his throne a body;1 then he returned.2

සැබැවින්ම අපි සුලෙයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. ඔහුගේ රාජාසනය මත මිනිස් වෙසින් ෂෙයිතානුවකු අපි හෙළුවෙමු. ඔහුගේ පාලනය තුළ ටික කලක් පාලනය වීමෙන් පසු ව සුලෙයිමාන්ට ඔහුගේ රාජ්යය අල්ලාහ් නැවත දුන්නේය. ඔහු ෂෙයිතානුන් මත ඔහු ව ආධිපත්යය දරන්නට සැලැස්වීය.

38:35Page 455

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ ٣٥

He said, "My Lord, forgive me and grant me a kingdom such as will not belong to anyone after me. Indeed, You are the Bestower."

මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මගෙන් පසු කිසිදු මිනිසෙකුට හිමි නොවන මට පමණක් සුවිශේෂී වූ රාජ්යයක් මා වෙත පිරිනමනු මැනව. මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ අධික ලෙස සම්පත් දානය කරන මහා පරිත්යාගශීලීය.

38:36Page 455

فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ ٣٦

So We subjected to him the wind blowing by his command, gently, wherever he directed,

අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුගේ නියෝගය අනු ව මෘදු ලෙස සුළඟ පාලනය කළ හැකි පරිදි එය ඔහුට වසඟ කර දුනිමු. එහි ඇති බලය හා ගමන් වේගය සමග එහි බාධාවක් ඇති නොවීය. ඔහු සිතන පරිදි එය ඔහු උසුලාගෙන යයි.

38:37Page 455

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ ٣٧

And [also] the devils [of jinn] - every builder and diver

ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වන ෂෙයිතානුන් ද අපි ඔහුට වසඟ කර දුනිමු. ඔවුන් අතරින් ගොඩනැගිලි ඉදි කරන්නන් ද මුහුදෙහි කිමිද ගොස් මුතු සොයා මතු කර ගන්නන් ද විය.

38:38Page 455

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ ٣٨

And others bound together in irons.

ෂාතානුන් අතර ප්රචණ්ඩකාරීන් ද ඔහුට වසඟ කර දෙනු ලැබීය. ඔවුන් යදම් තුළ බැඳ දමනු ලැබූවෝ වූ අතර ඔවුනට සෙලවෙන්නට පවා නොහැකි විය.

38:39Page 455

هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ ٣٩

[We said], "This is Our gift, so grant or withhold without account."

අහෝ සුලෙයිමාන්! මෙය ඔබ අපෙන් ඉල්ලූ පරිදි අපි ඔබටට පිරිනැමූ දෑය. ඔබ කැමති දේ පිරිනමනු. ඔබ කැමති දෑ වළක්වා ගනු. පිරිනැමීමෙහි හා වැළකීමෙහි නුඹ විනිශ්චය කරනු නොලබන්නේමය.

38:40Page 455

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ٤٠

And indeed, for him is nearness to Us and a good place of return.

සැබැවින්ම සුලෙයිමාන් අප අතරට සමීපවූවන් අතරින් කෙනෙකු විය. ඔහු වෙත යොමු කරනු ලබන දැහැමි ස්ථානයක් ඔහු සතු වනු ඇත. එය ස්වර්ග උයනයි.

38:41Page 455

وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ ٤١

And remember Our servant Job, when he called to his Lord, "Indeed, Satan has touched me with hardship and torment."

අහෝ දූතය! අපගේ ගැත්තෙකු වන අය්යූබ් අලයිහිස් සලාම් තුමා ‘සැබවින්ම වේදෙනා සහගත පීඩාකාරී කරුණකින් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ’යි තම පරමාධිපති වන අල්ලාහ්ට ප්රාර්ථනා කළ අවස්ථාව මෙනෙහි කර බලනු.

38:42Page 455

ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ ٤٢

[So he was told], "Strike [the ground] with your foot; this is a [spring for a] cool bath and drink."

‘ඔබේ පාදයෙන් පොළොවට ගසනු.’ යැයි අපි ඔහුට පැවසුවෙමු. එවිට ඔහු තම පාදයෙන් පොළොවට ගැසීය. එමගින් පානය කිරීමට, ස්නානය කිරීමට හා එමගින් ඔහුට අත් වූ වේදනාව හා පීඩාව ඉවත් කිරීමට හැකි ජලය ඔහු වෙනුවෙන් මතු කරනු ලැබීය.

38:43Page 456

وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٤٣

And We granted him his family and a like [number] with them as mercy from Us and a reminder for those of understanding.

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුට අත් වූ උවදුර අපි ඉවත් කළෙමු. ඔහුගේ පවුල ඔහුට පිරිනැමුවෙමු. ඔහු කෙරෙහි අපගේ ආශිර්වාදයක් හා ඔහුගේ ඉවසීම වෙනුවෙන් ඔහුට ප්රතිඵලයක් ලෙසින් ඔවුන් මෙන්ම දරු මුණුබුරන් ද අපි ඔහුට අධිකව පිරිනැමුවෙමු. සැබැවින්ම ඉවසීමෙහි අවසන් ප්රතිඵලය මිදීම හා කුසල් ලැබීම යන්න මනා බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිසය.

38:44Page 456

وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ ٤٤

[We said], "And take in your hand a bunch [of grass] and strike with it and do not break your oath."1 Indeed, We found him patient, an excellent servant. Indeed, he was one repeatedly turning back [to Allāh].

අය්යූබ් තුමා තම බිරිය කෙරෙහි කෝප වූ අවස්ථාවේ කස පහරවල් සියයක් ඇයට ගසන බව දිවුරා සිටියේය. අපි ඔහුට, "අහෝ අය්යූබ්! ඔබේ දිවුරුම යහපත් වනු පිණිස අතින් පිදුරු මිටියක් ගෙන ඇයට ගසනු. ඔබ කවර කරුණක් දිවුරා සිටියේද එම දිවුරුමෙහි නුඹ කඩ නොකරනු. පසු ව ඔහු පිදුරු මිටියක් ගෙන එමගින් ඇයට පහර දුන්නේය. කවර කරුණක් සම්බන්ධයෙන් අපි ඔහු පරීක්ෂාවට ලක් කළෙමු ද එහි ඔහු ඉවසිලිවන්තයෙකු ලෙස අපි ඔහු දුටුවෙමු. දේව ගැති ඔහු යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ් වෙත යොමු වන්නෙකු හා නැඹුරු වන්නෙකු විය.

38:45Page 456

وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ ٤٥

And remember Our servants, Abraham, Isaac and Jacob - those of strength and [religious] vision.

අහෝ දූතය! අපි තෝරාගත් අපගේ ගැත්තන් වන දිව්ය පණිවිඩ සමග අප එවූ අපගේ දූතවරුන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කර බලනු. සැබවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ තෘප්තිය ග්රහණය කිරීමෙහි ඉතා බලවත් පුද්ගලයෝ වූහ. එමෙන්ම සත්යයේ සත්ය දැක්මක් ඇති පුද්ගලයෝ වූහ.

38:46Page 456

إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ ٤٦

Indeed, We chose them for an exclusive quality: remembrance of the home [of the Hereafter].

සැබවින්ම අපි ඔවුනට විශේෂිත දෙයක් පිරිනැමුවෙමු. එමගින් අපි ඔවුන් විශේෂිත බවට කළෙමු. එය ඔවුන්ගේ හදවත මතුලොව පිළිබඳ මෙනෙහි කිරීමෙන් ප්රතිනිර්මාණය කිරීම ඒ වෙනුවෙන් දැහැමි ක්රියා කොට සූදානම් වීම හා ඒ වෙනුවෙන් ක්රියා කිරීමට ජනයා ඇරයුම් කිරීම වේ.

38:47Page 456

وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ ٤٧

And indeed they are, to Us, among the chosen and outstanding.

තවද අප අබියස අපට අවනතවීම සඳහාත් අපට ගැතිකම් කිරීම සඳහාත් අපි තෝරාගත් අය අතරින් සැබවින්ම ඔවුන් ද වනු ඇත. අපගේ දූත පණිවිඩය ඉසිලීමටත් එය ජනයාට දන්වා සිටීමටත් අපි ඔවුන් තෝරා ගත්තෙමු.

38:48Page 456

وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ ٤٨

And remember Ishmael, Elisha and Dhul-Kifl, and all are among the outstanding.

අහෝ නබිවරය! ඉබ්රාහීම්ගේ පුත් ඉස්මාඊල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. එමෙන්ම අල් යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. යහපත් පැසසුමකින් ඔවුන් අගය කරනු. ඔවුන් එයට සුදුසු පුද්ගලයෝ වෙති. මේ සෑම කෙනෙකුම අල්ලාහ් අබියස තෝරාගනු ලැබු විශිෂ්ඨයින් වෙති.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском