Al-Mukhtasar · Tafsir · in Sinhala
الطارق
At-Tariq
The Nightcommer · Meccan · 17 ayahs
අහස මත දිවුරා අල්ලාහ් පවසයි. එමෙන්ම රාත්රිය පසාරු කරමින් යන තාරකාව මත ද දිවුරා පවසයි.
අහෝ දූතය! මෙම දැවැන්ත තාරකාව පිළිබඳ ඔබව දැනුවත් කළේ කුමක්ද?
එයින් විහිදෙන ආලෝකයෙන් අහස පසාරු කරගෙන යන තාරකාවකි.
86:4Page 591
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ ٤
There is no soul but that it has over it a protector.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා, සෑම ආත්මයකටම තමන් සිදු කරන ක්රියාවන් සුරක්ෂිතව රැස්කර තබා ගන්නා මලක්වරයකු පත් කර ඇත්තේය.
අල්ලාහ්ගේ බලය හා මිනිසාගේ නොහැකියාව මිනිසාට පැහැදිළි කරනු පිණිස අල්ලාහ් කවර දෙයකින් මිනිසාව මවා ඇත්තේ දැයි ඔහු සිතා බලත්වා යැයි විමසා සිටියි.
ගර්භාෂයේ හැළෙන්නට සළස්වන අයුරින් විදිනසුළු ද්රාවණයකින් අල්ලාහ් ඔහු මැවීය.
86:7Page 591
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ٧
Emerging from between the backbone and the ribs.
මෙම ද්රාවණය පිරිමියාගේ කොඳු නාරටිය හා ඉළ ඇට අතරින් පිට වෙයි.
86:8Page 591
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ ٨
Indeed, He [i.e., Allāh], to return him [to life], is Able.
සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මෙම පිළිකුලින් යුත් ද්රාවණයෙන් මිනිසාව මවන්නට හැකි නම්, ඔහු මිය ගිය පසු විනිශ්චය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා යළි ඔහු අවදි කිරීමට තරම් අල්ලාහ් ශක්තිය ඇත්තාය.
එදින, රහසිගත දෑ ගැන පරීක්ෂා කරනු ලැබේ. මිනිසාගේ හදවත් තුළ සඟවා තිබූ සිතුවිලි, චේතනා හා වෙනත් ප්රතිපත්තීන් නිරාවරණය කරනු ලැබේ. පසුව එමගින් දැහැමි මිනිසා හා අපරාධකරුවා කවුරුන්දැයි වෙන් කරනු ඇත.
86:10Page 591
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ ١٠
Then he [i.e., man] will have no power or any helper.
එදින, අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු බලයක් මිනිසා සතු නොවන්නේය. එමෙන්ම ඔහුට උදව් කරන කිසිවකුත් නොසිටිනු ඇත.
වර්ෂාව ඇති කරන අහස මත දිවුරා අල්ලාහ් පවසයි. සැබැවින්ම එය විටෙක අහසේ එක් පැත්තකින්ද තවත් විටෙක තවත් පැත්තකින් ද ඇද හැළෙන බැවින් වර්ෂාව ඇති කරන අහස යැයි මෙහි සඳහන්ව ඇත.
පැළෑටි බවභෝග හා ගස් හටගන්නට පැළෙන සුළු මහපොළොව මත ද දිවුරා පවසයි.
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පහළ කරන ලද මෙම කුර්ආනය සත්යය හා අසත්යය ද යුක්තිය හා අසාධාරණය ද වෙන් කර දක්වන ප්රකාශයකි.
එය සෙල්ලමක් ලෙස හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ නොවේ. එය බරපතලය. එමෙන්ම සත්යයය.
සැබැවින්ම ඔවුන් අතරට ඔවුන්ගේ දහම් දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින් සිටියවුන් වනාහි එතුමාණන්ගේ ඇරයුම ප්රතික්ෂේප කරන්නටත් එය නිෂ්ඵල කරන්නටත් බොහෝ කුමන්ත්රණ හා සැලසුම් කරනු ලබන අයයි.
සත්යය හෙළිකරන්නටත්, අසත්යය අතුගා දමන්නටත්, මම ද සැලසුම් කරමි.
86:17Page 591
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ١٧
So allow time for the disbelievers. Leave them awhile.1
අහෝ ධර්ම දූතය! එම දේව ප්රතික්ෂේපකයින්ට අවකාශය දෙනු. මම ඔවුනට මදක් අවකාශය දෙමි. ඔවුනට දඬුවම් දෙන්නට හෝ ඔවුන් විනාශ කර දමන්නට හෝ නුඹ ඉක්මන් නොවනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences