Al-Mukhtasar · Tafsir · in Sinhala
Sad 38:49–88
38:49Page 456
هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ ٤٩
This is a reminder. And indeed, for the righteous is a good place of return -
මෙය ඔවුන් ගැන අලංකාර ලෙස පැසසුමට ලක් කරමින් සඳහන් කරන ලද අල් කුර්ආනයෙහි වූ මෙනෙහි කිරීමකි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් කටයුතු කළවුන්ට මතුලොව නිවහනෙහි යහපත් නවාතැනක් ඇත.
38:50Page 456
جَنَّٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ ٥٠
Gardens of perpetual residence, whose doors will be opened to them.
මෙසේ යොමු වන අලංකාර නවාතැන වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ප්රවේශ වන සදාතනික ස්වර්ග උයන් වෙති. ඒවායෙහි දොරටු ඔවුන් සැමරීම සඳහා විවෘත කරනු ලබනු ඇත.
38:51Page 456
مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ ٥١
Reclining within them, they will call therein for abundant fruit and drink.
අලංකරණය කරන ලද කවිච්චි මත හාන්සිවෙමින් ඔවුන් ප්රිය කරන විවිධ වර්ගයේ අධික පලතුරු හා ඔවුන් ප්රිය කරන මධු හා වෙනත් බීම වර්ග ඔවුනට පිළිගන්වන මෙන් ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටිති.
38:52Page 456
۞ وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ ٥٢
And with them will be women limiting [their] glances1 and of equal age.
ඔවුන් අබියස ඔවුන්ගේ සහකරුවන්ට දමිත බැල්ම හෙළන ලලනාවෝ සිටිති. ඔවුන් වෙනත් අය වෙත කැප නොවූ අය වෙති. එමෙන්ම සම වයසේ පසුවන්නෝ වෙති.
38:53Page 456
هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ ٥٣
This is what you, [the righteous], are promised for the Day of Account.
අහෝ දේව භක්තිකයිනි! මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබන බව ප්රතිඥා දෙනු ලැබූ යහපත් ප්රතිඵල මෙය වේ.
38:54Page 456
إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ٥٤
Indeed, this is Our provision; for it there is no depletion.
අපි පෝෂණය කරන බවට මෙනෙහි කළ මෙම ප්රතිඵල මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව භක්තිකයින් වෙත පිරිනමන්නෙමු. එය සදාතනික පෝෂණයකි. එයට කප්පාදුවීමක් හෝ අවසානයක් හෝ නැත.
38:55Page 456
هَٰذَاۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٖ ٥٥
This [is so]. But indeed, for the transgressors is an evil place of return -
අප සඳහන් කළ මෙය දේව භක්තිකයින්ගේ ප්රතිඵලයි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ට, දේව භක්තිකයින්ට සතු කුසලට ප්රතිවිරුද්ධ ප්රතිඵල වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් යොමුවන ස්ථානය නපුරු ස්ථානයකි.
38:56Page 456
جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ ٥٦
Hell, which they will [enter to] burn, and wretched is the resting place.
මෙම ප්රතිවිපාකය නිරයයි. එය ඔවුන් ග්රහණය කරනු ඇත. ඔවුන් එහි උණුසුම හා එහි ගිනිදැල් විඳිනු ඇත. ඒවායින් ඇතරිලි ද ඇත. ඇතිරිලි අතරින් ඔවුන්ගේ ඇතරිලි ඉතා නපුරු විය.
38:57Page 456
هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ ٥٧
This - so let them taste it - is scalding water and [foul] purulence.
මෙම දඬුවම වනාහි උපරිමයෙන්ම උණු කරන ලද ජලයයි. නිරයේ දඬුවම් විඳින නිරාවාසීන්ගේ ශරීරවලින් ගලනා සැරවයි. එහෙයින් ඔවුන් එය පානය කරනු ඇත. එය පිපාසය නොනිවෙන ඔවුන්ගේ පානයකි.
38:58Page 456
وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ ٥٨
And other [punishments] of its type [in various] kinds.
එම දඬුවමෙහි ස්වරූපයෙන් වන වෙනත් දඬුවම් ද ඔවුනට හිමිය. මතුලොවෙහි ඔවුන් දඬුවම් ලබන විවිධ වර්ගයේ දඬුවම් ද ඔවුනට ඇත.
38:59Page 456
هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ ٥٩
[Its inhabitants will say], "This is a company bursting in with you. No welcome for them. Indeed, they will burn in the Fire."
නිරා වාසීන් පිවිසුණු විට ඔවුන් අතර දොස් නගමින් වාද කර ගැනීම ඇති වන්නේය. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් ඉවත් වන්නට බලති. ඇතැමෙකු ‘නිරා වැසියන් අතරින් වූ මෙම පිරිස නුඹලා සමගම අපා ගින්නට පිවිසෙන්නන් වෙති.’ යැයි පවසති. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. අප මැණ ඇති අයුරින් නිරා ගින්නේ දඬුවමින් සැබැවින්ම ඔවුන් මණිනු ලබන්නෝ වෙති.
38:60Page 456
قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ ٦٠
They will say, "Nor you! No welcome for you. You, [our leaders], brought this upon us, and wretched is the settlement."
අනුගමනය කරනු ලැබූ තම නායකයින් දෙස බලා අනුගමනය කළ පිරිස: ‘අනුගමනය කරනු ලැබූ ප්රධානියනි! නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. නුඹලා අප නොමග යවමින් අප රවටමින් මෙම වේදනීය දඬුවම අපට හේතුවක් කර දුන්නේ නුඹලාය. මෙම ස්ථානය නපුරුම ස්ථානයක් විය. ඔවුන් සියලු දෙනාගේ ස්ථානය මෙයයි. එය අපා ගින්නයි.
38:61Page 456
قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ ٦١
They will say, "Our Lord, whoever brought this upon us - increase for him double punishment in the Fire."
පිළිපැද්දාවූ එම අනුගාමිකයෝ: ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත යහමග පැමිණි පසු ව ඉන් අප නොමග යැවූ අයවලුනට නිරයේ ඔහුගේ දඬුවම දෙගුණයක් බවට පත් කරනු.’ යැයි පවසති.
38:62Page 457
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ ٦٢
And they will say, "Why do we not see men whom we used to count among the worst?1
අහංකාරකම් පෑ අපරාධකරුවෝ, ‘දඬුවමට සුදුසුකම් ලබන අභාග්යවන්තයින් යැයි මෙලොවෙහි අපි ගණන් ගනිමින් සිටි පුද්ගලයින් අප සමඟ නිරයේ අපි නොදකිනුයේ මන්දැ?’යි විමසා සිටිති.
38:63Page 457
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ ٦٣
Is it [because] we took them in ridicule, or has [our] vision turned away from them?"
අප ඔවුනට කළ අපගේ හාස්යය හා අපගේ සරදම වැරදී, ඔවුන් දඬුවමට සුදුසුකම් නොලැබුවෝ ද? එසේ නැතහොත් සැබැවින් ඔවුනට අප කළ සරදම නිවැරදි වී ඔවුන් නිරයට පිවිසී අපගේ දෑසට ඔවුන් හසු නොවී ද?
38:64Page 457
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ ٦٤
Indeed, that is truth [i.e., reality] - the quarreling of the people of the Fire.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින් අතර පවතින ඔවුන්ගේ වාදය ගැන අපි නුඹලාට මෙනෙහි කළ මෙය, කිසිදු සැකයක් හෝ මුසුවක් හෝ නොමැති සැබෑවකි.
38:65Page 457
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٦٥
Say, [O Muḥammad], "I am only a warner, and there is not any deity except Allāh, the One, the Prevailing,1
අහෝ මුහම්මද්! නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට මෙසේ පවසනු. ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නෙකු පමණි. සුවිශුද්ධ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙකු දකින්නට නැත. ඔහුගේ බලය, ඔහුගේ ගුණය හා ඔහුගේ නාමවල ඔහු වෙනමම පැවැත්මක් ඇත්තෙකි. එහෙයින් ඔහු සියලු දෑ මඩලන බල පරාක්රමයාය. සෑම දෙයක්ම ඔහුට යටත්ය.
38:66Page 457
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٦٦
Lord of the heavens and the earth and whatever is between them, the Exalted in Might,1 the Perpetual Forgiver."2
ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ ද පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. ඔහුගේ රාජ්යය තුළ ඔහු ව කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන් සඳහා අති ක්ෂමාශීලීය.
අහෝ දූතය! එම බොරුකාරයින්හට, ‘සැබවින්ම අල් කුර්නආය අතිමහත් කරුණකින් යුත් පණිවිඩයකි’ යැයි පවසනු.
අති මහත් කරුණ සහිත මෙම පණිවිඩය නුඹලා ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස නුඹලා හැරී නොබලති.
38:69Page 457
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ ٦٩
I had no knowledge of the exalted assembly [of angels] when they were disputing [the creation of Adam].
ආදම් මැවීමේ කරුණ පිළිබඳ මලක්වරුන් අතර හුවමාරු වූ කතාව අල්ලාහ් මට දන්වා එය මට උගන්වා නොදුන්නේ නම් ඒ ගැන කිසිදු දැනුමක් මාහට නොවීය.
38:70Page 457
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٧٠
It has not been revealed to me except that I am a clear warner."
සැබැවින්ම අල්ලාහ් මා වෙත දිව්ය පණිවිඩ පහළ කර ඇත්තේ ඔහු මා වෙත දැන්විය යුතු දෑ පමණය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලි ලෙස අවවාද කරන්නෙකු වන බැවිණි.
38:71Page 457
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ ٧١
[So mention] when your Lord said to the angels, "Indeed, I am going to create a human being from clay.
‘සැබවින්ම මම පසින් මිනිසෙකු මවන්නට යමි. ඔහු ආදම්(අලයිහිස් සලාම්) වේ’ යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්හට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
38:72Page 457
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٧٢
So when I have proportioned him and breathed into him of My [created] soul,1 then fall down to him in prostration."
ඔහුගේ ස්වරූපය සකසා ඔහුගේ හැඩය විධිමත් කොට මාගේ ප්රාණයෙන් ඔහු තුළ මා පිඹූ විට නුඹලා ඔහුට හිස පහත් කොට ආචාර කරනු.
38:73Page 457
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ٧٣
So the angels prostrated - all of them entirely,
මලක්වරුන් තම පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දෝය. ඔවුන් සියලු දෙනාම ගෞරව කිරීමේ ආචාරයක් ලෙස සිරස නමා ආචාරය කළෝය. ඔවුන් අතර ආදම්ට සිරස නමා ආචාර නොකළ කිසිවකු නොවීය.
38:74Page 457
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ٧٤
Except Iblees;1 he was arrogant and became among the disbelievers.
නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. දේව ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය.
38:75Page 457
قَالَ يَٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ ٧٥
[Allāh] said, "O Iblees, what prevented you from prostrating to that which I created with My hands?1 Were you arrogant [then], or were you [already] among the haughty?"
"අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මැවූ ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් නුඹව වළක්වාලීයේ කුමක්ද? එසේ ආචාර කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ උඩඟුකම ද එසේ නැතහොත් මීට පෙර නුඹේ පරමාධිපතිට වඩා ඉහළින් අහංකාරයෙන් නුඹ වැජඹුණෙහි ද?" යැයි අල්ලාහ් විමසුවේය.
38:76Page 457
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ٧٦
He said, "I am better than him. You created me from fire and created him from clay."
ඉබ්ලීස්: ‘මම ආදම්ට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මවා ඇත්තේ පසිනි. ඔහුගේ විශ්වාසය අනුව සැබැවින්ම ගින්න පසට වඩා ශ්රේෂ්ඨ වස්තුවකි.’ යැයි පැවසීය.
38:77Page 457
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ ٧٧
[Allāh] said, "Then get out of it [i.e., Paradise], for indeed, you are expelled.
‘නුඹ ස්වර්ගයෙන් බැහැරට යනු. සැබැවින්ම නුඹ දෝශාරෝපණයට ලත් ශාප කරනු ලැබූවෙකි’ යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය.
38:78Page 457
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٧٨
And indeed, upon you is My curse until the Day of Recompense."
ප්රතිඵල පිරිනමනු ලබන දිනය දක්වා නුඹට එරෙහි ව ස්වර්ගයෙන් නෙරපීමක් ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
38:79Page 457
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٧٩
He said, "My Lord, then reprieve me until the Day they are resurrected."
ඉබ්ලීස් ‘එසේ නම්, නුඹ මට කල් දෙනු. නුඹේ ගැත්තන් යළි අවදි කරනු ලබන දිනය දක්වා මා මරණයට පත් නොකරනු’ යැයි පැවසීය.
38:80Page 457
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٨٠
[Allāh] said, "So indeed, you are of those reprieved
සැබැවින්ම නුඹ කල් දෙනු ලැබූ අය අතරින් යැයි අල්ලාහ් පැවසීය.
නුඹව විනාශ කිරීමට නියම කරන ලද නිශ්චිත වේලාවේ දිනය දක්වා.
38:82Page 457
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٨٢
[Iblees] said, "By Your might, I will surely mislead them all
"ඔබේ ශක්තිය හා ඔබේ බලාධිකාරයේ නාමයෙන් දිවුරා සිටිමි. සැබැවින්ම ආදම්ගේ දරුවන් සියලු දෙනා මම නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසීය.
නමුත් මාගේ නොමග හැරීමෙන් නුඹ රැකවරණය දුන් අය හැර. ඔබට පමණක් නමදින්නට මම ඔහු මුදා හරිමි.
38:84Page 458
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ ٨٤
[Allāh] said, "The truth [is My oath], and the truth I say -
උත්තරීතර අල්ලාහ්, ‘මෙම සත්ය ප්රකාශය මගෙන් වූවකි. එම සත්යයම මම පවසමි. ඒ හැර වෙනත් දෙයක් නොපවසමි.’ යැයි පැවසීය.
38:85Page 458
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ ٨٥
[That] I will surely fill Hell with you and those of them that follow you all together."
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි.
38:86Page 458
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ ٨٦
Say, [O Muḥammad], "I do not ask you for it [i.e., the Qur’ān] any payment, and I am not of the pretentious.
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මා නුඹලාට දැනුම් දෙන උපදෙස් සඳහා කිසිදු කුලියක් නොඉල්ලමි. මට අණ කරනු ලැබූ දෑට අමතර දෙයක් ගෙනැවින් (නුඹලා) අපහසුතාවයට ලක් කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි.
අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත.
38:88Page 458
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ ٨٨
And you will surely know [the truth of] its information after a time."
නුඹලා මරණාසන්න අවස්ථාවේ මෙම කුර්ආනයේ පුවත සත්යය බව සැබවින්ම නුඹලා දැන ගන්නෙහුය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences