Al-Mukhtasar · Tafsir · in Sinhala
Al-Hijr 15:65–99
15:65Page 265
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ٦٥
So set out with your family during a portion of the night and follow behind them and let not anyone among you look back and continue on to where you are commanded."
"රාත්රියෙන් කොටසක් ගෙවී ගිය පසු නුඹේ පවුලත් සමග නුඹ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් ගමන් කරනු. ඔවුනට අත් වූ දෑ බලන්නට නුඹලා අතුරින් කිසිවෙකු පසුපස හැරී නොබලනු. ගමන් කරන්නට අල්ලාහ් නියෝග කළ අයුරින්ම නුඹලා ගමන් කරනු."
15:66Page 265
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ ٦٦
And We conveyed to him [the decree] of that matter: that those [sinners] would be eliminated by early morning.
අපි ලූත්ට නියම කළ නියෝගය වහී(නම්) දේව පණිවිඩය හරහා ලූත්ට දැනුම් දුන්නෙමු. එනම් සැබැවින්ම මෙම ජනයා උදෑසන එළැඹෙන විට ඔවුන් මුලුමණින්ම මුලිනුපුටා දමනු ලබනු ඇත. යන්නයි.
15:67Page 265
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ ٦٧
And the people of the city came rejoicing.1
සදොම් වැසියෝ, ලූත්ගේ ආගන්තුකයින් ගැන සතුටු වෙමින් අශීලාචාර ක්රියාවෙහි ඔවුන් සමග හැසිරීමේ ආශාවෙන් ඔවුහු ඔවුන් වෙත පැමිණියෝය.
15:68Page 265
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ٦٨
[Lot] said, "Indeed, these are my guests, so do not shame me.
"සැබැවින්ම මෙම පිරිස මාගේ ආගන්තුකයින්ය. නුඹලා ඔවුන් ගැන සිතන දැයින් මා අපහාසයට පත් නොකරනු" යි ලූත් තුමා ඔවුනට පැවසීය.
"නුඹලා අල්ලාහ්ට බිය වී මෙම අශීලාචාර කටයුත්ත අතහැර දමනු. නුඹලාගේ මේ පහත් ක්රියාව හේතුවෙන් නුඹලා මා අවමානයට පත් නොකරනු."
15:70Page 265
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ ٧٠
They said, "Have we not forbidden you from [protecting] people?"
"ජනයා අතරින් කිසිවෙකුත් නුඹ සමග එකතු කර ගැනීමෙන් අපි නුඹ ව වැළැක්වූයේ නැද්දැ"යි ඔහුගේ ජනයා ඔහුගෙන් විමසීය.
15:71Page 266
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ٧١
[Lot] said, "These are my daughters1 - if you would be doers [of lawful marriage]."
ලූත් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ආගන්තුකයින් ඉදිරියේ තමන් ගැන සමාව අයදිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගේ ආශාවන් ඉටු කර ගැනීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු නම් මාගේ දූවරුන් සියල්ල විවාහ කර ගෙන නුඹලාගේ බිරියන් කර ගන්න."
15:72Page 266
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ ٧٢
By your life, [O Muḥammad], indeed they were, in their intoxication, wandering blindly.
අහෝ දූතය! නුඹේ ජීවිතය මත දිවුරමින් සැබැවින්ම ලූත්ගේ ජනයා ඔවුන්ගේ කාමාශාවේ ඉතා දරුණු ලෙස පසුවන්නෝ වෙති.
හිරු උදාවන වේලාවෙහි ඔවුන් පිවිසුනු අවස්ථාවේ විනාශකාරී දැඩි හඬක් ඔවුන් හසු කළේය.
15:74Page 266
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ ٧٤
And We made the highest part [of the city] its lowest and rained upon them stones of hard clay.
ඔවුන්ගේ නගරය උඩු යටිකුරු පෙරළුවෙමු. මැටියෙන් යුත් ගල් වර්ෂාවක් ඔවුන් මත හෙළුවෙමු.
15:75Page 266
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ ٧٥
Indeed in that are signs for those who discern.
ලූත්ගේ ජනයාට අත් වූ විනාශය ගැන මෙනෙහි කර බැලීමේ දී එසේ සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
15:76Page 266
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ ٧٦
And indeed, they [i.e., those cities] are [situated] on an established road.
ලූත්ගේ ජනයාගේ නගරය යන එන මාර්ගයේ පිහිටා ඇති මාර්ගයක විය. ඒ හරහා ගමන් කරන මගීන් එය දකිනු ඇත.
15:77Page 266
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٧٧
Indeed in that is a sign for the believers.
සිදු වූ මෙම සිදුවීමෙහි පාඩම් ලබන දේව විශ්වාසීන් හට සාධක ඇත.
15:78Page 266
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ ٧٨
And the companions of the thicket [i.e., the people of Madyan] were [also] wrongdoers,
වෙළී ඇති ගහ කොළවලින් යුත් ගම්මාන වාසීන් වන ෂුඅයිබ්ගේ ජනයා අපරාධකරුවන් වූහ. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූත ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ බැවිණි.
15:79Page 266
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ ٧٩
So We took retribution from them, and indeed, both [cities] are on a clear highway.
එහෙයින් ඔවුන් දඬුවමට හසුකරමින් අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. සැබැවින්ම ලූත්ගේ ජනයා විසූ ගම්මානයත් ෂුඅයිබ්ගේ සගයින් විසූ දේශයත් මගීන්හට පැහැදිලි මාර්ගයක් විය.
15:80Page 266
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ ٨٠
And certainly did the companions of al-Ḥijr1 [i.e., the Thamūd] deny the messengers.
සමූද් ජනයා ද බොරු කළෝය. ඔවුන් හිජ්ර් වැසියෝ වෙති. (එය හිජාස් හා සිරියාව අතර පවතින ස්ථානයකි.) ඔවුන්ගේ නබිවරයා වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළ අවස්ථාවේ සියලුම දූතවරුන් බොරු කළෝය.
15:81Page 266
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٨١
And We gave them Our signs, but from them they were turning away.
ඔහු තම පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද එහි සත්යතාව තහවුරු කරමින් සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔටු දෙන ද ඒ අතරින් එකකි. එම සාධකය මගින් ඔවුන් පාඩම් නොලැබුවෝය. ඒ ගැන සැලකිලිමත් නොවූවෝය.
15:82Page 266
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ٨٢
And they used to carve from the mountains, houses, feeling secure.
ඔවුන් බියවන දැයින් ආරක්ෂිතයින් ලෙස වාසය කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් නිවෙස් තැනීමට ඔවුහු කඳු කපන්නන් වූහ.
උදෑසන කාලයේ ඔවුන් පිවිසෙන අවස්ථාවේ දඬුවමේ හඬ ඔවුන් ග්රහණය කළේය.
15:84Page 266
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٤
So nothing availed them [from] what they used to earn.
ඔවුන් උපයමින් සිටි වස්තුව හෝ වාසය කළ නිවාස අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වැළැක්වූයේ නැත.
15:85Page 266
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ ٨٥
And We have not created the heavens and earth and that between them except in truth. And indeed, the Hour is coming; so forgive with gracious forgiveness.
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කිසිදු ප්රඥාවකින් තොර ව අපි මවා නැත. ඒ සියල්ල සත්යයෙන් යුතු ව මිස අපි මවා නැත. සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. අහෝ දූතය! නුඹ ව බොරු කරන්නන් නොසලකා හරිනු. ඔවුනට අලංකාර අයුරින් සමාව දෙනු.
15:86Page 266
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ ٨٦
Indeed, your Lord - He is the Knowing Creator.
අහෝ දූතය! සැබැවින්ම සියලු දෑහි මහා මැවුම්කරු නුඹේ පරමාධිපතිය. ඔහු ඒ පිළිබඳ සර්වඥානීය.
15:87Page 266
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ٨٧
And We have certainly given you, [O Muḥammad], seven of the often repeated [verses]1 and the great Qur’ān.
පාඨ හතකින් සමන්විත සූරා අල් ෆාතිහා ද අතිමහත් අල් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
15:88Page 266
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ٨٨
Do not extend your eyes toward that by which We have given enjoyment to [certain] categories of them [i.e., the disbelievers], and do not grieve over them. And lower your wing [i.e., show kindness] to the believers.
දෙවියන් ප්රතික්ෂේප කරන පිරිස් සඳහා අප භුක්ති විඳින්නට සැලැස් වූ ඉතා පහත් දෑ දෙස නුඹේ අවධානය යොමු නොකරනු. ඔවුන් බොරු කිරිම ගැන ද නුඹ දුක් නොවනු. දෙවියන් විශ්වාස කරන්නන් හට නිහතමානීව කටයුතු කරනු.
15:89Page 266
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ ٨٩
And say, "Indeed, I am the clear warner" -
අහෝ දූතය! "සැබැවින්ම මම දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු" යැයි නුඹ පවසනු.
15:90Page 266
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ ٩٠
Just as We had revealed [scriptures] to the separators1
අල්ලාහ්ගේ ග්රන්ථ කොටස් වශයෙන් බෙදා ඉන් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කළවුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ මෙන් යමක් නුඹලාට අත්වීම ගැන මම නුඹලාට අවවාද කර සිටිමි.
ඔවුන් වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කොට මෙය හූනියමකි. එසේ නැතහොත් ඉන්ද්රජාලයකි. එසේත් නැතහොත් කවියකි යැයි පැවසූහ.
15:92Page 267
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ ٩٢
So by your Lord, We will surely question them all
අහෝ දූතය, නුඹේ පරමාධිපති මත දිවුරමින්. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කොටස් බවට පත්කළ සියලු දෙනාගෙන් සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු.
ඔවුන් මෙලොව සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු.
15:94Page 267
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ٩٤
Then declare what you are commanded1 and turn away from the polytheists.2
අහෝ දූතය! ප්රචාරය කරන මෙන් අල්ලාහ් නුඹට කවර කරුණක් නියෝග කළේ ද එය ඔබ දන්වා සිටිනු. දේව ආදේශකයින් පවසන මෙන්ම සිදු කරන දෑ දෙස නුඹ හැරී නොබලනු.
15:95Page 267
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ ٩٥
Indeed, We are sufficient for you against the mockers
ඔවුන් ගැන නුඹ බිය නොවනු. කුරෙයිෂ් ප්රතික්ෂේපක නායකයින් අතර සමච්චල් කරමින් සිටියවුන්ගේ කුමන්ත්රණය සම්බන්ධයෙන් සැබැවින්ම අපි නුඹට ප්රමාණවත් වන්නෙමු.
15:96Page 267
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٩٦
Who make [equal] with Allāh another deity. But they are going to know.
අල්ලාහ් සමගම නැමදුම් ලබන වෙනත් දෑ ගත්තවුන් වනාහි, ඔවුන් එසේ ආදේශ කිරීමේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.
15:97Page 267
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ ٩٧
And We already know that your breast is constrained by what they say.
අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් හා නුඹ ගැන සමච්චල් කිරීම හේතුවෙන් ඔවුන් ගැන සිතා ඔබේ හදවත පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
15:98Page 267
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ ٩٨
So exalt [Allāh] with praise of your Lord and be of those who prostrate [to Him].
අල්ලාහ්ට අදාළ නොවන දෑයින් ඔහු ව ඈත් කොට ඔහුගේ පරිපූර්ණ ගුණාංග පිළිබඳ පැසසුම් කොට ඔහු වෙත යොමු වන්න. අල්ලාහ්ට නැමදුම් කරන්නන් අතරට ඔබද පත් වන්න. පීඩනයට පත් ඔබේ හදවතට එහි ප්රතිකාරයක් ඇත.
15:99Page 267
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ ٩٩
And worship your Lord until there comes to you the certainty [i.e., death].
නුඹේ පරමාධිපතිට ගැතිකම් සිදු කරමින්ම සිටිනු. ඒ මත නුඹ සිටියදීම නුඹ වෙත මරණය පැමිණෙන තෙක් නුඹ ජීවතුන් අතර සිටින කල්තාක් ඒ මතම රැඳී සිටිනු.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences