Al-Mukhtasar · Tafsir · in Sinhala
Ash-Shuraa 42:39–53
42:39Page 487
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ ٣٩
And those who, when tyranny strikes them, they retaliate [in a just manner].1
තවද ඔවුනට යම් අයුක්තියක්, අසාධාරණයක් අත් වූ විට ඔවුන් ගෞරවනීය ලෙස ජය ලබති. අපරාධක කරන්නා සමාව ලබන්නට සුදුසු නොවන කෙනෙකු වූ විට, එම උදව් ලැබීම තහවුරු වන්නේය. විශේෂයෙන්ම සමාව දීමෙහි යහපතක් නොමැති වූ විටෙක.
42:40Page 487
وَجَزَٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ٤٠
And the retribution for an evil act is an evil one like it, but whoever pardons and makes reconciliation - his reward is [due] from Allāh. Indeed, He does not like wrongdoers.
කවරෙකු හෝ ඔහුගේ අයිතිය ලබන්නට අපේක්ෂා කරන්නේ ද ඔහුට එම අයිතිය ඇත. නමුත් කිසිදු ඉක්මවීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ඒ හා සමානව විය යුතුය. එමෙන්ම කවරෙකු තමන්ට නපුරක් කළ පුද්ගලයකුට සමාව දී එම නපුර වෙනුවෙන් ඔහු ව හසු නොකර ඔහු අතර හා ඔහුගේ සහෝදරයා අතර සමතයට පත් කර ගන්නේ ද, එවිට ඔහුගේ කුසල් අල්ලාහ් අබියස පවතිනු ඇත. ජනයාගේ ජීවිත ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ මාන්යයන්හි ඔවුනට අසාධාරණකම් කරන අපරාධකරුවන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත.
42:41Page 487
وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ ٤١
And whoever retaliates after having been wronged - those have not upon them any cause [for blame].
කවුරුන් හෝ තමන් වෙනුවෙන් ජයග්රහණය කරන්නේ නම්, ඔවුන්ගේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය.
42:42Page 487
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٤٢
The cause is only against the ones who wrong the people and tyrannize upon the earth without right. Those will have a painful punishment.
අපරාධකරුවෙකු ලෙස හසු කරනුයේ දඬුවම් දෙනුයේ මිනිසුනට අපරාධ කොට මහපොළොවේ පාපකම් සිදුකරන්නන් වෙනුවෙනි. ඔවුනට මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඇත.
42:43Page 487
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ٤٣
And whoever is patient and forgives - indeed, that is of the matters [worthy] of resolve.1
වෙනත් කෙනෙකු තමන්ට කළ හිංසාවන් සම්බන්ධයෙන් කවරෙකු ඉවසීමෙන් කටයුතු කර ඔහුට සමාව දෙන්නේ ද, සැබැවින්ම එම ඉවසීම ඔහුටත් සමාජයටත් යහපත ගෙන දෙනු ඇත. එය ප්රශංසනීය කටයුත්තකි. ඒ සඳහා එකඟ වනුයේ මහත් භාග්යයක් ඇත්තන් පමණය.
42:44Page 487
وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ ٤٤
And he whom Allāh sends astray - for him there is no protector beyond Him. And you will see the wrongdoers, when they see the punishment, saying, "Is there for return [to the former world] any way?"
අල්ලාහ් කවරෙකු ව යහමග ලැබීමෙන් ඉවත් කළේ ද එවිට සත්යයෙන් මුළාවන්නට ඔහු ඔහුට ඉඩ හරියි. එවිට ඔහුගෙන් පසුව ඔහුගේ කටයුතු භාරගන්නට කිසිදු භාරකරුවකු නොවනු ඇත. දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දඬුවම දෑසින් දකින විට ඔවුන් ප්රාර්ථනා කරමින්, ‘මෙලොවට නැවත හැරී යන්නට මාර්ගයක් තිබිය යුතු නොවේද? එවිට අපි අල්ලාහ් වෙත සමාව අයැද හැරෙන්නෙමු’ යැයි පවසා සිටිනු නුඹ දකිනු ඇත.
42:45Page 488
وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ ٤٥
And you will see them being exposed to it [i.e., the Fire], humbled from humiliation, looking from [behind] a covert glance. And those who had believed will say, "Indeed, the [true] losers are the ones who lost themselves and their families on the Day of Resurrection. Unquestionably, the wrongdoers are in an enduring punishment."
අහෝ දූතය! මෙම අපරාධකරුවන් නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන විට, ඒ ගැන ඇති බිහිසුණු බිය හේතුවෙන් ඔවුන් අවමානයෙන් හා අපහාසයෙන් යුතුව ජනයා වෙත හොර රහසින් බලනු නුඹ දකිනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන්, ‘සැබැවින්ම සැබෑ පරාජිතයින් වනුයේ තමන්ට හා තම පවුලේ උදවියට පරාජය ගෙන දුන් අයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමට ඔවුන් මුහුණ දෙන්නට සිදුවන හේතුවෙන් ඇතිවන පරාජයයි. දැනගනු! සැබැවින්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකරගත්තවුන් කිසිවිටෙක නිමක් නැති සදා දඬුවමෙහි පසුවනු ඇත.
42:46Page 488
وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ ٤٦
And there will not be for them any allies to aid them other than Allāh. And whoever Allāh sends astray - for him there is no way.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගෙන, ඔවුනට උදව් කරන භාරකරුවන් ඔවුනට නොවනු ඇත. අල්ලාහ් කවරෙකු සත්යයෙන් පහත් කරන්නේ ද ඔහු නොමග යන්නට හරියි. එවිට සත්යය වෙත මග පෙන්වීමට කිසිදු මාර්ගයක් ඔහුට අත් නොවනු ඇත.
42:47Page 488
ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ ٤٧
Respond to your Lord before a Day comes from Allāh of which there is no repelling. No refuge will you have that Day, nor for you will there be any denial.1
අහෝ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා කල් දැමීමෙන් තොර ව යුහුසුළු ව ඉටු කිරීම සඳහා අල්ලාහ්ට ප්රතිචාර දක්වනු. සැබැවින්ම එය පැමිණි විට එය වළක්වන්නෙකු නැත. නුඹලාට සරණ පතන්නට සරණාගත ස්ථානයක් ද නුඹලාට නැත. මෙලොවෙහි නුඹලා උපයා ගත් නුඹලාගේ පාපයන් හෙළා දකින්නාක් මෙන් හෙළා දැකීමක් ද නැත.
42:48Page 488
فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ ٤٨
But if they turn away - then We have not sent you, [O Muḥammad], over them as a guardian; upon you is only [the duty of] notification. And indeed, when We let man taste mercy from Us, he rejoices in it; but if evil afflicts him for what his hands have put forth, then indeed, man is ungrateful.
මා කවර කරුණක් ඔවුනට නියෝග කර සිටියේ ද ඔවුන් එය ප්රතික්ෂේප කළේ නම්, අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කරන ආරක්ෂකයෙකු ලෙස නුඹ ව අපි ඔවුන් වෙත එවා නැත. මා කවර කරුණක් දන්වා සිටින මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස නුඹ වෙත වෙනත් වගකීමක් නැත. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත පවතින්නකි. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයක් ලෙස පොහොසත්කමක් හෝ සැපතක් හෝ එවන් යම් සම්පතක් මිනිසාට විඳින්නට සැලැස්වූ විට ඔහු ඒ ගැන සතුටු වෙයි. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් පිළිකුල් සහගත අභාග්යයක් මිනිස්වර්ගයාට අත් වූ විට සැබැවින්ම ඔවුන්ගේ ස්වභාවය වනුයේ අල්ලාහ්ගේ ආශිර්වාදයන්ට කෘතඥ නොවී ගුණමකු වීමය. යම් ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් ඔහුට නියම කර ඇති දෑ ගැන කෝප වීමය.
42:49Page 488
لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ٤٩
To Allāh belongs the dominion of the heavens and the earth; He creates what He wills. He gives to whom He wills female [children], and He gives to whom He wills males.
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද, ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
42:50Page 488
أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ ٥٠
Or He makes them [both] males and females, and He renders whom He wills barren. Indeed, He is Knowing and Competent.
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
42:51Page 488
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ ٥١
And it is not for any human being that Allāh should speak to him except by revelation or from behind a partition or that He sends a messenger [i.e., angel] to reveal, by His permission, what He wills. Indeed, He is Most High and Wise.
දිව්යමය පණිවිඩයකින් හෝ වෙනත් අයුරකින් හෝ මිස අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට හෝ ඔහුගේ ප්රකාශයට සවන් දෙන අයුරින් හෝ ඔහු ව දකින අයුරින් කතා කිරීමට හෝ ජිබ්රීල් මෙන් දේව දූතයකු ඔහු වෙත එවීමෙන් මිස, මිනිසා අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට සුදුසු නොවීය. දේව පණිවිඩ දන්වා සිටින්නට අල්ලාහ් අභිමත කළ දෑ ඔහුගේ අවසරයෙන් මිනිස් දූතයා වෙත දන්වා සිටිනු ලැබේ. සැබැවින්ම ශුද්ධවන්තයාණන් ඔහුගේ පැවැත්මෙහි හා ඔහුගේ ගුණාංගයෙහි උත්තරීතරය. ඔහුගේ මැවීමෙහි, සැලැසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
42:52Page 489
وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٢
And thus We have revealed to you an inspiration of Our command [i.e., the Qur’ān]. You did not know what is the Book or [what is] faith, but We have made it a light by which We guide whom We will of Our servants. And indeed, [O Muḥammad], you guide to a straight path -
අහෝ දූතය! නුඹට පෙර සිටි නබිවරුන්හට අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන්ම අප වෙතින් වූ කුර්ආනයක් නුඹ වෙත ද අපි පහළ කළ ඇත්තෙමු. දූතවරුන්හට පහළ කරන ලද දිව්යමය පුස්තක පිළිබඳ දැනුමක් මීට පෙර නුඹ දැන නොසිටියෙහිය. දේව විශ්වාසය යනු කුමක්දැයි ද නුඹ දැන නොසිටියෙහිය. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන්නන් හට මඟ පෙන්වනු පිණිස ආලෝකයක් වශයෙන් මෙම අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය එනම් ඉස්ලාම් දහම වෙත මිනිසුනට මඟ පෙන්වන්නෙහිය.
42:53Page 489
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ٥٣
The path of Allāh, to whom belongs whatever is in the heavens and whatever is on the earth. Unquestionably, to Allāh do [all] matters evolve [i.e., return].
එය වනාහි, අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගයයි. ඒවා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙයි. සියලු කරුණු ඔහුගේ නියමය හා සැලසුම අතරට යොමු වනු ඇත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences