Al-Mukhtasar · Tafsir · in Sinhala
المرسلات
Al-Mursalat
The Emissaries · Meccan · 50 ayahs
පිරිස මධ්යයෙන් කඩා පනින අශ්ව රැළක් මෙන් අඛණ්ඩ ව හමන සුළං මත අල්ලාහ් දිවුරයි.
දැඩි ලෙස තදින් හමන සුළං මත ද දිවුරයි.
වර්ෂාව විසුරුවා හරින සුළං මත ද දිවුරයි.
සත්යය හා අසත්යය අතර වෙන් කරන දෑ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි.
වහී හෙවත් දේව පණිවිඩ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි.
අල්ලාහ්ගෙන් මිනිසුන් වෙත සමාවක් වශයෙන් හා අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුනට අවවාද කිරීමක් වශයෙන් දේව පණිවිඩ සමග ඔවුන් පහළ වෙයි.
නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම යනාදී වශයෙන් කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද කිසිදු සැකයකින් තොර ව ඒවා සිදුවන්නේමය.
තරු, ඒවායෙහි ආලෝකය මකා දමනු ලැබ, ඒවායෙහි ආලෝකය පහ කරනු ලබන විට,
අහසින් මලක්වරුන් පහළට බැස ඒම සඳහා අහස පැළී ගිය විට,
කඳු ඒවා පිහිටි තැන්වලින් උගුලනු ලැබ, දූවිලි බවට පත් වන තෙක් සුණුවිසුණු කරනු ලබන විට,
නියමිත වේලාවක ධර්ම දූතවරුන් එක්රැස් කරනු ලබන විට,
තම සමූහයාට සාක්ෂි දරණු පිණිස කල් දමන ලද මහත් දිනයක.
ගැත්තන් අතර වෙන් කරන දිනයක් සඳහාය. එවිට සත්යවාදියාගෙන් අසත්යවාදියාද භාග්යවන්තයාගෙන් අභාග්යවන්තයා ද පැහැදිලිව වෙන් කරනු ඇත.
77:14Page 580
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ١٤
And what can make you know what is the Day of Judgement?
අහෝ දූතය! වෙන් කර විනිශ්චය ලබා දෙන දිනය කුමක්දැයි නුඹට දැනුම්වත් කළේ කුමක් ද?
දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
අල්ලාහ්ව ප්රතික්ෂේප කළ, තම දහම් දූතවරුන් බොරු කළ පෙර විසූ සමූහයන් අපි විනාශ නොකළෙමු ද?
පසුව ඔවුනට පසු පැමිණි අය අතර සිටි බොරුකාරයින් ද ලුහු බැන්දෙමු. අපි ඔවුන් විනාශ කළාක් මෙන්ම මොවුන්ව ද විනාශ කළෙමු.
එම සමූහයන් විනාශ කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළ අපරාධකරුවන්ව ද අපි විනාශ කරන්නෙමු.
වැරදිකළවුනට දඬුවම ඇතැයි අල්ලාහ් දුන් ප්රතිඥාව බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
77:20Page 581
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ ٢٠
Did We not create you from a liquid disdained?
අහෝ ජනයිනි! අපි නුඹලා අල්ප හා ඉතා පහත් ද්රාවණයකින් නොමැව්වෙමු ද? එය ශුක්රාණුවයි.
77:21Page 581
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ ٢١
And We placed it in a firm lodging [i.e., the womb]
එම ද්රාවණය ඉතා සුරක්ෂිත ස්ථානයක අපි තැන්පත් කළෙමු. එය කාන්තාවගේ ගර්භාෂයයි.
නියමිත කාලයක් දක්වා. එය ගැබිණි කාලයයි.
77:23Page 581
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ٢٣
And We determined [it], and excellent [are We] to determine.
දරුවාගේ ස්වරූපය, ඔහුගේ ප්රමාණය, ඔහුගේ වර්ණය වැනි ඔහුගේ මැවීම හා බැඳුණු වෙනත් දෑ ද අපි නිර්ණය කළෙමු. ඔහුගේ ඒ සියලු තත්ත්වයන් නිර්ණය කරන්නන් වන අප යහපත් වෙමු.
අල්ලාහ්ගේ බල මහිමය බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
සියලු මිනිසුන් ඇතුළත් කර ගන්නා අයුරින් අපි මහපොළව නිර්මාණය නොකළෙමු ද?
ඒ මත වෙසෙන, ඔවුන් අතර ජීවත් වන අය හා ඒ තුළ වළ දමනු ලැබූ, ඔවුන් අතර මිය ගිය අය යන සියල්ල එය ඇතුළත් කර ගෙන ඇත.
77:27Page 581
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا ٢٧
And We placed therein lofty, firmly set mountains and have given you to drink sweet water.
මහපොළොවේ ඇති වන කම්පනයන් වළක්වා ගැනීම සඳහා ඒ තුළ උස් කඳු අපි සවි කර ඇත්තෙමු. අහෝ ජනයිනි! මිරිදිය ජලය අපි ඔබට ලබා දුන්නෙමු. එබැවින් එසේ එය මැවූ කෙනෙකුට ඔබ නැවත නැගිටුවීම කළ නොහැක්කක් නොවේ.
ඔවුනට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
77:29Page 581
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٩
[They will be told], "Proceed to that which you used to deny.
තම දහම් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද, ඒවා බොරු කළවුනට "අහෝ බොරුකාරයිනි! දඬුවම පිළිබඳ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද ඒ වෙත ගමන් කරනු" යැයි කියනු ලැබේ.
77:30Page 581
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ ٣٠
Proceed to a shadow [of smoke] having three columns
කොටස් තුනකට වෙන් කරන ලද නිරා ගින්නේ දුමාරයෙන් යුත් හෙවණට ගමන් කරනු.
77:31Page 581
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ٣١
[But having] no cool shade and availing not against the flame."
එහි සිසිල් සෙවණක් නැත. නුඹලා වෙත ක්රියාත්මක වන ගිනි දැල්ලෙන් හා එහි උෂ්ණත්වයෙන් එය වළක්වන්නක් ද නොවේ.
77:32Page 581
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ ٣٢
Indeed, it throws sparks [as huge] as a fortress,
ගිනි පුපුරු පුපුරා යයි, සෑම ගිනි පුපුරක්ම එහි ප්රමාණයෙන් මාලිගාවක් මෙන් පවතී.
පුපරා යන ගිනිදැල් එහි කළු වර්ණයෙන් හා දැවැන්ත භාවයෙන් යුක්ත කළු ඔටුවන් මෙන් ය.
එදින අල්ලාහ්ගේ දඬුවම බොරුකළවුනට විනාශයකි; වේදනාවකි. එමෙන්ම අලාභයකි.
එය එහි කිසිවක් ඔවුන් කතා නොකරන දිනයකි.
77:36Page 581
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ ٣٦
Nor will it be permitted for them to make an excuse.
ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරුකම් හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
එම දිනයේ තොරතුරු බොරු කළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි.
77:38Page 581
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ٣٨
This is the Day of Judgement; We will have assembled you and the former peoples.
මෙය මැවීම් අතර වෙන් කරන විනිශ්චය දිනයයි. නුඹලා හා පෙර විසූ සමූහයන් එකම උස් තැනිතලාවක අපි එක්රැස් කර ඇත්තෙමු.
අල්ලාහ්ගේ දඬුවමින් ජය ලැබීම සඳහා නුඹලා සැළසුම් කරන යම් උපක්රමයක් නුඹලාට තිබේ නම් එය මට එරෙහිව දියත් කරනු.
වෙන්කරන විනිශ්චය දිනය බොරුකළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි.
77:41Page 581
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ ٤١
Indeed, the righteous will be among shades and springs
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන් වනාහි, ඔවුහු සරුසාර ස්වර්ග වෘක්ෂලතාවන්හි සෙවණෙහි හා ගලා යන මිහිරි ජල උල්පත් අතරෙහි සිටිති.
තමන්ට අනුභව කරන්නට කැමැති පළතුරු අතර වෙති.
77:43Page 581
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٤٣
[Being told], "Eat and drink in satisfaction for what you used to do."
නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් හේතුවෙන්, නුඹලා යහපත් දෑ අනුභව කරනු. මිහිරි පැන් පානය කරනු. එහි කිසිදු අපහසුතාවක් නැත.
සැබැවින්ම අපි නුඹලාට කවර ප්රතිඵලයක් පිරිනැමුවෙමු ද ඒ අයුරින්ම දැහැමියන් සිදු කරන දැහැමි ක්රියාවන් සඳහා ද ප්රතිඵල පිරිනමන්නෙමු.
දෙවියන් පිළිබඳ මතකයෙන් භක්තිමත්ව කටයුතු කළ අය සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දෑ බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
77:46Page 581
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ٤٦
[O disbelievers], eat and enjoy yourselves a little; indeed, you are criminals.
නුඹලා අනුභව කරනු. ටික කලක් මෙලොව ජීවිතයේ රස විඳිනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කළ හේතුවෙන් නුඹලා අපරාධකරුවන් බවට පත් වන්නෙහුය.
විනිශ්චය දිනයේ ඔවුනට පිරිනමන ලද ප්රතිඵල බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි; වේදනාවකි; එමෙන්ම අලාභයකි.
77:48Page 581
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ٤٨
And when it is said to them, "Bow [in prayer]," they do not bow.
එම බොරුකාරයින්හට "නුඹලා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් ඉටු කරනු" යැයි පවසනු ලැබූ විට, ඔහු වෙනුවෙන් ඔවුහු නැමදුම් ඉටු නොකරති.
දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
77:50Page 581
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ٥٠
Then in what statement after it [i.e., the Qur’ān] will they believe?
එසේ තම පරමාධිපති විසින් පහළ කරනු ලැබූ මෙම අල්කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් ඒ හැර කවර ප්රකාශයන් ඔවුන් විශ්වාස කරයිද?
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences