Al-Mukhtasar · Tafsir · in Sinhala
An-Nahl 16:41–79
16:41Page 271
وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
And those who emigrated for [the cause of] Allāh after they had been wronged - We will surely settle them in this world in a good place; but the reward of the Hereafter is greater, if only they could know.
දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් තමන්හට හිංසා පීඩා ඇති කොට තමන් පීඩනයට පත්වූවායින් පසු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දේව ප්රතික්ෂේපිත දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත තම නිවෙස් පවුල් හා තම දේපොළ අතහැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් වනාහි, සැබැවින් අපි ඔවුනට මෙලොවෙහි ගෞවරයෙන් යුතු ව සිටිය හැකි නිවහනක පදිංචි කරවන්නෙමු. ස්වර්ගයේ ඇති පිරිනැමීම් හේතුවෙන් මතුලොව තිළිණ වඩාත් උතුම් වන්නේය. හිජ්රත්-නික්ම- යාමෙන් පසුබැස්සවුන් එම නික්ම ගිය මුහාජිර්වරුන් සතු තිළිණ පිළිබඳ දැන ගන්නේ නම්, ඔවුන් ද එයින් පසු නොබසිනු ඇත.
16:42Page 271
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٤٢
[They are] those who endured patiently and upon their Lord relied.
අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මොවූහු වනාහි, ඔවුන්ගේ ප්රජාවෙන් අත් වූ හිංසා පීඩාවන් මත සහ ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයෙන් වෙන්වීම ගැන ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ්ට අවනත වීමෙහි ද ඉවසීමෙන් කටයුතු කළවුන් වෙති. ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත ම ස්ථාවරයෙන් සිටියහ. එහෙයින් අල්ලාහ් ඔවුනට අතිමහත් ප්රතිඵල පිරිනැමුවේය.
16:43Page 272
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٤٣
And We sent not before you except men to whom We revealed [Our message]. So ask the people of the message [i.e., former scriptures] if you do not know.
අහෝ දූතය! නුඹට පෙර අප දේව පණිවිඩ දන්වා සිටීම සඳහා මිනිසුන් අතර පිරිමින් මිස වෙනත් කිසිවෙකු නොඑව්වෙමු. එසේ දූතවරුන් ලෙස අපි මලක්වරුන් ද නොඑව්වෙමු. මෙය අපගේ සුපුරුදු පිළිවෙතයි. සැබැවින්ම ඔවුන් මිනිසුන් බව නුඹලා නොදන්නෙහු නම් නුඹලා එය හෙළා දකින්නේ නම් පෙර පැමිණි ආගම් ලත් ජනයාගෙන් විමසා බලනු. සැබැවින්ම ඔවුන් මිනිසුන් මිස මලක්වරුන් නොවන බව ඔවුන් නුඹලාට දැනුම් දෙනු ඇත.
16:44Page 272
بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٤٤
[We sent them] with clear proofs and written ordinances. And We revealed to you the message [i.e., the Qur’ān] that you may make clear to the people what was sent down to them and that they might give thought.
එම මිනිස් දූතවරුන්, පැහැදිලි සාධක හා පහළ කරන ලද දිව්ය ග්රන්ථ සමග අපි එව්වෙමු. අහෝ දූතය! නුඹ ජනයාට පැහැදිලි කිරීමට අවශ්ය දෑ ඔවුනට පැහිදිලි කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. ඔවුන්ගේ බුද්ධිය භාවිත කර එහි අන්තර්ගතව ඇති කරුණු තුළින් ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස.
16:45Page 272
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٤٥
Then, do those who have planned evil deeds feel secure that Allāh will not cause the earth to swallow them or that the punishment will not come upon them from where they do not perceive?
අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම සඳහා කුමන්ත්රණ සැළසුම් කළවුන්, කාරූන් පොළොවට ගිල ගනු ලැබුවාක් මෙන් අල්ලාහ් ඔවුන් ගිලෙන්නට සැලැස්වීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එසේ නැතහොත් දඬුවම පැමිණීම ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොර ව සිටි තත්ත්වයක එම දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?
16:46Page 272
أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ ٤٦
Or that He would not seize them during their [usual] activity, and they could not cause failure [i.e., escape from Him]?
ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති.
16:47Page 272
أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٖ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٌ ٤٧
Or that He would not seize them gradually [in a state of dread]?1 But indeed, your Lord is Kind and Merciful.2
අල්ලාහ් ගැන ඔවුන් බියෙන් පසුවන තත්ත්වයේ ඔහුගේ දඬුවම ඔවුනට අත්වීම ගැන ඔවුන් අභයදායී වන්නෝ ද? සෑම තත්ත්වයකම ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා සෙනෙහෙවන්තය මහා කාරුණිකය. තම ගැත්තන් පාපක්ෂමාවෙහි නිරත ව ඔහු වෙත යොමු වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු ඔවුනට දඬුවම ඉක්මන් නොකරනු ඇත.
16:48Page 272
أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدٗا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ ٤٨
Have they not considered what things Allāh has created? Their shadows incline to the right and to the left, prostrating to Allāh, while they [i.e., those creations] are humble.
මෙම බොරුකාරයින් ඔහුගේ මැවීම් වෙත බලා කල්පනා නොකරන්නෙහු ද? ඒවායෙහි හෙවණ හිරුගේ චලනය අනුගමනය කරමින් දකුණටත් වමටත් නැඹුරු වෙයි. හිරුගේ ගමන දහවල උදා කරයි. සඳුට රාත්රිය හිමිය. ඒවා ඒවායෙහි පරමාධිපතියාණන්ට යටහත්ව යථාර්ථයෙන්ම ඔහුට සිරස නමමින් වැඳ වැටෙති. ඒවා ඔහුට වහල්ය.
16:49Page 272
وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٤٩
And to Allāh prostrates whatever is in the heavens and whatever is on the earth of creatures, and the angels [as well], and they are not arrogant.
අහස්හි පවතින සියලු දෑ ද, මහපොළොවේ පවතින සියලු සත්වයින් ද අල්ලාහ්ට පමණක් හිස නමා වැඳ වැටෙති. මලාඉකාවරුන් ද ඔහුට පමණක් හිස නමා වැඳ වැටෙති. අල්ලාහ්ට නැමදුම් කිරීමටත් ඔහුට යටත්වීමටත් ඔවුහු උඩඟු නොවෙති.
16:50Page 272
يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ۩ ٥٠
They fear their Lord above them, and they do what they are commanded.
නිරන්තරයෙන් ඔවුන් ඔහුට නැමදුම් කරමින් හා අවනත වෙමින් සිටිනවාත් සමගම ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ආධිපත්යයෙන් හා ඔහුගේ බල මහිමයෙන් ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යටත් වන මෙන් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව ඔවුහු ක්රියා කරති.
16:51Page 272
۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ فَإِيَّٰيَ فَٱرۡهَبُونِ ٥١
And Allāh has said, "Do not take for yourselves two1 deities. He [i.e., Allāh] is but one God, so fear only Me."
ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ සියලුම ගැත්තන් හට, "නුඹලා නැමදුමට දෙදෙනෙකු නොගනු. සැබැවින්ම සැබෑ ලෙස නැමදුමට සුදුස්සා වන්නේ අල්ලාහ් පමණය. ඔහුට දෙවැනියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු ද නැත. එහෙයින් නුඹලා මට පමණක් බිය වනු මා හැර වෙනත් කිසිවෙකුට බිය නොවනු" යැයි පැවසීය.
16:52Page 272
وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ ٥٢
And to Him belongs whatever is in the heavens and the earth, and to Him is [due] worship constantly. Then is it other than Allāh that you fear?
අහස්හි ඇති දෑ ද, මහපොළොවෙහි ඇති දෑ ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ඔහුට පමණක් සතුය. අවනත වීම යටහත් වීම ස්ථාවර අවංකත්වය ඔහුට පමණක් සතු විය යුතුය. අල්ලාහ් නොවන දෑට නුඹලා බිය වන්නෙහු ද? නැත. එසේ නොව, නුඹලා ඔහුට පමණක් බියවනු.
16:53Page 272
وَمَا بِكُم مِّن نِّعۡمَةٖ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ ٥٣
And whatever you have of favor - it is from Allāh. Then when adversity touches you, to Him you cry for help.
අහෝ ජනයිනි! ආධ්යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ කවර ආශිර්වාදයක් නුඹලා සමග තිබෙන්නේ ද එය ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් නොවේ. පසු ව නුඹලාට පරීක්ෂණයක් හෝ රෝගාබාධයක් හෝ දිළිඳුකමක් හෝ අත් වූ විට ඔහු වෙත පමණක් කණ්ණලව් කර යටහත් පහත් වනු. නුඹලාට අත් වූ ඉරණම ඔහු නුඹලාගෙන් පහ කරනු ඇත. එහෙයින් කවරෙකු ආශිර්වාද පිරිනමා අභාග්යවන්තකම ඉවත් කරන්නේ ද නැමදුම් ලබන්නට අනිවාර්යය වනුයේ ඔහු පමණය.
16:54Page 272
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٞ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٥٤
Then when He removes the adversity from you, at once a party of you associates others with their Lord
පසුව නුඹලාගේ ප්රාර්ථනාවට ඔහු පිළිතුරු දී නුඹලාට අත් වූ උවදුරු ඉවත් කළ විට නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපති සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරති. මොනයම් ලැජ්ජා සහගත කටයුත්තක් ද මෙය?
16:55Page 273
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٥٥
So they will deny what We have given them. Then enjoy yourselves, for you are going to know.
ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම, ඔවුන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයන් ප්රතික්ෂේප කරන්නන් බවට පත් කර ඇත. උවදුරු ඉවත් කිරීම එම ආශිර්වාදවලින් එකකි. එහෙයින් ‘නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම ඉක්මණින් හෝ ප්රමාද වී හෝ පැමිණෙන තෙක් නුඹලා කවර සැපතක සිටින්නේ ද එය භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය.
16:56Page 273
وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ ٥٦
And they assign to what they do not know1 [i.e., false deities] a portion of that which We have provided them. By Allāh, you will surely be questioned about what you used to invent.
භෞතික වස්තු මෙන්ම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි, කිසිවක් නොදන්නා වස්තුවක් ලෙස ඔවුන්ගේ පිළිම තිබිය දී අපි ඔවුනට ලබා දුන් සම්පත්වලින් කොටසක් ඒවා වෙනුවෙන් තබා එමගින් ඒවා වෙත ඔවුහු සමීපවන්නට බලති. අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මෙම පිළිම දෙවිවරුන් යැයි ද, නුඹලාගේ පෝෂණ සම්පත්වලින් කොටසක් ඒවාට හිමි යැයි ද නුඹලා විශ්වාස කරමින් සිටි දෑ ගැන සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත.
16:57Page 273
وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ٥٧
And they attribute to Allāh daughters1 - exalted is He - and for them is what they desire [i.e., sons].
ආදේශ තබන්නන් අල්ලාහ්ට ගැහැණු දරුවන් ඇතැයි ආරෝපණය කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් හෙවත් සුර දූතයින් බව විශ්වාස කොට දූවරුන් ඔහු වෙත ආරෝපණය කර පවසති. ඔවුහු තමන් ප්රිය නොකරන දෙයක් ඔහුට තෝරා දුන්නෝය. ඔවුන් කවර කරුණක් ඔහුට පත් කොට ඔවුන්ගේ සිත් ප්රිය කරන පිරිමි දරුවන් ඔවුන් වෙනුවෙන් පත් කර ගත්තේ ද එයින් අල්ලාහ් පිවිතුරුය. පිරිසිදුය. මීට වඩා මහත් වරදක් කුමක් විය හැකිද?
16:58Page 273
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ ٥٨
And when one of them is informed of [the birth of] a female, his face becomes dark, and he suppresses grief.
මෙම ආදේශකයින් අතරින් කෙනෙකුට ගැහැණු දරුවකගේ උපත පිළිබඳ ආරංචිය දැන ගන්නට ලැබූ විට, ලැබුණු ආරංචිය පිළිබඳ ඔහු තුළ පවතින දැඩි පිළිකුල් භාවය නිසාවෙන් ඔහුගේ මුහුණ අඳුරු වී යයි. ඔහුගේ සිතෙහි දුක හා ශෝකය පිරී යයි. පසු ව ඔහු තමන්ට ප්රිය නැති දෑ අල්ලාහ් වෙත ආරෝපණය කරයි.
16:59Page 273
يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ٥٩
He hides himself from the people because of the ill of which he has been informed. Should he keep it in humiliation or bury it in the ground? Unquestionably, evil is what they decide.
ගැහැණු දරුවාගේ උපත පිළිබඳ දැනගන්නට ලැබූ නපුරු තොරතුර හේතුවෙන් ඔහු එය තම සමූහයාගෙන් සඟවන්නට බලයි. අවමානය හා කැළල සමගම එම ගැහැණු දරුවා තමන් රඳවා ගන්නේ ද එසේ නැතහොත් ඇය ව වැල්ලෙහි සඟවන්නේ දැ?යි ඔහු ඔහුටම කතා කර ගනී. තමන් ප්රිය නොකරන දෙයක් තම පරමාධිපතිට ආරෝපණය කරමින් ඔවුන් ගත් තීන්දුව කොතරම් පිළිකුල් සහගත ද?
16:60Page 273
لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٦٠
For those who do not believe in the Hereafter is the description [i.e., an attribute] of evil;1 and for Allāh is the highest attribute. And He is Exalted in Might, the Wise.
මතුලොව විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට දරුවකුගේ අවශ්යතාව, අඥානකම හා දේව ප්රතික්ෂේපය වැනි පහත් ගුණාංග සතුය. නමුත් අල්ලාහ්ට කීර්තිය, පූර්ණත්වය, ස්වාධීනත්වය, ප්රඥාව වැනි උසස් ප්රශංසනීය ගුණාංග සතුය. ශුද්ධවන්ත ඔහු ඔහුගේ රාජ්යයේ සර්වබලධාරියාණන්ය. කිසිවෙකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ මැවීම, සැලසුම් කිරීම හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
16:61Page 273
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ٦١
And if Allāh were to impose blame on the people for their wrongdoing, He would not have left upon it [i.e., the earth] any creature, but He defers them for a specified term. And when their term has come, they will not remain behind an hour, nor will they precede [it].
මිනිසුනට ඔවුන්ගේ අපරාධකම් හා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ශුද්ධවන්ත අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නේ නම් මහපොළොව මත කිසිදු මිනිසෙකු හෝ ඒ මත ගමන් කරන කිසිදු සත්වයකු හෝ ඔහු අත් නොහරිනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් ඔහුගේ ප්රඥාව මත නියමිත කාලයක් දක්වා ඔවුන් ප්රමාද කරනු ඇත. නමුත් ඔහුගේ ප්රඥාව මත පිහිටි නියමිත කාලය පැමිණි විට, සුළු කාලයක් හෝ ප්රමාද කිරීමකින් හෝ ඉක්මන් කිරීමකින් තොර ව එය ක්රියාත්මක කරනු ඇත.
16:62Page 273
وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ٦٢
And they attribute to Allāh that which they dislike [i.e., daughters], and their tongues assert the lie that they will have the best [from Him]. Assuredly, they will have the Fire, and they will be [therein] neglected.1
තමන් වෙත සම්බන්ධ කර පැවසීමට පිළිකුල් කරන දෑ ශුද්ධවන්ත අල්ලාහ්ට ඔවුහු පත් කරති. අල්ලාහ් අබියස තමන්ට යහපත් තත්ත්වයක් ඇති බව බොරුවට තම දිවෙන් පවසා සිටිති. එය සැබෑ නම් ඔවුන් පවසන පරිදිම ඔවුන් යළි අවදි කරනු ලබති. සැබැවින්ම ඔවුනට අපා ගින්න ඇත. සැබැවින්ම ඔවුන් එහි අතහැර දමනු ලබති. එයින් කිසිවිටෙක බැහැර නොවෙති.
16:63Page 273
تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ٦٣
By Allāh, We did certainly send [messengers] to nations before you, but Satan made their deeds attractive to them. And he is their [i.e., the disbelievers] ally today [as well], and they will have a painful punishment.
අහෝ දූතය! අල්ලාහ් මත දිවුරමින්, නුඹට පෙර විසූ සමූහයන් වෙත සැබැවින්ම අපි දූතවරුන් එව්වෙමු. නමුත් දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපකම් වැනි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ගේ උදව් කරුවා ඔහුය. එහෙයින් ඔවුන් ඔහුගෙන් උදව් ඉල්ලා සිටිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
16:64Page 273
وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٦٤
And We have not revealed to you the Book, [O Muḥammad], except for you to make clear to them that wherein they have differed and as guidance and mercy for a people who believe.
අහෝ දූතය! නුඹ වෙත අප අල් කුර්ආනය පහළ කළේ දේව ඒකීයත්වය, යළි නැගිටුවනු ලැබීම හා ආගමික නීතිරීති පිළිබඳ ඔවුන් කවර මතභේදයක සිටින්නේ ද ඒවා සියලු මිනිසුන් හට පැහැදිලි කරනු පිණිස හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ද ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ද විශ්වාස කරන්නන් හට අල් කුර්ආනය ආශිර්වාදයක් හා මග පෙන්වීමක් වනු පිණිසය. සත්ය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය.
16:65Page 274
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٦٥
And Allāh has sent down rain from the sky and given life thereby to the earth after its lifelessness. Indeed in that is a sign for a people who listen.
අහසින් අල්ලාහ් වර්ෂාව පහළ කොට, මහපොළොව වියළී පුහු බවට පත්වූවායින් පසු, එහි පැලෑටි හට ගන්වා ජීවමාන කළේය. අහසින් වර්ෂාව පහළ කිරීමෙහි ද එමගින් මහපොළොවේ පැලෑටි මතු කිරීමෙහි ද අල්ලාහ්ගේ වදනට සවන් දී ඒ ගැන පරිශීලනය කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත.
16:66Page 274
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّٰرِبِينَ ٦٦
And indeed, for you in grazing livestock is a lesson. We give you drink from what is in their bellies - between excretion and blood - pure milk, palatable to drinkers.
අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින් හා එළුවන් තුළ නුඹලාට පාඩම් ලැබිය හැකි අයුරින් උපදෙස් ඇත. නුඹලා උන්ගේ තන්පිඬුවලින් ශරීරයේ ඇති රුධිරය හා කුසෙහි අන්තර්ගතව ඇති අමතර දෑ අතර මතුවන කිරි නුඹලාට පානය සඳහා ලබා දෙන්නෙමු. ඒ සමගම පානය කරන්නන්හට පිරිසිදු නැවුම් රසවත් කිරි මතු වන්නේය.
16:67Page 274
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٦٧
And from the fruits of the palm trees and grapevines you take intoxicant and good provision.1 Indeed in that is a sign for a people who reason.
අප නුඹලාට පෝෂණය කළ රට ඉඳි හා මිදි වැනි පළතුරුවල ද නුඹලාට පාඩමක් ඇත. බුද්ධිය පහ කරන මත් ද්රව්ය එයින් නුඹලා පෙරා ගන්නෙහුය. එය යහපත් නොවන්නේය. එමෙන්ම නුඹලා ප්රයෝජනයට ගන්නා රට ඉඳි, වියලි මිදි, විනාකිරි හා පැණි වැනි දෑ ද එයින් නුඹලා ගන්නෙහුය. සඳහන් කරනු ලැබූ දෑහි අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. වටහා ගන්නා ජනයා සඳහා ඔහුගේ ගැත්තන් හට ඔහු ආශිර්වාද කර ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.
16:68Page 274
وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ٦٨
And your Lord inspired to the bee, "Take for yourself among the mountains, houses [i.e., hives], and among the trees and [in] that which they construct.
"නුඹ වෙනුවෙන් කඳුවල නිවෙස් තනා ගනු. ගස්වල ද මිනිසුන් ඉදි කරන නිවෙස් හා වහලවල් වල ද නිවෙස් තනා ගනු" යැයි අහෝ දූතය! නුඹේ පරමාධිපති මී මැස්සියට මඟ පෙන්වමින් ඌට දේව පණිවිඩ දැනුම් දුන්නේය.
16:69Page 274
ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٦٩
Then eat from all the fruits1 and follow the ways of your Lord laid down [for you]." There emerges from their bellies a drink, varying in colors, in which there is healing for people. Indeed in that is a sign for a people who give thought.
"පසු ව මී මැස්ස, නුඹ ප්රිය කරන පලතුරුවලින් අනුභව කරනු. නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති දැනුම අනුසාරයෙන් මාර්ග අතර පහසුවෙන් ගමන් ගනු." එම මී මැස්සාගේ කුසෙන් විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුත් මී පැණි මතු වන්නේය. සුදු, කහ හා වෙනත් වර්ණවලින් ද යුක්තිය. එහි මිනිසුනට බෙහෙත් ද ඇත. රෝගීහු එමගින් ප්රතිකාර ලබති. මී මැස්සාට ලැබී ඇති එම දේව අනුභාවයෙහි හා උන්ගේ උදරවලින් පිටවන මී පැණිවල අල්ලාහ්ගේ බලය හා තම මැවීම්හි -සූක්ෂම ලෙස හසුරුවන- ඔහුගේ සැලසුම් කිරීම විදහා පාන සාධක වටහා ගන්නා ජනයාට ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.
16:70Page 274
وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ٧٠
And Allāh created you; then He will take you in death. And among you is he who is reversed to the most decrepit [old] age so that he will not know, after [having had] knowledge, a thing. Indeed, Allāh is Knowing and Competent.
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අල්ලාහ් නුඹලාව මැව්වේය. පසු ව නුඹලාගේ ආයු කාලය අවසන් වූ වහාම නුඹලාව මරණයට පත් කරන්නේය. නුඹලා අතර වයස් ගත අදියර තෙක් ආයු කාලය දීර්ග කරනු ලබන්නන් ද වෙති. එය වයෝවෘද්ධභාවයයි. ඔහු දැන සිටි දැයින් කිසිවක් නොදන්නා අවදියයි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක.
16:71Page 274
وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ٧١
And Allāh has favored some of you over others in provision. But those who were favored [i.e., given more] would not hand over their provision to those whom their right hands possess [i.e., slaves] so they would be equal to them therein.1 Then is it the favor of Allāh they reject?
අල්ලාහ් නුඹලාට දායාද කළ පෝෂණ සම්පත්හි නුඹලා ඇතැමෙකු ඇතැමෙක්ට වඩා උත්තරීතර අල්ලාහ් උසස් කොට ඇත. නුඹලා අතර පොහොසතුන් හා දුප්පතුන් ද නායකයින් හා නායකත්වය යටතේ පාලනය වන්නන් ද පත් කළේය. පෝෂණ සම්පත්හි අල්ලාහ් උසස් කළ ජනයා ආධිපත්යයේ ඔවුන්ගේ වහලුන් ඔවුනට සමානයන් වන තෙක් ඔවුනට පිරිනැමූ දෑ ඔවුන්ගේ වහලුන් හටත් පිරිනැමීම ප්රතික්සේප කිරීම සුදුසු නැත. ඔවුන්ගේ වහලුන් ඔවුනට සමාන වී ඔවුන්ගේ හවුල් කරුවන් වීම ඔවුන් පිළි නොගන්නේ නම් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ඔහු ට සමානයන් තැබීමෙන් ඔවුන් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? මෙය මොනයම් ආකාරයේ අපරාධයක් ද? අල්ලාහ්ගේ ආශිර්වාදයන් වළක්වාලන මීට වඩා බරපතල යමක් තිබිය හැකිද?
16:72Page 274
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢
And Allāh has made for you from yourselves mates and has made for you from your mates sons and grandchildren and has provided for you from the good things. Then in falsehood do they believe and in the favor of Allāh they disbelieve?
අහෝ ජනයිනි! නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා ඇලුම් කරන අඹුවන් නුඹලාට අල්ලාහ් ඇති කළේය. නුඹලාගේ අඹුවන් තුළින් නුඹලාට දරුවන් හා දරුවන්ගෙන් දරුවන් ද ඇති කළේය. මාංශ, ධාන්ය හා පලතුරු වැනි රසවත් ආහාර ඔහු නුඹලාට පෝෂණය කළේය. එසේ තිබිය දී ව්යාජ පිළිම හා ගල් රූ ඔවුන් විශ්වාස කරති. ගණන් කළ නොහැකි අපමණ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කරති. ඔහුව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු අල්ලාහ්ට කෘතඥතාව පුද නොකරති.
16:73Page 275
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ ٧٣
And they worship besides Allāh that which does not possess for them [the power of] provision from the heavens and the earth at all, and [in fact], they are unable.
දෙවියන්ට ආදේශ කරන්නෝ අල්ලාහ් හැර පිළිමවලට වැඳුම් පිඳුම් කරති. අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණ සම්පතක් ඔවුන් වෙත ලබා දීමට ඒවාට නොහැක. ඒවා කිසිදු ජීවයක් හෝ දැනුමක් නැති භෞතික වස්තු වන බැවින් එහි ආධිපත්යය දැරීමට ඒවා කිසිවක් සමත් වන්නේ ද නැත.
16:74Page 275
فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٧٤
So do not assert similarities to Allāh.1 Indeed, Allāh knows and you do not know.
අහෝ ජනයිනි, කිසිදු යහපතක් හෝ අයහපතක් හෝ සැලසිය නොහැකි මෙම පිළිම, අල්ලාහ්ට ආදේශ වශයෙන් නුඹලා නොතබනු. නැමදුම් කටයුතුවලදී ඔහුට නුඹලා ආදේශ කරන තරමට කිසිදු හවුල් කරුවෙකු ඔහුට නැත. සැබැවින්ම අල්ලාහ් තමන් සතු කීර්තියේ හා පරිපූර්ණත්වයේ ගුණාංග දනී. නමුත් නුඹලා ඒ ගැන නොදැන ඔහුට ආදේශ තැබීමෙහි වැටී ඇත. නුඹලා ඔහු ව පිළිමවලට සමාන කරමින් ඒවාට කණ්ණලව් කරන්නෙහුය.
16:75Page 275
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥
Allāh presents an example: a slave [who is] owned and unable to do a thing and he to whom We have provided from Us good provision, so he spends from it secretly and publicly. Can they be equal? Praise to Allāh! But most of them do not know.
දෙවියන්ට ආදේශ තබන්නන්හට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. ගනුදෙනු කළ නොහැකි වහල් ගැත්තෙක්-ඔහුට යමක් වියදම් කිරීමට කිසිවක් නැත. තවත් නිදහස් පුද්ගලයෙක් - තමන්ට කැමති පරිදි ගනු දෙනු කිරීමට අනුමත ධනය අප වෙතින් ඔහුට පිරිනමා ඇත. ඔහු කැමති පරිදි ප්රසිද්ධියේ මෙන්ම රහසිගතව එයින් වියදම් කරයි. මෙම පුද්ගලයින් දෙදෙනාම සමාන වන්නේ නැත. එසේ නම් තමන් අභිමත කරන පරිදි තම පාලනය තුළ කටයුතු කරන පාලක අල්ලාහ් අතර හා කිසිවක් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද? සියලු පැසසුම් අල්ලාහ් සතුය. පැසසුමට සුදුස්සා ඔහුය. නමුත් අදේශ තබන්නන් බොහෝ දෙනා දේවත්වයෙන් අල්ලාහ් ඛේවල බවත් නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණක් බවත් නොදනිති.
16:76Page 275
وَضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٧٦
And Allāh presents an example of two men, one of them dumb and unable to do a thing, while he is a burden to his guardian. Wherever he directs him, he brings no good. Is he equal to one who commands justice, while he is on a straight path?
ඔවුනට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් තවත් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. එය මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි බිහිරෙකි. ඔහුගේ බිහිරි හා ගොලු භාවය නිසා කිසිවක් ඔහු වටහා නොගනී. තමන්ට කිසිදු සෙතක් සැලසිය නොහැකිය. අන් අයටත් සෙත සැලසිය නොහැකිය. ඔහුගේ කටයුතු භාරව කටයුතු කරන, ඔහුව නඩත්තු කරන අයට ඔහු විශාල බරකි. යම් කිසි ප්රදේශයකට ඔහු ඔහුව යැව්වද ඔහු යහතින් නොපැමිණෙයි. අපේක්ෂා කරන දෑ සාර්ථක ව ඉටු නොකරයි. මෙවන් තත්ත්වයේ සිටින්නෙකු සවන් දීමට හා කතාවට මනා හැකියාවක් ඇති විවිධාකාර ප්රයෝජන සැලසිය හැකි කෙනෙකුට සමාන විය හැකි ද? ඔහු මිනිසුනට සාධාරණත්වය නියෝග කරයි. තමන් සම්බන්ධයෙන් කෙළින් කටයුතු කරයි. කිසිදු ඇදයක් හෝ කුතුහලයක් හෝ නොමැති පැහැදිලි මාර්ගය මත සිටියි. එසේ නම් දෙවියන්ට ආදේශ තබන්නනි! කීර්තියෙන් හා පූර්ණත්වයෙන් යුත් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ අල්ලාහ් හා කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි, කිසිදු උවදුරක් ඉවත් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද?
16:77Page 275
وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٧٧
And to Allāh belongs the unseen [aspects] of the heavens and the earth. And the command for the Hour is not but as a glance of the eye or even nearer. Indeed, Allāh is over all things competent.
අහස්හි ගුප්ත ව පවතින දෑහි හා මහපොළොවේ ගුප්ත ව පවතින දෑහි දැනුම අල්ලාහ්ට පමණක් සතුය. එම දැනුම ඔහුගේ කිසිදු මැවීමක් විසින් දැනගත නොහැකි, ඔහුට පමණක් විශේෂිත වූ දැනුමය. එමෙන්ම තමන් අභිමත කළ විට ඇසි පිය වසා නැවත විවෘත කරන තරමට ඉතා සීග්රයෙන් එළැඹෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් ගුප්ත ව පවතින විශේෂ දැනුම ද ඔහුට පමණක් සතුය. එය ඊටත් වඩා සමීපයෙන් පවතී. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව අසමත් කළ නොහැක. ඔහු යමක් සිතූ විට එයට ‘කුන්’ (වනු) යැයි කියූ වහාම එය සිදුවනු ඇත.
16:78Page 275
وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٨
And Allāh has extracted you from the wombs of your mothers not knowing a thing, and He made for you hearing and vision and hearts [i.e., intellect] that perhaps you would be grateful.
අහෝ ජනයිනි! නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා රුඳී සිටි නියමිත කාලය අවසන් වූ පසු කිසිවක් නොදන්නා බිළිඳෙකු සේ නුඹලාව බැහැර කොට අසන්නට සවන් ද, බලන්නට දෑස් ද, වටහා ගන්නට හදවත් ද නුඹලාට දායාද කළේ අල්ලාහ්ය. එය නුඹලාට පිරිනමා ඇති දායාදයන් වෙනුවෙන් නුඹලා ඔහුට කෘතවේදී වීමේ යහපත් අපේක්ෂාවෙනි.
16:79Page 275
أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٧٩
Do they not see the birds controlled in the atmosphere of the sky? None holds them up except Allāh. Indeed in that are signs for a people who believe.
කුරුල්ලන් අහසේ පියාසර කිරීම සඳහා අල්ලාහ් උන්ට පිරිනමා ඇති අත්තටු සහ සුළඟේ පහසුවෙන් පියාසර කිරීමේ හැකියාව උන්ට වසඟ කර දී තිබීම ගැන දෙවියන්ට ආදේශ තබන්නන් නිරීක්ෂණය නොකළේද? උන්ගේ පියාපත් හකුළා ගැනීමටත් ඒවා විහිදුවන්නටත් අල්ලාහ් උන් හට ඉඩ දී ඇත. අහසෙහි උන් නොවැටෙන පරිදි උන් රඳවාගෙන සිටින්නේ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොවේ. මෙසේ වසඟ කර දීමෙහි හා උන් නොවැටෙන සේ රඳවා තැබීමේ දෙවියන් විශ්වාස කරන ජනයාට සැබැවින්ම සාධක ඇත. එම සාධක හා පාඩම් මගින් ප්රයෝජනය ලබන්නේ ඔවුන්ය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences