Al-MukhtasarAl‑Jathiyah · 45:1–37

Al-Mukhtasar · Tafsir · in Sinhala

الجاثية

Al-Jathiyah

The Crouching · Meccan · 37 ayahs

45:1Page 499

حمٓ ١

Ḥā, Meem.1

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

45:2Page 499

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ٢

The revelation of the Book is from Allāh, the Exalted in Might, the Wise.

අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.

45:3Page 499

إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّلۡمُؤۡمِنِينَ ٣

Indeed, within the heavens and earth are signs for the believers.

සැබැවින්ම අහස් හා මහපොළොව තුළ අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක දේව විශ්වාසීන්ට ඇත. සැබැවින්ම ඔවුහු එම සංඥාතුළින් පාඩම් ලබන්නෝ වෙති.

45:4Page 499

وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٞ لِّقَوۡمٖ يُوقِنُونَ ٤

And in the creation of yourselves and what He disperses of moving creatures are signs for people who are certain [in faith].

අහෝ ජනයිනි! ශුක්රාණුවෙන් එල්ලෙන ලේ කැටියකටත්, පසු ව එයින් මස් ගොබයකටත් පරිවර්තනය කරමින් මවන ලද නුඹලාගේ මැවීම තුළ ද එමෙන්ම අල්ලාහ් විකාශනය කළ මහපොළොව මත උරගා යන සත්ව මැවීම් තුළ ද ‘සැබැවින්ම අල්ලාහ්ය මැවුම්කරු’ යැයි තරයේ විශ්වාස කරන්නන් හට ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක ඇත.

45:5Page 499

وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزۡقٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٞ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٥

And [in] the alternation of night and day and [in] what Allāh sends down from the sky of provision [i.e., rain] and gives life thereby to the earth after its lifelessness and [in His] directing of the winds are signs for a people who reason.

රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අල්ලාහ් අහසින් වැසි වස්වා මහපොළොව කිසිදු පැලෑටියක් නැති මිය ගිය තත්ත්වයෙන් තිබුණායින් පසු, එමගින් යළි ජීවමාන කිරීමෙහි ද නුඹලාගේ ප්රයෝජන සඳහා විටෙක එක් පැත්තකින් ද, තවත් විටෙක තවත් පැත්තකින් ද සුළඟ හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත. ඔවුහු එමගින් අල්ලාහ්ගේ ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීමේ ඔහුගේ හැකියාව හා සියලු දෑ කෙරෙහි පවතින ඔහුගේ බලය සාධක කර ගනිති.

45:6Page 499

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ ٦

These are the verses of Allāh which We recite to you in truth. Then in what statement after Allāh and His verses will they believe?

අහෝ දූතය! මෙම සංඥා හා සාධක අපි නුඹ වෙත සත්යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. අල්ලාහ්ගේ ගැත්තා වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ප්රකාශයත්, ඔහුගේ සාධකත්, ඔවුන් විශ්වාස නොකළේ නම් ඉන් පසු ඔවුන් කවර ප්රකාශයක් විශ්වාස කරනු ඇත් ද? කවර සාධකයක් සත්යය කරනු ඇත් ද?

45:7Page 499

وَيۡلٞ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٖ ٧

Woe to every sinful liar

අධික ලෙස පාපකම් සිදු කරන, බොරු පවසන සෑම කෙනෙකුහටම අල්ලාහ්ගෙන් වූ දඬුවමත් විනාශයත් අත්වේවා!

45:8Page 499

يَسۡمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتۡلَىٰ عَلَيۡهِ ثُمَّ يُصِرُّ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٖ ٨

Who hears the verses of Allāh recited to him, then persists arrogantly as if he had not heard them. So give him tidings of a painful punishment.

මෙම දේව ප්රතික්ෂේපකයා, ඔහු වෙත කියවනු ලබන අල්කුර්ආනයේ අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙයි. පසුව ඔහු කවර ප්රතික්ෂේපයක හා පාපකම්වල නිරතව සිටියේ ද එහිම නිරන්තරයෙන්ම සිටියි. සත්යය අනුගගමනය කිරීමෙන් ඔහු තුළ අහංකාරයක් ඇති කර ගනී. ඔහු වෙත කියවා පෙන්වන ලද එම වදන් ඔහුට නොඇසුනාක් මෙන් ඔහු පසුවෙයි. එහෙයින් අහෝ දූතය! ඔහුගේ අවසානයේ ඔහුට අත්වන නපුර පිළිබඳ දන්වා සිටිනු. එය ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමයි.

45:9Page 499

وَإِذَا عَلِمَ مِنۡ ءَايَٰتِنَا شَيۡـًٔا ٱتَّخَذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ٩

And when he knows anything of Our verses, he takes them in ridicule. Those will have a humiliating punishment.

අල් කුර්ආනයෙන් යමක් ඔහු වෙත ළඟා වූ විට එය හාස්යයට ලක් කරමින් සරදමක් ලෙස ගනී. අල් කුර්ආනය හාස්යයට ලක් කිරීමේ ගුණාංගය සහිත මෙවන් අයහට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දනීය දඬුවමක් ඇත.

45:10Page 499

مِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـٔٗا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ١٠

Before them1 is Hell, and what they had earned will not avail them at all nor what they had taken besides Allāh as allies. And they will have a great punishment.

මතුලොවෙහි ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්න ඔවුනට ඉදිරියෙන් පවතී. ඔවුන් ඉපැයූ දෑ කිසිවක් අල්ලාහ්ගෙන් මිදීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු හැර ඔවුන් නැමදුමට ගත් පිළිම ඔවුන්ගෙන් එය වළක්වන්නේ ද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් දඬුවමක් ඔවුනට ඇත.

45:11Page 499

هَٰذَا هُدٗىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٌ ١١

This [Qur’ān] is guidance. And those who have disbelieved in the verses of their Lord will have a painful punishment of foul nature.

අපගේ දූත මුහම්මද් වෙත පහළ කළා වූ මෙම ග්රන්ථය සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන්නකි. දූතයා වෙත පහළ කරනු ලැබූ ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි. ඔවුනට වේදනීය නපුරු දඬුවමක් ඇත.

45:12Page 499

۞ ٱللَّهُ ٱلَّذِي سَخَّرَ لَكُمُ ٱلۡبَحۡرَ لِتَجۡرِيَ ٱلۡفُلۡكُ فِيهِ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢

It is Allāh who subjected to you the sea so that ships may sail upon it by His command and that you may seek of His bounty; and perhaps you will be grateful.

අහෝ ජනයිනි! ඔහුගේ නියෝගය අනුව සාගරයේ නැව් ගමන් කිරීම සඳහාත් එමගින් අනුමත විවිධ වෙළඳාම් තුළින් ඔහුගේ භාග්ය නුඹලා සොයා ගැනීම සඳහාත් නුඹලා වෙත පිරිනමා ඇති අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතඥ වනු පිණිසත් එය වසඟ කර දුන්නේ අල්ලාහ්ය.

45:13Page 499

وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ١٣

And He has subjected to you whatever is in the heavens and whatever is on the earth - all from Him. Indeed in that are signs for a people who give thought.

අහස්හි පවතින හිරු, සඳු හා තාරකා යනාදිය ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එමෙන්ම මහපොළොවේ පවතින ගංගා, ගහකොළ, කඳු හා වෙනත් දෑ ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. මේ සියලු ආශිර්වාද ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් වූවකි. ඔහුගේ සංඥා ගැන පරිශීලනය කොට එමගින් පාඩම් ලබන්නන්හට අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක මේවා වසඟ කර දීම තුළ පවතී.

45:14Page 500

قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٤

Say, [O Muḥammad], to those who have believed that they [should] forgive those who expect not the days of Allāh [i.e., of His retribution] so that He may recompense a people1 for what they used to earn.

අහෝ ධර්ම දූතය! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ ධර්ම දූතයාණන් සත්ය බව තහවුරු කළවුනට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ආශිර්වාද හෝ ඔහුගේ කෝපය පිළිබඳ නොසැලකිලිමත් ව සිටින දේවත්වය ප්රතික්ෂේප කරන අය අතරින් නුඹලාට නපුරුකම් කරන්නන් ගැන නුඹ නොසලකා හරිනු. ඉවසිලිවන්ත දේව විශ්වාසීන්ටත් ඉක්මවා ගිය දේව ප්රතික්ෂේපකයින්ටත් ඔවුනොවුන් මෙලොව ජීවිතයේ උපයාගත් ක්රියාවන්ට අනුව සැබැවින්ම අල්ලාහ් ඔවුනොවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

45:15Page 500

مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١٥

Whoever does a good deed - it is for himself; and whoever does evil - it is against it [i.e., the self or soul]. Then to your Lord you will be returned.

කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ දැහැමි ක්රියාවේ ප්රතිඵලය ඔහු සතුය. ඔහුගේ ක්රියාව ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ එම නපුරු ක්රියාවෙහි ප්රතිවිපාකය හා එහි දඬුවම ඔහු සතුය. ඔහුගේ එම නපුරු ක්රියාවෙන් කිසිදු හානියක් අල්ලාහ්ට අත් වන්නේ නැත. ඉන්පසු සෑම කෙනෙකුටම නියමිත ප්රතිඵල පිරිනැමීම සඳහා මතුලොවෙහි නුඹලා නැවත හැරී එනුයේ අප වෙතමය.

45:16Page 500

وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ١٦

And We did certainly give the Children of Israel the Scripture and judgement1 and prophethood, and We provided them with good things and preferred them over the worlds.

සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන්ට තව්රාතය හා එහි නීති අනුව ජනයා අතර තීන්දු දීමේ අවස්ථාව පිරිනැමුවෙමු. නබිවරුන් අතරින් බහුතරයක් දෙනා ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පත් කළෙමු. විවිධ යහපත් දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ කාලයේ විසූ ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.

45:17Page 500

وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٧

And We gave them clear proofs of the matter [of religion]. And they did not differ except after knowledge had come to them - out of jealous animosity between themselves. Indeed, your Lord will judge between them on the Day of Resurrection concerning that over which they used to differ.

අසත්යයෙන් සත්යය පැහැදිලි කරන සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව මිස ඔවුන් මතභේද ඇති කරගත්තේ නැත. එම මතභේදයට ඔවුන් ඇද දැමුවේ නායකත්වයට හා කීර්තියට එකිනෙකා ඊර්ෂ්යා කිරීමය. අහෝ ධර්ම දූතය! ඔවුන් කවර කරුණක් සම්බන්ධයෙන් මෙලොවෙහි මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට පැහැදිලි කරනු ඇත. සත්ය මත සිටියේ කවුදැයි ද අසත්යය මත සිටියේ කවුදැයි ද එවිට පැහැදිලි වනු ඇත.

45:18Page 500

ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ١٨

Then We put you, [O Muḥammad], on an ordained way concerning the matter [of religion]; so follow it and do not follow the inclinations of those who do not know.

නුඹට පෙර සිටි අපගේ දූතවරුන්හට, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් වෙත ඇරයුම් කිරීම සඳහා කවර කරුණක් අපි නියෝග කළෙමු ද එවන් කරුණුවලින් යුත් මඟක පිළිවෙතක හා වැඩපිළිවෙළක අපි නුඹව ද තැබුවෙමු. එහෙයින් එම ආගමික පිළිවෙත නුඹ අනුගමනය කරනු. සත්යය නොදන්නා අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන් සත්යයෙන් මුළාවූවකි.

45:19Page 500

إِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـٔٗاۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ ١٩

Indeed, they will never avail you against Allāh at all. And indeed, the wrongdoers are allies of one another; but Allāh is the protector of the righteous.

සැබැවින්ම සත්යය නොදන්නා අය වනාහි, නුඹ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගෙන් ඇතිවන දඬුවමින් ඔවුන් නුඹව කිසිවිටෙක වළක්වා ගන්නේ නැත. සියලු ආගම් අතර සිටින අපරාධකරුවන් ඔවුන් එකිනෙකාට උදව් කරන්නන් වෙති. දේව විශ්වාසීන්ට එරෙහිව එකිනෙකාට ආධාර කරන්නන් වෙති. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්ගේ උදව්කරු අල්ලාහ්ය.

45:20Page 500

هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُوقِنُونَ ٢٠

This [Qur’ān] is enlightenment for mankind and guidance and mercy for a people who are certain [in faith].

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය මිනිසා ව්යාජත්වයෙන් සත්යය වටහා ගැනීම සඳහා ඇති පැහැදිළි සාධකයකි. සත්ය වෙත මග පෙන්වන මාර්ගෝපදේශයකි. තරයේ විශ්වාස කරන ජනයාට ආශිර්වාදයකි. ඊට හේතුව සැබැවින්ම ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවෝ ඔවුන් වන බැවිණි. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත් විය. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කරනු ඇත. නිරයෙන් ඔවුන් ආරක්ෂා කරනු ඇත.

45:21Page 500

أَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَوَآءٗ مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ ٢١

Or do those who commit evils think We will make them like those who have believed and done righteous deeds - [make them] equal in their life and their death?1 Evil is that which they judge [i.e., assume].

තම ශරීර අවයව තුළින් දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත් අය අල්ලාහ්ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුන්ට මෙලොවෙහි හා මතුලොවෙහි සම වන පරිදි ප්රතිඵල පිරිනැමීමේ දී ඔවුන් අප පත් කරනු ඇතැයි සිතන්නෝ ද? ඔවුන්ගේ එම තීන්දුව නපුරක්ම විය.

45:22Page 500

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٢

And Allāh created the heavens and earth in truth and so that every soul may be recompensed for what it has earned, and they will not be wronged.

යම් ගැඹුරු ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් අහස් හා මහපොළොව මවා ඇත්තේය. ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. සෑම ආත්මයක්ම ඔවුනොවුන් උපයාගත් යහපත හා අයහපත වෙනුවෙන් ප්රතිඵල පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකමින් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම්වලට වඩා යමක් වැඩි කිරීමෙන් හෝ ඔහු ඔවුනට අසාධාරණකම් සිදු නොකරයි.

45:23Page 501

أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ ٢٣

Have you seen he who has taken as his god his [own] desire, and Allāh has sent him astray due to knowledge1 and has set a seal upon his hearing and his heart and put over his vision a veil? So who will guide him after Allāh? Then will you not be reminded?

අහෝ දූතය! තම ආශාවන් පිළිපැද නැමදීමට සුදුසු ස්ථානයේ එයට පටහැනි නොවන දෙයක් පත් කළේ ද එවැන්නෙකු දෙස නුඹ බැලුවෙහි ද? සැබැවින්ම ඔහු මුළාවට සුදුසු බැවින් අල්ලාහ් ඔහු ගැන දැන දැනම ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. ඔහුගේ හදවත මත මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන අයුරින් ඔහුට සවන් දිය නොහැක. එමෙන්ම සත්ය දැකීමෙන් ඔහුව වළක්වන පරිදි අල්ලාහ් ඔහුගේ බැල්ම මත ආවරණයක් යෙදීය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඉන් පසු සත්යය වෙත ඔහුට ආශිර්වාද කරනුයේ කවරෙක් ද? ආශාවන් අනුගමනය කිරීමේ හානියත් අල්ලාහ්ගේ පිළිවෙත අනුගමනය කිරීමේ ප්රයෝනයත් නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

45:24Page 501

وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ٢٤

And they say, "There is not but our worldly life; we die and live,1 and nothing destroys us except time." And they have of that no knowledge; they are only assuming.

නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ, "ජීවිතය යනු අපගේ මේ මෙලොව ජීවිතය පමණි. ඉන් පසු කිසිදු ජීවිතයක් නැත. පරම්පරාවන් මිය යයි. නමුත් නැවත ජීවය ලබා හැරී නොඑයි. රාත්රිය හා දහවල එකිනෙක පසුපස යෑම මිස වෙනත් කිසිවක් අප මරණයට පත් නොකරයි" යැයි පවසති. යළි අවදි කරනු ලැබීම ගැන කිසිදු දැනුමක් ඔවුනට නැත. ඒ ගැන ඔවුන් අනුමාන කරනවා මිස නැත. සැබැවින්ම අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝනවත් නොවනු ඇත.

45:25Page 501

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥

And when Our verses are recited to them as clear evidences, their argument is only that they say, "Bring [back] our forefathers, if you should be truthful."

යළි අවදි කරනු ලැබීම හෙළා දකින දේව ආදේශකයින් වෙත අපගේ වදන් පැහැදිලි කරමින් කියවා පෙන්වනු ලබන විට, ‘අපගේ මරණින් පසු සැබැවින්ම අපි යළි අවදි කරනු ලබන බවට නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් මියගිය අපගේ මුතුන් මිත්තන්හට අප වෙනුවෙන් ජීවය ලබා දෙනු’ යැයි ධර්ම දූතයාණන් හට ඔවුන් ප්රකාශ කර සිටිනවාක් මිස ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කරන කිසිදු සාධකයන් ඔවුනට එහි නොවීය.

45:26Page 501

قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٦

Say, "Allāh causes you to live, then causes you to die; then He will assemble you for the Day of Resurrection, about which there is no doubt, but most of the people do not know."

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාව මැවීමෙන් අල්ලාහ් නුඹලාට ජීවය ලබා දෙයි. පසුව ඔහු නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු නුඹලාව එක්රැස් කරයි." සැබැවින්ම එය පැමිණීම කිසිදු සැකයක් නැති දිනයකි. නමුත් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. දැහැමි ක්රියාවන් තුළින් ඔවුන් ඒ සඳහා සූදානම් නොවෙති.

45:27Page 501

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ٢٧

And to Allāh belongs the dominion of the heavens and the earth. And the Day the Hour appears - that Day the falsifiers will lose.

අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහි ඔහු හැර වෙනත් කිසිවෙකු සැබෑ ලෙස නැමදුම් නොලබයි. අවසන් හෝරාව ක්රියාත්මක වන දින විනිශ්චය හා ප්රතිඵල සඳහා එහි මියගියවුන් අල්ලාහ් යළි අවදි කරවයි. අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කරමින් සත්ය ව්යාජත්වයට පත් කිරීමටත් ව්යජාත්වය සත්යය බවට පත් කිරීමටත් උත්සාහ දරමින් සිටි ව්යාජ ජනයා පාඩු විඳිනු ඇත.

45:28Page 501

وَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨

And you will see every nation kneeling [from fear]. Every nation will be called to its record [and told], "Today you will be recompensed for what you used to do.

අහෝ දූතය! එදින සෑම සමූහයක්ම දණින් වැටී ඔහු ඔවුනට සිදු කරන දෑ බලා සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන් ගැන මලක්වරුන් සටහන් කර ගත් ඔවුන්ගේ වාර්තාව වෙත ඔවුන් ඇරයුම් කරනු ලබති. අහෝ ජනයිනි! එදින මෙලොවෙහි නුඹලා කරමින් සිටි හොද නරක සියලු දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලබනු ඇත.

45:29Page 501

هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٩

This, Our record, speaks about you in truth. Indeed, We were having transcribed1 whatever you used to do."

-නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අපගේ මලක්වරුන් විසින් සටහන් කර ගත්- මෙම වාර්තාව සැබෑ ලෙසින්ම නුඹලාට සාක්ෂි දරනු ඇත. එහෙයින් නුඹලා එය කියවනු. මෙලොව නුඹලා සිදු කරමින් සිටි දෑ සටහන් කරන මෙන් සැබැවින්ම අපි ආරක්ෂකයින්ට අණ කර සිටියෙමු.

45:30Page 501

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ٣٠

So as for those who believed and did righteous deeds, their Lord will admit them into His mercy. That is what is the clear attainment.

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළින් ඔහුගේ ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. අල්ලාහ් ඔවුනට පිරිනැමූ එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ළං කළ නොහැකි පැහැදිලි ජයග්රහණයයි.

45:31Page 501

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ ٣١

But as for those who disbelieved, [it will be said], "Were not Our verses recited to you, but you were arrogant and became a criminal people?

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් වැළපෙන්නට සලස්වමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලා වෙත කියවා පෙන්වනු ලැබූ මාගේ වදන් නුඹලාට නොවී ද? නමුත් ඒවා විශ්වාස කිරීමට නුඹලා උඬඟු වූවෙහුය. නුඹලා අපරාධකාරී පිරිසක් ලෙස සිටියෙහුය. දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත්තෙහුය.'

45:32Page 501

وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ٣٢

And when it was said, 'Indeed, the promise of Allāh is truth and the Hour [is coming] - no doubt about it,' you said, 'We know not what is the Hour. We assume only assumption, and we are not convinced.'"

-සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව යළි නැගිටුවා ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි- අල්ලාහ් තම ගැත්තන් හට දුන් ප්රතිඥාව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. අවසන් හෝරාව ද සැබෑවකි. එහිද කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ සඳහා කටයුතු කරනු’ යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා, ‘එම හෝරාව ගැන අපි නොදනිමු. සැබැවින්ම එය පැමිණීම දුර්වල සිතුවිල්ලක් ලෙස මිස අපි නොසිතුවෙමු. සැබැවින්ම එය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නන් ලෙස අපි නොසිටියෙමු.' යැයි පවසනු ඇත.

45:33Page 502

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٣

And the evil consequences of what they did will appear to them, and they will be enveloped by what they used to ridicule.

ඔවුන් මෙලොවෙහි සිදු කළ දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නපුර ඔවුනට හෙළි විය. දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලැබූ අවස්ථාවේ එය හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය.

45:34Page 502

وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ٣٤

And it will be said, "Today We will forget you as you forgot the meeting of this Day of yours, and your refuge is the Fire, and for you there are no helpers.

නුඹලාගේ මේ දිනයේ හමු ව සැබැවින්ම නුඹලා අමතක කර දමා, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා නුඹලා සූදානම් නොවූවාක් මෙන්ම අද දින නුඹලාව නිරා ගින්නෙහි අපි අතහැර දමමු. නුඹලා යොමු වන නුඹලාගේ නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා වළක්වාලන උදව්කරුවන් නුඹලාට නැත.

45:35Page 502

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٣٥

That is because you took the verses of Allāh in ridicule, and worldly life deluded you." So that Day they will not be removed from it, nor will they be asked to appease [Allāh].

සැබැවින්ම නුඹලා එම දඬුවමින් දඬුවම් කරනු ලබනුයේ නුඹලා අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කොට ඒවා හෑල්ලුවට ගත් බැවින් හා මෙලොවෙහි ඇති ආශාවන් හා වින්දනයන් තුළින් මෙලොව ජීවතය නුඹලා ව රවටා ඇති බැවිණි. අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කළ මෙම දේව ප්රතික්ෂේපකයින් අද දින නිරා ගින්නෙන් බැහැර කරනු නොලැබේ. ඔවුන් එහි සදාකල් රැඳෙති. දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ඔවුන් මෙලොව ජීවිතයට නැවත යොමු කරනු ද නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත්වූයේ නැත.

45:36Page 502

فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٣٦

Then, to Allāh belongs [all] praise - Lord of the heavens and Lord of the earth, Lord of the worlds.

සියලු ප්රශංසා අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. සියලු මැවීම්හි පරමාධිපතිය.

45:37Page 502

وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣٧

And to Him belongs [all] grandeur within the heavens and the earth, and He is the Exalted in Might, the Wise.

අහස්හි හා මහපොළොවේ සියලු කීර්තියන් හා මහිමයන් ඔහුට පමණක් සතුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි නියම කිරීමෙහි සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском