Al-Mukhtasar · Tafsir · in Sinhala
Ash-Shu'ara 26:139–206
26:139Page 373
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٣٩
And they denied him, so We destroyed them. Indeed in that is a sign, but most of them were not to be believers.
ඔවුන්ගේ නබිවරයාණන් වූ හූද් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කිරීමෙහි ඔවුන් අඛණ්ඩ ව සිටියෝය. එවිට ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් විනාශකාරී සැඩ සුළඟකින් අපි ඔවුන් විනාශ කළෙමු. එම විනාශයෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවීය.
26:140Page 373
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٤٠
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
සමූද් ජනයා ඔවුන්ගේ දූත සාලිහ් (අලයිහිස් සලාම්)ව බොරු කළ අවස්ථාවේ "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ.
26:142Page 373
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ١٤٢
When their brother Ṣāliḥ said to them, "Will you not fear Allāh?
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
26:145Page 373
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٤٥
And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
26:146Page 373
أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ١٤٦
Will you be left in what is here, secure [from death],
"නුඹලා කවර යහපතක හා ආශිර්වාදයක සිටින්නේ ද එහි නුඹලා සුරක්ෂිත ව සිටින්නට ඉඩ දී අතහැර දමනු ඇතැයි නුඹලා ප්රිය කරන්නෙහු ද? නුඹලා බිය නොවන්නෙහු ද?"
"උයන් හා ගලා යන උල්පත් තුළ"
26:148Page 373
وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ ١٤٨
And fields of crops and palm trees with softened fruit?
පැහුණු සියුම් පලදාවන් සහිත කෙත් වතු හා ඉඳිගස් සමග,
26:149Page 373
وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ ١٤٩
And you carve out of the mountains, homes, with skill.
නුඹලා වාසය කරන නිවෙස් තනා ගනු පිණිස කඳු කපා හාරන්නෙහුය. ඒවා හෑරීමට නුඹලා අතිදක්ෂයින් වූහ.
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
26:151Page 373
وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ ١٥١
And do not obey the order of the transgressors,
පාපකම් සිදු කොට තමන් මත ම ඉක්මවා කටයුතු කළවුන්ගේ නියෝගයට නුඹලා අවනත නොවනු.
26:152Page 373
ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ١٥٢
Who cause corruption in the land and do not amend."
ඔවුන් වනාහි, මහ පොළොවේ පාපකම් ව්යාප්ත කොට එහි ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙති. අල්ලාහ්ට අවනතවීමෙන් ඔවුහු තමන් ව හැඩ ගස්වා නොගනිති.
26:153Page 373
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٥٣
They said, "You are only of those affected by magic.
"සැබවින්ම නුඹ වනාහි, ඔවුන්ගේ බුද්ධියට ඉහළින් හූනියම ඉක්මවා යන තරමට වාර ගණනාවක්ම හූනියමට ලක් ව එය පහ කරනු ලැබූවන් අතරින් කෙනෙකි" යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය.
26:154Page 373
مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٥٤
You are but a man like ourselves, so bring a sign, if you should be of the truthful."
"නුඹ අප මෙන් මිනිසකු මිස නැත. නුඹ දූතයකු වන තරමට අපට වඩා අමතර දෙයක් නුඹට නැත. සැබවින්ම නුඹ දූතයකු යැයි වාද කරන විෂයයෙහි නුඹ සත්යවාදියෙකු නම් එය පෙන්වා දෙන සලකුණක් ගෙන එනු."
26:155Page 373
قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ ١٥٥
He said, "This is a she-camel.1 For her is a [time of] drink, and for you is a [time of] drink, [each] on a known day.
සාලිහ් තුමා (සැබවින්ම අල්ලාහ් ඔහුට සලකුණක් පිරිනැමීය. එය ගල් පර්වතයකින් අල්ලාහ් මතු කළ ඔටු දෙනකි.) ඔවුනට මෙසේ පැවසීය. "මෙය දැකිය හැකි ස්පර්ශ කළ හැකි ඔටු දෙනකි. ඌට ජලයෙන් කොටසක් හිමිය. නුඹලාට හඳුන්වා දුන් කොටස ඇත. නුඹලාගේ කොටස හිමි දිනයේ ඌ ජලය පානය නොකරයි. එමෙන්ම උගේ කොටස හිමි දිනයේ නුඹලා පානය නොකරනු."
26:156Page 373
وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ ١٥٦
And do not touch her with harm, lest you be seized by the punishment of a terrible day."
"ගෙල සිඳීමක් හෝ පහර දීමක් වැනි නපුරක් කරමින් ඌ නුඹලා ස්පර්ශ නොකරනු. එවිට ඒ හේතුකොටගෙන අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත අත් වනු ඇත. බිහිසුණු දිනයෙහි නුඹලා වෙත පහළ වන දුර්භාග්යය හේතුවෙන් නුඹලාව එය විනාශ කරනු ඇත."
26:157Page 373
فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ ١٥٧
But they hamstrung her and so became regretful.
උගේ ගෙල නහර කපා දැමීමට ඔවුහු එකඟවූවෝය. ඔවුන් අතර සිටි දුර්භාග්යයා ඌ කපා හැරියේය. සැබවින්ම එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට පහළ වන්නක් බව ඔවුන් දැන ගත් කල්හි ඔවුන් කවර කරුණක් සඳහා ඉදිරිපත් වූවෝද ඒ ගැන ඔවුන් පසුතැවිලිවන්නන් බවට පත් වූවෝය. නමුත් ඔවුන්ගේ පසුතැවිල්ල සිදු වූයේ කිසිදු සෙතක් කළ නොහැකි දඬුවම දකින අවස්ථාවේදීය.
26:158Page 373
فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٥٨
And the punishment seized them. Indeed in that is a sign, but most of them were not to be believers.
කවර දඬුවමක් ඔවුනට ප්රතිඥා දෙනු ලැබුවේ ද එය ඔවුන් හසු කර ගත්තේය. එය භූ කම්පනයක් හා මහා හඬක් විය. මෙහි සඳහන් කරන ලද සාලිහ් තුමා හා ඔහුගේ ජනයාගේ කතා වස්තුවෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූවෝය.
26:159Page 373
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٥٩
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
ලූත්ගේ ජනයා ද ලූත් ව (එතුමා කෙරෙහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියෝය.
26:161Page 374
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ١٦١
When their brother Lot said to them, "Will you not fear Allāh?
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි පරම්පරාවෙන් ඔවුන්ගේ සහෝදරයකු වූ ලූත් ඔවුන්ගෙන් විමසා සිටියේය.
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
26:164Page 374
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦٤
And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
26:165Page 374
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ ١٦٥
Do you approach males among the worlds1
ජනයා අතරින් පිරිමින් වෙත ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් ලිංගික අවශ්යතා සපුරා ගැනීමට පැමිණෙන්නෙහු ද?
26:166Page 374
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ١٦٦
And leave what your Lord has created for you as mates? But you are a people transgressing."
නුඹලාගේ ආශාවන් සංසිදුවා ගැනීම සඳහා අල්ලාහ් මවා ඇති නුඹලාගේ බිරියන්ගේ යෝනි මාර්ගය වෙත යෑම නුඹලා අතහැර දමන්නෙහු ද? මෙම පිළිකුල් සහගත විෂම ක්රියාවෙහි නිරතවෙමින් නුඹලා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නන් වූහ.
26:167Page 374
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ ١٦٧
They said, "If you do not desist, O Lot, you will surely be of those evicted."
"මෙම ක්රියාවෙන් වැළකී සිටින අපට නියෝග කිරීමෙන් හා එය පිළිකුල් කිරීමෙන් නුඹ නොවැළකුනෙහි නම් නුඹ හා නුඹ සමග වූවන් අපගේ දේශයෙන් අපි බැහැර කරනු ඇතැ"යි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය.
26:168Page 374
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ١٦٨
He said, "Indeed, I am, toward your deed, of those who detest [it].
"සැබවින්ම මම නුඹලා සිදු කරන නුඹලාගේ මෙම ක්රියාව ගැන කෝපවන්නන් හා පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි" යැයි ලූත් ඔවුනට පවසා සිටියේය.
26:169Page 374
رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ١٦٩
My Lord, save me and my family from [the consequence of] what they do."
තවදුරටත් එතුමා පරමාධිපතිට ප්රාර්ථනා කරමින් "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරමින් ආ ඔවුන්ගේ මේ පිළිකුල් සහගත ක්රියාව හේතුවෙන් ඔවුනට මතු අත්වන දඬුවමින් මා මුදවනු මැනව! මාගේ පවුල ද මුදවනු මැනව!" යැයි පැවසීය.
ඔහුගේ ප්රාර්ථනාවට අපි ප්රතිචාර දක්වමින් ඔහු හා ඔහුගේ පවුලේ සියලු දෙනා මුදවා ගත්තෙමු.
26:171Page 374
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ١٧١
Except an old woman1 among those who remained behind.
ඔහුගේ දේව ප්රතික්ෂේපිත බිරිය හැර. ඇය විනාශ වී යන්නන් අතරට පත් වූවාය.
පසු ව ලූත් හා ඔහුගේ ජනයා ‘සදෝම්' නම් දේශයෙන් පිට ව ගිය පසු ව ඔහුගේ ජනයා අතර ඉතිරි වූ අය අපි දැඩි විනාශයකින් විනාශ කළෙමු.
26:173Page 374
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ١٧٣
And We rained upon them a rain [of stones], and evil was the rain of those who were warned.
වර්ෂාව පහළ කරනවාක් මෙන් අපි අහසින් ගල් වරුසාවක් ඔවුන් මත පහළ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ ලූත් තුමා අනතුරු අඟවා අවවාද කළ මොවුන් වෙත පහළ වූ වර්ෂාව අප්රසන්න විය. ඔවුන් කවර අශීලාචාර දෙයක් සිදු කළේ ද ඒ මත ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටියෝය.
26:174Page 374
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٧٤
Indeed in that is a sign, but most of them were not to be believers.
සඳහන් කරනු ලැබූ අශීලාචාර ක්රියාව හේතුවෙන් ලූත්ගේ ජනයා මත පහළ වූ දඬුවම තුළ පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
26:175Page 374
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٧٥
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුම ය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි ඔහු මහා කරුණාන්විතය.
26:176Page 374
كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ ١٧٦
The companions of the thicket [i.e., the people of Madyan] denied the messengers
ගහකොළ වලින් එතුනු ගම් වාසීහු ද ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් (අලයිහිස් සලාම්)ව බොරු කරමින් දහම් දූතවරුන් බොරු යැයි පවසා සිටියෝය.
26:177Page 374
إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ ١٧٧
When Shuʿayb said to them, "Will you not fear Allāh?
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් ඔවුන්ගෙන් විමසා සිටියේය.
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ ඔහු මට කවර කරුණක් අණ කළේ ද ඒ සම්බන්ධයෙන් විශ්වසනීය වූ දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
26:180Page 374
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٠
And I do not ask you for it any payment. My payment is only from the Lord of the worlds.
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
26:181Page 374
۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ ١٨١
Give full measure and do not be of those who cause loss.
නුඹලා ජනයා සමග වෙළඳාම් කරන අවස්ථාවේ නුඹලා ඔවුනට කිරුම් මිනුම් පූර්ණ ව මැන දෙනු. ජනයාට විකුණන විට කිරුම අඩු කරන්නන් අතරට නුඹලා පත් නොවනු.
26:182Page 374
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ ١٨٢
And weigh with an even [i.e., honest] balance.
නුඹලා නොවන වෙනත් අය වෙනුවෙන් නුඹලා කිරන විට නිවැරදි තුලාවකින් කිරා දෙනු.
26:183Page 374
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ١٨٣
And do not deprive people of their due and do not commit abuse on earth, spreading corruption.
මිනිසුන්ගේ අයිතිවාසිකම් වල නුඹලා අඩුපාඩුකම් ඇති නොකරනු. පාපකම් සිදු කරමින් මහ පොළොවේ අධික ලෙස ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත නොවනු.
26:184Page 375
وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ ١٨٤
And fear He who created you and the former creation."1
"නුඹලා මැවූ, එමෙන්ම නුඹලාට පෙර සිටි සමූහයන් මැවූ ඔහු, නුඹලාට දඬුවම පහළ කිරීම සම්බන්ධයෙන් නුඹලා ඔහු ගැන බියෙන් භක්තිමත්ව කටයුතු කරනු."
26:185Page 375
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٨٥
They said, "You are only of those affected by magic.
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ්ට, "නුඹේ බුද්ධියට ඉහළන් හූනියම ඉහවහා යන තරමට වාර ගණනාවක් හූනියමට ලක් ව, පසු ව එය වසන් කළ අය අතරින් කෙනෙකි නුඹ." යැයි පැවසූහ.
26:186Page 375
وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ ١٨٦
You are but a man like ourselves, and indeed, we think you are among the liars.
"නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. අපට වඩා නුඹට කිසිදු අමතර කරුණක් නැත. එසේ නම් නුඹ දහම් දූතයකු විය හැක්කේ කෙසේ ද? සැබවින් නුඹ දහම් දූතයකු බව කරන වාදයේ නුඹ බොරුකාරයකු වශයෙන් මිස අපි නුඹ ගැන නොසිතන්නෙමු."
26:187Page 375
فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٨٧
So cause to fall upon us fragments of the sky, if you should be of the truthful."
"නුඹ කරන වාදයේ නුඹ සත්යවාදියෙකු ලෙස සිටින්නෙහි නම් අහසින් කැබැල්ලක් අප මත වට්ටවනු මැනව!"
26:188Page 375
قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ١٨٨
He said, "My Lord is most knowing of what you do."
"ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින් නුඹලා කරන කටයුතු පිළිබඳ මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."
26:189Page 375
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ ١٨٩
And they denied him, so the punishment of the day of the black cloud seized them. Indeed, it was the punishment of a terrible day.
ඔහු ව බොරු කිරීමෙහි ඔවුහු අඛණ්ඩ ව නිරත වී සිටියෝය. එවිට දැඩි උෂ්ණත්වය සහිත දිනයකින් පසු ව වලාකුලක් ඔවුනට හෙවණ ගෙන දෙන පරිදි බිහිසුණු දඬුවමක් අපි ඔවුනට ඇති කළෙමු. එය ඔවුන් වෙත ගිනි වර්ෂාවක් පහළ කොට ඔවුන් පුලුස්සා දැමීය. සැබවින්ම ඔවුන් විනාශ කළ දිනය බිහිසුණු දිනයක් විය.
26:190Page 375
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٩٠
Indeed in that is a sign, but most of them were not to be believers.
සඳහන් කරන ලැබූ ෂුඅයිබ්ගේ ජනයා විනාශ කිරීමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
26:191Page 375
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٩١
And indeed, your Lord - He is the Exalted in Might, the Merciful.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය.
26:192Page 375
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٩٢
And indeed, it [i.e., the Qur’ān] is the revelation of the Lord of the worlds.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කරනු ලැබූ අල් කුර්ආනය සියලු මැවීම්හි පරමාධිපතිගෙන් පහළ වූවකි.
26:193Page 375
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ ١٩٣
The Trustworthy Spirit [i.e., Gabriel] has brought it down
විශ්වසනීය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය රැගෙන පහළ විය.
26:194Page 375
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ ١٩٤
Upon your heart, [O Muḥammad] - that you may be of the warners
මිනිසුනට අවවාද කරමින් හා අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වමින් සිටි දූතවරුන් අතරින් නුඹ ද වනු පිණිස නුඹේ හදවතට ඔහු එය රැගෙන පහළ විය.
පැහැදිලි අරාබි බසින් එය රැගෙන පහළ විය.
26:196Page 375
وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ ١٩٦
And indeed, it is [mentioned] in the scriptures of former peoples.
සැබවින්ම මෙම කුර්ආනය මුතුන්මිත්තන්ගේ ග්රන්ථ වල සඳහන් කරනු ලැබූවක් විය. පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ වල ඒ ගැන සුබ පණිවිඩ දන්වා තිබිණ.
26:197Page 375
أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٩٧
And has it not been a sign to them that it is recognized by the scholars of the Children of Israel?
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි ඉස්රාඊල් දරුවන් අතර වූ විද්වතුන් නුඹ වෙත පහළ කළ දෑ හි යථාර්ථය දැන සිටීම, නුඹේ සත්යතාව තහවුරු කිරීම සඳහා නුඹ ව බොරු කරන මොවුනට ප්රමාණවත් සංඥාවක් නොවී ද?
26:198Page 375
وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ ١٩٨
And even if We had revealed it to one among the foreigners1
අරාබි භාෂාව කතා නොකරන පිටස්තරයින් හට මෙම අල් කුර්ආනය අපි පහළ කළේ නම්,
26:199Page 375
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ ١٩٩
And he had recited it to them [perfectly],1 they would [still] not have been believers in it.
එවිට එය ඔහු ඔවුන් වෙත පාරායනය කර පෙන් වූ විට, "එය අපට වැටහෙන්නේ නැතැ"යි ඔවුන් පවසන බැවින් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවූහ. එහෙයින් ඔවුන්ගේ භාෂාවෙන්ම එය පහළ වී තිබීම ගැන අල්ලාහ්ට ඔවුන් ප්රශංසා කළ යුතුය.
26:200Page 375
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ٢٠٠
Thus have We inserted it [i.e., disbelief] into the hearts of the criminals.
අපරාධකරුවන්ගේ සිත් තුළ බොරු කිරීම හා දේව ප්රතික්ෂේපය අප ප්රවේශ කළේ එලෙසය.
26:201Page 375
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٢٠١
They will not believe in it until they see the painful punishment.
වේදනීය දඬුවම ඔවුන් දකින තුරු ඔවුන් නිරත ව සිටි දේව ප්රතික්ෂේපයෙන් වෙනස් නොවෙති. එමෙන්ම විශ්වාස නොකරති.
26:202Page 375
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٢٠٢
And it will come to them suddenly while they perceive [it] not.
එම දඬුවම පැමිණීම ගැන නොදැනුවත් ව සිටියදී ඔවුන් පුදුමයට පත් වන පරිදි ක්ෂණික ව ඔවුන් වෙත එය පැමිණෙනු ඇත.
ක්ෂණික ව එම දඬුවම ඔවුන් වෙත පහළ වන අවස්ථාවේ දැඩි කනස්සල්ලෙන් යුතු ව ඔවුහු, "අප අවකාශය දෙනු ලබන්නන් වන්නේ නම් එවිට අපි පාප ක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වන්නෙමු" යැයි පවසති.
"නුඹ කියන පරිදි අහසින් කොටසක් වැටෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු." යැයි පවසමින් මෙම දේව ප්රතික් ෂේපකයෝ අපගේ දඬුවම ඉක්මන් කරන්න පතන්නෝ ද?
26:205Page 375
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ ٢٠٥
Then have you considered if We gave them enjoyment for years
අහෝ දූතය! නුඹ මට දන්වා සිටිනු. නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන විශ්වාස කිරීමට පිටු දැක්කා වූ දේව ප්රතික්ෂේපකයින්හට දිගු කලක් තිස්සේ සැප සම්පත් භුක්ති විඳීමට සලස්වා ...
26:206Page 375
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ ٢٠٦
And then there came to them that which they were promised?
එම සැප සම්පත් ඔවුන් ලබා ගත් කාලයෙන් පසු ව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම ඔවුන් වෙත පැමිණියේ නම්,
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences