Al-Mukhtasar · Tafsir · in Sinhala
المزمل
Al-Muzzammil
The Enshrouded One · Meccan · 20 ayahs
තම වස්ත්රයෙන් ඔතා ගෙන සිටින්නාණනි! (මින් අදහස් කරනුයේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.)
රාත්රියෙන් සුළු කොටසක් හැර සෙසු කාලයේ සලාතය ඉටු කරන්න.
නුඹ අභිමත කළේ නම් එහි අඩක් නැමදුම් කරන්න. එසේ නැතහොත් අඩකට වඩා අඩුවෙන් නැමදුම් කරන්න. රාත්රියෙන් තුනෙන් පංගුවක් ළඟා වන තෙක් අඩු කර ගන්න.
73:4Page 574
أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا ٤
Or add to it, and recite the Qur’ān with measured recitation.
එසේ නැතහොත් ඊට වඩා වැඩි කර ගන්න. අල් කුර්ආනය තාලයට පාරායනය කරන්න.
73:5Page 574
إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا ٥
Indeed, We will cast upon you a heavy word.1
අහෝ ධර්ම දූතය! සැබැවින්ම අපි අල් කුර්ආනය නුඹ මත පහළ කරන්නෙමු. එහි නියම කරන ලද අනිවාර්යය දෑ සීමාවන් නීතිරීති විනයන් හා වෙනත් දෑ ඇතුළත් ව ඇති බැවින් එය බලගතු ප්රකාශයකි.
73:6Page 574
إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا ٦
Indeed, the hours of the night are more effective for concurrence [of heart and tongue]1 and more suitable for words.2
සැබැවින්ම රාත්රි හෝරාවන් අල් කුර්ආනය පාරායනය කිරීමත් සමගම හදවතට තදබල ලෙස අනුගත වන කාලයකි. එමෙන්ම ප්රකාශයට වඩාත් නිවැරදි කාලයකි.
73:7Page 574
إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا ٧
Indeed, for you by day is prolonged occupation.
දහවල් කාලයේ ඔබේ කටයුතුවලදී ඔබට විවිධ ක්රියාකාරකම් ඇත. ඒ හේතුවෙන් ඔබ අල් කුර්ආනය කියවීමට නොහැකිව කාර්ය බහුල වන්නෙහිය. එහෙයින් ඔබ රාත්රියෙහි නැමදුම් ඉටු කරනු.
73:8Page 574
وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا ٨
And remember the name of your Lord and devote yourself to Him with [complete] devotion.
දික්ර් හෙවත් විවිධ මෙනෙහි කිරීම් තුළින් අල්ලාහ් ව මෙනෙහි කරනු. පිවිතුරු චේතනාවෙන් යුතු ව (සියලු කටයුතුවලින්) වෙන් වී නැමදුම් කිරීම තුළින් ඔහු වෙතට යොමු වනු.
73:9Page 574
رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا ٩
[He is] the Lord of the East and the West; there is no deity except Him, so take Him as Disposer of [your] affairs.1
ඔහු පෙරදිග හිමිපාණන්ය. අපරදිග හිමිපාණන්ය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔබේ සියලු කටයුතුවලදී ඔහු මත ස්ථීරව සිට ඔහුව භාරකාරයා ලෙස අරගන්න.
73:10Page 574
وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا ١٠
And be patient over what they say and avoid them with gracious avoidance.
මුසාවාදීන් සරදම් කරමින්, දොස් නගමින් පවසන දෑ මත නුඹ ඉවසනු. කිසිදු හිංසාවකින් තොරව ඔවුන්ගෙන් ඔබ වෙන්ව යනු.
73:11Page 574
وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا ١١
And leave Me with [the matter of] the deniers, those of ease [in life], and allow them respite a little.
මෙලොවෙහි සැප සම්පත් භුක්ති විදින මුසාවාදීන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබ වැදගත් කමක් නොදක්වනු. මා සමග ඔවුන් අතහැර දමනු. ඔවුන්ගේ අවසානය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුනට මදක් අවකාශය දෙනු.
73:12Page 574
إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا ١٢
Indeed, with Us [for them] are shackles and burning fire
සැබැවින්ම මතුලොවෙහි අප සතුව බරින් යුත් විලංගු හා කොපයෙන් ඇවිළෙන නිරා ගින්න ඇත.
73:13Page 574
وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا ١٣
And food that chokes and a painful punishment -
දැඩි තිත්ත රසය නිසා උගුරු හිර කරන ආහාර ඇත. ඉහත කී දෑට අමතර ව වේදනීය දඬුවම් ද ඇත.
73:14Page 574
يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا ١٤
On the Day the earth and the mountains will convulse and the mountains will become a heap of sand pouring down.
මහපොළොව හා කඳු කම්පනය වන දින, මුසාවාදීන් හට එම දඬුවම ලැබෙනු ඇත. එදින එහි පවතින දැඩි අර්බුද හේතුවෙන් විසිරී ගලා යන වැලි බවට එම කඳු පත් ව තිබේ.
73:15Page 574
إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا ١٥
Indeed, We have sent to you a Messenger as a witness upon you just as We sent to Pharaoh a messenger.
ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමා ව දහම් දූතයකු මෙන් අප එවූ ආකාරයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ක්රියාකාරකම් සඳහා සාක්ෂි දරන්නෙකු ලෙස දහම් දූතයෙකු සැබැවින්ම අපි නුඹලා වෙත එවා ඇත්තෙමු.
73:16Page 574
فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا ١٦
But Pharaoh disobeyed the messenger, so We seized him with a ruinous seizure.
නමුත් ෆිර්අවුන් ඔහුගේ පරමාධිපති විසින් එවනු ලැබූ එම දූතයාට පිටුපෑවේය. සැබැවින්ම ඔහු මෙලොවෙහි ජලයේ ගිල්වා හා මතු ලොවෙහි නිරා ගින්නට භාජනය කරමින් අපි ඔහු දැඩි සේ දඬුවමට ලක් කරන්නෙමු. එහෙයින් නුඹලා නුඹලාගේ දහම් දූතයාණන්ට පිටු නොපානු. එවිට ඔහුට අත් වූ ඉරණම මෙන් නුඹලාට ද අත්වනු ඇත.
73:17Page 574
فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا ١٧
Then how can you fear, if you disbelieve, a Day that will make the children white-haired?1
(නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව බොරු කර සිටියෙහු නම්) එහි ඇති දැඩි බිහිසුණුකාරී තත්ත්වය හා එහි දිගු ව හේතුවෙන් කුඩා දරුවන්ගේ හිසකෙස් පවා පැහෙන තරමට ඉතා දැඩි මෙන්ම දිගු දිනයක නුඹලාව ඉන් වළක්වා ගෙන ඉන් සුරක්ෂිතභාවය ලබන්නේ කෙසේද?
73:18Page 574
ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا ١٨
The heaven will break apart therefrom;1 ever is His promise fulfilled.
එහි බිහිසුණුකාරී තත්ත්වය හේතුවෙන් අහස පැළී යනු ඇත. අල්ලාහ්ගේ ප්රතිඥාව කිසිදු සැකයකින් තොරට ඉටු කරනු ලබන්නක් වෙයි.
73:19Page 574
إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا ١٩
Indeed, this is a reminder, so whoever wills may take to his Lord a way.
සැබැවින්ම මෙම උපදෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන දැඩි අර්බුද කාරී බිහිසුණු තත්ත්වය හේතුවෙන් සිදුවන දෑ පිළිබඳ විස්තර කිරීම් ඇතුළත් වූ මෙනෙහි කිරීමකි. එමගින් දෙවියන් විශ්වාස කරන්නන් ප්රයෝජනය ලබනු ඇත. එහෙයින් තම පරමාධිපති වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නන් එම මාර්ගය පිළිපදිත්වා!
73:20Page 575
۞ إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ ٢٠
Indeed, your Lord knows, [O Muḥammad], that you stand [in prayer] almost two thirds of the night or half of it or a third of it, and [so do] a group of those with you. And Allāh determines [the extent of] the night and the day. He has known that you [Muslims] will not be able to do it1 and has turned to you in forgiveness, so recite what is easy [for you] of the Qur’ān. He has known that there will be among you those who are ill and others traveling throughout the land seeking [something] of the bounty of Allāh and others fighting for the cause of Allāh. So recite what is easy from it and establish prayer and give zakāh and loan Allāh a goodly loan.2 And whatever good you put forward for yourselves - you will find it with Allāh. It is better and greater in reward. And seek forgiveness of Allāh. Indeed, Allāh is Forgiving and Merciful.
අහෝ දූතය, සැබැවින්ම ඔබ විටෙක රාත්රියේ තුනෙන් දෙකකට වඩා අඩු කාලයක ද, විටෙක එහි අඩක ද විටෙක ඉන් තුනෙන් එක් කොටසක ද සලාත් ඉටු කරන බව නුඹේ පරමාධිපති මැනවින් දනී. එමෙන්ම ඔබ සමග දෙවියන් විශ්වාස කරන පිරිසක් ද එසේ ඉටු කරන බව ද දනී. රාත්රිය හා දහවල නිර්ණය කරනුයේ අල්ලාහ්ය. ඒ දෙකෙහි කාල වේලාවන් ගණනය කරනුයේ ද ඔහුය. එහි වේලාවන් සටහන් කර ගැනීමට හෝ ගණනය කිරීමට හෝ සැබැවින්ම නුඹලාට නොහැකි බව අල්ලාහ් දන්නේය. නුඹලාගේ අවශ්යතාවන්ට අනුකූලව ඊට වඩා වැඩි වේලාවක් රාත්රියේ නැමදුම් කිරීම නුඹලාට අසීරුය. එහෙයින් ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලාට පහසු කාලයක් රාත්රියේ සලාත් ඉටු කරන්න. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර රොගාබාධයෙන් පෙළෙන රෝගීන් සිටින බවත්, අල්ලාහ්ගේ පෝෂණය සොයා ගමන් කරන්නන් සිටින බවත්, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා හා ඔහුගේ වදන උසස් වනු පිණිස දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග අරගල කරන්නන් ද සිටින බවත් අල්ලාහ් දනී. මෙවැන්නන් හට රාත්රියේ අවදි වී නැමදුම් කිරීම අසීරුය. එහෙයින් රාත්රියෙන් ඔබට පහසු කාලයක සලාත් ඉටු කරනු. අනිවාර්යය සලාතයන් එහි පූර්ණ ස්වරූපයෙන් ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් නිකුත් කරනු. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කළ ද, එය නුඹලා යහපත් හා මහඟු තිළිණයක් ලෙස දකිනු ඇත. අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. තම ගැත්තන් අතරින් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences