Al-Mukhtasar · Tafsir · in Sinhala
الرحمن
Ar-Rahman
The Beneficent · Medinan · 78 ayahs
විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය.
අල් කුර්ආනය පාඩම් කිරීමට හා එහි තේරුම වටහා ගැනීමට පහසු අයුරින් මිනිසාට ඔහු එය ඉගැන්වීය.
මනා සැකැස්මකින් හා අලංකාර ස්වරූපයකින් යුතුව මිනිසා ව ඔහු මැව්වේය.
ඇතුළත ඇති දෑ පැහැදිලි කරනුයේ කෙසේදැ?යි කතාවෙන් හා ලිවීමෙන් ඔහු ඔහුට ඉගැන්වීය.
හිරු හා සදුට නියමිත ගණන් පිළිවෙතක් ඇති කළේය. වර්ෂ ගණන් හා කාලවේලාවන් මිනිසා හඳුනා ගනු පිණිස ඒ දෙක ඉතා සූක්ෂම ගණන් විලාසයකට අනුව ගමන් කරයි.
කඳන් නොමැති පැළෑටි (හේ තරු) හා ගස් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ට අවනතව යටහත්ව සුජූද් - සිරස නමස්කාර - කරති.
55:7Page 531
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ ٧
And the heaven He raised and imposed the balance
අහස මහපොළොවට ඉහළින් එහි වියනක් සේ ඔසවා තැබුවේය. මහපොළොවේ යුක්තිය ස්ථාපිත කළේය. එය තම ගැත්තන්හට නියෝග කළේය.
අහෝ ජනයිනි! නුඹලා වැරදි නොකරනු පිණිසත් කිරුම් මිණුම්වල වංචා නොකරනු පිණිසත් ඔහු යුක්තිය ස්ථාපිත කළේය.
55:9Page 531
وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ ٩
And establish weight in justice and do not make deficient the balance.
නුඹලා අතර සාධාරණ අයුරින් තුලනය ක්රියාත්මක කරනු. නුඹලා වෙනත් අයට කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ එම කිරුම් මිනුම් හි අඩුපාඩු නොකරනු.
මහපොළොව මත ඇති මැවීම් පවතිනු පිණිස එය සූදානම් කර තබා ඇත්තෙමු.
55:11Page 531
فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ١١
Therein is fruit and palm trees having sheaths [of dates]
පලතුරු හට ගන්වන ගස් ද එහි ඇත. ඉඳි හටගන්නා කොපු සහිත ඉඳි ගස් ද එහි ඇත.
තවද එහි බාර්ලි හා තිරිඟු වැනි පිදුරු සහිත ධාන්යය ද නැවුම් සුවද ලබා දෙන පැළෑටි ද ඇත.
55:13Page 531
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٣
So which of the favors of your Lord would you deny?1
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:14Page 531
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ ١٤
He created man from clay like [that of] pottery.
පුච්චන ලද මැටි මෙන් දඟලන හඩක් ඇසෙන වියළි මැටියෙන් ඔහු ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය.
55:15Page 531
وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ ١٥
And He created the jinn from a smokeless flame of fire.
පිරිසිදු ගිනි දැල්ලෙන් ඔහු ජින්නුන්ගේ පියාව මැව්වේය.
55:16Page 531
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٦
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:17Page 532
رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ ١٧
[He is] Lord of the two sunrises and Lord of the two sunsets.1
ශීත ඍතුවෙන් හා ග්රීෂ්ම ඍතුවෙන් හිරු උදාවන නැගෙනහිරවල් දෙකෙහි හා එය අවරට යන බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
55:18Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٨
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
දෑසට පෙනෙන සේ කරදිය හා මිරිදිය සාගර දෙක එකිනෙකට එකතු වන සේ අල්ලාහ් යා කළේය.
55:20Page 532
بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ ٢٠
Between them is a barrier so neither of them transgresses.
කරදිය ලුණු ද්රාවණයෙන් හා මිරිදිය මිහිරි බවින් තිබෙන්නට හැර එකක් අනෙක ඉක්මවා නොයන පරිදි ඒ දෙකින් සෑම එකක්ම වළක්වාලන බාධකයක් ඒ දෙක අතර පවතී.
55:21Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢١
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:22Page 532
يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ٢٢
From both of them emerge pearl and coral.
සමස්ත මුහුදු දෙකින්ම ලොකු කුඩා මුතු හා පබළු මතු වෙයි.
55:23Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٣
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:24Page 532
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٢٤
And to Him belong the ships [with sails] elevated in the sea like mountains.
සාගරයේ යාත්රා කරන, කඳු මෙන් වූ නැවු සක්මන් කරවීම ශුද්ධවන්තයාණන් වූ ඔහුට පමණක් සතුය.
55:25Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٥
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
මහපොළොව මත පවතින සියලු මැවීම් කිසිදු සැකයකින් තොර ව විනාශ වී යනු ඇත.
55:27Page 532
وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٢٧
And there will remain the Face1 of your Lord, Owner of Majesty and Honor.
අහෝ දූතය! තම ගැත්තන් හට භාග්ය පිරිනමන, උපකාර කරන, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතියාණන්ගේ මුහුණ පමණක් ශේෂව පවතී. එහෙයින් ඔහුට කිසිවිටෙක විනාශයක් අත් වන්නේ නැත.
55:28Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٨
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:29Page 532
يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ ٢٩
Whoever is within the heavens and earth asks Him; every day He is in [i.e., bringing about] a matter.1
අහස්වල සිටින සෑම මලක්වරයකු ම, මහපොළොවේ සිටින ජින්නුන් හා මිනිසුන් ද ඔවුන්ගේ අවශ්යතාවන් ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ජීවය ලබා දීම, මරණයට පත් කිරීම, පෝෂණ සම්පත් ලබා දීම හා ඒ හැර ඔහුගේ ගැත්තන්ගේ වෙනත් කටයුතු අතරින් යම් කටයුත්තක ඔහු නිරතවෙමින් සිටියි.
55:30Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٠
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! නුඹලාගේ විනිශ්චය සඳහා (කාල වේලාවක්) අපි වෙන් කර ඇත්තෙමු. එවිට ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු කුසල් හෝ දඬුවම් අපි පිරිනමන්නෙමු.
55:32Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٢
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:33Page 532
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ ٣٣
O company of jinn and mankind, if you are able to pass beyond the regions of the heavens and the earth, then pass. You will not pass except by authority [from Allāh].
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?'
55:34Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٤
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:35Page 532
يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ ٣٥
There will be sent upon you a flame of fire and smoke,1 and you will not defend yourselves.
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! දුමෙන් තොර ගිනි ජාලයක් ද එහි ගිනි ජාලාවක් නැති දුමක් ද ඔහු නුඹලා දෙපළ වෙත එවනු ඇත. එයින් වැළකෙන්නට නුඹලා දෙවර්ගයටම නොහැකිය.
55:36Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٦
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:37Page 532
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ ٣٧
And when the heaven is split open and becomes rose-colored like oil1 -
මලක්වරුන් එයින් පහළවීම සඳහා අහස පැළී ගිය විට, එහි වර්ණ දීප්තිය තෙල් මෙන් රතුපැහැ ගැණෙනු ඇත.
55:38Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٨
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:39Page 532
فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ ٣٩
Then on that Day none will be asked about his sin among men or jinn.1
ඒ මහත් දිනයේ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා බැවින් කිසිදු ජින්නුවෙකු හො මිනිසෙකු හෝ ඔවුනොවුන්ගේ පාපකම් පිළිබඳ විමසනු නොලැබේ.
55:40Page 532
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٠
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:41Page 533
يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ ٤١
The criminals will be known by their marks, and they will be seized by the forelocks and the feet.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් ඔවුන්ගේ සළකුණු තුළින් හඳුනා ගනු ලබති. එය කළු වී ගිය මුහුණු හා නිල්වී ගිය ඇස් තුළිනි. ඔවුන්ගේ ඉදිරි නළල් රෝම ඔවුන්ගේ පාද සමග අමුණා නිරය වෙත වීසි කරනු ලබති.
55:42Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٢
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:43Page 533
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ ٤٣
This is Hell, which the criminals deny.
ඔවුන් හෙළා දකිමින් ඔවුනට, ‘මෙලොවෙහි වැරදිකරුවන්ගේ දෑස් ඉදිරිපිට එය පිළිකුල් කිරීමට නොහැකි ඔවුන් බොරු යැයි පවසා සිටි නිරය මෙය වේ’ යැයි පවසනු ලැබේ.
55:44Page 533
يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ ٤٤
They will circulate between it and scalding water, heated [to the utmost degree].
ඒ අතර හා දැඩි උෂ්ණත්වයෙන් යුත් ලෝදිය අතර ඔවුන් තටමති.
55:45Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٥
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:46Page 533
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ٤٦
But for he who has feared the position of his Lord1 are two gardens -
මතුලොවෙහි තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීමට බිය වී ඔහුව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ස්වර්ග උයන් දෙකක් ඇත.
55:47Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٧
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
මේවා සාරවත් පලදෙන අති විශාල අතු සහිත උයන් දෙකකි.
55:49Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٩
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
එම උයන් දෙකෙහි ඒ දෙක අතරින් ජලය ගලා යන උල්පත් දෙකක් ඇත.
55:51Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥١
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:52Page 533
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ ٥٢
In both of them are of every fruit, two kinds.
හට ගන්නා සෑම පළතුරු වර්ගයකින්ම ජොඩුවක් වශයෙන් ඒ දෙකෙහි ඇත.
55:53Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٣
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:54Page 533
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ ٥٤
[They are] reclining on beds whose linings are of silk brocade, and the fruit of the two gardens is hanging low.
ඇතුළත ඝන සේද රෙද්දෙන් යුත් ඇතිරිලි මත ඔවුන් හාන්සි වී සිටිති. එම උයන්වලින් ඔවුන් නෙළන පළතුරු සිටගෙන ද වාඩිවී ද හාන්සිවී ද පරිහරනය කළ හැකි තරමට ඉතා සමීපයෙන් පවතී.
55:55Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٥
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:56Page 533
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ ٥٦
In them are women limiting [their] glances,1 untouched2 before them by man or jinnī -
ඒවායෙහි ඔවුන්ගේ සහකරුවන් දෙස දමිත බැල්මෙන් බලන කන්යා කුමරියන් වෙති. ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන්ගේ කන්යාභාවය බිද දමා නැත.
55:57Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٧
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
ඔවුන් පිවිතුරභාවයෙන් හා අලංකාරයෙන් මුතු මැණික් හා පබළු මෙන් වෙති.
55:59Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٩
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:60Page 533
هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ ٦٠
Is the reward for good [anything] but good?
තම පරමාධිපතිට අවනත වීමෙන් අලංකාර ලෙස කටයුතු කළ අයට හිමි ප්රතිඵලය අල්ලාහ් අලංකාර ලෙස පිරිනමන ප්රතිඵලයක් මිස නැත.
55:61Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦١
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:62Page 533
وَمِن دُونِهِمَا جَنَّتَانِ ٦٢
And below them both [in excellence] are two [other] gardens -
සඳහන් කරන ලද එම උයන් දෙකට අමතරව තවත් උයන් දෙකක් ඇත.
55:63Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٣
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
ඒ දෙකෙහි සාරවත් කොළ පැහැය ඝණ ව පවතී.
55:65Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٥
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
ජලය ඉමහත් සේ උතුරා ගලා යන උල්පත් දෙකක් එම උයන් දෙකෙහි ඇත. උතුරා ගලා යන එම ජලය කප්පාදු නොවනු ඇත.
55:67Page 533
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٧
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:68Page 534
فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ ٦٨
In both of them are fruit and palm trees and pomegranates.
එම උයන් දෙකෙහි අධික වශයෙන් පලතුරු ද විශාල වශයෙන් ඉඳි, දෙළුම් ද ඇත.
55:69Page 534
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٩
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
රූ සපුවෙන් පිරි දැහැමි ගුණාංගයෙන් යුත් කාන්තාවන් එම උයන්හි වෙති.
55:71Page 534
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧١
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
ඔවුනට ආරක්ෂාව සලසන කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවන්ය.
55:73Page 534
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٣
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:74Page 534
لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ ٧٤
Untouched before them by man or jinnī -
ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසකු හෝ ජින්නුවකු හෝ ඔවුනට සමීප වී නැත.
55:75Page 534
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٥
So which of the favors of your Lord would you deny? -
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:76Page 534
مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ ٧٦
Reclining on green cushions and beautiful fine carpets.
අලංකාර මෙට්ට හා කොළ පැහැති ඇතිරිල්ලෙන් ආවරණය කරන ලද කොට්ට මත හාන්සි වී සිටිති.
55:77Page 534
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٧
So which of the favors of your Lord would you deny?
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
55:78Page 534
تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٧٨
Blessed is the name of your Lord, Owner of Majesty and Honor.
තම ගැත්තන්හට භාග්යය පිරිනමා, උපකාර කළ, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතිගේ නාමය ශ්රේෂ්ට විය. උදාර විය. උත්කෘෂ්ට විය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences