Al-MukhtasarAl‑Mulk · 67:1–30

Al-Mukhtasar · Tafsir · in Sinhala

الملك

Al-Mulk

The Sovereignty · Meccan · 30 ayahs

67:1Page 562

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ١

Blessed is He in whose hand is dominion, and He is over all things competent -

ආධිපත්යය තම අතෙහි පමණක් රඳවා තබා ඇති අල්ලාහ්ගේ යහපත අධික විය, අතිමහත් විය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වබලධාරීය. කිසිවකට ඔහු පරාජය කළ නොහැක.

67:2Page 562

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ٢

[He] who created death and life to test you [as to] which of you is best in deed - and He is the Exalted in Might, the Forgiving -

අහෝ ජනයිනි, නුඹලා අතරින් ක්රියාවෙන් වඩාත් දැහැමි කවුරුන්දැ?යි නුඹලාව පරීක්ෂා කරනු පිණිස මරණය හා ජීවය මැව්වේ ඔහුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීයාය. එමෙන්ම තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අතිශය සමාව දානය කරන්නාය.

67:3Page 562

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ٣

[And] who created seven heavens in layers.1 You do not see in the creation of the Most Merciful any inconsistency. So return [your] vision [to the sky]; do you see any breaks?

ඔහු වනාහි, අහස් හතක් මැව්වේය. සෑම අහසකම, අහස් දෙකක් අතර එකිනෙක ස්පර්ශ නොවන පරිදි එකකට උඩින් එකක් වශයෙන් තලයක් විය. නිරීක්ෂා කර බලන්නනි, අල්ලාහ්ගේ මැවීම තුළ කිසිදු පළුද්දක් හෝ නොගැලපීමක් නුඹ නොදකිනු ඇත. කිසියම් පැළීමක් හෝ පළුද්දක් හෝ දැකිය හැකිදැයි නුඹ නැවතත් බලනු. එලෙස කිසිවිටෙක නුඹට දැක ගත නොහැකිය. නුඹට දැක ගත හැකිවනුයේ ඉතා සියුම් මනා ලෙස සැලසුම් කළ මැවීමක් පමණය.

67:4Page 562

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ٤

Then return [your] vision twice again.1 [Your] vision will return to you humbled while it is fatigued.

නැවත නැවතත් ඔබේ බැල්ම යොමු කර බලනු. අහස මැවීමෙහි කිසිදු හිඩසක් හෝ අඩුවක් හෝ දැකිය නොහැකි ව ඔබේ බැල්ම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. එය දැකිය නොහැකි පහත්ව පවතී.

67:5Page 562

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ٥

And We have certainly beautified the nearest heaven with lamps [i.e., stars] and have made [from] them what is thrown at the devils1 and have prepared for them the punishment of the Blaze.

මිහිතලයට ඉතා සමීපයෙන් පිහිටි අහස දීප්තිමත් තාරකා මගින් අලංකාරවත් කළෙමු. එම තාරකාවන්, හොරෙන් සවන් දෙන ෂාතානුන්ට පහර දෙන ගිනිමැලක් බවට පත් කළෙමු. මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.

67:6Page 562

وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٦

And for those who disbelieved in their Lord is the punishment of Hell, and wretched is the destination.

තම පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුන් එසේ යොමු වන ස්ථානය නපුරු විය.

67:7Page 562

إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ ٧

When they are thrown into it, they hear from it a [dreadful] inhaling while it boils up.

නිරා ගින්නට ඔවුන් හෙළනු ලබන විට, එහි ඇති ඉතා කෲර පිළිකුල් හඬකට ඔවුන් සවන් දෙති. එය ජලය පැහී නටනවාක් මෙන් පැහී නටනු ඇත.

67:8Page 562

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ ٨

It almost bursts with rage. Every time a company is thrown into it, its keepers ask them, "Did there not come to you a warner?"

එහි පිවිසෙන අය කෙරෙහි එය දක්වන දැඩි කෝපය හේතුවෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් බෙදා වෙන්කරන්නට බලයි. එයට අදාළ දේව ප්රතික්ෂේපක යින්ගෙන් පිරිසක් හෙළනු ලබන විට එහි භාරකාර මලක්වරුන් ඔවුනට පහර දෙන්නාක් මෙන්, 'අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලා බියවද්දන දූතයකු නුඹලා වෙත නොපැමිණියේ දැ?' යි ඔවුන්ගෙන් සැරෙන් විමසති.

67:9Page 562

قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ ٩

They will say, "Yes, a warner had come to us, but we denied and said, 'Allāh has not sent down anything. You are not but in great error.'"

සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන අප බියවද්දන දූතයකු අප වෙත පැමිණියේය. නමුත් අපි, ඔහු බොරු කොට, "අහෝ ධර්ම දූතය, කිසිදු දේව පණිවිඩයක් අල්ලාහ් පහළ කර නැත. ඔබ සත්යයෙන් පෙරළී අතිමහත් මුළාවක මිස නැතැයි අපි ඔහුට පැවසුවෙමු.” යැයි, දේවත්වය ප්රතික්ෂේප කළවුන් පවසා සිටියෝය.

67:10Page 562

وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ١٠

And they will say, "If only we had been listening or reasoning, we would not be among the companions of the Blaze."

තව දුරටත් එම දේව ප්රතික්ෂේපකයෝ, ‘ප්රයෝජන ලබන දෙයකට අපි සවන් දුන්නේ නම් හෝ සත්ය හා අසත්ය වෙන් කරගැනීමේ අවබෝධ බුද්ධිමය වශයෙන් අපි වටහා ගත්තෙමු නම්, නිරාගින්නේ සමස්ත නිරා වාසීන් අතරට අප පත් නොවන්නෙමු. ඒ වෙනුවට අපි දූතයාණන්ව විශ්වාස කොට ඔහු ගෙන ආ දෑ සත්ය බව පිළිගෙන තිබුණේ නම් අප ද ස්වර්ගවාසීන් අතරට පත් වන්නෙමු' යැයි පවසා සිටිති.

67:11Page 562

فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ ١١

And they will admit their sin, so [it is] alienation1 for the companions of the Blaze.

එවිට ඔවුන් තමන්ගේ ප්රතික්ෂේපය හා බොරු කිරීම පිළිගනිති. ඔවුන් නිරා ගින්නට සුදුස්සන් බවට පත් වෙති. නිරා වැසියන්ට දුරසක්ම පවතීවා!

67:12Page 562

إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ١٢

Indeed, those who fear their Lord unseen will have forgiveness and great reward.

සැබැවින්ම තමන් හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට බියවන්නන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පාපකම්වලට සමාව ඇත. එමෙන්ම මහඟු තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.

67:13Page 563

وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ١٣

And conceal your speech or publicize it; indeed, He is Knowing of that within the breasts.

අහෝ ජනයිනි! නුඹලාගේ ප්රකාශයන් නුඹලා සැඟවුවද එය නුඹලා ප්රසිද්ධ කළ ද සැබැවින්ම අල්ලාහ් එය දනී. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

67:14Page 563

أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ١٤

Does He who created not know,1 while He is the Subtle, the Aware?

මැවීම් සියල්ල මැවූ මැවුම්කරුවාණන් රහසිගත දෑ හා රහසින් සඟවන දෑ ගැන නොදන්නේ ද? ඔහු ඔහුගේ ගැත්තන් කෙරෙහි මෛත්රීය. ඔවුන්ගේ තොරතුරු පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

67:15Page 563

هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ ١٥

It is He who made the earth tame1 for you - so walk among its slopes and eat of His provision - and to Him is the resurrection.

මහපොළොව මත වාසය කිරීමට හැකිවන පරිදි නුඹලාට එය නම්යශීලීව හා සැහැල්ලුවෙන් මවා ඇත්තේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ හා දේශ අතර සැරිසරමින් එහි නුඹලාට සැළසුම් කර ඇති ඔහුගේ පෝෂණය නුඹලා අනුභව කරනු. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි.

67:16Page 563

ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ١٦

Do you feel secure that He who is above1 would not cause the earth to swallow you and suddenly it would sway?2

මහපොළොව මත වාසය කරන්නට පහසුවන අයුරින් එය නම්යශීලී වීමෙන් පසු කාරූන් ගිලා බසින්නට එය දෙබෑ කළාක් මෙන්ම නුඹලාට පහළින් ඇති මහපොළොව අහසේ සිටින අල්ලාහ් දෙබෑ කිරීම ගැන නුඹලා සුරක්ෂිත ද? එවිට නුඹලා එහි රැඳී සිටීමෙන් පසු එය කම්පනයට පත් වෙයි.

67:17Page 563

أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ١٧

Or do you feel secure that He who is above would not send against you a storm of stones? Then you would know how [severe] was My warning.

අහසේ සිටින අල්ලාහ්, ලූත් ජනයා මත අහසින් ගල් වරුසාවක් පහළ කළාක් මෙන් නුඹලා මත ද පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? නුඹලා දෙනු ලබන අවවාදාත්මක මාගේ දඬුවම නුඹලා දෑසින් දකින අවස්ථාවේ නුඹලා දැනගනු ඇත. නමුත් දඬවම දෑසින් දුටුවායින් පසු ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් වන්නේම නැත.

67:18Page 563

وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ ١٨

And already had those before them denied, and how [terrible] was My reproach.

දෙවියන්ට ආදේශ තබන මොවුනට පෙර විසූ ජන සමූහයන් ද බොරු කළෝය. ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හා බොරු කිරීමෙහි එල්බගෙන සිටි බැවින් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ විය. ඔවුනට එරෙහිව මාගේ පිළිකුල කෙසේ වීද? එය බිහිසුණු දඬුවමක් විය.

67:19Page 563

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَٰٓفَّٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ ١٩

Do they not see the birds above them with wings outspread and [sometimes] folded in? None holds them [aloft] except the Most Merciful. Indeed He is, of all things, Seeing.

මෙම බොරුකාරයින් ඔවුනට ඉහළින් අහසෙහි විටෙක තම පියාපත් දිගු හරිමින් ද තවත් විටෙක හකුළා ගනිමින් ද පියාසර කරන පක්ෂියා දෙස නිරීක්ෂණය කර නොබලන්නේ ද? උන් බිමට නොවැටී එසේ රඳවා තබනුයේ අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවේ. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

67:20Page 563

أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ٢٠

Or who is it that could be an army for you to aid you other than the Most Merciful? The disbelievers are not but in delusion.

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට දඬුවම් කිරීමට අභිමත කළේ නම්, ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වන කිසිදු සේනාවක් නුඹලාට නැත. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා වංචා කරනු ලැබූවන් මිස නැත. ෂෙයිතාන් ඔවුනට කුමන්ත්රණය කළේය. එමගින් ඔවුහු රැවටුණෝය.

67:21Page 563

أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ ٢١

Or who is it that could provide for you if He withheld His provision? But they have persisted in insolence and aversion.

නුඹලා ලබන අල්ලාහ්ගේ පෝෂණය ඔහු වළක්වා ගත්තේ නම්, නුඹලාට පෝෂණය ලබා දෙන කිසිවකු නැත. නමුත් සිදු වනුයේ, සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුරණ්ඩුකම, අහංකාරය හා සත්යයෙන් වැළකී සිටීම යනාදී කරුණුවල රැඳී සිටීමය.

67:22Page 563

أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٢٢

Then is one who walks fallen on his face better guided or one who walks erect on a straight path?

වඩාත් නිවැරැදි මාර්ගයේ සිටිනුයේ තම මුහුණ මුණින් ඇද වැටී ගමන් කරන -දෙවියන්ට ආදේශ කරන්නා ද එසේ නැතිනම් ඍජු මාර්ගයේ ඍජුව ගමන් කරන දේව විශ්වාසියාද?

67:23Page 563

قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٢٣

Say, "It is He who has produced you and made for you hearing and vision and hearts [i.e., intellect]; little are you grateful."

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට නුඹ මෙසේ පවසනු. නුඹලා ව මැව්වේ අල්ලාහ්ය. නුඹලා ශ්රවණය කිරීම සඳහා නුඹලාට සවන් ද, නුඹලා බැලීම සඳහා නුඹලා බැල්ම ද, නුඹලා වටහා ගැනීම සඳහා නුඹලාට හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා අල්ලාහ්ට කෘතඥවනුයේ සුළු වශයෙනි.

67:24Page 563

قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٢٤

Say, "It is He who has multiplied you throughout the earth, and to Him you will be gathered."

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට තවදුරටත් නුඹ මෙසේ පවසනු. මහපොළොවේ නුඹලාව ව්යාප්ත කර එහි විසුරුවා හැරියේ අල්ලාහ්ය. නුඹලා නොමැවූ නුඹලාගේ පිළිම නොවේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා ඒක්රැස් කරනු ලබනුයේ ද ඔහු වෙත පමණය. නුඹලාගේ පිළිම වෙත නොවේ. එහෙයින් නුඹලා ඔහුට බියවනු. ඔහුට පමණක් ගැතිකම් කරනු.

67:25Page 563

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥

And they say, "When is this promise, if you should be truthful?"

"නැවත නැගිටවනු ලැබීම දුරින් පවතින්නක් යැයි ඒ ගැන බොරු පවසන්නෝ, අහෝ මුහම්මද් ඔබ හා ඔබේ අනුගාමිකයින් කරන වාදයේ සත්යවාදීහු නම් ඔබ අපට ප්රතිඥා දෙන එම ප්රතිඥාව ඇති වන්නේ කවදාදැ?"යි විමසා සිටිති.

67:26Page 563

قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ ٢٦

Say, "The knowledge is only with Allāh, and I am only a clear warner."

"අහෝ දූතය, සැබැවින්ම එම හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. එය සිදුවන්නේ කවදාදැ?යි ඔහු හැර වෙනත් කිසිවකු නොදනී. මම නුඹළා අතර අවවාද කරන පැහැදිලි අවවාකරුවෙකු පමණය" යැයි නුඹ පවසන්න.

67:27Page 564

فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ٢٧

But when they see it1 approaching, the faces of those who disbelieve will be distressed, and it will be said, "This is that for which you used to call."2

එම ප්රතිඥාව සිදු වී දඬුවම ඔවුනට සමීප බව ඔවුන් දෑසින් දකින කල්හි එනම් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහිය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්ගේ මුහුණු වෙනස් වී කළු පැහැ ගැන්වෙනු ඇත. ඔවුනට, ‘මෙය මෙලොවෙහි නුඹලා ඉල්ලා සිටි, එමෙන්ම ඉක්මන් කරන්නැයි පැතූ දෑ වේ’යැයි පවසනු ලැබේ.

67:28Page 564

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ ٢٨

Say, [O Muḥammad], "Have you considered:1 whether Allāh should cause my death and those with me or have mercy upon us, who can protect the disbelievers from a painful punishment?"

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මෙම බොරු කාරයින්ට අවවාද කරමින් ‘අල්ලාහ් මා මරණයට පත් කොට මා සමග සිටින දෙවියන් විශ්වාස කරන්නන් ද මරණයට පත් කළේ නම් හෝ ඔහු අපට කරුණාව දක්වා අපගේ ආයු කාලය ප්රමාද කළේ නම් හෝ වේදනා සහගත දඬුවමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුදවා ගනුයේ කවුරුන් දැ?'යි විමසනු. ඔවුන්ගෙන් කිසිවකු එයින් ඔවුන් මුදවා ගන්නේ නැත.

67:29Page 564

قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٢٩

Say, "He is the Most Merciful; we have believed in Him, and upon Him we have relied. And you will [come to] know who it is that is in clear error."

අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්හට තවදුරටත් මෙසේ පවසනු. ‘ඔහුට පමණක් ගැතිකම් කරන ලෙසත් ඔහු ගැන පමණක් විශ්වාසය තබන ලෙසත් අපගේ කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටින ලෙසත් නුඹලාව ඇරයුම් කරනුයේ මහා කාරුණිකයාණන්ය. එහෙයින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවුරුන්දැයි ද ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන්දැයි ද කිසිදු සැකයකින් තොරව නුඹලා මතු දැනගනු ඇත.'

67:30Page 564

قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ ٣٠

Say, "Have you considered: if your water was to become sunken [into the earth], then who could bring you flowing water?"

අහෝ දූතය, අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. නුඹලා පානය කරන නුඹලාගේ ජලය නුඹලා විසින් ලබා ගත නොහැකි අන්තයකට මහපොළොව තුළට කිදා බැස්සේ නම්, අධික ලෙස ගලා යන ජලය නුඹලා වෙත ගෙන එන්නේ කවුරුන්දැයි මා වෙත දන්වනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском