Al-Mukhtasar · Tafsir · in Sinhala
Ghafir 40:83–85
40:83Page 476
فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨٣
And when their messengers came to them with clear proofs, they [merely] rejoiced in what they had of knowledge, but they were enveloped by what they used to ridicule.
ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ඔවුහු ඒවා බොරු කළෝය. ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ එම කරුණු වෙනුවට ඔවුන් සතු ව තිබූ වැඩකට නැති දැනුම පිළිපදිමින් ඒ ගැන තෘප්තිමත් වූහ. ඔවුන්ගේ දූතවරුන් කවර දඬුවමක් ගැන ඔවුනට අවවාද කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිටි දඬුවම ඔවුනට පහළ විය.
40:84Page 476
فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ ٨٤
And when they saw Our punishment, they said, "We believe in Allāh alone and disbelieve in that which we used to associate with Him."
අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි, පිළිගැනීම ඔවුනට ප්රයෝනජවත් නොවන අවස්ථාවේ එය පිළිගනිමින්, “අපි අල්ලාහ් ව පමණක් විශ්වාස කළෙමු. ඔහු හැර අපි නමදිමින් සිටි හවුල් කරුවන් හා පිළිම ප්රතික්ෂේප කළෙමු.” යැයි පවසා සිටියහ.
40:85Page 476
فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ٨٥
But never did their faith benefit them once they saw Our punishment. [It is] the established way of Allāh which has preceded among His servants. And the disbelievers thereupon lost [all].
අපගේ දඬුවම ඔවුනට පහළ වීම ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දඬුවම දෑසින් දකින කළ ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන බවට වූ අල්ලාහ්ගේ න්යායය තීන්දු කරනු ලැබූවකි. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශය ගෙන දෙන සාධක ගෙන අවුත් දඬුවම දෑසින් දැකීමට පෙර ඒවා ගැන පාප ක්ෂමාව නොඇයද සිටි විටෙක ඔවුනට දඬුවම පහළ වීමෙන් ඔවුහු පරාජයට පත් වූහ.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences