Al-Mukhtasar · Tafsir · in Sinhala
An-Nahl 16:115–128
16:115Page 280
إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١١٥
He has only forbidden to you dead animals,1 blood, the flesh of swine, and that which has been dedicated to other than Allāh. But whoever is forced [by necessity], neither desiring [it] nor transgressing [its limit] - then indeed, Allāh is Forgiving and Merciful.
කපනු ලැබිය යුතු දැයින් කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකරයාගේ සියලුම අවයව, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පිළිගන්වා කපනු ලැබූ දෑ ආහාර වශයෙන් ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. මෙසේ තහනම් කිරීම පනවා ඇත්තේ තෝරා ගැනීමේ නිදහස ඇති පසුබිමකය. ඉහත සඳහන් ආහාර ගැනීම සඳහා අත්යවශ්ය වාතාවරණයකට යමෙකු තල්ලු කරනු ලබන්නේ නම් ඔහු පැවැත්මෙන්ම තහනම් කරන ලද දෑ කිසිදු රුචියකින් තොර ව හා අවශ්ය ප්රමාණය ඉක්මවීමෙන් තොර ව එයින් අනුභව කළේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔහු අනුභව කළ වෙනුවෙන් ඔහු ඔහුට සමාව දෙයි. අත්යවශ්ය තත්ත්වයක එය ඔහු අනුමත කරන අවස්ථාවේ ඔහු ඔහුට මහා කාරුණික විය.
16:116Page 280
وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٞ وَهَٰذَا حَرَامٞ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦
And do not say about what your tongues assert of untruth, "This is lawful and this is unlawful," to invent falsehood about Allāh. Indeed, those who invent falsehood about Allāh will not succeed.
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මත බොරු ගොතමින් තහනම් නොකරන ලද දෑ තහනම් කිරීමේ හා අනුමත නොකරන ලද දෑ අනුමත කිරීමේ අපේක්ෂාවෙන්, "මෙය අනුමතය. මෙය තහනම් ය" යැයි නුඹලාගේ දිවවල් අල්ලාහ් මත බොරු ගොතන දෑ ප්රකාශ නොකරනු. සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ජය නොලබති. බියවන දැයින් ආරක්ෂාවද නොලබති.
16:117Page 280
مَتَٰعٞ قَلِيلٞ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ١١٧
[It is but] a brief enjoyment, and they will have a painful punishment.
ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කිරීමෙන් මෙලොවෙහි ඔවුනට ඉතා අල්ප පහත් භුක්ති විඳීමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඇත.
16:118Page 280
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨
And to those who are Jews We have prohibited that which We related to you before.1 And We did not wrong them [thereby], but they were wronging themselves.
(සූරා අල් අන්ආම්හි 146 වැනි පාඨයේ සඳහන් පරිදි) අපි නුඹට දන්වා සිටි දෑ යුදෙව්වන්හට විශේෂෙයන් තහනම් කළෙමු. එය තහනම් කිරීමෙන් අපි ඔවුනට අසාධාරණයක් නොකළෙමු. නමුත් ඔවුන් දඬුවමට හේතු වන වැරදි සිදු කළ විට ඔවුන් ඔවුනටම අරපාධ කර ගත්තෝය. එවිට ඔවුන්ගේ ප්රචණ්ඩත්වය හේතුවෙන් ඔවුනට ප්රතිවිපාක පිරිනැමුවෙමු. ඔවුනට දඬුවමක් වශයෙන් ඒවා ඔවුනට තහනම් කළෙමු.
16:119Page 281
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ ١١٩
Then, indeed your Lord, to those who have done wrong out of ignorance and then repent after that and correct themselves - indeed, your Lord, thereafter, is Forgiving and Merciful.
අහෝ දූතය! දඬුවම ගැන නොදැන අයහපත් ක්රියාවන් සිදු කළවුනට ඔවුන් එය උවමනාවෙන් සිදු කොට අනතුරුව ඔවුන් කළ පාපකම්වලින් පසු අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද ඔවුන් කළ නපුරු ක්රියාවන් විධිමත් කර ගත්තේ නම්, එසේ පශ්චාත්තාපයෙන් පසු නුඹේ පරමාධිපති ඔවුන්ගේ පාපකම් සඳහා ක්ෂමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
16:120Page 281
إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٠
Indeed, Abraham was a [comprehensive] leader,1 devoutly obedient to Allāh, inclining toward truth, and he was not of those who associate others with Allāh.
සැබැවින්ම ඉබ්රාහීම් (අලෙයහිස් සලාම්) සියලුම යහපත් කටයුතු එකතු කළ අයෙකු විය. ඔහුගේ පරමාධිපතිට ඔහු සදාකල් අවනත වන්නෙකු ලෙසත් සියලුම ආගම්වලින් බැහැර ව ඉස්ලාම් දහම වෙත නැඹුරු වූවෙකු ලෙසත් සිටියේය. කිසි විටෙක අල්ලාහ්ට ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය.
16:121Page 281
شَاكِرٗا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٢١
[He was] grateful for His favors. He [i.e., Allāh] chose him and guided him to a straight path.
එමෙන්ම අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාද සඳහා ඔහු කෘතවේදී අයකු විය. නබිත්වය සඳහා අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය. ඍජු ඉස්ලාම් දහම වෙත ඔහුට මග පෙන්වීය.
16:122Page 281
وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢
And We gave him good in this world, and indeed, in the Hereafter he will be among the righteous.
නබිත්වය, යහපත් පැසසුම් හා දැහැමි දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. උසස් ස්වර්ගයේ උසස් නිලතල අල්ලාහ් විසින් සූදානම් කර ඇති දැහැමියන් අතරින් කෙනෙකු විය.
16:123Page 281
ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣
Then We revealed to you, [O Muḥammad], to follow the religion of Abraham, inclining toward truth; and he was not of those who associate with Allāh.
ඒකදේවත්වය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන් නිදොස් වීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඔහුගේ ආගමික නීති පිළිපැදීම, සියලු ආගම්වලින් දුරස්ව ඉස්ලාම් දහම වෙත නැඹුරුවීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඉබ්රාහීම් තුමාගේ පිළිවෙත පිළිපදින මෙන්, අහෝ දූතය! අපි නුඹට දේව පණිවිඩ පහළ කළෙමු. දෙවියන්ට ආදේශ තැබූවන් තරයේ විශ්වාස කරන පරිදි කිසිවිටෙක ඔහු ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය. ඔහු අල්ලාහ් ව ඒකීයත්වයට පත් කරන්නෙකු විය.
16:124Page 281
إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤
The sabbath was only appointed for those who differed over it. And indeed, your Lord will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.
යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ.
16:125Page 281
ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١٢٥
Invite to the way of your Lord with wisdom and good instruction, and argue with them in a way that is best. Indeed, your Lord is most knowing of who has strayed from His way, and He is most knowing of who is [rightly] guided.
අහෝ දූතය! ඇරයුම් කරන්නාට අවශ්ය වන පසුතලයන් ඔහුගේ අවබෝධය හා පාලනය යනාදිය මගින් ද උනන්දු කරවීමේ හා බිය ගැන්වීමේ කරුණු අඩංගු උපදෙස් මගින් ද ඔබ හා ඔබ ව අනුගමනය කළ විශ්වාසීන් ඉස්ලාම් දහම වෙත ජනයා ඇරයුම් කරනු. බුද්ධියෙන්, ඥානයෙන් හා ප්රකාශයෙන් වඩාත් යහපත් මාර්ග උපයෝගි කර ගනිමින් ඔවුන් සමග තර්ක කරනු. මිනිසුන්ට යහමඟ යොමු කිරීමේ වගකීම නුඹ මත නැත. නුඹ මත පැවරී ඇත්තේ ඔවුනට ප්රචාරය කිරීම පමණි. අල්ලාහ්ගේ දහමින් නොමග ගියවුන් පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. යහමග ගියවුන් පිළිබඳවත් මැනවින් දන්නාය. එහෙයින් නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවනු.
16:126Page 281
وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٞ لِّلصَّٰبِرِينَ ١٢٦
And if you punish [an enemy, O believers], punish with an equivalent of that with which you were harmed.1 But if you are patient - it is better for those who are patient.
නුඹලා නුඹලාගේ සතුරෙකුට දඬුවම් දීමට අපේක්ෂා කළේ නම් නුඹලාට ඔහු සිදු කළ දෑ හා සමාන දඬුවමක් මිස කිසිදු වැඩි කිරීමකින් තොර ව ඔහුට දඬුවම් දෙනු. ඔහුට නුඹලා දඬුවම් දීමට හැකියාව තිබිය දී එසේ යුක්තිය පතා ඔවුනට දඬුවම් දීමට වඩා ඒ ගැන ඉවසා දරා ගත්තෙහු නම්, සැබැවින්ම එය ඉවසිලි වන්තයින් හට වඩාත් යහපත්ය.
16:127Page 281
وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ١٢٧
And be patient, [O Muḥammad], and your patience is not but through Allāh. And do not grieve over them and do not be in distress over what they conspire.
අහෝ දූතය! නුඹට අත්වන ඔවුන්ගේ හිරිහැර හා පීඩාවන් මත නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කිරීමෙන්ම මිස ඉවසීම සඳහා නුඹට වෙනත් ආශිර්වාද කිරීමක් නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නුඹ ව හෙළා දැකීම හේතුවෙන් නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට සැළසුම් හේතුවෙන් නුඹගේ හදවත පීඩනයට පත්කර නොගනු.
16:128Page 281
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ ١٢٨
Indeed, Allāh is with those who fear Him and those who are doers of good.
පාපකම් අතහැර ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමග අල්ලාහ් සිටියි. අවනත වෙමින් හා ඔවුනට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිමින් දැහැමි ලෙස කටයුතු කළවුන් ඔවුහුමය. උදව් උපකාරය හා ස්ථාවර කිරීමේ දී ඔහු ඔවුන් සමගය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences