Al-MukhtasarAl‑Buruj · 85:1–22

Al-Mukhtasar · Tafsir · in Sinhala

البروج

Al-Buruj

The Mansions of the Stars · Meccan · 22 ayahs

85:1Page 590

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ١

By the sky containing great stars

හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි.

85:2Page 590

وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ٢

And [by] the promised Day

සියලු මැවීම් ඒකරාශි කරන බවට ප්රතිඥා දුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසයි.

85:3Page 590

وَشَاهِدٖ وَمَشۡهُودٖ ٣

And [by] the witness and what is witnessed,

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සාක්ෂි දරන්නාක් මෙන් සාක්ෂි දරන සෑම කෙනෙකු මත ද, තම නබිවරයාට සාක්ෂි දරන සමූහය මෙන් සාක්ෂි දරනු ලබන සෑම කෙනෙකු මතම දිවුරා ඇත.

85:4Page 590

قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ٤

Destroyed [i.e., cursed] were the companions of the trench1

මහපොළොවේ විශාල අගල් හැරූ අයට ශාපය අත්වේවා!

85:5Page 590

ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ٥

[Containing] the fire full of fuel,

ඔවුහු එහි ගිනි අවුලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් පණපිටින්ම එහි හෙළුහ.

85:6Page 590

إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ ٦

When they were sitting near it.

ගිනි පිරුණු එම අගල් අවට ඔවුහු වාඩි වී සිටියහ.

85:7Page 590

وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ ٧

And they, to what they were doing against the believers, were witnesses. 1

ඔවුහු දෙවියන් විශ්වාස කරන්නන් හට දුන් වද වේදනා හා දඬුවම් දෙමින් සිදු කරමින් සිටි දෑ කෙරෙහි සහ ඒ අවස්ථාවෙහි දී ඔවුන් එහි සිටි හේතුවෙන් සාක්ෂි දරන්නෝ වෙති.

85:8Page 590

وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٨

And they resented them not except because they believed in Allāh, the Exalted in Might, the Praiseworthy,

සියලු විෂයයන්හි පැසසුමට ලක් වූ, කිසිවෙකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරී අල්ලාහ්ව ඔවුන් විසින් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් ඔවුනට දොස් කීවේ නැත.

85:9Page 590

ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ٩

To whom belongs the dominion of the heavens and the earth. And Allāh, over all things, is Witness.1

ඔහු-අල්ලාහ්- වනාහි, අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතු වන්නේය. සියලු දෑ පිළිබඳ ඔහු නිරීක්ෂණය කරන්නාය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.

85:10Page 590

إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ١٠

Indeed, those who have tortured1 the believing men and believing women and then have not repented will have the punishment of Hell, and they will have the punishment of the Burning Fire.

දෙවියන් විශ්වාස කරන්නන්හට හා දෙවියන් විශ්වාස කරන්නියන්හට හිංසා පීඩා කරමින් දඬුවම් දුන් අය, අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. පසුව ඔවුන් කළ පාපයෙන් මිදෙන්නට අල්ලාහ් වෙත පසුතැවිලි නොවුනෝය. එබැවින් ඔවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයේ වේදනාව ඇත. එමෙන්ම ඔවුන් ඇවිළවූ ගින්නේ වේදනාවද ඔවුනට සතු වනු ඇත. එය ඔවුන් දේව විශ්වාස කළවුන්ව එම ගින්නෙන් පුළුස්සා සිදු කළාවූ ඔවුන්ගේ එම අධම ක්රියාව හේතුවෙනි.

85:11Page 590

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ١١

Indeed, those who have believed and done righteous deeds will have gardens beneath which rivers flow. That is the great attainment.

සැබැවින්ම දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන් හා එහි තිබෙන ගස් අතරින් ගලා බසින ගංගාවන් සහිත ස්වර්ග උයන් ඇත. එය අල්ලාහ් ඔවුනට සූදානම් කළ අතිමහත් ජයග්රහණයයි. වෙන කිසිදු ජයග්රහණයක් එයට සම කළ නොහැක.

85:12Page 590

إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ١٢

Indeed, the assault [i.e., vengeance] of your Lord is severe.

අහෝ දූතය, අපරාධකරුවා අල්ලාහ් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවන විට ඔහු වෙනුවෙන් වූ ඔබේ පරමාධිපතිගේ ග්රහණය ඉතා බලවත්ය.

85:13Page 590

إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ١٣

Indeed, it is He who originates [creation] and repeats.

සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය. ඒ දෙක යළි ගෙන එන්නේද ඔහුය.

85:14Page 590

وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ١٤

And He is the Forgiving, the Affectionate,

ඔහුගේ ගැත්තන් අතුරින් පසුතැවිලි වී ඔහු වෙත නැඹුරු වන්නන්ගේ පාපයන්ට ඔහු සමාව දෙන්නාය. ඔහු වෙත සමීප වී ඔහු පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන්හට ඔහු දයාලුය.

85:15Page 590

ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ١٥

Honorable Owner of the Throne,

ගෞරවනීය අර්ෂ් හෙවත් ඔහුගේ රාජ්යයේ හිමිකරු ඔහුය.

85:16Page 590

فَعَّالٞ لِّمَا يُرِيدُ ١٦

Effecter of what He intends.

ඔහු සිතන දේ සිදු කරන්නාය. ඔහු කැමති වන අයගේ පාපයන්ට සමාව දෙනු ඇත. ඔහු කැමති අයට දඬුවම් කරනු ඇත. සුවිශුද්ධ වූ ඔහුට කිසිදු බල කරන්නෙකු නොමැත්තේය.

85:17Page 590

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ١٧

Has there reached you the story of the soldiers -

අහෝ දූතය! සත්යයට විරුද්ධව නැගී සිටීමටත් එයින් ජනයා වැළැක්වීමටත් ඒක්රැස් වූ සේනාවන්ගේ පුවත ඔබ වෙත පැමිණියේද?

85:18Page 590

فِرۡعَوۡنَ وَثَمُودَ ١٨

[Those of] Pharaoh and Thamūd?

(එය) ෆිර්අවුන් හා සාලිහ් අලෛහිස් සලාම් තුමාගේ ජන සමාජය වූ සමූද් වැසියන්ගේ පුවත...

85:19Page 590

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ ١٩

But they who disbelieve are in [persistent] denial,

බොරු කරමින් සිටි සමූහයන් පිළිබඳ හා ඔවුන්ට අත්වූ විනාශය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොපැමිණීම ඔවුන්ගේ විශ්වාස වළක්වාලන සාධකයක් නොවීය. සැබෑ කරුණ නම් ඔවුන්ගේ දූතයාණන් ඔවුන් වෙතට කවර කරුණක් ගෙන ආවේද, එවිට ඔවුහු ඔවුන්ගේ ආශාවන්ට වහල් වී එය බොරු කරමින් සිටියහ.

85:20Page 590

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ٢٠

While Allāh encompasses them from behind.1

අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් ආවරණය කරමින් ඒවා සටහන් කර ගන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

85:21Page 590

بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ ٢١

But this is an honored Qur’ān

බොරුකරන්නන් පවසන්නාක් මෙන් අල් කුර්ආනය කවියක් හෝ ප්රචණ්ඩත්වය ඇති කරන්නක් හෝ නොවේ. එය ගෞරවනීය කුර්ආනයයි.

85:22Page 590

فِي لَوۡحٖ مَّحۡفُوظِۭ ٢٢

[Inscribed] in a Preserved Slate.

කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ තොරව කිසිදු අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් හෝ තොරව ආරක්ෂා කරනු ලැබූ ඵළකයක එය තිබිණි.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском