Al-MukhtasarAd‑Dukhan · 44:1–59

Al-Mukhtasar · Tafsir · in Sinhala

الدخان

Ad-Dukhan

The Smoke · Meccan · 59 ayahs

44:1Page 496

حمٓ ١

Ḥā, Meem.1

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

44:2Page 496

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢

By the clear Book,

සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.

44:3Page 496

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ ٣

Indeed, We sent it down during a blessed night.1 Indeed, We were to warn [mankind].

සැබැවින්ම අල් කුර්ආනය අපි කද්ර් රාත්රියේ පහළ කළෙමු. එය අධික යහපත පිරුණු රාත්රියකි. සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය තුළින් අනතුරු අඟවන්නෙමු.

44:4Page 496

فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ ٤

Therein [i.e., on that night] is made distinct1 every precise matter -

එම රාත්රිය තුළ, ආහාර සම්පත්, ආයු කාලය හා එම වසර තුළ සිදුවන අනෙකුත් කරුණු යනාදිය හා බැඳුණු සෑම තීන්දුවක්ම වෙන් කරනු ලැබේ.

44:5Page 496

أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ ٥

[Every] matter [proceeding] from Us. Indeed, We were to send [a messenger]

අප වෙතින් තීන්දු කරනු ලබන සෑම කරුණක්ම ඔවුන් වෙනුවෙන් අපි වෙන් කරන්නෙමු. සැබැවින්ම අපි දහම් දූතයින් එවන්නන් වූයෙමු.

44:6Page 496

رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦

As mercy from your Lord. Indeed, He is the Hearing, the Knowing,

අහෝ ධර්ම දූතය! කවරෙකු වෙත ධර්ම දූතවරුන් එවනු ලැබිය යුත්තේ ද ඔවුන් වෙත ධර්ම දූතවරුන් එවීම නුඹගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් විය. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් ගැන මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

44:7Page 496

رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٧

Lord of the heavens and the earth and that between them, if you would be certain.

ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. ඒ වග නුඹලා තරයේ විශ්වාස කළේ නම්, මාගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු.

44:8Page 496

لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٨

There is no deity except Him; He gives life and causes death. [He is] your Lord and the Lord of your first forefathers.

ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. ඔහු ප්රාණය දෙයි. මරණයට පත් කරයි. ඔහුගෙන් තොර ව කිසිදු ප්රාණයක් හෝ මරණයක් හෝ නැත. නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පමරාධිපති ද ඔහුය.

44:9Page 496

بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ ٩

But they are in doubt, amusing themselves.

දේව ආදේශකයෝ ඒ ගැන තරයේ විශ්වාස කරන්නන් නොවෙති. ඔවුන් මිථ්යාවේ සිටින බැවින් ඒ ගැන සැකයෙහි පසුවෙති.

44:10Page 496

فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ ١٠

Then watch for the Day when the sky will bring a visible smoke

අහෝ ධර්ම දූතය! අහසින් පැහැදිලි දුමාරයක් පැමිණ, දැඩි කුසගින්නෙන් යුතු ව ඔවුන් ඔවුන්ගේ දෑසින් එය දකින දිනයේ නුඹේ ජනයා සතු සමීප දඬුවම නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු.

44:11Page 496

يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ ١١

Covering the people; this is a painful torment.

එය නුඹේ සමූහයා ආවරණය කරයි. ‘නුඹලාට අත් වූ මෙම දඬුවම වේදනීය දඬුවමකි’ යැයි ඔවුනට පවසනු ලැබේ.

44:12Page 496

رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ ١٢

[They will say], "Our Lord, remove from us the torment; indeed, we are believers."

ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බැගෑපත් ව මෙසේ ආයාචනා කරති. ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත කවර දඬුවමක් ඔබ එව්වේ ද එයින් අප වෙනතකට යොමු කරනු මැනව! එසේ ඔබ අපව එයින් වෙනතකට යොමු කළේ නම්, සැබැවින්ම අපි ඔබ ව හා ඔබේ දූතයාණන්ව විශ්වාස කරන්නන් වෙමු.’

44:13Page 496

أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ ١٣

How will there be for them a reminder [at that time]? And there had come to them a clear Messenger.

ඔවුන් උපදෙස් ලබා ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් නැඹුරු වීම ඔවුනට කෙසේ නම් විය හැකි ද? සැබැවින්ම දූත පණිවිඩය පැහැදිලි කරමින් දූතයකු ඔවුන් වෙත පැමිණ ඇත. ඔහුගේ සත්යතාව හා ඔහුගේ වගකීම ඔවුහු හඳුනා ගෙන ඇත.

44:14Page 496

ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ ١٤

Then they turned away from him and said, "[He was] taught [and is] a madman."

පසුව ඔහුගේ සත්යතාව තහවුරු කිරීමට ඔවුහු පිටුපෑවෝය. ඔහු ගැන මෙසේ පැවසුවෝය: ‘ඔහු දූතයකු නොව, වෙනත් අය උගන්වන මෙන් ගුරුවරයෙකු වේ.’ ඔහු ගැන තවත් පිරිසක් ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පැවසූහ.

44:15Page 496

إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ ١٥

Indeed, We will remove the torment for a little. Indeed, you [disbelievers] will return [to disbelief].

සැබැවින්ම අපි නුඹලාගෙන් දඬුවම සුළු වශයෙන් ඉවත් කරන විට සැබැවින්ම නුඹලා නැවතත් නුඹලාගේ දේව ප්රතික්ෂේපය හා නුඹලාගේ බොරු කිරීම වෙත නැවත හැරී යන්නෝය.

44:16Page 496

يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ١٦

The Day We will strike with the greatest assault, indeed, We will take retribution.

අහෝ දූතය! නුඹේ සමූහයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින් ග්රහණය කරනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටිනු. එම මහත් වූ ග්රහණය බද්ර් යුද දිනයයි. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු.

44:17Page 496

۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ ١٧

And We had already tried before them the people of Pharaoh, and there came to them a noble messenger [i.e., Moses],

සැබැවින්ම ඔවුනට පෙර අපි ෆිර්අවුන්ගේ සමූහයා ද පරීක්ෂාවට ලක් කළෙමු. අල්ලාහ්ව එකීයත්වයට පත් කරන මෙන් ද ඔහුට නමදින මෙන් ද ඇරයුම් කරමින් ගෞරවණීය අල්ලාහ්ගෙන් වූ දූතයෙකු ඔවුන් වෙත පැමිණියේය. ඔහු මූසා අලයිහිස් සලාම් තුමාය.

44:18Page 496

أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ١٨

[Saying], "Render to me the servants of Allāh.1 Indeed, I am to you a trustworthy messenger,"

මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අමතා, ‘ඉස්රාඊල් දරුවන් මා වෙනුවෙන් අතහැර දමනු. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් වෙති. නුඹලා ඔවුන් වහලුන් බවට තබා ගැනීමට නුඹලාට යුතු නොවන්නේය. සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් පැමිණි අල්ලාහ්ගේ දූතයකු වෙමි. මා නුඹලා වෙත දන්වා සිටින මෙන්, මට අණ කර ඇති දෑට මම විශ්වාසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි. එමෙන්ම වැඩි ද නොකරමි’ යැයි පවසා සිටියේය.

44:19Page 497

وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ ١٩

And [saying], "Be not haughty with Allāh. Indeed, I have come to you with clear evidence.

අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් හා ඔහුගේ ගැත්තන්හට අහංකාරකම් පෑමෙන් අල්ලාහ්ට උඩඟු නොවනු. සැබැවින්ම මම නුඹලා වෙත පැහැදිලි සාධක ගෙනැවිත් ඇත්තෙමි.

44:20Page 497

وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ ٢٠

And indeed, I have sought refuge in my Lord and your Lord, lest you stone me.1

නුඹලා මා ගල් ගසා මරා දැමීමෙන් සැබැවින් මම මාගේ මෙන්ම නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි.

44:21Page 497

وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ ٢١

But if you do not believe me, then leave me alone."

මා කවර කරුණක් ගෙන ආවේ ද එය නුඹලා සත්ය බව පිළිනොගන්නේ නම්, නුඹලා මගෙන් වෙන්ව යනු. කිසිදු නපුරක් කිරීමට මා වෙත ළං නොවනු.

44:22Page 497

فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ ٢٢

And [finally] he called to his Lord that these were a criminal people.

එවිට මූසා තම පරමාධිපතිට මෙසේ ප්රාර්ථනා කළේය. ‘සැබැවින්ම මෙම ජනයා -එනම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස- අපාරාධකාරී පිරිසකි. දඬුවම් ඉක්මන් කිරීම සඳහා ඔවුහු සුදුස්සන් වෙති."

44:23Page 497

فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ ٢٣

[Allāh said], "Then set out with My servants by night. Indeed, you are to be pursued.

එවිට තම ජනයා රාත්රියේම රැගෙන යන මෙන් අල්ලාහ් ඔහුට නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන් ලුහුබඳිනු ඇතැයි ද ඔහු ඔහුට දන්වා සිටියේය.

44:24Page 497

وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ ٢٤

And leave the sea in stillness.1 Indeed, they are an army to be drowned."

ඔහු හා ඉස්රාඊල් දරුවන් මුහු ද තරණය කළ විට එය තිබූ තත්ත්වයට අතහැර දමන බව ද නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිලී විනාශවන්නන්මය.

44:25Page 497

كَمۡ تَرَكُواْ مِن جَنَّٰتٖ وَعُيُونٖ ٢٥

How much they left behind of gardens and springs

ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන්ගේ පසුපසින් කොපමණ උයන් හා ගලා යන උල්පත් ප්රමාණයක් අතහැර දමා ගියේ ද?

44:26Page 497

وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ ٢٦

And crops and noble sites

ඔවුන්ගේ පසුපසින් කොපමණ ගොවිබිම් හා අලංකාර සභාගර්භයන් ප්රමාණයක් අතහැර දමා ගියේ ද?

44:27Page 497

وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ ٢٧

And comfort wherein they were amused.

එහි ඔවුන් විඳිමින් සිටි කොපමණ සතුටු දායක ජීවන මාර්ගයන් ඔවුන්ගේ පසුපසින් අතහැර දමා ගියේ ද?

44:28Page 497

كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ ٢٨

Thus. And We caused to inherit it another people.

නුඹලාට විස්තර කළ පරිදි ඒවා එලෙසම ඔවුනට සිදු විය. ඔවුන්ගේ උයන් ඔවුන්ගේ උල්පත් ඔවුන්ගේ ගොවිතැන් ඔවුන්ගේ නිලධරයන් වෙනත් පිරිසකට අපි උරුම කළෙමු. ඔවුන් ඉස්රාඊල්ගේ දරුවන් වූහ.

44:29Page 497

فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ ٢٩

And the heaven and earth wept not for them, nor were they reprieved.

ෆිර්අවුන් හා ඔහුගේ ජනයා දියේ ගිල්වනු ලැබූ විට අහස් හෝ මහපොළොව හෝ ඔවුන් වෙනුවෙන් හඬා වැළපුණේ නැත. ඔවුන් පාපක්ෂමාවෙහි නිරතවන තුරු ඔවුනට කල් දෙනු ලැබුවේ ද නැත.

44:30Page 497

وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ٣٠

And We certainly saved the Children of Israel from the humiliating torment -

ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මරා; ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී සිදු කරමින් ආ නින්දනීය දඬුවමින් සැබැවින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.

44:31Page 497

مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ ٣١

From Pharaoh. Indeed, he was a haughty one among the transgressors.

ෆිර්අවුන්ගේ දඬුවමින් ද අපි ඔවුන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දහමට ඔබ්බෙන් සීමාව ඉක්මවා ගියවුන් අතරින් අහංකාරයකු විය.

44:32Page 497

وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ ٣٢

And We certainly chose them by knowledge over [all] the worlds.

ඉස්රාඊල් දරුවන්ගේ කාලයේ විසූ ලෝවැසියන් වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු. එය ඔවුන්ගේ නබිවරුන් අධික සංඛ්යාවක් එවීමෙනි.

44:33Page 497

وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ ٣٣

And We gave them of signs that in which there was a clear trial.

අපි මූසා ව ශක්තිමත් කරමින් මන්නු සල්වා හා වෙනත් දෑ මෙන් ඔවුන් වෙනුවෙන් බාහිරි ආශිර්වාදයන් සහිත සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු.

44:34Page 497

إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ ٣٤

Indeed, these [disbelievers] are saying,

මෙම බොරුකාර ආදේශකයින් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකිමින් මෙසේ පවසති:

44:35Page 497

إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ ٣٥

"There is not but our first death, and we will not be resurrected.

අපගේ මුල් මරණය හැර වෙනත් දෙයක් නැත. ඉන්පසු වෙනත් ජීවිතයක් ද නැත. මෙම මරණයෙන් පසු ව අප යළි නැගිටුවනු ලබන්නන් නොවෙමු.

44:36Page 497

فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٦

Then bring [back] our forefathers, if you should be truthful."

එසේ නම්, අහෝ මුහම්මද්! සැබැවින්ම මියගිය තැනැත්තන් විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අල්ලාහ් නැවත නැගිටුවනු ඇතැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීහු නම්, මියගිය අපගේ මුතුන්මිත්තන් ජීවමානව අප වෙත නුඹලා නැවත ගෙන එනු.

44:37Page 497

أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ ٣٧

Are they better or the people of Tubbaʿ1 and those before them? We destroyed them, [for] indeed, they were criminals.

අහෝ දූතය! නුඹ ව බොරු කරන මෙම ආදේශකයින් බලයෙහි හා ආශිර්වාදයෙහි උතුම් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර විසූ ආද් හා සමූද් වැනි ජනයා ද? ඔවුන් සියලු දෙනා අපි විනාශ කළෙමු. සැබැවින්ම ඔවුන් අපරාධකරුවන් වූහ.

44:38Page 497

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ٣٨

And We did not create the heavens and earth and that between them in play.

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ඒවායෙහි මැවීම් හාස්යයට ලක් කරන ලෙසින් මවා නැත.

44:39Page 497

مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٣٩

We did not create them except in truth, but most of them do not know.

අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මිස අපි නොමැව්වෙමු. නමුත් ආදේශකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.

44:40Page 498

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ ٤٠

Indeed, the Day of Judgement is the appointed time for them all -

ගැත්තන් අතර අල්ලාහ් වෙන් කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වනාහි, සැබැවින්ම එය සියලු මැවීම්හට ප්රතිඥා දෙනු ලැබූවකි. අල්ලාහ් ඔවුන් එහි එක්රැස් කරනු ඇත.

44:41Page 498

يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ ٤١

The Day when no relation1 will avail a relation at all, nor will they be helped -

සමීපතයෙක් තවත් සමීපතයෙකුට හෝ මිතුරෙක් තවත් මිතුරෙකුට හෝ ප්රයෝජනවත් නොවන දිනයකි. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුහු ඔවුන් වළක්වන්නන් නොවෙති. ඊට හේතුව එදින සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ ගැන වාද කිරීමට කිසිවකුට ශක්තියක් නොමැත.

44:42Page 498

إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٤٢

Except those [believers] on whom Allāh has mercy. Indeed, He is the Exalted in Might, the Merciful.

මිනිසුන් අතරින් අල්ලාහ් කරුණාව පෙන්වූ අයට හැර. සැබැවින්ම ඔහු ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් තුළින් ඔහු ප්රයෝජන ලබනු ඇත. සැබැවින් අල්ලාහ් වනාහි, කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් හට ඔහු මහා කාරුණිකය.

44:43Page 498

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ٤٣

Indeed, the tree of zaqqūm

සැබැවින්ම නිරය පතුළේ අල්ලාහ් හට ගන්වා ඇති සක්කූම් ගස වනාහි,

44:44Page 498

طَعَامُ ٱلۡأَثِيمِ ٤٤

Is food for the sinful.

එය මහා පාපියා - දෙවියන් ප්රතික්ෂේප තැනැත්තා සතු ආහාරයයි. එම ගසෙහි නරක් වූ පළතුරු ඔහු අනුභව කරයි.

44:45Page 498

كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ ٤٥

Like murky oil, it boils within bellies

එම පලතුර කළුපැහැති තෙල් මෙනි. එහි පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ කුසවල් උණුවෙමින් පවතී.

44:46Page 498

كَغَلۡيِ ٱلۡحَمِيمِ ٤٦

Like the boiling of scalding water.

උෂ්ණත්වයේ උපරිමයෙන්ම නටන (ලෝ දිය හා සමාන)ජලය මෙනි.

44:47Page 498

خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ ٤٧

[It will be commanded], "Seize him and drag him into the midst of the Hellfire,

නිරයේ භාරකරුවන්හට, ‘මොහු ව අල්ලා ඉතා දරුණු ලෙස නිරයේ මධ්යයට ඇදගෙන යනු’ යැයි කියනු ලැබේ.

44:48Page 498

ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ ٤٨

Then pour over his head from the torment of scalding water."

පසු ව දඬුවම් කරනු ලබන මොහුගේ හිස මත එම ලෝ දිය වක්කරනු. දඬුවම ඔහුගෙන් වෙන් නොවනු ඇත.

44:49Page 498

ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ ٤٩

[It will be said], "Taste! Indeed, you are the honored, the noble!1

ඔහුට උපහාසාත්මක ලෙස, ‘මෙම වේදනීය දඬුවම භුක්ති විඳිනු. ඔබේ ජනයා අතරට ඇතුළත් නොවූ ඔබ ගරුසර බලධාරියෙකු විය.’ යැයි පවසනු ලැබේ.

44:50Page 498

إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ ٥٠

Indeed, this is what you used to dispute."

සැබැවින්ම මෙය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවනු ඇතැයි නුඹලා සැක කරමින් සිටි දඬුවමයි. එය දෑසින් දැකීමෙන් එම සැකය නුඹලාගෙන් ඉවත්ව ඇත.

44:51Page 498

إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ ٥١

Indeed, the righteous will be in a secure place:

ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි, ඔවුන් සෑම ගෞරවයක්ම ලබමින් සුරක්ෂිත ව ස්ථාවර ස්ථානයක සිටිති.

44:52Page 498

فِي جَنَّٰتٖ وَعُيُونٖ ٥٢

Within gardens and springs,

උයන් හා ගලා යන උල්පත් අතරය.

44:53Page 498

يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ ٥٣

Wearing [garments of] fine silk and brocade, facing each other.

සිනිඳු සේද හා ඝන සේද වස්ත්රවලින් ඇඳ පැළැඳ කෙනෙකු තවත් කෙනෙකුගේ පසු ගෙල නොදකින සේ එකිනෙකාට මුහුණලමින් සිටිති.

44:54Page 498

كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ ٥٤

Thus. And We will marry them to fair women with large, [beautiful] eyes.

සඳහන් කරනු ලැබූ දැයින් අපි ඔවුන් ගෞරවයට පත් කළාක් මෙන්ම දැකුම්කළු කුමරියන් සරණපාවා දෙමු. ඔවුන්ගේ ඇස් වල සුදු පැහැය හා ඒවායෙහි කළු පැහැය ඉතා පැහැදිළිව තදින්ම පිහිටන අතර ඒවා විශාල ව පවතී.

44:55Page 498

يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ ٥٥

They will call therein for every [kind of] fruit - safe and secure.

එහි ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ප්රිය කරන සෑම පළතුරක්ම ඉල්ලා සිටියි. එවිට ඒවා කඩා ගැනීම ගැන කිසිදු බියකින් තොර ව කිසිදු හානියකින් තොරව ඔවුහු ඔවුන් වෙත ගෙන එති.

44:56Page 498

لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ ٥٦

They will not taste death therein except the first death, and He will have protected them from the punishment of Hellfire

ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. මෙලොව ජීවිතයේ මුල් මරණය හැර වෙනත් මරණයක් ඔවුහු එහි භුක්ති නොවිඳිනු ඇත. ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කළේය.

44:57Page 498

فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٥٧

As bounty from your Lord. That is what is the great attainment.

එය නුඹේ පරමාධිපතිගෙන් ඔවුන් සඳහා වූ භාග්යයක් හා සංග්රහයක් ලෙසිනි. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කිරීම නිරා ගින්නෙන් ඔවුන් ආරක්ෂා කිරීම යනා දී ලෙස සඳහන් කරනු ලැබූ මේවා කිසිදු ජයග්රහණකට එයට ළඟා විය නොහැකි අතිමහත් ජයග්රහණයකි.

44:58Page 498

فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٥٨

And indeed, We have eased it [i.e., the Qur’ān] in your tongue that they might be reminded.

අහෝ දූතය! එහෙයින් සැබැවින්ම ඔවුන් වටහා ගත හැකිවනු පිණිස ඔබේ අරාබි බසින්ම අපි අල් කුර්ආනය පහළ කිරීම තුළින් අපි එය පහසු කර ඇත්තෙමු. සැහැල්ලු කර ඇත්තෙමු.

44:59Page 498

فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ ٥٩

So watch, [O Muḥammad]; indeed, they are watching [for your end].

එහෙයින් නුඹේ ජයග්රහණයත් ඔවුන්ගේ විනාශයත් නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් නුඹේ විනාශය බලපොරොත්තුවෙන් සිටියි.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском