Al-Mukhtasar · Tafsir · in Sinhala
التين
At-Tin
The Fig · Meccan · 8 ayahs
අල්ලාහ් තීන් -අත්තික්කා- මත හා එම ශාක හටගන්නා ස්ථානය මත දිවුරා පවසයි. තවද සෙයිතූන් -ඔලිව්- මත හා එය බහුල ලෙස වැවී තිබූ පලස්තීනයේ ප්රදේශයක් මත ද දිවුරා පවසයි. ඊසා අලෛහිස් සලාම් තුමාව නබිවරයකු ලෙස එවනු ලැබූ දේශය එයයි.
මූසා අලෛහිස් සලාම් අල්ලාහ් අබියස කතා කළ සිනායි කන්ද මත ද දිවුරා පවසයි.
කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු එහි ආරක්ෂාව ලබන, දූත මෙහෙවර සමඟ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවනු ලැබූ ශුද්ධ වූ මක්කා නගරය මත දිවුරා පවසයි.
95:4Page 597
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ ٤
We have certainly created man in the best of stature;1
සැබැවින්ම මිනිසා නිසි මැවීමකින් හා ශ්රේෂ්ඨ හැඩරුවකින් යුතුව අපි ඇති කළෙමු.
පසුව අපි ඔහු මෙලොවෙහි වයෝවෘද්ධභාවයට හා ආබාධයකට නැවත ගෙන එන්නෙමු. එහෙයින් කෙනෙකුගේ ස්වභාවය අයහපත් වී නරකාදියට යෑම මඟින් ප්රයෝජනයක් ඔහුට හිමි නොවන්නේ කෙසේද, එසේම ඔහුගේ එම ශරීරය මඟින් මෙලොවෙහි ඔහු ප්රයෝජනයක් නොලබයි.
95:6Page 597
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ٦
Except for those who believe and do righteous deeds, for they will have a reward uninterrupted.
නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් හැර. සැබැවින්ම ඔවුන් වනාහි වයෝවෘද්ධභාවයට පත් වුවද ඔවුනට අඛණ්ඩ ව සදා පවතින කුසල් හිමිය. එය ස්වර්ග උයනයි. එය ඔවුන් ඔවුන්ගේ ස්වභාව ධර්මය පිරිසිදු කර ගත් බැවිනි.
බොහෝ බලවත් සංඥා නුඹ දෑසින් දුටු පසුව ප්රතිඵල පිරිනමනු ලබන දිනය බොරු යැයි පැවසීමට නුඹව පොළඹවූයේ කවර කරුණක් ද?
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතිඵල සඳහා වූ දිනයක් ලෙස පත් කිරීමෙන් අල්ලාහ් තීරකයින් අතර මහා තීරකයකු මෙන්ම වඩාත් සාධාරණනීය අයකු නොවී ද?! අල්ලාහ් තම ගැත්තන් අතර තීන්දු නොකර නිකරුණේ අතහැර දමනු ඇතැයි සිදුවේ ද? දැහැමියාට ඔහුගේ දැහැමිභාවය අනුවත්, දුෂ්ඨයාට ඔහුගේ දුෂ්ඨභාවය අනුවත් ප්රතිඵල පිරිනමනු ඇත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences