Al-Mukhtasar · Tafsir · in Sinhala
الضحى
Ad-Duhaa
The Morning Hours · Meccan · 11 ayahs
දහවල ආරම්භය මත දිවුරමින්.
රාත්රිය මත දිවුරමින් එය අන්ධකාරය පතුරුවා එහි මිනිසුන් තම කාර්යයන්ගෙන් ඉවත් ව සැනසුම ලබන විට.
93:3Page 596
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ٣
Your Lord has not taken leave of you, [O Muḥammad], nor has He detested [you].
අහෝ දූතය! දේව පණිවිඩ නතර වූ කාලයේදී දෙවිඳුන්ට ආදේශ කරන්නන් පවසා සිටියාක් මෙන් ඔබේ පරමාධිපති ඔබව අතහැරියේ නැත. එමෙන්ම ඔබ සමඟ අමනාප වූයේ ද නැත.
93:4Page 596
وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ ٤
And the Hereafter is better for you than the first [life].
මතු නිවහන මෙලොවට වඩා ඔබට උතුම්ය. හේතුව, එහි නිමක් නැති සැප සම්පත් සදා පවතින බැවිනි.
93:5Page 596
وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ ٥
And your Lord is going to give you, and you will be satisfied.
ඔබට හා ඔබේ සමූහයාට පිරිනමන දෑ පිළිබඳ ඔබ තෘප්තිමත් වන තරමට ඔබට හා ඔබේ සමූහයාට ඉමහත්වූ ප්රතිඵල මතු පිරිනමනු ඇත.
93:6Page 596
أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ ٦
Did He not find you an orphan and give [you] refuge?
කුඩා අවදියේ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔබ සිටියෙහිය. පසුව ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ්ගේ හා ඉන්පසුව ඔබේ මහප්පා වන අබූ තාලිබ්ගේ භාරයේ සෙනෙහසට පත් කොට ඔහු ඔබට පිළිසරණක් දුන්නේය.
දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය.
ඔබ දිළින්ඳෙකු ලෙස සිටියෙහිය. පසුව ඔහු ඔබව ස්වයංපෝෂිත කළේය.
එබැවින් ළමා අවදියේදී පියාණන් අහිමි වූ අනාථ දරුවන් සමඟ වූ ඇසුර පළුදු නොකරනු. ඔවුන්ව පහත් කොට නොසලකනු.
අවශ්යතා ඉල්ලා පැමිණෙන අය පලවා නොහරිනු.
93:11Page 596
وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ ١١
But as for the favor of your Lord, report [it].
ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා ඔබ තුති පුද කොට ඒවා ගැන මෙනෙහි කරනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences