Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Waqi'ah 56:87–96
නුඹලා සත්යවාදීන් නම් නුඹලා අතර මිය ගිය තැනැත්තාගෙන් බැහැර වූ ප්රාණය නුඹලා නැවත ගෙන එනු. එයට නුඹලා ශක්තිය නොදරනු ඇත.
56:88Page 537
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ٨٨
And if he [i.e., the deceased] was of those brought near [to Allāh],
මිය ගිය තැනැත්තා යහපත් දේ වෙත පෙරටුගාමීව කටයුතු කළවුන් අතරින් වී නම්,
56:89Page 537
فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ ٨٩
Then [for him is] rest and bounty and a garden of pleasure.
ඉන් පසු ඔහුට වෙහෙසක් නැති සැනසුම ද යහපත් ආහාර ද ආශිර්වාදය ද ඇත. එමෙන්ම ඔහු කැමති පරිදි භුක්ති විඳින ස්වර්ග උයන් ද ඇත.
56:90–91Page 537
وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩٠
And if he was of the companions of the right,
فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩١
Then [the angels will say], "Peace for you; [you are] from the companions of the right."
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි.
56:92Page 537
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢
But if he was of the deniers [who were] astray,
මිය ගිය තැනැත්තා, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කොට; ඍජු මාර්ගයෙන් නොමග ගිය අයකු වී නම්,
ජලයෙන් පිළිගන්වනු ලබන ඔහුගේ සත්කාරය දැඩි උණුසුම් සහිත ලෝ දියයි.
නිරා ගින්නෙන් පිළිස්සීම ඔහු සතු වන්නේය.
අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත අප පවසා සිටි මේ කතාව කිසිදු සැකයකින් තොර ස්ථීර සත්ය කතාවකි.
එහෙයින් සර්වබලධාරියාණන් වූ නුඹේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. සියලු අඩුපාඩුවලින් ඔහු ශුද්ධ කරනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences